ලිවීම භාව­නා­වක් කළ අනු­ල­ක්කාට කාක­දූ­ප­තෙන් පිදූ උප­හාරය | සිළුමිණ

ලිවීම භාව­නා­වක් කළ අනු­ල­ක්කාට කාක­දූ­ප­තෙන් පිදූ උප­හාරය

අනුල බාල වියේ දී ගුවන් විදුලි ළමා පිටි­යට ද ලිපි රචනා ලියා යැව්වාය. ඇතැම් දිනෙක ඇගේ ලිපි­ව­ලට තෑගි ද හිමි විය. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පසු එක්ද­හස් නව­සිය හැට හතර වසරේ දී ඇයට ගුරු පත්වී­මක් ලැබෙයි. ඒ, ඇල්පි­ටිය නියා­ගම මහා විද්‍යා­ල­ය­ටය. ඉන් පසු ඇය හෑගල්ල විද්‍යා­ල­යට ද පත්වී­මක් ලැබ යයි. එහෙත් ගුරු­ක­මට වඩා පුව­ත්පත් කලා­වට ඇලුම් කළාය.

“ටීවි චැන­ල්ව­ලින් තේරෙන සුපර් ස්ටාර්ස්ලාට තියෙන තැන අද මේ රටේ ලේඛ­ක­යන්ට නෑ.”

පසු­ගිය දිනෙක ලේඛ­ක­ය­කුම කියනු ඇසිණි. කතාව නම් ඇත්තය. ඈත පිටි­සර ගම්ව­ලින් පැමිණ ටීවී චැනල් ඉදි­රියේ අනුන්ගේ ගීත ගයා එස්.එම්.එස් පණි­වු­ඩ­ව­ලින් තරු ලෙස කිරුළ පල­ඳින තරුණ තරු­ණි­යන් යළි ගමට යන්නේ රථ පෙර­හ­රෙනි. තෑගි ලෙස ලැබෙන්නේ දහ­සින් බැදි පිය­ලිය. එසේත් නැති නම් සුපිරි මෝටර් රථය. එහෙත් මේ රටේ සාහිත්‍ය වෙනු­වෙන් වටිනා මෙහෙ­ව­රක් කළ සාහි­ත්‍ය­ධ­ර­යන් ලේඛ­ක­යන් වෙනු­වෙන් එවැනි පිළි­ගැ­නී­මක් නැත්තේ ඇයි? විටෙක හිතේ කන­ගා­ටු­වක් ඇති කරන මේ සිතු­විල්ල පසෙක ලා හද­ව­තින්ම සතුටු විය හැකි ලේඛක උප­හාර උලෙ­ළ­කට සහ­භාගි වීමේ අව­ස්ථාව ලැබිණි. එය කල­කින් විදි­න්නට ලැබුණ අත්දැ­කී­මකි.

ස්ථානය මට්ට­ක්කු­ලියේ කාකා­දු­පත බෝධි­රාජ විහා­ර­ස්ථා­න­යයි. දිනය දෙසැ­ම්බර් මස විසි එක් වැනි දාය. වේලාව සවස 3.30යි.

තම ප්‍රදේ­ශයේ ජීවත් වන ප්‍රවීණ ලේඛි­කාව වෙනු­වෙන් උප­හාර දැක්වී­මට එම උත්ස­වය සංවි­ධා­නය කර තිබුණේ කාක­දූව බෝධි­රා­ජා­රා­මයේ විහා­රා­ධි­පති දිවු­ල්වැවේ අරි­ය­දේව ස්වාමීන් වහන්සේ හා එම විහා­ර­ස්ථා­නයේ බෞද්ධ සංග­මයේ සභා­පති (වෙරළ සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ) ගාමිණී හේවගේ මහතා ඇතුළු ප්‍රදේ­ශ­වා­සීන් විසිනි.

ඒ සන්ධ්‍යාවේ අප යන විට උත්ස­වය ආරම්භ වුවා පමණි. එ් නිසා අපට සිදු වූයේ එළි­ම­හනේ රැඳී සිටී­ම­ටය.

එම උප­හාර උත්ස­වය සංවි­ධා­නය කර තිබුණේ අප කවු­රුත් ආද­රය කරනා ප්‍රවීණ ලේඛිකා, ජ්‍යෙෂ්ඨ මධ්‍ය­වේ­දිනි අනුල ද සිල්වා මහ­ත්මිය වෙනු­වෙනි.

“ ඇය හොඳ ලේඛි­කා­වක් නේද.... අපි දැන­ගෙන හිටියේ නැහැනේ.....” අපට ඉදි­රි­යෙන් සිටි මුස්ලිම් හා දෙමළ කාන්තාවෝ දෙදෙ­නෙක් මුනු­මු­නු­ගා­මින් කතා කර­න්නට වූහ.

“ආ... ඇයට සම්මා­නත් ලැබිලා තියෙ­නවා..”

පිරි­මින් දෙදෙ­නෙක් ද කිය­න්නට වූහ. ඒ සියලු අද­හස් පළ වුයේ අපේ අනු­ලක්කා පිළි­බඳ තිරයේ දිස් වූ රූප පෙළ යන­වාත් සම­ඟය.

කල­කට ඉහත කාක­දු­පත යැයි කියූ විට නිතැ­තින්ම අපේ මත­ක­යට ආවේ රීටා ජෝන් පිළි­බ­ඳය.

කාල­යත් සමඟ සියල්ල වෙනස්ව ඇත. දැන් එහි බොහෝ සුන්දර දේ සිදු වේ. අනුලා ද සිල්වා මහ­ත්මි­යට උප­හාර දැක්වීම ද එවැනි සුන්දර සිදු­වීම් පෙළකි.

අපේ අනුල අක්කා.. ( කවු­රුත් ඇය හඳු­න්වන ආද­ර­ණීය නාමය එයයි) එක්ද­හස් නව­සිය හත­ලිස් එකේ ජන­වාරි මස විසි එක් වැනි දා අම්බ­ල­න්ගොඩ පොල්වත්තේ උපන් අනුලා පවුලේ එකම දරුවා වූවාය.

අම්බ­ල­න්ගොඩ ධර්මා­ශෝක විද්‍යා­ල­යෙන් උසස් පෙළ හැදෑරු ඇය උසස් අධ්‍යා­ප­නය සදහා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වෙයි. පාසල් වියේ සිටම නිවෙසේ හුද­ක­ලාවේ හැදී වැඩුණු ඇය ඒ පාළුව මකා­ගත්තේ පියා විසින් ගෙනත් දෙන පොත පත කිය­වී­මෙනි. බාල වියේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය­යෙන් අධ්‍යා­ප­නය ලද ඇය විසින් වැඩි­පු­රම කිය­වන ලද්දේ ද ඉංග්‍රිසි පොත පතය. කෙසේ නමුත් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතුළු වූ පසු ද ඇය කිය­වීම අත් නොහැ­රි­යාය. එමෙන්ම බාල වියේ සිටම තිබූ ලිවීමේ පුරුද්ද ද අත්නො­හැ­රි­යාය.

අනුලා බාල වියේ දී ගුවන් විදුලි ළමා පිටි­යට ද ලිපි රචනා ලියා යැව්වාය. ඇතැම් දිනෙක ඇගේ ලිපි­ව­ලට තෑගි ද හිමි විය. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පසු එක්ද­හස් නව­සිය හැට හතර වසරේ දී ඇයට ගුරු පත්වී­මක් ලැබෙයි. ඒ, ඇල්පි­ටිය නියා­ගම මහා විද්‍යා­ල­ය­ටය. ඉන් පසු ඇය හෑගල්ල විද්‍යා­ල­යට ද පත්වී­මක් ලැබ යයි. එහෙත් ගුරු­ක­මට වඩා පුව­ත්පත් කලා­වට ඇලුම් කළ අනුලා නිවැ­සි­යන්ට හොර රහසේ ලේක්හ­වු­සි­යට ඉල්ලුම් පත්‍ර කිහි­ප­යක්ම යොමු කළාය. ලේක්හ­වු­සි­යෙන් එවන ලිපි සියල්ල අම්මා සඟ­වන්නේ දිය­ණිය ගුරු වෘත්තිය හැර දමා යැයි යන සැකය නිසාය. කෙසේ හෝ ‘හිතු­ව­ක්කාර අනුලා‘ ලේක්හ­වු­සියේ සේව­යට පැමි­ණෙයි.

ඇගේ පුව­ත්පත් ජීවි­තය ඇරැ­ඹෙන්නේ මිහිර පුව­ත්ප­තිනි. පසු කලෙක මිහිර පුව­ත්පතේ කතු­ව­රිය ලෙස ද ඉන් පසු තරුණි පුව­ත්පතේ කතු­ව­රිය ලෙස ද ඇය කලක් කට­යුතු කළාය. ලේක්හ­වු­සි­යෙන් ඉවත් වී ලංකා­දී­ප­යට යන ඇය සිරි­කත පුව­ත්පතේ කතු­ව­රිය ලෙස කලක් කට­යුතු කළාය. ජාතික තරු­ණ­සේවා සභාවේ ප්‍රචා­රක නිල­ධා­රි­නි­යක ලෙස ද කට­යුතු කළ අනුලා මේ කුමන වෘත්ති­යක නියැ­ළුණ ද ඇය සිය නිර්මා­ණ­ක­ර­ණය අත්නො­හැ­රි­යාය.

ඇය ස්වතන්ත්‍ර නිර්මාණ කිහි­ප­යක්ම එළි­දැ­ක්වූ­වාය . අහස් මාලිගා කතාව සිළු­මිණ පුව­ත්පතේ කොටස් වශ­යෙන් පළ වූවකි. උන්ම­ත්ත­කයෝ නව­ක­තා­වෙන් ඇරැඹී නව­කතා ගොන්නේ අද වන විට ඇය විසින් ලියූ බොහෝ කතා ඇතු­ළත් වේ. ඇය ලේඛි­කා­වක ලෙස වඩාත් පාඨක ප්‍රති­චාර ලබන්නේ දෙවි­යන්ගේ අඩ­විය නව­ක­තාව පරි­ව­ර්ථ­නය කිරී­මත් සම­ඟය. අද වන විට අැය පොත් එක­සිය පන­හ­කට ආසන්න සංඛ්‍යා­වක් ලියා පළ කර තිබේ. ඒ අතර, පරා­ව­ළල්ල, කටු­කු­රළු හඬ, දඹ­තැන්න, මංගේ­ෂ්වරි, තිත්ත­කෝපි, ආයු­බෝ­වන්, නව­ව­සර, කළු ගැහැ­නි­යගේ සිහි­නය, සුදු පිරු­වට , ආද­රය බලා හිඳී, මහ මුහුද , නිල් කබාය සහ අම්මා, සිර­ගත කුම­රිය, පොත් වේ.

යොවුන් සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිත්‍ය සම්මාන, මෙන්ම විවිධ සම්මා­න­යෙන් පිදුම් ලද ඇයට පසු­ගිය දා තමන් ජීවත් වන ප්‍රදේශ­යෙන් උප­හාර පිදිම නම් අපුරු අත්දැ­කී­මක් වන්නට ඇත.

රටම හැඳු­නු­වත් ඇතැම් විට තමන ජීවත් වන ප්‍රදේ­ශයේ ඇත්තැන් ඇය පිළි­බඳ දන්නේ බොහෝ සුළු­වෙනි. විවාහ වීමෙන් පසු කාක­දු­පත ප්‍රදේ­ශ­යට පදිං­චි­යට ගිය ඇයට එහි ප්‍රදේ­ශ­වා­සීන් උප­හාර පිදිම සැබැ­වින්ම පැස­සිය යුත්තකි.

උත්ස­වය සංවි­ධා­නය කළ ගාමිණී හේවගේ මහතා පව­සන්නේ මෙවැනි කතා­වකි.

“ ඇය අපේ ප්‍රදේ­ශ­යට ආඩ­ම්බ­ර­යක්. ඒ වගේම තමයි පසු­ගිය දා ඇයට ඉන්දි­යාවේ පැරැ­ණිම කාන්තා සංවි­ධා­න­යෙන් ස්ත්‍රී ශක්ති සම්මා­නය පිරි­නැ­මුවා. මේ සම්මා­නය අපේ රටට ලැබුණ පළමු අව­ස්ථාව. එවැනි සම්මා­න­යක් ලද ඇයට යම් උප­හා­ර­යක් කිරීම අපේ යුතු­කම. මේ ප්‍රදේ­ශයේ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් ආදි සියලු ජන­කො­ට­ස්වල අය වාසය කර­නවා. නමුත් ඔවුන් එවැනි පොදු වැඩ­වල දී පන්සල මුල් කර­ගෙන එකට එක් වෙනවා. එය අපට ලොකු ශක්ති­යක්. ඒ වගේම තරුණ පර­පු­රත් ඉතාම ඕනෑ­ක­මින් උත්ස­ව­යට එක් වුණා. ඇය වෙනු­වෙන් උප­හාර උලෙ­ළක් සංවි­ධා­නය කිරි­මට ලැබීම ගැන මම බොහෝ සතු­ටට පත් වෙනවා. ” ගාමිණි පව­සයි.

කාක­දු­පත වසා­ගෙන එමින් තිබූ ඒ හැන්දෑ වැහි අඳුරේ අනු­ලක්කා වෙනු­වෙන් හිටපු කථා­නා­යක විජමූ ලොකු­බ­ණ්ඩාර, ප්‍රවීණ රංග­න­වේදී සති­ස්චන්ද්‍ර එදි­රි­සිංහ, ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා මහතා ඇතුළු ලේඛක ලේඛි­කා­වන් ඇතුළු ඇගේ පාඨ­කයෝ රැසක් ද සහ­භාගි වී සිටි­යහ. බැලු­බැ­ල්මට පුංචි පෙනු­මක් ඉසි­ලුව ද ඇය කර ඇති මෙහෙය විශා­ලය. ඇය ලියූ පොත පත බොහෝය.

මේ සියල්ල පිළි­බඳ ඇය කතා කරන්නේ දැසේ තුටු කඳු­ළක් රඳ­වා­ගෙ­නය.

“ මම හැම වේලා­වෙම සම්මා­න­ව­ලට වඩා පාඨක ප්‍රති­චාර අගය කරන කෙනෙක්. ලියන එක මට භාව­නා­වක් වගෙයි. හැම විටම මට ශක්ති­යක් වුණේ මගේ පාඨ­කයෝ . අද මට බොහෝම සතුටු දව­සක්. මා වෙනු­වෙන් මෙවන් උප­හාර උත්ස­ව­යක් සංවි­ධා­නය කළ සියලු දෙනා­ටම බෙහෙ­වින් ස්තුතියි.

ඉසවි

Comments