ක්‍රිස්තු භක්ති­ක­යන් සොය­න්නට පෙර­දි­ගට පය තැබූ වස්කෝද ගාමාගේ ඓති­හා­සික ප්‍රයා­ණය | සිළුමිණ

ක්‍රිස්තු භක්ති­ක­යන් සොය­න්නට පෙර­දි­ගට පය තැබූ වස්කෝද ගාමාගේ ඓති­හා­සික ප්‍රයා­ණය

පෘතු­ගීසි නාවික සෙන්පති වස්කෝද ගාමා ඉන්දි­යාවේ කැලි­කට් වරා­යට සෙන්දු වන්නේ වර්ෂ 1498 මැයි මස 19 දාය. යුරෝ­පයේ සිට පෙර­දිග රට­ව­ලට පිවි­සිය හැකි මුහුදු මාර්ගය සොයා­ගැ­නීමේ ගෞර­වය වස්කෝද ගාමාට හිමි­වන්නේ ඒ අනු­වය. එහෙත් වස්කෝද ගාමා සුභ­පැ­තීමේ තුඩුව වටා යාත්‍රා­කර අප්‍රි­කාවේ නැගෙ­න­හිර වෙර­ළට පැමි­ණී­මට පෙර එම ගම­න්මා­ර්ගය අරා­බි­යානු හා ඉන්දි­යානු වෙළෙ­ඳුන් විසින් සොයා­ගෙන තිබිණි. ඒ වෙළෙඳ මාර්ග හරහා අප්‍රි­කාවේ නැගෙ­න­හිර වෙරළේ තොටු­ප­ළ­වල සහ ආසි­යාවේ සෙසු වරාය අතර නාවික ප්‍රවා­හ­නය සහිත දියුණු ආන­යන අප­න­යන වෙළෙ­ඳා­මක් පැව­තිනි. බොම්බාසා සිටි මිලින්ද දක්වා වස්කෝද ගාමා යාත්‍රා කළේ ආසි­යානු වෙළෙඳ නාවි­ක­යන් අනු­ග­ම­නය කර­මිනි. මිලින්ද වරායේ සිටි ඉන්දි­යාවේ කැලි­කට් දක්වා වස්කොද ගාමා ගේ මාර්ග දේශ­කයා වූයේ ගුජ­රාටි ජාතික ඉන්දි­යානු නාවි­ක­යෙකි.

අප්‍රි­කාවේ වෙර­ළ­බඩ මුහුදු මාර්ගය ද සුබ­පැ­තීමේ තුඩුව දක්වා වර්ෂ 1486 දී දී බර්ත­ලො­මි­යුස් දියෙස් විසින් සොයා­ගෙන තිබිණි. එහෙ­යින් වස්කෝද ගාමාගේ මුහුදු මාර්ග ගවේ­ෂ­ණය සුභ පැතීමේ තුඩුවේ සිට මොසැ­ම්බික් වරාය දක්වා සීමා විය. කෙසේ නමුත් යුරෝ­පයේ සිට ඉන්දි­යාව දක්වා පළමු වරට යාත්‍රා කළ නැවියා පෘතු­ගීසි ජාතික වස්කෝද ගාමාය.

වස්කෝද ගාමා කැලි­කට්හි ගොඩ­බැස ස්වකීය ගවේ­ෂ­ණයේ අර්ථය කින්නේ අපි ක්‍රිස්තු භක්ති­ක­යන් හා කුළු බඩු සොයා ආවෙමු ලෙසය. එහෙත් මේ මුහුදු ගවේ­ෂ­ණය ආග­මික පර­මාර්ථ මත සිදු­ව­න්නක් නොවන අකා­රය පෘතු­ගී­සීන්ගේ හැසි­රී­මෙන් පෙනේ. ඔවුන්ගේ ආග­ම­නය කුළු­බඩු වෙළෙ­ඳාමේ ආධි­ප­ත්‍යය තහ­වුරු කරන වෙළෙඳ අර­මුණ මත සිදු­වූ­වකි. ඔටෝ­මන් තුර්කි අධි­රා­ජ්‍යයේ විරු­ද්ධ­ත්වය නිසා නැතිවී ගිය පෙර අපර දෙදිග අතර වූ කුළු­බඩු වෙළෙ­ඳාමේ නව මාරග් සොයා­ගැ­නීම ආරම්භ වන්නේ එලෙ­සය.

මෙම මුහුදු මාර්ගය විවර වීම වෙළෙ­ඳාමේ නව පරි­ච්ඡේ­ද­යක් විවර කළේය. පෙර­දිග නිප­ද­වෙන කුළු­බඩු ස වෙනත් සුඛෝ­ප­භෝගී භාණ්ඩ පෙර පැවති මැද පෙර­දිග හරහා වැටී තිබුණු මාර්ග ඔස්සේ ගෙය යන ලද්දේ සුළු වශ­යෙනි. ඊට හේතුව වූයේ ගොඩ­බි­මේදී එම භාණ්ඩ ගෙන­යනු ලැබුවේ තව­ලම් ලෙස වීමය. නොඑ­සේ­නම් මිනි­සුන් විසින් උසු­ලා­ගෙන යෑමය.

මෙම මුහුදු වෙළෙඳ මාර්ගය විවර වීමත් සමග මාස ගණ­නක් තිස්සේ ගොඩ­බි­මින් රැගෙන ගිය භාණ්ඩ එක් නැව්ගත කිරී­ම­කින් යුරෝ­පය වෙත රැගෙන යෑමට හැකි විය. එමෙන්ම මේ සාධ­කය යුරෝ­පීන්ට පෙර­දිග සිය අධි­රා­ජ්‍යය බිහි කර­ගැ­නී­මට අවශ්‍ය පසු­බිම සප­යනු ලැබු­වේය. කෙසේ­වෙ­තත් වස්කෝද ගාමා විසින් විව­ර­කළ මුහුදු මාර්ගය 16 වැනි සිය­වස තෙක් පෘතු­ගී­සින්ට පම­ණක් සීමා වූ රහ­සක් වූ බව පෙනේ. ඒ වන­විට යුරෝ­පීය ලෝකය තුළ පෙර­දිග වෙළෙඳ ආධි­ප­ත්‍යය පිළි­බඳ වූ බලය පෘතු­ගී­සින් විසින් තහ­වුරු කර­ගෙන තිබිණි. “ඉති­යෝ­පි­යාව, අරා­බිය, පර්සි­යාව හා ඉන්දි­යාව යන රට­වල වෙළෙ­ඳාම සහ ආධි­ප­ත්‍යය පැති­ර­වීමේ නාවික අධි­ප­තියා” යන අභි­දා­නය හය­වැනි ඇලෙ­ක්සැ­න්ඩර් පාප් තුමා පෘතු­ගී­සීන් වෙත පිරි­නැ­මීම සමග ඔවුන් පෙර­දිග වෙළෙ­ඳ­බ­ලය සතු යුරෝ­පීය ජාතිය ලෙස ප්‍රශ්න­කි­රී­ම­කින් තොරව පිළි­ගන්නා පසු­බි­මක් නිර්මා­ණය විය.

තමන් විසින්ම තහ­වුරු කර­ගත් ඒක පාර්ශ්වික අයි­ති­වා­සි­කම මත ඉන්දි­යා­වට පැමි­ණෙන පෘතු­ගී­සීන් ඒ වන­විට පෙර­දිග වෙළෙ­ඳාමේ යථා­ර්ථය ලෙස ගොඩ­නැ­ගුණු මුස්ලිම් වෙළෙඳ බලය විනාශ කිරීම ආරම්භ කළේය. එතෙක් ආසි­යාවේ කුළු­බඩු වෙළෙ­ඳාමේ ප්‍රධා­නියා වූයේ මුස්ලි­ම්ව­රුන්ය. ඔවුන්ගේ වෙළෙඳ බලය ඉන්දි­යන් සාග­ර­යෙන් තුරන් කිරීම ඉලක්ක කර­ගෙන පෘතු­ගී­සීහු මෙහෙ­යුම් ආරම්භ කළහ.

ඒ වක­වා­නුව වන­විට මුස්ලිම් වෙළෙඳ ආධි­ප­ත්‍යය යටතේ පෙර­දිග පැව­තියේ වෙළෙඳ තර­ග­යක් පමණි. වෙළෙඳ ආධි­ප­ත්‍යය සමග ගොඩ­නැ­ගෙන ව්‍යාප්ත­වාදී ආක්‍ර­ම­ණික සැල­සුම මුස්ලි­ම්ව­රුන් දියත් කළේ සූක්ෂම අයු­රිනි. එහිදී වෙළෙඳ ආධි­ප­ත්‍යය සඳහා වූ ගැටුම නාවික සටන්, රට­වල් යට­පත් කර­ගැ­නීම්, සංහාර සහිත යුධ ප්‍රයාම ලෙස ප්‍රකට වූයේ නැත.

එහෙත් පෘතු­ගී­සීන් පෙර­දි­ගට පැමි­ණෙන්නේ නාවික වෙළෙ­ඳාම පිළි­බඳ ස්වීය අර්ථ­ක­ථ­න­යක් සම­ගය. ඔවුන්ගේ අද­හස වූයේ තමන්ගේ වෙළෙ­ඳාම සාර්ථක කර­ගැ­නීම සඳහා තරග කරුවා ඉවත් කිරී­මය. ඒ අනුව රට­වල් යට­පත් කර­ගැ­නී­මත් තර­ග­කාරී වෙළෙඳ නැව් සට­න්කර විනාශ කිරී­මත් ඔවුහු ආරම්භ කළහ. එතෙක් පැවති වෙළෙඳ තර­ගය නාවික සට­නක් බවට පෙර­ළුනි. පෘතු­ගීසි නැව් නාවික සටන් සඳහා ද සුදුසු සේ නිශ්පා­දන කළ ඒවා විය. අරාබි නැව්ව­ලට වඩා ශක්ති­මත් විය. දියුණු උප­ක­ර­ණ­ව­ලින් යුක්ත විය. එබැ­වින් පහ­සු­වෙන්ම අරාබි නැව් පරා­ජය කිරී­මට පෘතු­ගී­සීහු සමත් වූහ.

ඉන්දි­යා­වට පෘතු­ගී­සීන් ගොඩ­බ­සින්නේ මෙම ආධි­පත්‍ය තහ­වුරු කර­ගත හැකි දේශා­ප­ලන පරි­ස­ර­යක් ඉන්දි­යාවේ පව­තින වක­වා­නු­ව­කය. ඒ අව­ධියේ දේශ­පා­ල­නි­කව ඒකා­බ­ද්ධ­යක් නොවුණි. උතුරු ඉන්දි­යාව මුස්ලිම් ආධි­ප­ත්‍ය­යට යටත් වීමෙන් අන­තු­රුව මුස්ලිම් රාජ්‍ය ගණ­නා­ව­කට බෙදී තිබිණි. හින්දු භක්ති­ක­යන් තුළ තිබූ මුස්ලිම් විරෝ­ධ­යත්, බෙදී ගිය රාජ්‍ය­යන් අතර එකි­නෙකා අතර ඇති­ක­ර­ගෙන තිබූ ගැටු­මත් අරාබි වෙළෙඳ ආධි­ප­ත්‍යය විනාශ කරීම සඳහා පෘතු­ගී­සිහු යොදා ගත්හ.

වස්කෝද ගාමාගේ පළමු ගමන කැලි­කට්හි පාල­කයා වූ සැමො­රි­න්ගෙන් වෙළෙඳ අව­ස­ර­යක් ලබා­ගැ­නී­මට පම­ණක් සීමා විය. අන­තු­රුව වර්ෂ 1500 දී යාත්‍රා දහ­තු­නක් සහ නාවික භට­යින් 1200 ක් සමග පේදුරු අල්වා­රේස් කබ්රාල් කැලි­කට් වෙත පැමි­ණි­යේය. ඔහු පැමි­ණියේ අනි­වාර්ය යුද්ධ­ය­ක­ටය. හෙතෙම කැලි­ක­ට්ව­ලට පැමිණ වෙළෙඳ ගබ­ඩා­වක් පිහි­ට­වනු ලැබු­වේය. අන­තු­රුව පාලක සැමො­රින් වෙත පැමිණ අරාබි වෙළෙ­ඳුන් කැලි­කට් රාජ්‍ය­යෙන් පළවා හරින ලෙස බල­ක­ළේය. එහෙත් ඔහු ඊට එකඟ නොවීය. ඉන් දෙප­ක්ෂය අතර ගැටු­මක් ඇති­විය. එහිදී කැල­කට්හි පෘතු­ගීසි වෙළෙඳ ගබ­ඩාව කැලි­කට් පාලක සැමො­රින් විසින් විනාශ කළේය. ඒ මොහොතේ පෘතු­ගී­සීන කළේ කැලි­කට් රාජ්‍යයේ සතු­රෙක් වූ කොචින්හි රාජයා සමග සබ­ඳ­කම් ගොඩ­නගා ගැනී­මය. අන­තු­රුව කොචින් හා කැන­නෝර් රාජ­ධා­නි­ව­ලින් වටිනා කුළු­බඩු ලබා ගැනී­මය.

ඒ වන­විට පෘතු­ගී­සිහූ ඉන්දි­යා­වත්, රතු මුහුද හා පරි­සි­යන් වරාය අතර පැවති වෙළෙ­ඳා­මත් හැකි පමණ අව­හිර කර­මින් පෙර­දිග සහ යුරෝ­පය අතර පැවති මුළු වෙළෙ­ඳාම ස්වකීය ආධි­ප­ත්‍ය­යට යටත් කර­ගැ­නී­මට සැල­සුම් කර­මින් සිටි­යහ.

වර්ෂ 1502 දී යළිත් විශාල නාවික බල­සෙ­න­ගක් සමග වස්කෝද ගාමා ඉන්දි­යා­වට පැමි­ණි­යේය. ඉන්දි­යාවේ කැලි­කට්හි පාල­කයා වූ සැමො­රි­න්වෙත පැමිණි ඔහු බල­කර සිටියේ අරාබි වෙළෙ­ඳුන් කැලි­ක­ට්ව­ලින් ඉවත් කිරීම කළ යුතු බවය. නැව­ත­ව­රක් එය ප්‍රති­ක්ෂේප විය. පෘතු­ගී­සීහු කැලි­කට් රාජ්‍ය­යට පහර දුන්හ. අන­තු­රුව කොචින් අධි­රා­ජ්‍ය­යාගේ සහාය සහි­තව කැලි­කට්හි පෘතු­ගීසි බල­කො­ටු­වක් පිහි­ට­වූහ. අන­තු­රුව හේ සිය ම්ලේච්ඡ­ත්වය වපු­ර­න්නට වූයේය. අමා­නු­ෂි­ක­වූත්, තන්හා­ධික වූත් නාවි­ක­යෙක් වූ වස්කෝද ගාමා අති­ශය බිහි­සුණු ලෙස අරාබි වෙළෙ­ඳුන්ට පහර දීම ආරම්භ කළේය. වෙළෙඳ නැව් පම­ණක් නොව, වන්දනා නැව්ද පහර දී ගිල්වා දැමූ­වේය. අන­තු­රුව අරාබි වෙළෙ­ඳාම ඉන්දි­යන් සාග­ර­යෙන් අතුගා දැමන තැනට කට­යුතු සැලැ­ස්සු­වේය.

අන­තු­රුව වසර තුන­කට බල­ප­ව­ත්වන ආකා­ර­යට පෘතු­ගීසි ප්‍රති­රා­ජ­යෙක් ඉන්දි­යා­වට පත්කර එව්වේය. ඉන්දි­යාව පිළි­බඳ කට­යුතු ඔහුට බාර කළේය. මේ තන­තු­රට වර්ෂ 1505 දී පළ­මු­වෙන්ම පත්වන්නේ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ය. ඔහු අරාබි වෙළෙ­ඳ­බ­ලය විනාශ කර මුහුදේ ඒකා­යන බල­වතා වීමේ අභි­ලා­ෂ­යෙන් සැක­සුණු ප්‍රති­ප­ත්තිය බ්ලූවෝ­ටර් ප්‍රති­ප­ත්තිය ලෙස හැඳි­න්වෙ­න්නේය.

හේ සංචා­රක පෘතු­ගීසි සමු­ද්‍රා­ර­ක්ෂක නාවික සේව­යක් ආරම්භ කළේය. එහි ඉල­ක්කය වූයේ දුටු දුටු අරාබි නැව්ව­ලට පහර දී ගිල්වා දැමී­මය. ඒ මගින් මුස්ලි­ම්වරු ඉන්දි­යන් සාග­ර­යෙන් පලවා හැරී­මය. ඒ සඳහා ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා ගේ පුත්‍රයා වූ ලොරෙන්සෝ ද අල්මේදා ගෙන් විශාල සහ­යක් ලැබිණි. ප්‍රභල ඉන්දි­යානු නාවික බලය වූ සැටො­රින්ගේ නාවික හමු­දාව වසර තුනක් ඇතු­ළත පරා­ජය කිරී­මට ලොරෙන්සෝ ද අල්මේදා සමත් විය.

එහෙත් මේ ව්‍යස­න­කාරී ආක්‍ර­ම­ණි­කයා සම්බ­න්ධව මුස්ලිම් ලෝකය පෙළ­ගැ­සු­නේය. උතුරු ඉන්දි­යානු මුස්ලිම් රාජ්‍ය­යන්ගේ ද, මිස­රයේ ද එකා­බද්ධ නාවික හමු­දා­වක් මිසර සෙන්පති මීර්හු­සේන් යටතේ සන්නද්ධ වන්නේ ඒ අනු­වය. මේ ඒකා­බද්ධ නාවික හමු­දාව පෘතු­ගී­සීන්ට එරෙ­හිව දැවැන්ත ප්‍රහා­ර­යක් එල්ල කළේය. පෘතු­ගී­සීහු අන්ත පරා­ජ­ය­කට ලක්වූහ. ලොරෙන්සෝ ද අල්මේදා සට­නේදී මිය ගියේය. එහෙත් වර්ෂ 1509 දී මේ ප්‍රහා­රයේ පලිය ගත් පෘතු­ගී­සීහු ඒකා­බද්ධ මුස්ලිම් නාවික පෙර­මුණ සහ­මු­ලින්ම වැන­සූහ. ඉන්දි­යාන් සාග­රයේ පෘතු­ගීසි ආධි­ප­ත්‍යය තහ­වුරු වන්නේ මේ සට­නින් අන­තු­රු­වය.

මේ සටන මුස්ලි­ම්ව­රුන් ජය­ග්‍ර­හ­ණය කළේ­නම් ඉති­හා­සය මීට වඩා වෙනස් ආකා­ර­ය­කින් ලියැ­වෙ­න්නට ඇති ඉඩ­කඩ සම්බ­න්ධව අද­හ­සක් තිබේ. යුරෝ­පී­යන් පෙර­දිග දක්වා ස්වකීය අධි­රාජ්‍ය පතු­රු­වන්නේ පෘතු­ගී­සීන් ඇති­කළ උක්ත ප්‍රවේ­ශය හරහා ගොඩ­නැන්වූ වෙළෙඳ ආධි­ප­ත්‍යය මතය. පෘතු­ගී­සී­න්ගේත්, ලන්දේ­සී­න්ගේත්, අන­තු­රුව ඉංග්‍රී­සී­න්ගේත් පාල­න­යට යට­ත්වන අප­ටත්, අපේ සංස්කෘ­තික සමාජ හර පද්ධ­ති­ය­ටත් සිදුවූ බල­පෑම අති­ශය ව්‍යස­න­කා­රීය.

සංකී­ර්ණය. එහෙත් ඒ සංකීර්ණ පරි­ස­රයේ ජාති­යක් ලෙස අපේ අන­න්‍ය­තා­වය රැකු­ණේය. එහෙත් මුස්ලිම් බල­යට යටත්වූ අතීත රාජ්‍ය­යන් හි මුල් ස්වරූප හඳු­නා­ගත නොහැකි සේ මැකී ගොසිනි. සෑම ව්‍යස­න­යක් පසු­ප­සම යම් සුභ­වාදී අද­හ­ස­කුත් ගැබ් වී තිබේ. ඉති­හා­සයේ චම­ත්කා­රය එයය.

එච්. සූරි­ය­ප්පෙ­රුම

Comments