අවු­රුදු හැට දෙකක් ධර්මය උග­න්වන අසූ එක් හැවි­රිදි ගුරු මව | සිළුමිණ

අවු­රුදු හැට දෙකක් ධර්මය උග­න්වන අසූ එක් හැවි­රිදි ගුරු මව

අවු­රුදු හැට දෙකක්ම දහම් පාසල් ගුරු­ව­රිය ලෙස කට­යුතු කරන ඇය කව­දා­වත් දරු­වෙ­කුට ඉර­ට්ට­කි­න්වත් ගහලා නැහැ. අපි කියන්නේ. ඇය අපට අභි­ධ­ර්මය ඉගැ­න්නුවා නොවෙයි පෙව්වා කියලා. ඒ තර­ම­ටම ඇය හොඳින් අධ්‍යා­ප­නය ලබා දුන්නා. මේ අවු­රුදු හැට ගාන­ටම ඇය දහම් පාසල් ආවේ නැත්තේ එකම එක මාස­යක් විත­රයි. ඒ දඹ­දිව වන්ද­නාවේ ගිය නිසා.

නව වසර උදා වුයේ කාගේ කාගෙත් හිත්වල අලුත් බලා­පො­රොත්තු ඇති කර­මිනි. ගම්මා­න­වල ඇත්තන් දවස ආරම්භ කළේ ගමේ විහා­ර­ස්ථා­න­යට ගොස් ආග­මික වතා­ව­ත්වල යෙදෙ­මිනි. නව වසරේ පළමු වැනිදා අප ද බණ්ඩා­ර­ගම ගම්ම­න්පිල ශ්‍රී ශෛල­බි­ම්බා­රාම මහා විහා­ර­යට පිවි­සියේ ඇය හමු­වී­ම­ටය.

පන්සලේ දී හමුවූ ඇය පිළි­බඳ කිය­න්නට කතා­වක් ඇත. නිවසේ දී හමු­වීමේ හැකි­යාව තිබුණ ද ඇය නිතර යන එන පුණ්‍ය භුමියේ දී අප හමු­වී­මට කැමැත්ත පළ කළාය. ඇය නම් අයි. ඩී සෝමා­ව­තීය. ගම්ම­න්පිල පම­ණක් නොව ඒ අවට ගම්මා­න­වල කවුරු කවු­රුත් ඈ හඳු­න්වන්නේ සෝමක්කා යන ආද­ර­ණිය නාම­යෙනි.

සෝමක්කා දැන් අසූ එක් වැනි වියේ පසු වුව ද කිසි­වෙ­කුට ඇය එත­රම්ම විය­ප­ත්යැයි කිය­න්නට බැරිය.

සෝමක්කා අපට විශේෂ වන්නේ හේතු කිහි­ප­යක් නිසාය. ඉන් එකක් වන්නේ වස­රක් දෙකක් නොව වසර හැට දෙකක් තිස්සේ ගම්ම­න්පිල ශ්‍රී ප්‍රඥා­ලෝක දහම් පාසලේ ගුරු­ව­රි­යක ලෙස කට­යුතු කර­න්නීය. ඇය දහම් පාසලේ ගුරු දෙගුරු ශිෂ්‍ය ආද­ර­යට ගෞර­ව­යට නිර­න්ත­ර­යෙන් පත් තැනැ­ත්ති­යකි. එක්ද­හස් නව­සිය තිස් හතේ පෙබ­ර­වාරි මස දහ වැනි දා උපන් සෝමක්කා පස්දෙ­නෙ­කු­ගෙන් යුත් පවුලේ වැඩි­ම­ලීය. මැද­ගම කනිෂ්ඨ විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­ප­නය ලැබූ ඇය පසුව එනම් එක්ද­හස් නව­සිය පනස් හතර වසරේ දී කිඳෙ­ල්පි­ටිය කාන්තා පාසලේ අධ්‍යා­ප­නය ලබ­න්නීය.

මේ අතර ගම්ම­න්පිල ශෛල­බි­ම්බා­රාම විහා­ර­ස්ථා­නයේ දහම් පාසල ආරම්භ වෙයි. ඒ එක්ද­හස් නව­සිය පන­ස්තුන වසරේ දීය.

“ අපේ තාත්තා නංගි­ලා­වයි මල්ලි­වයි මාවයි දහම් පස­ලට ඇතු­ළත් කළා. මගේ ඇතු­ළත් වීමේ අංකය එක­සි­යය අසූ අට. මම ධර්මය ඉගෙන ගන්න පුදුම විදි­හට ආශා කළා. ඒ ආශාව නිසාම තමයි අභි­ධ­ර්මය මට බොහෝම හොඳින් අව­බෝ­ධ­යෙන් ඉගෙන ගන්නට පුළු­වන් වුණේ. එක්ද­හස් නව­සිය පන­ස්හත පනස් අට වස­ර­වල බුරුම රජ­යෙන් අභි­ධ­ර්මය පිළි­බද විභා­ග­යක් පැවැ­ත්වූවා. මම ඒ විභා­ග­යට පෙනී සිටියා . එයින් මට ලංකා­වෙන්ම දෙවැනි ස්ථානය ලැබුණා. මට අභි­ධ­ර්මය විභා­ග­ව­ලට පෙනී සිට රිදී පද­ක්කම් හයක් ලැබී තියෙ­නවා. අපේ දහම් පාසලේ ආදි කර්තෘ වෙනි­වැ­ල්කොළ ශ්‍රි පඤ්ඤා­ලෝක ස්වාමීන් වහන්සේ.

පසුව දහම් පාසල කර­ගෙන යන්න හොරණ ජිනා­ලං­කාර ස්වාමීන් වහ­න්සේට භාර දුන්නා. මගේ අභි­ධර්ම ගුරු­ව­රයා බේන්ද­ළුවේ ධීරා­නන්ද ස්වාමීන් වහන්සේ. ඇතැම් වේලාට අපට නොතේ­රුණූ කරුණු එව­කට හොරන වින­යා­ලං­කාර විහා­ර­ස්ථා­නයේ වැඩ සිටි රේරු­කානේ චන්ද විමල හාමු­දු­රුවෝ පැහැ­දිලි කරලා දෙනවා. උන් වහන්සේ බොහෝම කාරු­ණි­කයි. ඒ වගේම ධර්මය පිළි­බද බොහෝ පොත පත ලියා තිබෙ­නවා.

මම හරිම ආසා­ව­කින් තමයි අභි­ධ­ර්මය ඉගෙන ගත්තේ. ඉගෙන ගෙන අව­සන් වුණාට පසුව මම දහම් පාසල් ගුරු­ව­රි­යක ලෙස කට­යුතු කර­න්නට පටන් ගත්තා. ”

සෝමක්කා දහම් පාසලේ ගුරු­ව­රි­යක ලෙස කට­යුතු කර­න්නට පටන් ගන්නේ තරුණ වියේ­දී­මය. තම ප්‍රදේ­ශයේ දරු දැරි­යන්ට දහම් අධ්‍යා­ප­නය බෙදා දීමේ අර­මු­ණින් කට­යුතු කළ ඇය තම පෞද්ග­ලික ජීවි­තයේ සුඛ විහ­ර­ණය ගැන ද නොසි­තු­වාය. ඇය විවාහ වීමේ ආසාව අත­හැ­රියේ යොවුන් වියේ­දී­මය.

අම්මයි තාත්තායි මට මුලදි කිව්වා විවාහ වෙන්න කියලා. ඒත් මගේ කැමැ­ත්තක් තිබුණේ නැහැ විවා­හ­යට‍. මම ධර්මය ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ඒ කාලේ මට විවාහ යෝජනා ගෙනා අය හිටියා. නමුත් මට ඕන වුණේ මේ සංසාර ගමන තව තවත් දික් කර­ගන්න නෙමෙයි කෙටි කර­ගන්න. එදා වගේම අදත් මේ සමා­ජයේ මිනි­සුන් සැප කියලා හිතා­ගෙන විඳින්නේ දුකක්. අවු­රුදු හැට දෙකක් තිස්සේ ඉගැ­න්වී­මෙන් මා අප­මණ සතු­ටක් ලබ­නවා. ”

ගුරු­මෑ­ණි­යන් පව­සන්නේ දෑසේ පිරි තටු කඳු­ළිනි.

වරෙක ඇයට රන්ප­ද­ක්ක­මක් හිමි වුවාය. ඒ ලැබු­ණේද අභි­ධ­ර්මය වෙනු­වෙනි. ඉන් පෙර ලැබුණ රිදි පද­ක්ක­ම්ව­ලින් දෙකක්ම ඇය විහා­ර­ස්ථා­නයේ ධාතු ගර්භයේ නිදන් කළාය. කිසිදු කෙනෙකු කෙරෙහි තර­හක් නැති සෝමා ගුරු තුමිය තව­මත් දහම් පාසල් පැමි­ණෙයි. ඇය දහම් පාසල් උප ප්‍රධා­නා­චා­ර්ය­ව­රිය ලෙස කට­යුතු කර­යිය.

සෝමක්කා තම දහම් පාස­ලට සම්ප­තක් බව අපට පැවැ­සුවේ ඇගේ ශිෂ්‍යා­වක මෙන්ම දහම් පාසලේ ගුරු­ව­රි­යක වන රෝහිණි සන්ධ්‍යා කුමා­රිය.

“කව­දා­වත් සෝමා අක්කා පන්තියේ පොත දිග­හැ­ර­ගෙන උග­න්ව­නවා අපට මතක නැහැ. ඇය අපට අභි­ධ­ර්මය ඉගැ­න්නුවේ මත­ක­යෙන්. බොහෝම කරු­ණා­වෙන් දයා­වෙන් තමයි ඇය උග­න්වන්නේ. කලක් ඇය දහම් පාසලේ භාණ්ඩා­ගා­රික ලෙස කට­යුතු කළා . නමුත් මෑත­කදී එය මට පැවැ­රුවා. අපි දන්න දා ඉඳ­ලාම ඇය උග­න්ව­නවා. එත් කිසිම කෙනෙ­කු­ගෙන් ලාභ ප්‍රයෝ­ජන ගන්න බලා­ගෙන උග­න්නලා නැහැ. දහම් ගුරු­ව­රුන්ට ලැබෙන රුපි­යල් 5000ත් ඇය විය­දම් කරන්නේ දහම් පාසලේ වැඩ­ව­ලට. ඒ හොඳ පුරුදු අප­ටත් පුරුදු වුණේ ඇය­ගෙන්”

රෝහිණි පව­සන්නේ තම ගුරු­ව­රි­යගේ යහ­පත් ගති­ගුණ ගැනය. විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති යහ­ල­තැන්නේ පඤ්ඤා­ලං­කාර ස්වාමීන් වහන්සේ ද සෝමක්කා පිළි­බඳ සිහි කරන්නේ ගෞර­ව­යෙනි.

ශ්‍රි ප්‍රඥා­ලෝක දහම් පාසලේ වර්ථ­මාන විදු­හ­ල්ප­ති­ව­රයා ලෙස කට­යුතු කරන්නේ පුෂ්ප­කු­මාර මහ­තාය .

“සෝමක්කා කියන්නේ මේ ප්‍රදේ­ශයේ වැද­ගත් පවු­ලක කෙනෙක්. ඉස්සර සෝම­ක්ක­ලාගේ ගෙදර සෙක්කු­වෙන් තෙල් හිඳි­නවා. ඒ ගෙද­රට කිව්වේ සෙක්කු ගෙදර කියලා. මම දන්න විදි­හට අවු­රුදු හැට දෙකක්ම දහම් පාසල් ගුරු­ව­රිය ලෙස කට­යුතු කරන ඇය කව­දා­වත් දරු­වෙ­කුට ඉර­ට්ට­කි­න්වත් ගහලා නැහැ. අපි කියන්නේ. ඇය අපට අභි­ධ­ර්මය ඉගැ­න්නුවා නොවෙයි පෙව්වා කියලා. ඒ තර­ම­ටම ඇය හොඳින් අධ්‍යා­ප­නය ලබා දුන්නා. මේ අවු­රුදු හැට ගාන­ටම ඇය දහම් පාසල් ආවේ නැත්තේ එකම එක මාස­යක් විත­රයි. ඒ දඹ­දිව වන්ද­නාවේ ගිය නිසා. අපේ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යා­වන් හත්සිය පන­හක් ඉන්නවා.

ගුරු­වරු තිස් ගණන්ක ඉන්නවා. මේ හැමෝම සෝම­ක්කාට බොහෝම ආද­රෙයි. ඒ ආද­රය මෙන්ම ඇගේ කැප­වීම නිසා තමයි මෙවර දහම් පාසලේ හැට පස්වැනි සංව­ත්ස­රය නිමි­ත්තෙන් පැවැති උත්ස­ව­යේදී ඇයට විශේ­ෂ­යෙන් උප­හාර දැක්වූවේ.”

පුෂ්ප­කු­මාර විදු­හ­ල්ප­ති­ව­රයා ඇය ගැන සඳ­හන් කරන විට සෝමක්කා ඊට සවන් දී සිටියේ ලජ්ජා­වෙනි. විය­පත් වුවද ඇය උපැස් යුව­ළක් පල­දින්නේ නැත. ඈ නීරෝගී සම්ප­න්නය.

“මම කා ගැන­වත් තරහා ගන්නේ නැහැ. මම හැම දෙයක් දිහාම බලන්නේ ධර්මය පැත්තෙන්. මම ජීවි­තයේ අනි­යත බව තේරුම් අර­ගෙන ඉන්නේ. ඒ නිසා මට කිසිම විටෙක දුකක් නැහැ.”

යනු­වෙන් පව­සන සෝමක්කා සැහැල්ලු සිතෙන් සින­හ­සෙ­න්නට වුවාය.

ඉසවි
ඡායා­රූප-ලසිත සඳ­රු­වන්

Comments