මෙතෙර වසරක මතක | Page 2 | සිළුමිණ

මෙතෙර වසරක මතක

2018 ජනවාරි

2018 ජනවාරි 08

*මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ මංගල දියවර රජරටට නිකුත් කිරීම

*රාජගි‍රියේ නව ගුවන් පාලම විවෘත කිරීම

*එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි විශේෂ සම්මේලනය

2018 ජනවාරි 09

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු මහතාගේ අභාවය

2018 ජනවාරි 11

ලේක්හවුස් දිනපතා පුවත්පතක් ලෙස ‘රැස’ එළිදැක්වීම

2018 ජනවාරි22

මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතාගේ අභාවය

2018 ජනවාරි 27

ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජ මහතා දැයෙන් සමුගැනීම

2018 ජනවාරි 29

ප්‍රවීණ දේශපාලනඥ ජිනදාස නියතපාල මහතාගේ අභාවය


2018 පෙබරවාරි

2018 පෙබරවාරි 01

70 වැනි නිදහස් උලෙළට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ සොපී කුමරිය ලංකාවට පැමිණිම

2018 පෙබරවාරි 03

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි අපවත්වීම

2018 පෙබරවාරි 04

70 වැනි නිදහස් උලෙළ අභිමානවත් අයුරින් සැමරීම

රතු නිවේදන නිකුත් කර සිටි උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම

මහ බැංකු බැඳුම්කර නිකුතුවට සැකකරුවන් වී සිටින අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිහේන අත්අඩංගුවට ගැනීම

2018 පෙබරවාරි 10

පළාත් පාලන මැතිවරණය

2018 පෙබරවාරි 14

ග්‍රෑන්ඩ්පාස් ප්‍ර‍දේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනකු ජීවිතක්ෂයට පත්වීම

2018 පෙබරවාරි 21

අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමි අපවත්වීම


2018 මාර්තු

2018 මාර්තු 03

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අපවත්වීම

2018 මාර්තු 04

ප්‍රවීණ ලේඛක ඇරව්වල නන්දිමිත්‍ර මහතාගේ අභාවය.

2018 මාර්තු 05

මහනුවර තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරි සිදුවීම් නිසා පුද්ගල හා දේපළ හානි සිදු වීම

2018 මාර්තු 08

මුහුණු පොත ඇතුළු නව සමාජ මාධ්‍ය වෙත තාවකාලික වාරණයක් පැන වීම

 


2018 අප්‍රේල්

2018 අප්‍රේල් 05

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගයෙන් අගමැතිතුමා ජයග්‍රහණය කිරීම

2018 අප්‍රේල් 07

ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නාවලි කැකුලවෙල මහත්මිය අභාවප්‍රාප්තවීම

2018 අප්‍රේල් 29

ප්‍රවීණ සිනමාවේදී ලෙස්ට ජේම්ස් පීරිස් මහතා වසර 99ක් දිවි ගෙවා දැයෙන් සමුගැනීම

 

 

 


2018 මැයි

2018 මැයි 01

ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ අභාවය

2018 මැයි 07

මැයි 01 වෙනිදාට නියමිතව තිබූ ලෝක කම්කරු දිනය මැයි 07 වැනි දා සැමරීම

2018 මැයි 19

ජාතික රණවිරු සැමරුම් දිනය

2018 මැයි 29

හිටපු මහ බැංකු අධිපති ඒ. එස්. ජයවර්ධන මහතාගේ අභාවය

 


2018 ජුනි

2018 ජුනි 03

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාව පත් කිරීම

2018 ජුනි 05

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදිසි අභාවය

2018 ජුනි 06

අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති ධූරයට පත් කිරීම

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් කිරීම

2018 ජුනි 09

ප්‍රවීණ ලේඛක, තිරපිටපත් රචක සෝමවීර සේනානායක මහතා දැයෙන් සමුගැනීම

2018 ජුනි 10

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් බරපතළ තුවාල ලැබීම

2018 ජුනි 18

ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතාගේ අභාවය

2018 ජුනි 26

සති කිහිපයක් තිස්සේ පැවැති තැපැල් වර්ජනය අවසන් වීම


2018 ජුලී

2018 ජුනි 30 

ප්‍රවීණ නළු හා සිනමා අධ්‍යක්ෂ රෝයි ද සිල්වා මහතාගේ අභාවය

2018 ජුලි 04

ගුරු විදුහල්පති වර්ජනයක් නිසා පාසල් කටයුතු අඩාල වීම

2018 ජුලි 12

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ අභාවය

2018 ජුලි 15

නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගැනීම

 


2018 අගෝස්තු

2018 අගෝස්තු 09

දැනුම් දීමකින් තොරව දුම්රිය වර්ජනයක් ඇරඹීම නිසා මගීන් සහ දුම්රිය සමිති අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවීම

2018 අගෝස්තු 12

දින කිහිපයක් පැවති දුම්රිය වර්ජනය අවසන්වීම

2018 අගෝස්තු 20

වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරි තත්වයකින් කාන්තා රැඳවියන් හා නිලධාරීන් පිරිසක් තුවාල ලැබීම

චිත්‍ර ශිල්පී සරත් මධුගේ අභාවය

2018 අගෝස්තු 27

හිටපු යුධ හමුදාපති රොහාන් දළුවත්ත මහතා දැයෙන් සමුගැනීම

2018 අගෝස්තු 29

කුඩා දරුවකුගේ හදිසි මරණයක් නිසා ගලහ රෝහලේ උණුසුම් තත්වයක් ඇතිවීම


2018 සැප්තැම්බර්

2018 සැප්තැම්බර් 07

වෛද්‍ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ හදිසි මරණය

2018 සැප්තැම්බර් 09

ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම

2018 සැප්තැම්බර් 15

වසර 10 කට පසු දුම්රිය ගාස්තු 15% ඉහළ දැමීම

 

 

 


2018 ඔක්තෝබර්

2018 ඔක්තෝබර් 01

ජනප්‍රිය ගායක හා රංගන ශිල්පි රොනී ලීච් මහතාගේ අභාවය

2018 ඔක්තෝබර් 04

අග්‍රමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද හිමියෝ වසර 103 ක් ආයු වලඳා අපවත් වීම

2018 ඔක්තෝබර් 14

තුන් වැනි ආසියානු පැරා මලල ක්‍රීඩා උලෙළෙදී නව වාර්තා තබමින් අමිල ප්‍රසාද්, උපුල් ඉන්දික, බුද්ධික ඉන්ද්‍රපාල යන ක්‍රීඩකයින් පිළිවෙළින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීම

2018 ඔක්තෝබර් 15

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දීම

මෙරට ප්‍රථම සංගීත මහාචාර්යවරිය වන ගායන ශිල්පිනී අමරා රණතුංග අභාවප්‍රාප්ත විම

2018 ඔක්තෝබර් 23

ලෝක යෞවන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගැනීම

2018 ඔක්තෝබර් 26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීම

2018 ඔක්තෝබර් 30

නව අගමැතිවරයා පත් කිරීම නිත්‍යානුකූල නොවන බව පවසමින් එක්සත් ජාතික පක්ෂය කොල්ලුපිටිය මංසන්ධියේදී උද්ඝෝෂණයක් ආරම්භ කිරීම


2018 නොවැම්බර්

2018 නොවැම්බර් 09

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විසුරුවා හැරීම

2018 නොවැම්බර් 10

වමතින් දඟපන්දු යවා ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පිටියට සමුදීම

2018 නොවැම්බර් 14

ජනවාරි 05 වැනි දා මහ මැතිවරණයක් කැඳවීමට ගත් තීන්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම

2018 නොවැම්බර් 30

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වූ ජයදේව තිලකසිරි මහතා වසර 98 ආයු වලඳා අභාවප්‍රාප්ත වීම


2018 දෙසැම්බර්

2018 දෙසැම්බර් 06  

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපදේශකයකු‍ වූ ආචාර්ය වික්‍රම වීරසුරිය මහතාගේ අභාවය

2018 දෙසැම්බර් 07

අලුත්ගම කන්දෙ විහාරයේ විහාරාධිපති බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමියෝ අපවත් වීම

2018 දෙසැම්බර් 13

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම

ප්‍රවීණ වාද්‍ය ශිල්පී සහ ගායක උපාලි කන්නන්ගර මහතාගේ අභාවය

2018 දෙසැම්බර් 13

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය සේවයෙන් විශ්‍රාම යෑම

2018 දෙසැම්බර් 16

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ අගමැතිවරයා ලෙස පස් වැනි වරටත් දිවුරුම් දීම

2018 දෙසැම්බර් 18

තායිලන්තයේ පැවැති 10 වැනි ලෝක කාය වර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් දිනා ගැනීම

2018 දෙසැම්බර් 19

පාර්ලිමේන්තු විපක්ෂ නායක ලෙස හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම

2018 දෙසැම්බර් 20

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම

2018 දෙසැම්බර් 21

උතුරු පළාතේ මහ ගං වතුරෙන් 45000 කට වැඩි පිරිසක් අවතැන් වීම

 

Comments