සොඳුරු ගම් පියස | සිළුමිණ

සොඳුරු ගම් පියස

හිරු එළියෙන් මුළු පෙදෙසම එළිය කරන්නේ

කුසුම් සුවඳ ගම්මානේ දසත හමන්නේ
කීචි බීචි හඬින් අපේ කන් පිනවන්නේ
පුංචි අපේ සිත්වල සතුටක් ඇතිවෙන්නේ

ගොවිරාලත් උදෑසනින් කුඹුරට යන්නේ
වෙල්යායේ ගොයම් කරල් බිමට නැමෙන්නේ
වක්කඩ ළඟ තිත්ත පැටව් පැන පැන ඉන්නේ
කිරි පාටට බුබුළු බුබුළු පෙණ විසිවෙන්නේ

ගස් වැල් වල පල බරවී බිමට වැටෙන්නේ
ගම අය‍ිනෙන් ගඟක් ගලා බසින්නේ
පුංචි පුංචි කඳු පල්ලම් ගම රැකගන්නේ
හරිම හැඩයි ගම්මානේ යසට තිබෙන්නේ

වෙහෙර බිමේ ඝණ්ටා නද දසත පැතිරුණේ
අත්තම්මලා සාධු සාධු හඬ පතුරන්නේ
බුදු සාධුගේ රැස් මාලා දසත විහිදුණේ
ගම්මානේ අසිරිය දැන් අපට පෙනෙන්නේ

එන්.දහම්සා තිසාගී

8 ශ්‍රේණිය ‘බී’,

තක්ෂිලා විද්‍යාලය,

හොරණ. 

Comments