ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්.ගුණපාල

මේෂ

සමපලදායකයි

ලග්නාධිපති අඟහරු 12 වැන්නේ සිටී. තවදුරටත් රාහු 4 ද, කේතු 10 ද ගමන් ගනි. මෙම පිහිටීම තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යෙදී සිටින අය කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. කලක් පවතින කටයුතු කරන අයට එතරම්ම ශුභදායක නොවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සැලකීමේ දී ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් කටයුතුවල දී පරෙස්සම් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. මුත්‍රා දෝෂ, උෂ්ණාධික රෝග බලපානු ඇත.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

කටක

මිශ්‍රපලයි

යෝගකාරක අඟහරු නවවැන්නේය. ගුරු පූර්ව පුණ්‍යස්ථානයේය. මෙම පිහිටීම් මත වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී තරමක් බුද්ධිමත්ව ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. කෙටි ගමන් බහුලයි. බඩවැල් ආශ්‍රිත පීඩා, උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය - ක්‍රීම්, අංකය - 02, දිනය - සඳුදා

තුලා

බාධා සහිතයි

ලග්නාධිපති සිකුරු ස්වක්ෂේත්‍රයි. මාලවී යෝගයයි. ශනි 3 ද, ගුරු 2 ද ගමන් කළත් රාහු 10, කේතු 4 ගමන් ගනී. මෙම කාල සීමාව බාධා සහිතයි. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේ දී අන්‍යයන්ගේ ආධාරය උපකරය ඔබ බලාපොරොත්තු වන තරමට ශුභ නැත. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

මකර

බාධා සහිතයි

ලග්නාධිපති ශනි 12 ද, කේතු ලග්නයේ, රාහු 7 ද, ගුරු 11 ද ගමන් ගනී. තම කටයුතු කරගෙන යාමේ දී විටින් විට සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා විමසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. බඩවැල් ආශ්‍රිත රෝග, මලබද්ධය, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

වෘෂභ

බාධා සහිතයි

ලග්නාධිපති සිකුරු හයවැන්නේ ස්වක්ෂේත්‍රයි. හර්ෂ යෝගයයි. සෙනසුරු 8 වැන්නේය. මෙම කාල සීමාව තුළ ඔබගේ කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. උත්සාහය සහ කැපවීම තුළින් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. එහෙත් හදිසියේ ඉස්මතු කරන සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි. යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සමගියට බාධා ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

සිංහ

බාධා සහිතයි

ලග්නාධිපති රවි ශනි පස්වැන්නේ සිටී. බ්‍රහස්පති 4 වැන්නේය. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා හැම විටම කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද කටයුතු කිරීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක පල ලබයි.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා

වෘශ්චික

ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති කුජ පූර්ව පුණ්‍යස්ථානයේය. සෙනසුරු 2වැන්නේ ද කේතු 3, රාහු 9 ද ගමන් කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කර ගනී. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලබා ගනී. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමය මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ගණිත මිනිත ආශ්‍රිත විෂයයන්, පරිගණක ක්ෂේත්‍ර, සන්නිවේදන ක්ෂේත්‍ර වැනි විෂයයන් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබයි.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

කුම්භ

මිශ්‍රපල

ලග්නාධිපති ශනි අයස්ථානයේ ද, කුජ දෙවැන්නේ ද ගුරු 10, කේතු 12, රාහු 6 ගමන් කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කරයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් එතරම්ම ශුභදායක නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. තම ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා

මිථුන

ශුභදායකයි

ලග්නාධිපති බුධ 6 වැන්නේ ගුරු සමග සිටී. බුධ ලග්නය දකී. ශනි 7 ද, රාහු 2 ද, කේතු 8 ද ගෝචරය වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සුළු බාධා ඇතත් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගත හැක. වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවලලදී ද තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න. බෝවන රෝග, ශරීරයට විෂබීජ ඇතුළුවීම යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා

මිශ්‍රපලයි

ලග්නාධිපති බුධ, ගුරු තුන්වැන්නේ සිටී. ශනි 4 කණ්ඨක ශනි දෝෂයයි. තමාගේ කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වනු ඇැත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම් වන්න.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

මිශ්‍රපලයි

ලග්නාධිපති ගුරු 12 වැන්නේය. ශනි ලග්නයේ ද සිටී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළින් පමණක් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගත හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු වේ. උෂ්ණාධික රෝග, ශරීරයට විෂබීජ ඇතුළු වීම, තුවාල පීඩාදියෙන් පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

මීන

බාධා සහිතයි

ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ද, සෙනසුරු 10 ද කුජ ලග්නයේ ද රාහු 5, කේතු 11 ද ගමන් කරයි. තම කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා ගැටලු ඉස්මතු වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී අන්‍යයන් සමග ප්‍රධානීන් සමග කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට රාහු 5 නිසා උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උදරගත පීඩා, පාද ආශ්‍රිත පීඩා, වැටීම්, තැළීම්, තුවාල යනාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

 

Comments