රටක් ගොඩ දැමිය හැකි ආදර්ශය බෝධි ප්‍රාකාරයකින් පෙන්වා දුන් තරුණයෝ | සිළුමිණ

රටක් ගොඩ දැමිය හැකි ආදර්ශය බෝධි ප්‍රාකාරයකින් පෙන්වා දුන් තරුණයෝ

බෙදී වෙන් වී සිටි­න­වාට වඩා එකට එක් වී යම් කට­යු­ත්තක් කරන විට එයින් ලබා­ගත හැකි ප්‍රති­ඵල ඉහ­ළය. ඒ බව පසක් කර­මින් පසු­ගි­යදා කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ බුල­ත්කො­හු­පි­ටිය ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සයේ පදිංචි තරු­ණයෝ අපුරු වැඩක් කළහ. අව­සා­නයේ ඔවුන් ඒ වෙනු­වෙන් ජය­ග්‍ර­හ­ණය ද ලැබු­වේය. ඒ කතාව මෙසේය.

2018 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියා­ත්මක කෙරුණු තුරුණු ශ්‍රම ශක්ති වැඩ­ස­ට­හන යටතේ කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ යෞවන සමාජ මඟින් ව්‍යාපාති 30ක් ක්‍රියා­ත්මක කරනු ලැබිය. එහි දි ජන­තා­වගේ පොදු අව­ශ්‍යතා වෙනු­වෙන් එක් ව්‍යාපෘ­ති­යක් සදහා ජාතික තරුණ සේවා සභාව විසින් රුපි­යල් ලක්ෂ 3ක මුද­ලක් ලබා දෙන ලදි. නොයෙක් ආධාර, ධන පරි­ත්‍යා­ග­යන් මත හා ශ්‍රම දාය­ක­ත්ව­යෙන් සම්පුර්ණ කර­ග­න්නට සිදු විය.

බුල­ත්කො­හු­පි­ටිය ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­ස­යට අයත් ඌරු­මී­වෙල ශ්‍රී විජි­තා­රාම විහා­ර­ස්ථා­නයේ ලයන් ස්ටාර් යෞවන සමාජ ඉදි කළ බෝධි ප්‍රාකා­රය දිස්ත්‍රික් මට්ට­මෙන් ප්‍රථම ස්ථානය හිමි කර­ගත්තේ ඒ අනු­වය. එය කෑගල්ල අති­රේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පිය­සේන මහ­ත්මිය හා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යා­ලයේ නිල­ධා­රින් විසින් පසු­ගි­යදා විනි­ශ්චය කරනු ලැබීය.

එම ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ අද­හස් දක්වන බුල­ත්කො­හු­පි­ටිය තරුණ සේවා නිල­ධාරි අනු­රාධ බණ්ඩාර මහතා

“ජාතික තරුණ සේවා සභාවේ වැඩ­ස­ට­හන යටතේ බුල­ත්කො­හු­පි­ටිය ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සයේ ව්‍යාපාති 3ක් ක්‍රියා­ත්මක කරනු ලැබුවා. ඉන් එකක් තමා මෙම ව්‍යාපෘ­තිය. ලයන් ස්ටාර් යෞවන සමා­ජය විසින් ගම්වා­සින්ගේ අද­හස ද අනුව පසු­ගිය වර්ෂයේ ජූලි මස මෙම ව්‍යාපා­තිය තෝරා ගනු ලැබුවේ ඌරු­මී­වෙල විජි­තා­රාම විහා­ර­ස්ථා­නයේ බෝධි ප්‍රාකා­රය ඉදි කිරීමේ කට­යුත්ත.

ඒ විහා­ර­ස්ථා­නයේ කලක් හිමි නමක් වැඩ­සි­ටියේ නෑ. බෝධි ප්‍රාකා­රය නාය යෑම­කට ගොදුරු වෙලා ගරා වැටිලා තිබුණේ. ඒ අනුව 2018 සැප්තැ­ම්බර් මස 3 වන දින මුල්ගල් තබා වැඩ ආරම්භ කළා. ඒ අනුව 2018 නොවැ­ම්බර් මස 5 වන දින වන විට එහි කට­යුතු නිම කළා. දෙසැ­ම්බර් මස 5 වන දින එහි විනි­ශ්චය කට­යුතු කෑගල්ල අති­රේක දිස්ත්‍රික් ලේකම් නාලිකා පිය­සේන මහ­ත්මිය හා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යා­ලයේ නිල­ධා­රීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් විනි­ශ්චය කළා. ඒ අනුව දිස්ත්‍රි­ක්කයේ ප්‍රථම ස්ථානය ලැබුණා. ව්‍යෘපෘ­තිය සඳහා ලයන් ස්ටාර් යෞවන සමා­ජ­යට රුපි­යල් ලක්ෂ 5ක මුද­ලක් ලබා දුන්නා.”

ඒ පිළි­බ­දව අද­හස් දක්වන ඌරු­මී­වෙල ලයන් ස්ටාර් යෞවන සමා­ජයේ සභා­පති එම්. බී. ඒ ඩිලක්ෂ ත්‍රිත්නික බණ්ඩාර තරු­ණයා

“අපේ කණ්ඩා­යම බොහෝම කැප වීමෙන් කට­යුතු කෙරුවා. මේ අපේ ගමේ පන්සල. අපට උව­ම­නාව තිබුණේ පන්සල වෙනු­වෙන් දෙයක් කරන්න. ගමේ වැඩි­හිටි තරුණ හැම කෙනෙක්ම අපට හොද සහ­යෝ­ග­යක් දුන්නා. ඒ නිසයි ඉතාම කෙටි කල­කින් බොහෝම ලස්ස­නට මේ කාර්යය අපට කර ගන්නට පුළු­ව­න්කම ලැබුණේ.

ඡායාරූප බුල­ත්කො­හු­පි­ටිය සමූහ

Comments