මායි පුතයි දියේ ගිලී මළා ඒත් මට පුතා ඕනෑ | සිළුමිණ

මායි පුතයි දියේ ගිලී මළා ඒත් මට පුතා ඕනෑ

යම් යම් දෙයට යම් යම් ස්ථාන­ව­ලට හා යම් යම් පුද්ග­ල­යන් කෙරෙහි සිත එල්බ ගැනීම කාමා­ව­චර ලෝකයේ ස්වභා­ව­යයි. ලෝභ­යක් (රාග­යක්) හෝ ද්වේෂ­යක් සිතේ හට­ගන්නේ ආස්වා­දයේ ආදී­න­වය නොද­න්නා­කම හෙවත් ඇත්ත ඇති සැටි­යෙන් නොදන්නා මෝහය නිසා ය.

එසේ තන් තන්හි හා වුණ සම්බන්ධ වුණු (තණ්හා) සිත එහි දැඩි සේ අල්ලා ගැනීම උපා­දා­න­යයි. තණ්හා පච්චයා උපා­දානං තණ්හාව හේතු කොට ගෙන උපා­දා­නය හට ගනී. උපා­දා­නය නිසා මතු වන ලෝභ බව හෝ ද්වේෂ බව මර­ණා­සන්න චුති සිතට ශක්ති­යක් ඇති කරයි. උපා­දාන පච්චයා භව - ඒ ලෝබ බව හෝ ද්වේෂ බව ඊට ගැළ­පෙන ජාති­යක් ලබා­දෙයි. භව පච්චයා ජාති, ඒ අනුව උප­තක් සිදු­වෙයි. මේ හේතු ඵල දහ­මයි.

ආර්ය­යන් වහන්සේ නම­ක­ගෙන් සිරි සද්ධ­ර්මය අසා දැන අව­බෝධ කැර නොගත් පුද්ග­ලයා මේ නිසා ඉපදි ඉපදි මැරි මැරී සංසාර ගමනේ දුකට පත්වෙයි. මෙය අව­බෝධ කැර ගත් පුද්ග­ලයා ධර්මයේ හැසිරී පිළි­පැද යටත් පිරි­සෙ­යින් සෝවාන් මාර්ග­ය­ට­වත් එළඹ මර­ණ­යෙන් පසු සතර අපා දුකින් මිදෙයි‍. එය ඉතා දුර්ලභ ය. මේ පෘථි­වි­යෙහි ඇති සම්පූර්ණ පස් ප්‍රමා­ණය මුළු මිනිස් ගහ­න­යට සමාන කළොත් සතර අපා දුකෙන් මිදෙන්නේ මෙප­ම­ණ­කැයි නිය පිටින් පස් ටිකක් ගෙන පෙන්වා බුදු­ර­ජා­ණන් වහන්සේ වදාළේ ඒ නිසා ය.

අශ්‍රැ­ත­වත් පෘථ­ග්ජ­නයා මර­ණා­සන්න මොහොතේ එසේ තදින් අල්ලා ගත් අර­මු­ණක් සිතට මතු­වීම නිසා තමන් කැමැති දෙයක් හෝ ස්ථාන­යක් හෝ පුද්ග­ල­යෙකු ඇසුරු කර­මින් ඉප­දීම අනි­වාර්ය වේ‍.

කොළ­ඹට ආසන්න ප්‍රදේ­ශ­යක උපන් රශ්මිකා තිස් හතර හැවි­රිදි රූමත් ගුවන් සේවි­කා­වකි. ඇය සමඟ පෙම් බැඳ විවාහ වූ කාංචන ඇගෙන් වෙන්වී ඇය සමඟ සමඟි සමා­දා­න­යට වසර ගණ­නක් ම උත්සාහ කොට දැන් දික්ක­සා­ද­වී­මට අධි­ක­රණ ක්‍රියා මාර්ග ගෙන ඇත. ඊට හේතුව වූයේ විවාහ වූ මධු­ස­මය ගෙවූ දිනෙන් පසු ඇය ඔහුට ඇගේ අති­න්වත් අල්ල­න්නට ඉඩ නොදී ප්‍රති­ක්ෂේප කිරීම නිසා ය. ඊට හේතුව වශ­යෙන් කිය­න්නට කාංච­නගේ ඇති වර­දක් හෝ අඩු­පා­ඩු­වක් නැති බව රශ්මිකා ද පිළි­ගනී‍.

කෙසේ නමුත් ඒ මුල් දිනයේ ම පිළි­සිඳ ගත් දරුවා දැන් හතර හැවි­රිදි පුතෙකි. ඒ පුතා ඉසුරු ය‍. මේ මවත් පුතාත් නිතර හීනෙන් බියට පත් වෙන්නට වූහ. නි‍ෙවසේ ඡායා­වක් එහා මෙහා ගමන් කරනු පෙනෙ­න්නට විය. ළද­රුවා අහ­සට දෑත් දිගු කොට මොන මොන­වාදෝ මුමු­න­න්නට විය. වයස අවු­රුදු දෙක පමණ වන­විට දෑත් විදහා “අම්මා... අම්මා...” යි අඬ­න්නට විය. බහ තෝරන විට ඇඟිල්ල දිගු කොට “ඒ අම්මා....” යැයි පෙන්ව­න්නට විය. මේ අසා­මාන්‍ය තත්ත්වය වළ­ක්ව­න්නට විවිධ වත් පිළි­වෙත් කළත් ගැට­ලුව විස­ඳුණේ නැත. දැන් ඉසුරු සිවු හැවි­රිදි ය.

බැරිම තැන රශ්මිකා සිය සහෝ­ද­රිය සමඟ ඉසුරු ද රැගෙන ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කරා පැමි­ණි­යාය. එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශක කසුන් නාගො­ඩ­වි­තාන මහතා මුණ ගැසී දරු­වාට පව­තින තත්ත්ව­යත්, දෙදෙ­නාම හීනෙන් බියට පත්වීම හා නිවෙසේ පව­තින අසා­මා­න්‍ය­තා­වත් පැහැ­දිලි කළාය.‍

පළමු රෝග පරී­ක්ෂා­වේදී දී ම ඉසුරු පුතා වෙව්ල­න්නට වී වැටුණේ ය. ඊළ­ඟට රශ්මිකා වේග­යෙන් වෙව්ල වෙව්ලා හූ කිය­න්න­ටත් කෑගස­න්න­ටත් වූවාය. සුරූපී රශ්මිකා ඊට හාත්ප­සින් වෙනස් වූ ස්වරූ­ප­ය­කට පත් වූවාය.

“මට මගේ දරුවා දීපල්ලා. නැත්නම් මම කොලුවා මරලා අර­ගෙන යනවා” යි කෑග­ස­න්නට වූවාය.

ගවේ­ෂ­ක­ව­රයා ඒ භූතා­ත්මය පාල­නය කොට ප්‍රශ්න කර­න්නට විය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­ වෙලා ඉන්නේ” යි ඇසීය.

“මම මේ දරු­වගෙ අම්මා” යි ප්‍රේතිය කීවාය.‍

“නම මොකක්ද?” නිමාලි.

“ගම කොහේද?” “ හොරණ”

“මේ අයට කර­දර කරන්නේ මොකද?”

“මේ මගේ පුතා... රශ්මිකා බලෙන් තියා­ගෙන ඉන්නවා. මට මගේ පුතා ඕනෑ.”

“මේ පුතා විත­රද හිටියේ?”

“නෑ... මේ වැඩි­ම­හල් පුතා නිමන්ත. තව තුන් දෙනෙක් හිටියා. උන් මට මතක නැහැ. නිමන්ත පුතාට තමයි මම වැඩි­යම ආදරේ.”

“එහෙ­නම් අවු­රු­ද්දට ළමයා ගණනෙ ලැබිලා ‍ෙන්ද?”

“ඔව්”

“තමුන් කොහෙද හිටියේ?”

“හොරණ. මමයි පුතයි දියේ ගිලී මැරුණා. ඊට පස්සේ හොරණ පැත්තේ අහසේ පාවි පාවී හිටියා‍. පුතා හිටි‍ ­හැ­ටියේ මේ රශ්මිකා ළඟට ඇදිලා ගියා... මමත් ආවා. ඒත් මට රශ්මි­කාගෙ බඩට රිංගන්න බැරි වුණා.”

“ඒ මොකද?”

“මම දන්නේ නෑ. ඊට පස්සෙ මම රශ්මි­කාගෙ ගෙද­රට වෙලා හිටියා. රශ්මිකා මගේ පුතාව බලෙන් තියා­ගෙන ඉන්නවා. මම මගේ පුතා අර­ගෙන යනවා.”

“ඇයි මෙච්චර කල් අර­ගෙන යන්න බැරි වුණේ?”

“‍රශ්මිකා දන් පින් කර­නවා‍. ගෙදර මල් පහන් පූජා කර­නවා‍. පිරිත් කිය­නවා. මට තවම බැරි වුණේ ඒකයි. ඒත් කවදා හරි මම මගේ පුතා අර­ගෙන යනවා. මම දැන් යක්ෂ­ණි­යක් වගෙයි.”

රශ්මිකා පියවි සිහි­යට පත් කළ ගවේ­ෂ­ක­ව­රයා ඇයට තත්ත්වය පැහැ­දිලි කළේ ය. සම­හර විට මේ යක්ෂ­ණිය රාත්‍රි­යක ආවිෂ්ට වී රශ්මි­කාගේ දෑතින් ම ගෙල මිරිකා දරුවා මරා දැමිය හැකි බැවින් ඉසුරු වෙන් කර තැබීම හොඳ බව වටහා දුන්නේ ය. ඒ අනුව රශ්මි­කාගේ මෑණි­යන්ගේ නිවෙසේ දරුවා නතර කර­න්නට පිළියෙල කොට ඒ නිවෙ­ස­ටත් දරු­වා­ටත් ආධ්‍යා­ත්මීය ආරක්ෂා යොදා දුන්නේ ය. එහෙත් දරු­වාත් ආච්චිත් සමඟ ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේ ය. ඊළ­ඟ­ට‍ ­පැ­මි­ණෙන දින මේ තත්ත්වය පැහැ­දිලි කොට කාංචන ද කැඳවා ගෙන එන ලෙස ද උප­දෙස් දුන්නේ ය.

බෝධි පූජා අව­සන් කළ ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින දරු­වාගේ පියා කාංචන ද පැමිණ සිටියේ ය. එදින ද ගවේ­ෂ­ක­ව­රයා රශ්මිකා දිෂ්ටි ගන්වා කතා කළේ ය.

“දැන් මොකද අද­හස?” යැයි භූතා­ත්ම­යෙන් ඇසීය.

“පුතා බෝධි පූජා­ව­ලට යන කොට මමත් ගියා. ඒත් පුතාව මරලා මගේ ළඟට අර­ගෙන යන්න­මයි හිත” යැයි ප්‍රේතිය කීවාය‍.

“ඔබට පුළු­වන්ද එහෙම මරලා අර­ගෙන යන්න?”

“පුළු­වන්.”

“බැහැ. ඔබ මැරු­වොත් දරුවා කෙළින් ම දිව්‍ය ලෝක­ය­කට ඇදිලා යනවා‍. මේ දරුවා පින්ව­න්තයි. ඔබ පවු­කා­රයි. පවු­ලක් කඩා කප්පල් කළා. දැනුත් ප්‍රාණ­ඝාත චේත­නා­ව­කින් ඉන්නේ.‍ දරුවා දිව්‍ය ලෝක­ය­කට ගියාම ඔබට කිසි දිනක පුතා දැක ගන්න­වත් ලැබෙන්නේ නෑ.

ප්‍රේතිය මහ හඬින් හඬ­න්නට වූවාය. “අනේ, මහ­ත්මයා, මම ඉතින් මොන­වද කරන්න ඕනෑ” මට දැන් නව­තින්න තැන­ක්වත් නෑ.”

“ඔයා මා ළඟ නතර වෙන්න. මම ඔයාට උදව් කර­න්නම්” යැයි ගවේ­ෂ­ක­ව­රයා කීවේය.

“අනේ, ඇත්ත­මද? ඔයා හරිම හොඳයි” කිය­මින් ප්‍රේතිය ගවේ­ෂ­ක­ව­ර­යාගේ අතින් ද අල්ලා ගත්තාය. “ඉතින් මම කොහො­මද දරුවා මරන්නේ?” යි නැව­තත් ඇසු­වාය.

“දරුවා මරන්න එපා. ඒක මහා පාප­යක්. මැරු­වත් දරුවා ඔබ ළඟට එන්නේ නෑ. මම ඔබට උපා­යක් කිය­න්නම්. ඔබ ඔබේ පුතාට ආදරේ නම් පුතාට උදව් කරන්න.”

“ඒ කොහො­මද?”

“අපි ඔබට පින් අනු­මෝ­දන් කර­න්නම්. ඒ පින් අර­ගෙන මිනිස් ජාතියේ නැවත උප­දින්න. මේ රශ්මි­කාගෙ බඩේම පුතා ගෙ සහෝ­ද­ර­යෙක් වෙලා උප­දින්න.”

“අනේ... හොඳයි. ඒක හොඳයි” ප්‍රේතිය එකඟ වූවාය.

ගමේ පන්ස­ලට දාන­යක් පිරි­නමා හොරණ නිමා­ලිගේ ප්‍රාණ­කා­රි­යට පින් අනු­මෝ­දන් කොට නැවත එන්නැයි ඔවුන්ට උප­දෙස් දුන්නේය.

දානය පිරි­නමා පින් අනු­මෝ­දන් කොට ආපසු පැමිණි දිනයේ පල­තුරු වට්ටි­යක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනු­රා­ධ­පු­ර­යට යැවීය.

දැන් කාංච­නාත්, රශ්මි­කාත් දික්ක­සාද නඩුව ඉවත් කර­ගෙන දරුවා සමඟ නැව­තත් එක වහ­ලක් යට සම­ඟි­යෙන් සතු­ටින් ජීව­ත් වෙති.

මතු­ගම මහින්ද විජේ­ති­ලක

Comments