
* නව නිර්මාණ වැඩිපුර බිහිවෙයි
* රටේ දියුණුවට විදේශ ආධාර සමඟ විදේශ විශේෂඥ සහාය
* ගංවතුර - සුළිසුළං සමඟ දේශපාලන ගැටුම්
එළඹෙන 2019 වසරේ ජනවාරි 01 දින ඉර උදාව සිදුවන්නේ උදෑසන 6.22 වන අතර එම මොහොතේ ග්‍රහයින් පිහිටන ආකාරය මත ලබන වසරේ රටට හා ලෝකයට සිදුවන වෙනස්කම් පිළිබඳව සුබසෙත හිටපු කර්තෘ ජ්යොතිශ්ශාස්ත්රඥ ජයතිලක අඹුවන්ගල මහතා දරන අදහස් මෙසේ ඉදිරිපත් කරමු.
එදින හිරු උදාවේ දී ධනු ලග්නය උදාවන අතර ග්‍රහචාරය මෙසේය. උදාවන දෙදහස් දහනමය වර්ෂය (2019) බොහෝ රළු පරුෂ වර්ෂයක් වන අතර සියලු දෙනා බොහොම ශාන්ත දාන්තව කටයුතු නොකළහොත් ආරවුල් ඇතිවේ.
තේජෝ ගුණය අධික රාශියක් වන ධනු ලග්නය උදාව අතර රවි, ශනි ලග්නයේ සිටී. රටේ තැනින් තැන අරගල ඇතිවන අතර ඒවා සන්සිඳවීමට රාජ්‍ය නිලධාරීන් කැපවේ. ්‍රට දියුණු කිරීමට බලධාරීන්ට බරපතළ උත්සාහයක් දැරීමට සිදුවේ. කෘෂිකර්මයට තැනක් ලැබේ. කාර්මික, විද්‍යාත්මක කටයුතුවල දියුණුව සඳහා රාජ්‍ය නිලධාරීන් උත්සාහවන්තව කටයුතු කරයි.
අලුත් දේවල් බිහිවන වසරකි. විද්‍යාත්මක දියුණුවක් ඇති කිරීමට බලධාරීන් උත්සාහ දරයි. විදේශ රටවලින් කෘෂිකර්මාන්තයට කාර්මික විද්‍යාත්මක කටයුතුවලට ආධාර ලැබේ. අප රටේ භූමි සම්පත් මතුවීමට පටන් ගනී. මැණික්, මිනිරන් ආදී ඛනිජ සම්පත් ලැබේ. තුලාවේ සිකුරු බලවත්ව සිටින නිසා කලා නිර්මාණ අලුතින් බිහිවන අතර කලා උත්සව, කලාකාමීන්ට සම්මාන ලබාදීම් සිදුවන පිහිටීමකි. ලේඛකයන්ට හොඳ කාලයකි.
රවි - ශනි ධනු ලග්නයේ පිහිටීම නිසා රටේ කලකෝලාහල ඇතිවේ. මෙසේ රවි, ශනි බලවත්ව සිටින කාලවල දේශපාලන කටයුතුවල අර්බුද මතුවේ. රජය පෙරළීමක් සිදු නොවන මුත්, නොසන්සුන්තා ඇතිවේ. වෛද්‍ය අංශවල දියුණුවක් සේම නව සොයා ගැනීම් ඇතිවේ. විදේශ රටවල සහයෝගයෙන් රටේ විශාල උත්සවයක් යෙදේ.
ප්‍රකට වයෝවෘද්ධ ලේඛකයකුගේ හා ජනනායකයකුගේ අභාවයක් පෙන්වයි. එසේම බලගතු යෝගයකින් මහා පුණ්‍යවන්ත රටට බොහෝ ප්‍රයෝජන පඩිරුවනකගේ උපතක් පෙන්නුම් කරයි. මෙම කාන්තිමත්, ප්රභාවත් ජනනායකයාගේ උපත දකුණු පළාතේ සුචරිතවත්, ගුණදම් ඇති දැහැමි පවුලකින් සිදුවේ. කාන්තා සංවිධාන බිහිවන අතර කාන්තා නිදහස - කාන්තා දියුණුව සඳහා අලුත් සංවිධාන ගොඩනැඟේ. වයෝවෘද්ධ උසස් කාන්තාවකගේ හා පිරිමි පඬිරුවනකගේ අභාවය පෙන්වයි. විදේශ රටවලින් අපේ රටට පැමිණ ආගමික ජාතික සහජීවනය, දියුණුව සඳහා අලුත් සංවිධාන ගොඩනැඟේ.
සෞඛ්‍ය අංශයේ ප්‍රගතියක් ඇතිවේ. සෞඛ්‍ය ඇමැතිතුමාගේ කාර්යය උසස් කොට සලකයි. සෞඛ්‍ය සඳහා අලුත් සොයාගැනීම් ඇතිවේ. ළදරු මරණ බෙහෙවින් ම අඩු කිරීමට කටයුතු යෙදේ. ගැබිනි මවුවරුන්ට සුභයි. විවාහ කටයුතු වැඩියෙන් සිදුවේ. විදේශ රටවලින් අපේ රටට පැමිණ ආගමික, ජාතික සහජීවනයක් සඳහා අලුත් සංවිධාන ගොඩනැඟේ. වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවේ. අපරාධ - කරදර අඩුවීමට හේතුවේ. රටේ ජනතාව සත්භාවයට යොමුකිරීමට වැඩපිළිවෙළ යෙදේ. ලංකාවේ අලුත් සොයාගැනීම් සිදුවේ. එය දේශීය, සෞඛ්‍ය, ආර්ථිකයට බලපාන යහපත් දෙයක්. විශේෂ ක්‍රමවේදයක් විය හැකි ය.
බස්නාහිර හා දකුණු පළාතේ කලබල මරණ විපත්ති , සුළිසුළං වැඩිපුරම පෙන්නුම් කරයි. දේපළ හානිවේ. දියුණුව සඳහා රට රාජ්‍යවලින් පවා ආධාර ලැබේ. උගතුන්, නැණවතුන්, සිල්වතුන්, බලවතුන් පැමිණ විශාල ආගමික සම්මේලනයක් ඇතිවේ. රටට හොඳයි. ශනි, රවි එකට සිටීම නිසා පැවිදි පක්ෂයට අපල ගෙනදේ. පැවිදි පක්ෂය ඥානාන්විතව ක්‍රියා කළ යුතු ය. ආගමික සහජීවනය ඇති කිරීමට ප්‍රධාන පෙළේ සම්මේලනයක් පැවැත්වේ. එය ලෝක ප්‍රසිද්ධ ආගමික උත්සවයක් විය හැකි ය.
ආගමික නායකයින්ට විදේශ ආධාර, විදේශ සංචාර සඳහා ඇරියුම් ලැබේ. විශාල ආගමික ප්රබෝධයක් යෙදේ. ආගමික සහජීවනය පිළිබඳව ලෝකයට ආදර්ශ ලැබෙන අවස්ථා යෙදේ.
කෙසේ වුවත් ජනතාව කල්පනාවෙන් සේම, ආගමානුකූලව දැහැමි ජීවිත ගත කළ යුතුයි.
නිශානී හේරත් බන්නැහැක
සේයාරූ - මාලන් කරුණාරත්න