ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

නොවැ: 18 සිට 24 තෙක්

මේෂ

මංගල යෝග

ලග්නාධිපති කුජ ලාභස්ථානයේ චන්ද්‍රයා සමග ගමන් කරයි. රාහු 4 ද කේතු 11 ද ශනි භාග්‍යස්ථානයේ ද වේ. තම අදහස් මුදුන්පත් කර ගැනීම සඳහා ඉතාමත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. ස්ථානගත වෙනස්කම්වලට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු, පවුල් ජීවිතය සම්බන්ධ කටයුතු, සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


තුලා

තීරණ ගැනීම පරෙස්සමෙන්

ලග්නාධිපති සිකුරු මාලවී යෝගය උදා කරමින් තවදුරටත් ලග්නගතව සිටී. යෝගකාරක සෙනසුරු තුන්වැන්නේය. වෘත්තීය සහ රැකීිරක්ෂා කටයතුවල සාර්ථක බවක් පෙන්නුවත් අට අධිපති සිකුරු ලග්නයේ සිටීම තුළ දුරදිග කල්පනා නොකර එතරම් ශුභදායක නොවන තීරණ ගැනීම්වලට පෙලඹේ. කථාවේ දී වුවද තර්කානුකූල බවක් පෙන්වයි. අන්‍යයන්ගේ බලපෑම් තුළ කටයුතු කරයි. ආදායම් ලැබීම අතින් ශුභයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


වෘෂභ

මිශ්‍රපල

ලග්නාධිපති සිකුරු හයවැන්නේ ගමන් ගනී. හර්ෂ යෝගය උදාකර ඇත. රවි, බුධ, ගුරු හත්වැන්නේ ගමන් කරයි. අන්‍යයන් සමග මිත්‍රශීලී සහ සුහදශීලී ලෙස කටයුතු කරයි. අන්‍යයන්ගේ උදව් උපකාරය ලැබීම තළ තමාගේ කටයුතු සාර්ථක ලෙස කර ගනී. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ලෙස මිල මුදල් උපයා ගනී. ඉගෙනීමේ කටයුතු කරන අයට උත්සාහය, කැපවීම අවශ්‍යයි. ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝග බලපායි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


වෘශ්චික

අනපේක්ෂිත ලාභ

ලග්නාධිපති කුජ හතරේ ද ගුරු ලග්නයේ ද ශනි දෙවැන්නේ ද ගමන් කරයි. විටෙක බලාපොරොත්තු රහිත ආර්ථික වාසි ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. යහපත් දේ සොයා ගැනීමට ඉඩ ලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් විමසිලිමත්ව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. තම සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා


මිථුන

කතාවේදී පරෙස්සම් වන්න

ලග්නාධිපති බුධ රවි ගුරු සමග හයවැන්නේ සිටී. මානසික වශයෙන් සහනය ටිකක් අඩු වේ. කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරන ස්ථානයේ දී කතාවේ දී වඩාත් ප්‍රවේසම් සහිතව ක්‍රියා කරන්න. මව සහ මව් පාර්ශ්වය අතර කටයුතුවල දී තරමක් බාධා අවහිරතා ඉස්මතු වේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


ධනු

රැකියාවට බාධා

ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරයි. සෙනසුරු ලග්නයේ ගමන් කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කරන්න. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ තමාගේ කටයතු සාර්ථක වේ. එහෙත් ආදායම් ලැබුණ ද ආදායම් පක්ෂය අධික වේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා


කටක

කෙටි ගමන් යෙදේ

රාහු ලග්නයේ ද කේතු 7 ද ගෝචරය වේ. කෙකටි ගමන්බිමන් කිහිපපයක්ම යෙදේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් උදා කරයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත අයට වඩාත් ශුභයි. කිසියම් දියුණුවක් ලැබිය හැක. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - ක්‍රීම්, අංකය - 02, දිනය - සඳුදා


මකර

දියුණුවක් ලැබේ

ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්නේ ගෝචරය වේ. කේතු ලග්නයේ ද රාහු 7 ද ගමන් කරයි. ගුරු 11 සිටී. මෙම පිහිටීම තුළ තමාගේ කිසියම් දියුණුවක් ලැබිය හැක්කේ බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් තුළයි. එම නිසා තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග උදා කරගත හැක. සමගිය සාමය සුරක්ෂිත වේ. බඩවැල් ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා


සිංහ

ක්‍රියාශීලී වේ

ලග්නාධිපති රවි, ගුරු, බුධ සමග හතර වැන්නේය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සිය උත්සාහය සහ ක්‍රියාශීලී භාවය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. මිල මුදල් ලැබීම තුළ යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන සහිතයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලූත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ගෙදරදොර කටයුතුවල දී ක්‍රියාශීලී බවක්ද පෙන්වයි. සෞඛ්‍යය ගැන පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා


කුම්භ

අනපේක්ෂිත වියදම්

ලග්නාධිපති ශනි අයස්ථානයේ ද යෝගකාරක සිකුරු භාග්‍යස්ථානයේ ද සිටී. ගුරු දහයේ ගමන් කරයි. ගමන්බිමන් අධික වෙතත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ මඳ වශයෙනි. තම තත්ත්වය පහළ වැටීමේ ඉඩක් ද පවතී. ඥාති මිත්‍රාදීන්ට අපල සහිතයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. ආකූලතා මතු කළ හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා


කන්‍යා

බලාපොරොත්තු ඉටුවේ

ලග්නාධිපති බුධ ගුරු, රවි සමග තුන්වැන්නේ ගෝචරය වේ. තමා කරගෙන යන කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. අන්‍යයන්ගේ සහයෝගය මත තම කටයුතු සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් සැලකිලිමත් විය යුතුයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. සමාජීය සහ ආගමික අංශයේ කටයුතුවලට සහභාගි වන අතර ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා


මීන

ඉගෙනීමට බාධා

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. සෙනසුරු 10 ද සිටී. මෙම පිහිටීම් තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා එයි. තම තත්ත්වය පහත වැටිමේ ඉඩක් ද පවතී. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යයි. මිල මුදල් ඉතිරි කර ගැනීම අසීරුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. ඉගෙනීම් කරන අයට බාධා සහිතයි. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ගෙන දේ. උෂ්ණාධික රෝග, වැටීම් හා තුවාල පීඩාදියට ඉඩ පවතී.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

Comments