මුල්ගුරුතුමා පන්ති­යෙන් පිට වී යන තුරු ගණිත පාඩම කෙරුවා වාගේ | සිළුමිණ

මුල්ගුරුතුමා පන්ති­යෙන් පිට වී යන තුරු ගණිත පාඩම කෙරුවා වාගේ

මෙය මෑත කාලයේ දී ප්‍රාථ­මික පාස­ලක සිදු වූවකි. මේ සිදු වීම නිසාම ‘මුල්ගුරු පන්ති­යෙන් පිටවී යන තුරු ගණිත පාඩම කෙරුවා‘ වාගේ යන පිරුළ ද එම පාසලේ පැතිර ගියේය.

මෙය පිටි­සර පාස­ලකි. සිද්ධි­යට සම්බන්ධ ගුරු­ව­රිය හැඩ­කා­රි­යක් වුවාය. ඇයගේ හිනා­වට හා කතා­වට මුල් ගුරු­ව­රයා වශී වී සිටි­යේය. ඒ බව කවු­රුත් කතා කළේ හොර රහ­සේය.

මුල්ගු­රු­තුමා හේතු­වක් ඇති­වත් නැති­වත් හැම විටෙ­කම පාහේ යට කී ගුරු­ව­රිය උග­න්ව­මින් සිටින පන්තිය පැත්තේ ආවාය ගියාය. කල් ගත වෙද්දි මෙය ගුරු­ව­රි­යට මහත් කර­ද­ර­යක් බවට පත් විය. එහෙත් ඒ වබ පැව­සු­ව­හොත් අන­වශ්‍ය කර­ද­ර­වල පැට­ලී­මට සිදුවේ යැයි ගුරු­ත­මිය සිතු­වාය. ඇය බොහෝ දිනක් කල්පනා කළාය. අව­සා­නයේ මුල් ගුරු­තු­මාගේ පැමි­ණීම තමන්ට කර­ද­ර­යක් බව ව්‍යංග­යෙන් පැවැ­සී­මට ඇය ඉටා ගත්තාය. එ සඳහා කළ­යුත්ත ගැන ද ඇය තීර­ණය කළාය.

දිනෙක මුල් ගුරු­තුමා සුපු­රුදු පරිදි ගුරු­ව­රිය උග­න්ව­මින් සිටි පන්ති­යට පැමි­ණි­යේය.

ඔහු එසේ එන විට ඇය කුමන දෙයක් කර­මින් සිටිය ද ගණි­තය පාඩම උග­න්ව­න්නට පටන් ගත්තාය. ඇය දිගින් දිග­ටම ගණි­තය පාඩම ඉගැ­න්වු­වාය. මුල් ගුරු­තු­මාට වච­න­යක් වත් කතා කිරී­මට ඉඩ නොතබා ඇය දිගින් දිග­ටම පාඩම ඉගැ­න්නු­වාය. ගුරු­තු­මාට ඇයගේ පාඩ­මට බාධා කිරී­මට ද නොහැකි විය. කලක් යන විට මුල් ගුරු­ව­රයා ඇයට බාධා කර­න්නට නොගි­යේය. මේ නිසා දෙදෙ­නා­ගේම ගෞර­වය රැකෙන පරිදි කට­යුතු කිරී­මට ඇයට හැකි විය. ඇය පිළි­බඳ සිත උපන් අද­හස මුල් ගුරු­තුමා තම සිතට පම­ණක් සිමා කර ගත්තේය.

ටික කල­කින් මුල් ගුරු­තුමා වෙනත් පාස­ල­කට මාරු වී ගියේය.

එයින් පසු ගුරු­ව­රිය පාසලේ තම යෙහෙ­ළි­ය­කට සිදු­වීම පැවැ­සු­වාය. ඇයගේ කතාව ඇසූ යෙහෙ­ළිය ගුරු­ම­ණ්ඩ­ලයේ සිටි සිය­ල්ල­න්ටම ඇසෙන සේ කියා සිටියේ ‘මුල්ගුරු පන්ති­යෙන් පිට­වන තුරු ගණිත පාඩම කළා වාගේ‘ කියාය.

සමන් චන්දන කුමා­ර­සිංහ

Comments