වස කවා නසන මිනිස්සු | Page 2 | සිළුමිණ

වස කවා නසන මිනිස්සු

* කොළඹ දිස්ත්‍රි­ක්කයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වස­ර­කදී දෙගුණ වෙලා...
* කොළඹ දිස්ත්‍රි­ක්කයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වස­ර­කදී දෙගුණ වෙලා...
* දිස්ත්‍රික්ක 10 වකු­ගඩු රෝගීන් 4000 ක්...

අතී­ත­යේදී මැලේ­රි­යාව, කොළ­රාව වැනි බෝ වන රෝග ව්‍යාප්ති­යෙන් රටේ මරණ සංඛ්‍යාව ඉහළ ගිය ද වර්ත­මා­නයේ මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතු වී තිබෙන්නේ බෝ නොවන රෝග­ව­ලට ගොදුරු වීමේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම ය. එනම් දිය­වැ­ඩි­යාව, හෘද­යා­බාධ, පිළිකා, වකු­ගඩු ආබාධ, අන්ත­රා­සර්ග පද්ධ­තියේ රෝග, තයි­රො­යිඩ් ගැටලු වැනි රෝගා­බාධ වැල­ඳී­මෙන් මිය යන ප්‍රමා­ණයේ සැල­කිය යුතු වර්ධ­න­යක් අද වන විට දක්නට ලැබේ.

මෑත­කදී සිදු කළ සමී­ක්ෂ­ණ­ය­කට අනුව 2015 වර්ෂ­යේදී කොළඹ දිස්ත්‍රි­ක්කයේ දිය­වැ­ඩි­යාව සහ පුර්ව දිය­වැ­ඩි­යා­වට ගොදුරු වූ අයගේ ප්‍රති­ශ­තය 59.3 කි. ලියා­ප­දිංචි පිළිකා රෝගින් සංඛ්‍යාව වසර 12 ක් ඇතු­ළත දෙගු­ණ­යක් වී ඇති බව අනා­ව­ර­ණය කර ගනු ලැබුවේ 2015 වර්ෂ­යේ­දීය. 1990 – 2015 අතර කාලය තුළ අධික ස්ථුල­තාව තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් තිබේ. 2014 වර්ෂය වන විට දිස්ත්‍රික් 10 ක් තුළ වකු­ගඩු රෝගින් 40,000 ක් වාර්තා වී ඇත. ඔවුන් හමු වූ දිස්ත්‍රික් අත­රින් පොලො­න්න­රුව, අනු­රා­ධ­පු­රය පම­ණක් නොව කුරු­ණෑ­ගල, මොන­රා­ගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ද වෙසෙ­සින් කැපී පෙනේ. මේ වන විට ඇදුම රෝගින්, අක්මාවේ මේද සහිත රෝගින් පවා ශීඝ්‍ර­යෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මුළු රටම රෝගින් බවට පත් වීමට බල­පාන හේතූන් අත­රින් ආහාර පාන­වල අඩංගු රසා­ය­නික ද්‍රව්‍ය බෝ නොවන රෝග ව්‍යාප්ති­යට ප්‍රධාන වශ­යෙන් බල­පාන බව සොයා ගෙන ඇත. එය කාණ්ඩ කීප­ය­කට බෙදා දැක්විය හැකිය.

1. කෘෂි රසා­ය­නික, කෘමි­නා­ශක හා වල්නා­ශක භාවි­තය

2011 වර්ෂයේ සිදු කළ සමී­ක්ෂ­ණ­ය­කට අනුව සහල් කිලෝ ග්‍රෑම් 01 ක ආස­නික් මයික්‍රො ග්‍රෑම් 500 ක් ඇති බව අනා­ව­ර­ණය විය. එමෙන්ම යුරියා මයික්‍රො ග්‍රෑම් 4000 කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් අඩංගු බව සොයා ගෙන ඇත.

කෘෂි රසා­ය­නික, කෘමි­නා­ශක සහ වල් නාශක යෙදී­මෙන් පසෙහි ආම්ලික ස්වාභා­වය ඉහළ ගොස් පස අජීවි බවට පත් වේ. ක්ෂුද්‍ර ජීවීන් මර­ණ­යට පත්වේ. ක්ෂුද්‍ර ජීවින් නොමැ­තිව පෝෂණ සංඝ­ටක අව­ශෝ­ෂ­ණය සිදු නොවේ. මෙහි අව­සාන ප්‍රති­ඵ­ලය ආහාර භෝග­වල රසා­ය­නික ද්‍රව්‍ය තැන්පත් වීමෙන් මිනිස් සිරු­රට විෂ වර්ග ඇතුළු වීමයි. මෙය බෝ නොවන රෝග රැස­කට මග පාදයි.

2. ආහාර කල් තබා ගන්නා කෘත්‍රීම සංඝ­ටක සහ රස­කා­රක

කොත්තු, රයිස්, පිට්සා, කෝඩි­යල්, බිස්කට් වැනි ආහාර පාන කල් තබා ගැනී­ම­ටත් රස ගැන්වී­ම­ටත් යොදන කාරක අධික විෂ සහි­තය.

3. තිරිඟු පිටි භාවි­තය

විදේ­ශීය රට­ව­ල්ව­ලින් ගෙන්වනු ලබන තිරි­ඟු­ව­ලද කෘෂි රසා­ය­නික ද්‍රව්‍ය අඩංගු ය. විශේ­ෂ­යෙන් දෙමු­හුන් තිරිඟු සඳහා වැඩි වශ­යෙන් රසා­ය­නික ද්‍රව්‍ය යොදන බැවින් ඒවායේ රසා­ය­නික ද්‍රව්‍ය වැඩි වශ­යෙන් අන්ත­ර්ගත වේ. එමෙන්ම තිරිඟු ඇට ශුද්ධ කිරීම හෙවත් නිස්සා­ර­ණය කිරී­මේදී පෝෂණ සංඝ­ටක ඉවත් වීමෙන් තිරිඟු ධාන්‍ය­යෙන් ලැබෙන පෝෂ­ණය නොලැබී යනු ඇත. නිස්සා­ර­ණය කිරී­මේදි තය­මින්, රයි­බො­ස්ලෙ­මින් සහ නිය­තින් 60% ක් ඉවත් වන අතර ඉවත් වන කැල්සි­යම් ප්‍රමා­ණය 50% කි. ඉවත් වන යකඩ ප්‍රමා­ණය 60% කි. මේ අනුව අප තිරිඟු පිටි ලෙස ආහා­ර­යට ගන්නේ රොඩු ගොඩක් බව අමු­තු­වෙන් කිව යුතු නැත. අනෙක තිරිඟු පිටි­ව­ලට ස්වාභා­ව­යෙන් හිමි වන ළා කහ පැහැය වෙනු­වට සුදු පැහැ ගැන්වී­මට ක්ලෝරින් භාවිත කෙරේ. එයින් සිදු වන්නේ ද සිරු­රට තව­ත­වත් රසා­ය­නික ද්‍රව්‍ය එකතු වීමය.

තිරිඟු පිටි හෙවත් පාන් පිටි භාවි­තය දිය­වැ­ඩි­යාව, ගැස්ට්‍ර­යි­සිස්, හෝමෝන වෙන­ස්වීම්, තයි­රො­යිඩ් ක්‍රියා­කා­රි­ත්වයේ වෙන­ස්කම, ආහාර මාර්ගයේ තුවාල ඇති වීම ඇතුළු ආබාධ රැස­කට හේතුවේ.

4 ප්‍රමි­ති­යෙන් තොර එළ­වළු තෙල්

විවි­ධා­කාර වෙළෙඳ නාම­ව­ලින් හැඳි­න්වෙන එළ­වළු තෙල් නිෂ්පා­ද­නය කිරීම යනු සංකිර්ණ ක්‍රියා­ව­ලි­යකි. මෙම ක්‍රියා­ව­ලි­යේදී සංතෘප්ත මේදය ඉහළ යන අතර 1:1 ලෙස තිබෙන ඔමේගා අනු­පා­තය 25:1 ලෙස වෙනස් වේ. මෙම වෙන­ස්වී­මෙන් කොලො­ස්ට­රෝල්, හෘද­යා­බාධ, ආහාර මාර්ගයේ පිළිකා, පිය­යුරු පිළිකා හට ගනී. ප්‍රමි­ති­යෙන් තොර එළ­වළු තෙල්වල සංතෘප්ත මේදය (Transfat) ඉහළ ය. එය ඉහළ යෑම රෝග ගණ­නා­ව­කට හේතු වේ. නිසි ප්‍රමි­ති­යෙන් යුතුව නිප­ද­වනු ලබන එළ­වළු තෙල්වල එය ඉතා අඩු මට්ට­මක පවතී.

4. මයි­ක්‍රො­වේව් උදුන්

මයි­ක්‍රො­වේවි උදු­න්වල ආහාර රත් කිරී­මේදී එක්වර ක්ෂුද්‍ර තරංග රැසක් ක්‍රියා­ත්මක වේ. එය ආහා­ර­වල ඔක්සි­කා­රක ගුණය 50% කින් විනාශ කරනු ලබයි. විට­මින් C, E, B12 40% කින් අඩු කෙරේ. යකඩ අව­ශෝ­ෂ­ණය දුර්වල වෙයි. හෘද­යා­බාධ ඇති වීමට හේතු වේ. ශරී­රයේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය දුර්වල වේ. මෙම උදු­න්වල ක්‍රියා­ත්මක වන ක්ෂුද්‍ර තරංග විසින් ආහාර වේල පිළිකා කාරක ආහා­ර­යක් බවට පත් වන බව ඔබ අම­තක නොකළ යුතුය. මයි­ක්‍රො­වේව් උදු­නෙන් රත් කර හෝ පිස ගත් ආහාර සති­ය­කට එක වේලක් ගැනී­මෙන් වුවද මෙයින් ඇති වන අහි­ත­කර ප්‍රති­ඵ­ල­ව­ලින් මිදිය නොහැ­කිය.

5. ප්ලාස්ටික් භාජන

ප්ලාස්ටික් භාජ­න­වල අන්ත­ර්ගත වන ආහාර විෂ සහි­තය. ප්ලාස්ටික් වතුර බෝතල් භාවි­ත­යට සුදුසු තත්වය ප්‍රද­ර්ශ­නය කර­මින් කාණ්ඩ­ගත කරනු ලැබු­වද කිසිම විටෙක දහ­වල් 12.00 ට පව­තින උෂ්ණ­ත්වය යටතේ ප්ලාස්ටික් බෝත­ලයේ වතුර ප්‍රති­ක්‍රියා කරන්නේ කෙසේ­දැයි යනු­වෙන් පරී­ක්ෂණ පවත්වා නැත. ලංකාව උෂ්ණ­ධික රටක් වීමෙන් පරි­සර උෂ්ණ­ත්ව­යක් සමඟ ප්ලාස්ටික් භාජ­න­වල අන්ත­ර්ගත කෑම බීම ප්‍රති­ක්‍රියා දක්වන ආකා­රය කිසි සේත් සුළු­වෙන් තැකිය යුතු නැත. ප්ලාස්ටි­ක්වල අඩංගු බිස්සෙ­නොල් A, ඩයි­ඊ­ත­යිල් වැනි සංඝ­ටක පරි­ස­රයේ ඇති උණු­සු­මට දිය වී ආහාර පාන වලට එකතු වීමෙන් පිය­යුරු පිළිකා, පුරඃස්ථි ග්‍රන්ථි පිළිකා මෙන්ම ‍හෝ‍මෝන අසා­මා­න්‍යතා පවා ඇති වේ. ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටු­වල ඉඳි­ආප්ප තැම්බී­මෙන් ප්ලාස්ටි­ක්වල අඩංගු රසා­ය­නික සංඝ­ටක ඉඳි­ආ­ප්ප­ව­ලට එකතු වීම අනි­වා­ර්ය­යෙන් සිදු වේ. ප්ලාස්ටික් ජල­නළ හරහා ගමන් කරන ජලය තුළ ද මෙම රසා­ය­නික සංඝ­ටක අන්ත­ර්ගත විය හැකිය. ප්ලාස්ටික් භාජ­න­වල ආහාර පාන ගබඩා කිරීම සහ ආහාර පාන කට­යු­තු­ව­ලදී ප්ලාස්ටික් භාවි­ත­යට ගැනීම ශීත රට­ව­ලට සුදුසු වුවද ලංකාව වැනි ඝර්ම කලා­පීය රට­කට සුදුසු නැත.

(මේවා­යෙන් වැළ­කෙන අයුරු ලබන සතියේ)

වෛද්‍ය නිරෝෂ් සම­ර­වි­ක්‍රම
වැලි­සර ළය රෝහල

සකස් කළේ - හර්ෂා සුග­ත­දාස

Comments