ඔබට කොහොමද? | සිළුමිණ

ඔබට කොහොමද?

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල

මේෂ

බාධා ප්‍රමාදතා ඇති වේ.

ලග්නාධිපති කුජ 12 ද රවි, ශනි නවයේ ද රාහු 4, කේතු 10 ගමන් කරයි. ගුරු අටේ වේ. ස්ථානගත වෙනස්කම්, කාර්යාලීය වෙනස්කම් ද ඇති කරයි. ආදායම් ලැබීම යහපත් වුව ද හදිසි ලාභවලට හේතු වුව ද ක්ෂණිකව වෙනස් වේ. වියදම් අධික වේ. සතුරු කරදර බාධා ඉස්මතු විය හැකිය. කරගෙන යන කටයුතුවලට බාධා ගෙන දේ. දිනපතා කරගෙන යන කටයුතුවල වෙනස්කම් අති වේ. ගෙදරදොර කටයුතුවලට යම් යම් බාධා ප්‍රමාදතා ඇති වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න. පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන්ට අපලයි. ඉගෙනීමේ යෙදී සිටින අය සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අසනීපාදිය ගැන කල්පනාකාරී වන්න. දුර ගමන්වලට ඉඩ පවතී.
ජය වර්ණ- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා

වෘෂභ

ප්‍රමාදතා ඇති වේ

ලග්නාධිපති සිකුරු හයේ හර්ෂ යෝගයයි. සෙනසුරු අටේ ද ගුරු 7 ද, රාහු 3, කේතු 9 ගෝචරය වේ. මෙම කාල සීමාව තුළ තමාගේ වැඩකටයුතු කරගෙන යාමේ දී බාධෘ අවහිරතා ප්‍රමාදාත ඉස්මතු කරනු ඇත. එම නිසා බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද ප්‍රවේසම් වන්න. මිල මුදල් ලැබීම අතින් එතරම් අසීරු නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් මාර්ග සලසා ගත හැකිය. ආදායම් ලැබීම තුළ වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. දෙරදොර කටයුතු ද යුගදිවිය සම්බන්ධ කටයුතු ද සාමාන්‍ය අන්දමට සිදු වේ. කෙසේ වුවත් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටීම අවශ්‍යයි. ඉගෙනීමේ කටයුතු කෙරෙහි අවධානයෙන් කටයුතු කළ යුතුයි. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

මිථුන

බාධා මැද දියුණුව

ලග්නාධිපති බුධ, ගුරු හයවැන්නේ ය. ශනි හතේ ද, කුජ 10 ද, රාහු 2, කේතු 8 ගමන් ගනී. මෙම ගෝචර තත්ත්වයන් තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු කරන අතර සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. තමාගේ ගෙදරදොර කටයුතුවල දී රාහු කුටුම්බස්ථානයේ සිටීම තුළ වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. සමඟිය සාමයට බාධා එල්ල වේ. දරුවන්ගේ කටයුතු උදෙසා සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. කලා, වාණිජ විෂයයන්, නීතිය කරන අයට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

මිශ්‍රපලයි

යෝගකාරක කුජ නවයේ ද නවය අධිපති ගුරු 5 ද, සෙනසුරු 6 ද, රාහු ලග්නයේ, කේතු 7 ගෝචරය වේ. මෙම ග්‍රහ ගෝචරයන් තුළ තමාගේ කටයුතු ක්‍රමයෙන් සාර්ථක වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු වුව ද සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවුව ද ඔබට වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතුවල දී සමඟිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ක අධ්‍යාපන කටයුතුවල දී සිටින අයට සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්‍රිත පීඩා, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

යහපත් සතියක්

ලග්නාධිපති රවි, ශනි පස්වැන්නේ ද, රාහු 12, කේතු 6 ද, ගුරු 4, කුජ 8 ගමන්ගනී. මෙම කාල සීමාව තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. වෘත්තීය වෙනස්කම් ඇති වේ. අලුත් කටයුතු ව්‍යාපාරවලට යහපත්ය. සිය උත්සාහය තුළ ක්‍රමයෙන් යහපත්ය. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභඵල උදා කරයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම අවශ්‍යයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකිය. රුධිර පීඩනය, උෂ්ණාධික රෝග, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රෝස, අංකය-- 01, දිනය- ඉරිදා

කන්‍යා

බාධා අවහිරතා

ලග්නාධිපති බුධ ගුරු සමඟ තුන්වැන්නේය. සෙනසුරු 4, ශනි කන්ඨක දෝෂයයි. රාහු 11, කේතු 5 ගෝචරය වන අතර අඟහරු 7 ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයන් තුළ වැඩකටයුතු කරගෙන යෑමේ දී ශරීරයට තද වෙහෙස මහන්සි ගති ඇති වේ. එසේම අන්‍යයන්ගේ සහයෝගය ඔබට කලට වේලාවට නොලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ආරවුල් ගැටලු නීති ප්‍රශ්නවලට ඉඩ පවතී. මිල මුදල් ලැබීම අතින් අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රයන් තුළ ආදායම් ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යම් යම් පසුගාමී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. රුධිර පීඩනය, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් ද ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

අවුල් වියවුල්

ලග්නාධිපති සිකරු ලග්නයේ මාලවී යෝගයෙන් සිටියත් එම සිකුරු අට අධිපතියා ද වේ. ශනි 3 ද, ගුරු 2 ද, කේතු 4, රාහු 10 ගමන් ගනී. මෙම ග්‍රහ ගෝචරයන් තුළ උසස් අය සමග ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. නීතිමය ප්‍රශ්නවලට මැදිහත් වේ. තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර බාධා එල්ල වේ. අලුත් වැඩවලට අතගැසීමට සිදු වේ. තමාට නොගැළපෙන අය සමග ආශ්‍රය කිරීමට යෑමෙන් වළකින්න. මිල මුදල් ලැබීම ශුභයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානය අවශ්‍යයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක කරගත හැකිය. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංාකය- 06, දිනය- සිකුරාදා

වෘශ්චික

මිශ්‍රඵල

ලග්නාධිපති කුජ 5 වැන්නේ ද ගුරු ලග්නයේ ද ශනි, රවි දෙවැන්නේ ද, කේතු 3 රාහු 9 ද ගෝචරය වේ. මෙම පිහිටීම් තුළ මෙම කාල සීමාව තුළ තම කටයුතුවලට මිශ්‍රපලදායක තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තම කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. වචන පාවිච්චියේ දී ප්‍රවේසම් විය යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන ද තරමක් විමසිලිමත් වන්න. ඉගෙනීම් කරන අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, වෛරස් රෝග, අනතුරු පීඩාදියෙන් ද ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟහරුවාදා

ධනු

වියදම් වැඩියි

ලග්නාධිපති ගුරු 12 ද, රවි, ශනි ලග්නයේ ද, කේතු 2, රාහු 8 ද, කුජ 4 ද ගමන් ගනී. මෙම කාල සීමාව තුළ එතරම් ශුභදායක නැත. තමාට නොගැළපෙන අය සමඟ කටයුතු කිරිමට යෑමෙන් වැළකිය යුතුයි. ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ඉක්මනට කෝපයට පත් වේ. ශරීර විඩාව සහ තද වෙහෙස ගති ඇති වේ. වෘත්තීය සහ රැකිරක්ෂා කටයුතුවල දී කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටින්න. අධ්‍යාපන කටයුතු කරනෙ යෑමේ දී උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වැටීම්, තැළීම් අනතුරු පීඩා, උෂ්ණාධික රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය-- 03, දිනය- බ්‍රහස්පතින්දා

මකර

යහපත්

ලග්නාධිපති ශනි 12 ද, කේතු ලග්නයේ, රාහු 7 ද, කුජ 3, ගුරු 11 ද ගමන් කරයි. මෙම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකියා කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. සන්නිවේදන ක්ෂේත්‍ර, ලිපි ලේඛන කටයුතු පොත්පත් කටයුතු සම්බන්ධයෙන් ශුභයි. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරයි. රුධිර පීඩනය, පපුව, පෙණහැල්ල අශ්‍රිත රෝග, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා

කුම්භ

බාධා මැද දියුණුව

ලග්නාධිපති සෙනසුරු 11 ද, කුජ දෙවැන්නේ ද, ගුරු 10, කේතු 12, රාහු 6 ගමන් ගනි. මෙම ග්‍රච ගෝචරයන් තුළ තමාගේ කටයුතුවලට යම් යම් බාධා අවහිරතා ඇති කළ හැකිය. එම නිසා ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. එහෙත් ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කියා කිරිම අවශ්‍යයි. දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙස මහන්සි වී ක්‍රියා කිරීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිහය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08,

මීන

ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති ගුරු නවයේ ද නවය අධිපති කුජ ලග්නයේ ද ශනි, රවි දහයේ ද, රාහු 5, කේතු 11 ගෝචරය වේ.

මෙම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වනු ඇැති නිසා බුද්ධිමත්ව ද කැපවීමෙන් ද ක්‍රියා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

මිල මුදල් ලැබිම යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ක්‍රියා කරන්න. වචන පාවිච්චියේ දී ප්‍රවේසම් වන්න. විටෙක ඉක්මනට කේන්ති යන බැවින් දරුවන්ගේ කටයුතු උදෙසා කාලය, ධනය, ශ්‍රමය වැය වේ.

අධ්‍යාපන කටයුතුවල දී යම් යම් බාධා උදා වේ. උත්සාහය, කැපවීම අවශ්‍යයි. වැටීම්, තැළීම්, තුවාල, පාදවලට පීඩා, උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- -03

Comments