නෙඵම් විල | Page 2 | සිළුමිණ

නෙඵම් විල

ලංකා ගමන

ශ්‍රී ලංකාවේ නිවා­ඩුව ගත කරන විට මගේ ගමන් බිමන් කැරෙන්නේ ත්‍රිරෝද රථ­ව­ලින් හෝ කැබ් රථ­ව­ලිනි. මේ ගම­න්වල දී මා අප­හ­සු­වට පත් කැරෙන කාරණා දෙකක් වෙයි. පළ­මු­වැන්න වාහන තද­බ­ද­යට හසු වී කාලය කා දම­න්නට සිදු වීමයි. දෙවැන්න ඇතැම් රියැ­දු­රන්ගේ නොන­ව­තින කතා­බ­හයි.

මේ ප්‍රශ්න දෙකෙන් ගැල­වී­මට මා කරන්නේ ලංකා­වට පැමිණි වහාම හො‍ඳ සිංහල නව­ක­තා­වක් මිල දී ගැනී­මයි. කුලී රියට ගොඩ වී රියැ­දු­රාට ගම­නා­න්තය පව­සන මම පොත කිය­ව­න්නට පටන් ගනිමි.

ඔහු මට මුණ ගැසුණේ එවැනි ගම­නක දී ය. පිළි­ය­න්දල නග­රයේ සිට කොළ­ඹට එන්නට මා ගොඩ­වූයේ ඔහුගේ ත්‍රීරෝද රියට ය. මා මගේ කාර්යයේ නිරත වූ බැවින් අප අතර වැඩි කතා බහක් නොවී ය.

මට අවශ්‍ය වී තිබුණේ කොළඹ කොටුවේ මා කලින් දා නැවතී සිටි හෝට­ල­යෙන් මගේ ඇ‍ඳුම් බෑගය ගෙන, රෝස්මිඩ් පෙදෙසේ ටින්ට­ජෙල් හෝට­ල­යට යෑමට ය. ටින්ට­ජෙල් යනු දශක ගණ­නා­වක් බණ්ඩා­ර­නා­ය­ක­ව­රුන්ගේ නිව­හන වූ රෝස්මිඩ් බංග­ලා­වයි. දැන් එහි සුඛෝ­ප­භෝගී හොට­ල­යක් පව­ත්වා­ගෙන යනු ලැබේ.

‘ජය­නන්ද එක තියෙ­න්නෙත් මේ කිට්ටු­වනෙ, මා පළමු හෝට­ල­යෙන් ඇඳුම් බෑගය ගෙන නැවත ත්‍රිරෝද රියට ගොඩ­වෙද්දී රියැ­දුරු කීය.

ඔහු මේ කියන්නේ මල්වත්ත පාරේ ජය­නන්ද රෙකෝ­ඩ්බාර් එක විය යුතු යැයි මට සිතිණි.

‘හොයා­ගන්න අමාරු ඕනෑම පරණ සින්දු­වක්, චිත්‍ර­ප­ටි­යක් ගන්න පුළු­වන්නෙ එතැ­නින්, ඔහු කීය.

මා එහි ගොස් ඇතැයි කියද්දී ඔහුගේ මුහුණ එළිය විය.

‘නෝනට අනෙක් හෝට­ලේට යන්ඩ නොති­බුණා නම් මම ඒකට ගිහින් හො‍ඳ ඩීවීඩී එක­කුත් අර­ගෙ­නයි ගෙදර යන්නෙ,

‘මොනවා ද ළඟ දී බලපු හොඳ චිත්‍ර­පටි?, මට ඇසිණි. ඔහු පැරැණි සම්භාව්‍ය සින­මා­පට කිහි­ප­යක නම් කියා­ගෙන ගියේ ය.

‘ඒවනෙ නෝන චිත්‍ර­පටි. මොන­වද මේ දැන් හැදෙන්නෙ? බල­න්ඩකො නිධා­නයෙ ගාමි­ණීගේ රඟ­පෑම විත­රක්,

එසේ ආරම්භ වූ රස ගඟුල අප රොස්මිඩ් පෙදෙ­සට ළඟා වන තුරුත් නොක­ඩවා ගලා ගියේ ය. ඔහුට සින­මාව, ගීතය හා සංගී­තය ගැන පුළුල් දැනු­මක් මෙන් ම උසස් රුචි­ක­ත්ව­යක් ද වූ බව පෙනිණි. චිත්‍ර­පට ගීත­යක් ගැන ඔහු සඳ­හන් කළ විට ඒ ගිතය මා ළඟ ද ඇති බව මම පැව­සීමි.

‘ලංකාවේ නම් දැන් රෙකෝ­ඩ්බා­ර්ව­ල­වත් ඔය සින්දුව නෑ නෝනා. හැම තැනම හොයලා නැතුව මම ජය­නන්ද එකෙන් තමයි අර­ගත්තෙ,

කොළඹ නග­රය හුරු පරුදු වුව ද ඔහු රොස්මිඩ් පෙදෙ­සට ආග­න්තු­ක­යෙක් විය. අව­සා­නයේ අපි හෝට­ලය පිහිටි අංක 65 දරන ස්ථාන­යට ළඟා වීමු.

‘අනේ! මේ අපේ සිරි­මාවො මැති­නි­යගේ බංග­ලා­වනෙ‘ හෝට­ලයේ ගේට්ටුව අස­ලට පැමිණි ඔහු විම­ති­යෙන් ගල් ගැසුණේ ය.

‘දැන් මේක හෝට­ල­යක්නෙ,

පැරැණි මන්දි­රයේ ශ්‍රී විභූ­තිය ඒ අයු­රින් ම පව­තිනු දකින විට හෝට­ල­යක් බව ඔහුට අද­හා­ගත නොහැකි වූවා සේ ය.

‘අනේ ඉතිං මේ අග­මැ­ති­වරු දෙන්නෙක් ම හිටපු බංග­ලා­වක්නෙ,

‘ඒ විත­රක්යැ ඇමති කෙනෙ­කුයි. ජනා­ධි­පති කෙනෙ­කු­යිත් හිටි­යනෙ,

‘ඒක නේන්නං,

‘ඔහු බය පක්ෂ­පා­තව ත්‍රීරෝද රථය ගේට්ටු­වෙන් ඇතු­ළට ගෙන උද්‍යා­නයේ කොනක නතර කළේ තව­දු­ර­ටත් එහි ළං වීමට තමාගේ වාහ­නය නරම් නොවේ යයි සිතූ කලෙක මෙනි.

‘ඉස්ස­ර­හට ගන්ඩ. අර පෝටිකෝ එක යටට. එත­කොට හොඳට බලා ගන්ඩ පුළු­වන්‘ මම කීමි.

‘කමක් නැද්ද ?,

‘කමක් නෑ. ගිහිං බලා­ගන්ඩ. ඔය ඉස්තෝ­ප්පුවෙ තමා බණ්ඩා­ර­නා­යක මහ­ත්ත­යට වෙඩි තිබ්බෙ.

‘ඇත්තට!,

රියෙන් බසිද්දී මම මීට­රයේ සට­හන් වූ මුද­ලට වඩා වැඩි මුද­ලක් ඔහු අත තැබීමි. මුදල ගැන කිසි තැකි­මක් නොකළ ඔහු තමා අත්වි­ඳි­මින් සිටි ආන­න්ද­යෙන් මොහො­ත­කට මිදී මෙසේ කීය.

‘නෝනට පින් සිද්ධ වෙනවා මට මෙතෙන්ට එන්ඩ සල­ස්සපු එකට,

තමා ලබන මුද­ලට වඩා ආත්ම තෘප්තිය වැද­ගත් කොට තකන මිනි­සකු මුණ­ගැ­සීම භාග්‍ය­යක් වේ යැයි මම සිතමි.

මේ සිදු­වීම මෙනෙහි කරද්දී මගේ පසු­තැ­වී­මට හේතු වන කරුණු දෙකක් වෙයි. පළ­මු­වැන්න පිළි­ය­න්දල සිට කොළ­ඹට එද්දී ඒ රස­වතා සමඟ කතා­වට නොවැ­ටී­මයි. දෙවැන්න රොස්මිඩ් බංග­ලාව පසු­බිම් කොට ඔහුගේ ඡායා­රූ­ප­යක් අරන් දීමට නොහැකි වීමයි.

ඕස්ට්‍රේ­ලි­යාවේ, මෙල්බර්න් නුවර ශ්‍රියානි පෙරේරා මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.


පුංචි උපාසක

පස­ළො­ස්වක පෝ දිනකි.

උදෑ­සන අපි පන්සල් ගියෙමු.

පෙහෙ­වස් සමා­දන් වූව­න්ගෙන් පන්සල් බිම පිරී තිබිණි.

ඒ අතර මැදි­වි­යට ළං වූ මවක් සහ ඇගේ කුඩා පුතු ද වූහ.

එක ඉරි­ය­ව්ව­කින් හි‍ඳ සිටී­මට අප­හසු වූ තැන පුතු විටින් විට මවු ඇකයේ හිස හොවා ගත්තේ ය.

අන­තුරු ව මව­ගෙන් යමක් විම­සුවේ ය. මව ද පිළි­ව­දන් දී ඔහුගේ හිස පිරි­මැද්දා ය.

ඝණ්ටා නාදය නැඟුණේ දහ­වල් බුද්ධ පූජාව පැවැ­ත්වෙන බව අඟ­ව­මිනි.

කවුරු කවු­රුත් නැඟිට දන් පෙර­හ­රට අත ගැසී­මට ඉදි­රි­යට ගියහ. ටික­කින් නැව­තත් තම තමන් සිටි තැන්ව­ලට ම පැමිණ ඉඳ­ගත්හ.

මවත් පුතාත් බුදු­ගෙයි කොනක ඉ‍ඳ ගත්හ.

ස්වාමීන් වහන්සේ ගාථා කීහ. උවසු උවැ­සියෝ ද ඒ අනුව ම ගාථා කීහ. අර පුංචි පුතා ද දොහොත් මුදුන් දී වැඳ­ගෙන පැහැ­දිලි හඬින් ගාථා කිය­න්නට වූයේ ය. ඒ හඬ ලයා­න්විත ද මිහිරි ද විය.

අනු­මෝ­දනා ගාථා වාරයේ දී දණ ගසා­ගත් පුංචි උපා­සක තැන නැමී පිටි­අල්ල මත නළල තබා මහත් සැදැ­වෙන් ගාථා කීවේ ය. ඒ අව­සා­නයේ වැඳ­ගෙන ම වාඩි ගත්තේ ය.

පුංචි උපා­සක තැන කෙරෙහි මා මෙන් ම පැහැ­දුණු විය­පත් කතක් ඔහු ළඟට පැමිණ ආද­ර­යෙන් හිස අත ගෑවේ ය.

‘තුනුරු­වන්ගේ සර­ණයි පුතේ,

තවත් කිහිප දෙනෙක් ද පුංචි උපා­සක තැන පැස­සූහ.

‘පුංචි උපා­සක මහ­ත්ත­යට ඔක්කොම ගාථා කට­පා­ඩම්,

‘ආස හිතෙන විදි­හට ගාථා ටික කිව්වා,

පුංචි උපා­සක තැන මඳ සිනා­වෙන් යුතු ව ඒ පැස­සුම් ඉව­සුවේ ය.

ඊට මොහො­ත­කට පසු පුංචි උපා­සක තැනත් ඔහුගේ මවත් අතර කැරුණු සිහින් මන්ත්‍ර­ණ­යක් මට පැහැ­දිලි ව ඇසිණි.

‘අම්මේ, මං හොඳට ගාථා කියලා වැන්දා ද?,

‘ඔව් මයෙ පුතේ, ඒකනේ ළඟට වෙලා බලා­ගෙන හිටපු, හැමෝ ම පුතාට හොඳයි කිව්වේ,

‘එදා වගේ ටිකක් වැර­දුණේ නෑ නේද?,

‘නෑ මයෙ පුතේ වැර­දුණේ ම නෑ. හොඳ ලස්ස­නට ගාථා ඔක්කොම කිව්වා,

‘එහෙ­නම් අම්මෙ ඊළඟ සැරේ දී වත් තාත්ත අපිට හම්බ­වෙයි නේද?,

හිස නවා­ගෙන ඊට පිළි­තුරු සෙවූ මවගේ නෙතින් වැටුණු කඳු­ළ­කින් පුතුගේ සිල් රෙද්ද තෙමිණ.

කොළො­න්නාවේ, විශ්‍රාමලත් ආචා­රිනී මාලිනී වීර­සේ­කර මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments