
- සේනා දළඹු වසංගතය රටට ම ව්‍යාප්ත වෙනවා
- ගොවීන් අවිචාරවත්ව කරන උග්‍ර විෂ භාවිතය තත්ත්වය බරපතළ කරලා
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙයුමක
නැගෙනහිර ව්‍යසනයක ය; එය උතුරුමැද පළාත දක්වා පැතිරයමින් ඇත. සේනා දළඹුවා සිය ආක්‍රමණය ආරම්භ කර ඇත. පැතිරීමේ වේගය බිහිසුණු ය.
දින කීපයකට පෙර වගාවේ දළඹුවන් ඉන්නේදැයි ඇසු විට බොහෝ ගොවීන් පැවසුවේ මගේ වගාවෙ නම් නැහැ යනුවෙනි. එහෙත් පසුගිය සිකුරාදා (16) උදේ හමුවූ බොහෝ දෙනෙකු පවසා සිටියේ තමන්ගේ වගාව මේ බිහිසුණු සත්වයා විසින් ආක්‍රමණය කර ඇති ආකාරය ය. සේනා දළඹුවා දැනට ‘දමන‘ ප්‍රදේශයේ පමණක් වගාබිම් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව ඇත. ඒ වගාබිම් ආශ්‍රයේ සංචාරය කළ අප දුටුවේ සමහරුන් කෘෂිකර්ම නිලධාරින් හා එක්ව උපදෙස් ලබා ගෙන වැඩ කරන ආකාරය. ඇතැමෙක් හිතු මානපයේ රසයානික ද්‍රව්‍ය යොදමින් සිටින අයුරුය.
දළඹු වසංගතය මර්දනය සඳහා ගොවීන් මුළුමනින්ම විශ්වාසය තබා ඇත්තේ රසායන ද්‍රව්‍ය සම්බන්ධවය. අම්පාර වගාබිම් හලාහල විෂෙන් නැහැවෙමිනි. ප්‍රදේශයේ ඉරිඟු වගාව තවමත් කුඩා පැළ ය. දැන් ඔවුන් කල්පනා කරන්නේ කුඩා පැළවලට රාසායනික ද්‍රව්‍ය හෙළුවත් විශාල වගාවකට කෙසේ ඒවා ඉසින්නේ ද යන්න ය. බොහෝ ගොවීහු ණයට සීසා ණයට බීජ ගෙන වගාකරන අසරණයෝ ය. ගැටලුවෙන් කරමුලක් ගිලී ඇත්තේ මේ අසරණයෝ ය.
තොට්ටම මුලස්ථාන කෘෂි උපදේෂක චමින්ද අලහාකෝන්ට අනුව මේ වනවිට මෙම සේනා දළඹුවා ගැන ගොවීන් නිසි පරිදි දැනුවත් ය. “ අපි මේ වන විට ගම්මට්මින් ගොවීන් දැනුවත් කරමින් යනවා; ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුම්වත් කරනවා; පෝසටර් අත් පත්‍රිකා වලින් දැනුවත් කරනවා. මේ හේතු නිසා දළඹු සේනාව යම් මට්ටමකට පාලනය වෙලා.“ එහෙත් අපට පෙනෙන ආකාරයට විශාල පාලනයක් දක්නට නැත.
දමන ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැදවුම්කරු කේ.එම්. ආරියරත්න මේ වනවිට පවතින තත්වය අපට කීවේය.
“දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර පහළොස්දාහක් විතර බඩ ඉරිඟු වගා කරලා තියෙනවා. ඉන් දින 20 පැනපු වගාවන්වල 25%ක් පමණ ෙම් දළඹුවා පැතිරිලා තියෙනවා. ඇතැම් වගාවන්වලට විශාල ලෙස හානි කරලා තියෙනවා. වඩිනාගල ප්‍රදේශයේ මේ වන විට අක්කර 3500ක් පමණ ඉඩ ඉරිඟු වගා කරලා තියෙනවා. ඒකෙන් 50%කටත් වැඩියෙන් මෙම සේන දළඹුවා පැතිරිලා. සාමන්‍යයෙන් සති 03ක් විතර ගිය වගාවන්ට තමයි මේ දළඹුවාගෙන් හානි වෙන්න පටන් ගන්නේ. මම මේ වන විට දෙපාරක් මගේ වගාවට බෙහෙත් ගැහුවා. ආයෙත් මේ සේ්නා දළඹුවා ඇවිත්. දැන් මගේ වගාව උසයි. මල් පිපිලා තියෙන්නේ. දැන් බෙහෙත් ගහන්නේ කොහොමද කියලා තමයි ගැටලුව. මේ වෙද්දි ගොවීන් විවිධ බෙහෙත් ගහනවා. නමුත් සතියක් විතර මෙම සේනා දළඹුවා නැතිවෙලා ආයේ පැතිරිලා යනවා.“
සියල්ල ඉතාම පැහැදිලිය. අවිචාරවත්ව වගාබිම් මත හෙළන අධිවිෂ සම්බන්ධව ගොවි සංවිධානවල ප්‍රධානියෝත් කතා කරති. පසට එකතු කර යෙදිය යුතු සමහර අධිවිෂ රසායන දළඹුවන් සිටින ඉරිඟු ගස්වල කඳට යොදන ආකාරය අපට කියන්නේ ගොවීන් ය. එවැනි අධිවිෂ රසායනිකය දිය කර වගාවන්ට ඉසින ආකාරය ගොවීහු පවසති; ආසන්න අවස්ථාවල එක් දිගට රසායන ද්‍රව්‍ය හෙළන ආකාරය ගැන කියති. ව්‍යසනකාරී ම ගැටලුව නිර්මාණය වී ඇත්තේ දැන් ය.
පසට පරිසර පද්ධතියට ගොවීන්ට මතු නොව ආක්‍රමණිකයාගේ හානිය සම්බන්ධව ද මේ තත්වය බලපාන්නේ එක සේ හානිකරවය.
මේ තත්වය ඉතාම බිහිසුණුයි.
“කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. සේනා දළඹුවාගෙ විශේෂත්වය තමයි ඉතාම ඉක්මනින් තමන් මත හෙළන විෂට ප්‍රතිරෝධී තත්ව ඇති කරගැනීම. මෙහෙම ගියොත් මොන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලාවත් මේ සතාව විනාශ කරන්න බැරි වේවි. ඒ හින්දා හැම වෙලාවෙම කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ක ඔවුන් ගෙනියන වැඩපිළිවෙළ එක්ක අනුගත වෙලා ඉවසීමෙන් කටයුතු කරන්න. ඔය විදිහට මේ වසංගතය වළක්වාගන්න බෑ. එසේ කියන්නේ පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ දයානි පෙරේරා ය.
දයානි පෙරේරාට අනුව මේ වනවිට මේ සත්ත්වයා සම්බන්ධව අම්පාර, අනුරාධපුරය, මොනරාගල, කුරුණෑගල ප්‍රදේශවල පරීක්ෂණ පැවැත්වෙමින් ඇත. ලංකාවට පැමිණ සිටින සුහුඹුලා සම්බන්ධව තවම පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.
මේ අතර අම්පාරේ කාන්තාවක් මේ දළඹුවා මර්දනයට විශේෂ ප්‍රතිකර්මයක් සොයාගෙන ඇත. ඇය අළු හා වැලි මිශ්‍රකර සිය “වගාවට යොදා තිබුණා. ඉතාම ඉහළ ප්‍රතිඵල ඇය ඒ ප්‍රතිකර්මයෙන් අත්කරගත්තා… අනෙක් ගොවීන් රසායනික ද්‍රව්‍ය අවිචාරවත්ව වගාබිම් මත හෙළන විට ඇය කරලා තිබෙන්නෙ ඉතාම හොඳ අත්හදා බැලීමක්. වගාවට අළු සහ වැලි කලවම් කර දමන්න. ඒ හැර රසායනික ද්‍රව්‍ය යොදනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් උපරිමයෙන් පිළිපදින්න.”
දයානි පෙරේරා කියන්නීය.
දළඹු උවදුරක් නම් දහයියා අළු යොදන්න... දළඹු උවදුර ඉවරයි මහාචාර්ය තිලක් කන්දෙගම 
මා පරසරවේදියෙක්. ඒ නිසාම මා මෙය කියන්නෙ කැමැත්තෙන් නොවෙයි. එහෙත් දැන් සේනා දළඹුවා විනාශ කරන්න භාවිත කරන රසායනික විෂ පරිසරයට බරපතල ව්‍යසනයක් කරනවා. ඒ නිසා මේ ප්‍රකාශය කරන්න හිතුවා. දළඹු උවදුර තියන ඔබේ වගාවට දහයියා අළු ගහන්න. දහයියා අළුවලට කිසිම දළඹුවෙක් එන්නෙ නෑ. කිසි තේරුමක් නැතිව රසායනික විෂ වගාවට යොදන්න එපා. රසායනික ද්‍රව්‍ය පොහොර වැඩිපුර යෙදුවහම ශාඛයක මාංශල ගතිය වැඩි වෙනවා. ඒ මාංශල ගතියට කෘමි සතුන් වැඩිපුර ආකර්ෂණය වෙනවා. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදිමින් කිසියම් විද්‍යාත්මක ක්‍රමයකට රසායනික ද්‍රව්‍ය වගාව සඳහා යෙදීමට විනයක් ගොවීන් විසින් ඇතිකරගත යුතුයි.