සමාජය සුවපත් කරන දේශීය ආහාර රටාව! | සිළුමිණ

සමාජය සුවපත් කරන දේශීය ආහාර රටාව!

බෝ නොවන රෝග ඉහළ යෑමට තුඩු දෙන වැරදි ආහාර පුරුදු සහ තවත් හේතුන් පිළිබඳව අප විසින් විස්තරාත්මකව සාකච්ඡා කළේ පසුගිය කලාපයේය. එහෙත් අ‍පගේ එදිනෙදා ආහාර පාන නිවැරදි ආකාරයට භාවිත කිරීමෙන් නිරෝගි දිවි පෙවෙතක් ළඟා කර ගැනීමට හැකි බව සඳහන් කරන්නේ “එහෙනම් අපි කන්නෙ බොන්නෙ මොනවාද” යනුවෙන් සිතන අය උදෙසා මය.

කෘෂි රසායන සහ කෘමිනාශක නොයෙදු ‍ආහාර භාවිතය

1.රතු හීනටි, බට පොලැල්, සුවඳැල්, පච්ච පෙරුමාල්, කුරුලු තුඩ වැනි පාරම්පරික සහල් වර්ග පාවිච්චි කිරීම

2. කෙසෙල් මුව, ඇඹරැල්ලා, ගම් කරවිල, මුරුංගා කොස්. දෙල් , පොළොස් කොහිල, අළු කෙසෙල්, තුඹ කරවිල, එළබටු වැනි එළවළු වර්ග ආහාරයට ගැනීම.

3. රාජල, හිඟුරල, රතඹල වැනි අල වර්ග ආහාරයට එක් කර ගැනීම

4. කටු අනෝදා, දෙළුම්, දිවුල්, අන්නාසි, පේර, පැෂන්, නාරං වැනි පලතුරු ආහාරයට ගැනීම

5. කොළ මැල්ලුම් ආහාරයට ගැනීම ඉහත සඳහන් ආකාරයට එළවළු, පලතුරු සහ අල වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් කෘෂි රසායන සහ කෘමි නාශක යෙදු එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමේ අවස්ථාව අපට මඟ හරවා ගත හැකිය. පාරම්පරික අල වර්ග සහ සහල්වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතා ඉහළ මට්ටමක පවතී. පාරම්පරික සහල්වල නුතන සහල්වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන්, සියලු විටමින් B වර්ග, මැන්ගනීස් සහ යකඩ අඩංගුය. එසේම පිළිකාව, දියවැඩියාව මර්දනය කිරීමේ හැකියාවද පවතී. පාරම්පරික සහල්, ආහාර මාර්ගයේ ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි. පාරම්පරික සහල් පරිහරණය කිරීමට අපහසු නම් නිවුඩ්ඩ සහිත සහල් හෝ තම්බපු සහල් ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණ ගුණය ලබා ගත හැකිය.

පාරම්පරික සහල් ආහාරයට ගත හැක්කේ ස්වල්ප ප්‍රමාණයකි. එබැවින් මෙම සහල් පමණ ඉක්මවා පරිභෝජනය කළ නොහැකිය. පාරම්පරික ධාන්‍ය වර්ග සහ දේශීය වර්ග ද එසේමය. එහෙත් ඒ පිළිබඳව එතරම් කලබල විය යුතු නැත. ස්වාභාව ධර්මයෙන් ම මෙම ආහාර ගත හැකි ප්‍රමාණය සීමා වී ඇත. එම නිසාම ශරීරයට එකතු වන ශක්ති ප්‍රමාණය අඩු ය. එසේම දවසේ පරිභෝජනය කරන ආහාර වේල් ගණන පවා අඩු වේ. එයින් නිරෝගිකම ලැබේ. එසේම මෙම ආහාරවල අඩංගු තන්තු ප්‍රමාණය අධිකය. එබැවින් පිළිකා වැළැක්වීමේ ගුණ අධිකය.

ඖෂධීය කුළුබඩු වර්ග ආහාරවලට එක් කිරීම

කොත්තමල්ලි, සූදුරු, මහදුරු, ගම්මිරිස්, උළුහාල්, කහ, කුරුඳු, කරාබුනැටි, රම්පෙ, කරපිංචා, අබ වැනි ස්වාභාවික කුළුබඩු පමණක් ආහාර රස ගැන්වීමට යෙදිය යුතුය. කෘත්‍රීම රස කාරක කිසිම විටෙක නොයෙදිය යුතුය. මෙම කුළුබඩුවල ෆ්ලේවනොයිඩ්ස්, ඇලිල් සල්ෆේට්, පොලි පීනෝල් වැනි සං‍යෝග අඩංගුය. ඒවා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වේ. එසේම සින්ක්, කොපර්, මැන්ගනීස් වැනි ප්‍රතිඔක්සිකාරක ඛනිජ අයන වර්ග රාශියක් ද අඩංගුය. මෙම ඖෂධීය රසායනික සංඝටකවල පිළිකාව, දියවැඩියාව මර්දනය කිරීමේ හැකියාව පවතී. ආහාරවල ඇති විෂ ඉවත් කිරීමේ හැකියාව තිබේ. ස්වාභාවික කුළුබඩු ආහාරයට එකතු කිරීමෙන් සියලු රෝගවලින් වැළකී සිටිය හැකිය.

ධාන්‍ය වර්ග ආහාරයට එකතු කිරීම

මුං ඇට, කඩල,කව්පි, කුරහන්, මෙනේරි, තල, උඳු, පරිප්පු වැනි ධාන්‍ය පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ධාන්‍ය වර්ග වේ. බොහෝ ධාන්‍ය වර්ගවල ග්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග්‍රෑම් 20 ක් හෝ එයට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගුය. මෙය සත්ව ආහාරවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ඉක්මවා යෑමකි. මෙම ධාන්‍යවල කැල්සියම්, යකඩ, සින්ක්, පොස්පරස්, මැග්නීසියම්, මැන්ගනීස් වැනි අයන සහ තන්තු ප්‍රමාණය ඉහළ ප්‍රමාණයක් අඩංගු ය. එමෙන්ම මෙම ආහාරවල තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින් වැඩි නිසා ක්ෂුද්‍ර පෝෂක බහුල ආහාර ලෙස හැඳින්වේ.

තන්තු බහුල ආහාර පරිභෝජනය කිරීමෙන් පිළිකා වැළකේ. කොලෙස්ටරෝල් අඩු කෙරේ. දියවැඩියාව මර්දනය කෙරේ. මලබද්ධය වැළකේ. ආහාර මාර්ගයේ ඇතිවන පිළිකා මර්දනය කෙ‍ෙර්.

පිටිකිරි වෙනුවට නැවුම් කිරි සහ කෘත්‍රිම රසායනික සංඝටක රහිත මුදවපු කිර, යෝගට් ආහාරයට ගැනීම

ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට් සහ මේදය අඩංගු කිරි, ප්‍රෝටීන් මෙන් ම ශරීරය නිරෝගීව පවත්වා ගෙන යෑමට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පරිපුර්ණ ආහාරයකි. දත් සහ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ පොස්පරස් බහුලව ඇත. යොදය සහිත කිරිවල ඇති මේදය රුධිරවාහිනිවල තැන්පත් වීමේ අවදානමක් ඇති ‍බැවින් යොදය ඉවත් කරන ලද නැවුම් කිරි නිෂ්පාදන ආහාර සඳහා සුදුසු ය.

පිරිසිදු ජලය සහ ස්වාභාවික පාන වර්ග භාවිතය

ශරීරය තුළ සිදු වන විවිධ පරිවෘත්ති ක්‍රියාවලියන් සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. දිනකට සාමාන්‍යයෙන් ජලය වීදුරු 6- 8 ක් අතර ප්‍රමාණයක් (දළ වශයෙන් ලීටර් 1.5-2ක් ) පානය කළ යුතුය. ජලයට අමතරව තැඹිලි, කුරුම්බා, කොළ කැඳ හා ඖෂධීය ස්වාභාවික පාන වර්ග මෙන්ම හෙළ සුවයේ කැඳ පානයට ඉතා සුදුසු ය. කෘත්‍රිම සිසිල් බීම හා කෘත්‍රීම පලතුරු යුෂවල ආහාර කල් තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, වර්ණකාරක සහ රසකාරක අඩංගු වේ. මෙම රසායනික ද්‍රව්‍ය නිසා අසාත්මිකතාව, ඇදුම, හතිය, පීනස, පිළිකා වැනි රෝග ඇති විය හැකිය. හෙළ සුවයේ කැඳ පානයේ ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළින්ම අඩංගු ය.

ලුණු භාවිතය සීමා කිරීම

දිනපතා භාවිත කරන ආහාරවල ස්වාභාවිකව අඩංගු ලුණු (සෝඩියම්) ශරීරයේ සියලු අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ය. ලුණු අඩු ප්‍රමාණයකින් පරිභෝජනය කිරීමෙන් අධි රුධිර පීඩනය, පිළිකා ඇතුළු බෝ නොවන රෝග සඳහා ඇති අවදානම අඩු කර ගත හැකිය.එක් පුද්ගලයකු දිනකට ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 කට (දළ වශයෙන් තේ හැන්දකට) වඩා අඩු විය යුතුය. ව්‍යංජන පිස ගත් පසු ලුණු එකතු කිරීම මඟින් ශරීරයට අවශ්‍ය අයඩින් ලවණ ප්‍රම‍ාණවත් පරිදි ලබා ගත හැකිය.

ජානමය ආහාර භාවිතය සීමා කිරීම

ලොව පුරා දැනට වගා කරනු ලබන සහල්, එළවළු සහ පලතුරුවලින් 90% කට වැඩි ප්‍රමාණයක් කුමන හෝ දෙමුහුන්කරණයට ලක්ව ඇත. දෙමුහුන් ආහාරවල ප්‍රතිඔක්සිකාරක ගුණ සහ ඖෂධීය ගුණ අඩුය. රෝග ඇති වීමේ හැකියාව වැඩිය. අනෙක මෙම භෝග නිෂ්පාදනය කෙරෙන්නේ කෘෂි රසායනික මත බැවින් ආහාරවල අන්තර්ගත වන කෘෂි රසායන ප්‍රමාණයෙන් ඉහළය. මේ නිසා දෙමුහුන්කරණයට ලක් වූ ආහාර පරිභෝජනය කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.

Comments