ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

මේෂ
විය­දම් පාල­නය අසී­රුයි

ලග්නා­ධි­පති කුජ 12 වැන්නට පැමිණේ. රාහු 4, කේතු 10 ද ගමන් කරයි. මෙම පිහි­ටීම තුළ අන්‍ය­යන් සමග කට­යුතු කිරීමේ දී විටින් විට අවුල් සහ­ගත තත්ත්ව­යක් උදා විය හැකි නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. කරන කතා­බ­හ­වල දී වඩාත් සැල­කි­ලි­මත් වන්න. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවුව ද විටෙක විය­දම් පාල­නය කිරීම අසීරු වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­ව­ලට බාධා ඇති කරයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟ­හ­රු­වාදා

වෘෂභ
ඉව­සී­මෙන් ක්‍රියා කරන්න

ලග්නා­ධි­පති සිකුරු හයේ ද ශනි අටේ ද ගුරු හතේ ද රාහු 3, කේතු 9 ගමන් කරයි. මෙම පිහි­ටීම් තුළ තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී ගැට­ලු­කාරී තත්ත්ව­යන් උදා කරයි. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලට එත­රම්ම අය­හ­පත් නැත. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. කෙසේ වුවත් වචන පාවි­ච්චියේ දී සැල­කි­ලි­මත් වන්න. දරු­වන්ගේ කට­යුතු යහ­පත් වේ. දියු­ණු­වක් ලබයි. සිය උත්සා­හය සහ කැප­ප­වීම තුළ ඉගෙ­නීමේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක කර ගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න.

මිථුන
වචන පාවි­ච්චිය ප්‍රවේ­ස­මෙන්

ලග්නා­ධි­පති බුධ, ගුරු සමග හය­වැන්නේ සිටී. සඳු ලග්නයේ ද රාහු 2, කේතු 8 සිටී. ශනි හතේ වේ. මෙම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී බාධා අව­හි­රතා ප්‍රමා­ද­තා­ව­ලට ඉඩ පවතී. මිල මුදල් ලැබීම තුළ අය­හ­පත් නොවේ. ගෙදර දොර කට­යු­තු­වල දී රාහු දෙවැන්නේ සිටීම නිසා වචන පාවි­ච්චියේ දී ටිකක් කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට ඉගෙ­නී­මට පසු­ගාමී දේව­ලට යොමු­වීමේ ඉඩ පවති නිසා කල්ප­නා­කාරී විය යුතුයි. උෂ්ණා­ධික රෝග බල­පායි.

කටක
මුදල් අප­හ­සුතා

යෝග­කා­රක කුජ නව­යේය. ශනි හයේ ද රාහු ලග්නයේ ද කේතු 7 ද ගෝච­රය වේ. මෙම කාල සීමාව තුළ ශුභා’ශුභ පල උදා කරයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සුළු සුළු බාධා ප්‍රමා­දතා මධ්‍යයේ තම කට­යුතු කිරී­මට සිදු වේ. විටෙක නිව­සින් පිටට වී කට­යුතු කිරීමේ ඉඩක් පවතී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීමේ අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා යනා­දි­යට ඉඩ පවතී.

සිංහ
දින­පතා කට­යුතු වෙනස් වේ

ලග්නා­ධි­පති රවි පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ශනි සමග සිටි. රාහු 12, කේතු 6 ද ගුරු 4 ද ගෝච­රය වේ. සතුරු කර­දර බාධා ඉස්මතු වුව ද සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. විටෙක තමා කර­ගෙන ආ කට­යු­තු­ව­ලට බාධා ඇති වේ. ආර්ථික වශ­යෙන් අශුභ නැත. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. දරු­වන්ගේ කට­යුතු ගැන තර­මක් දුරට කල්ප­නා­කාරී වන්න. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට විටෙක පසු­ගාමී තත්ත්ව­යන් උදා කළ හැකි නිසා උනන්දු වන්න.

ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා
වෙළෙ­ඳා­මෙන් ලාභ

ලග්නා­ධි­පති බුධ ගුරු සමග 3 වැන්නේ ද රවි, ශනි 4 ද රාහු 11, කේතු 5 ද ගමන් කරයි. මෙම ග්‍රහ ගෝච­ර­යන් තුළ තමාගේ වැඩ­ක­ට­යුතු උදෙසා ගැට­ලු­කාරී තත්ත්ව­යන් උදා කරයි. බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත් ප්‍රති­ඵල ලබා­ගත හැකිය. ලාභ ප්‍රයෝ­ජන සහිත වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­ය­කින් පසු­විය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙ දී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­න­යෙන් පසු­විය යුතුයි. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා
බාධා සහි­තයි

ලග්නා­ධි­පති සිකුරු ලග්නයේ මාලවී යෝග­යයි. ගුරු දෙවැ­න්නේය. කේතු 4, රාහු 10 ද ශනි 3 ද ගමන් ගනි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ඔබ බලා­පො­රොත්තු වන තර­මට උදා නොක­රයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වේ. විවිධ ක්ෂේත්‍ර­යන් තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත් වේ. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් විය යුතුයි. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට ශුභයි. උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික
ක්‍රම­යෙන් ශුභයි

ලග්නා­ධි­පති කුජ පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ද, එහි අධි­පති ගුරු ලග්නයේ ද ගමන් කරයි. මහා පරි­ව­ර්තන යෝග­යයි. ශනි දෙකේ ද, රාහු 9 ද ගමන් කරයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී ක්‍රම­යෙන් ශුභ­දා­යක තත්ත්ව­යක් උදා කරයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග විවර කර ගනී. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. තාක්ෂ­ණික ඉංජි­නේරු ක්ෂේත්‍ර නාවික ඉංජි­නේරු ක්ෂේත්‍ර වැනි විෂ­ය­යන් මඟින් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ආග­මික අංශ­යට නැඹුරු වන්න. ඒ තුළ සහ­න­යක් ලබයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟ­හ­රු­වාදා

ධනු
මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති ගුරු 12 ද, කුජ 4 ද කේතු 2, රාහු 8 ද ශනි ලග්නයේ ද ගමන් කරයි. මෙම පිහි­ටීම තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී යම් යම් බාධා අව­හි­ර­තා­වන්ට ඉඩ පවතී. එම නිසා බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ගෙන දේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් යහ­පත්ය. අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යෑමේ දී උත්සා­හය තුළ සාර්ථක කර­ගත හැකිය. වැටීම්, තැළීම්, තුවාල, අන­තුරු පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර
ශුභ­දා­යක සති­යක්

ලග්නා­ධි­පති සෙන­සුරු 12 සිටි. ගුරු අය­ස්ථා­නයේ ය. කේතු ලග්නයේ ද රාහු 7 ද ගමන් කරයි. මෙම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී යම් යම් බාධා ඇතත් සිය උත්සා­හය සහ කැප­වීම සාර්ථක ප්‍රති­ඵල ලබනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි සහ­ගත තත්ත්ව­යක් උදා කරයි. ලාභ ප්‍රයෝ­ජන ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

කුම්භ
මධ්‍ය­ස්ථයි

ලග්නා­ධි­පති ශනි අය­ස්ථා­න­යේය. ගුරු 10 ද, කේතු 12 ද රාහු 6 ද, කුජ දෙවැන්නේ ද ගෝච­රය වේ. මෙම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී සුළු බාධා අව­හි­රතා ඉස්මතු කරයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. නමුත් වැඩ­ක­ට­යුතු බහුල වේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන
බාධා ජය­ගනී

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි දහයේ ද රාහු 5, කේතු 11 ද කුජ ලග්නයේ ද වේ. මෙම ගෝච­ර­යන් තුළ වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල දී යම් යම් බාධා ඇතත් සිය උත්සා­හය සහ කැප­වීම මගින් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබනු ඇත. විටෙක සම­ඟි­යට සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු සඳහා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඉගෙ­නීම් කරන අයට ශුභයි. දියු­ණු­වක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න. උෂ්ණා­ධික රෝග බල­පායි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ජ්‍යොතිර් විද්‍යා විභූ­ෂණ,
රාජ්‍ය සම්මා­න­ලාභී
ආචාර්ය ජී. ඇම්. ගුණ­පාල

Comments