ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම | සිළුමිණ

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් 21 රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා 22 දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් කොළඹ ලේක්හවුස් මන්දීරයේදී පැවැත්විණි. මෙම පින්කමට අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමි, රාමඤ්ඤ නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල අනුනාහිමි හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර මාහිමි හා හුණුපිටිය ගංගාරාමයේ විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාළහ.

විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා මහා සංඝරත්නයට දැහැත්වට්ට් පූජා කරමින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට ආරාධනා කළේය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගිලන්පස පූජා කළ අතර සධාතුක කරඬුව වැඩමකරවීම ලේක්හවුස් ආයතනයේ වත්මන් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සිදුකළේය.

දුෂ්‍යන්ත බස්නායක, මොහාන් රේ. අබේවර්ධන, උමා රාජමන්ත්‍රී අධ්‍යක්ෂවරු, සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය, සාම­ාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු ආයතනයේ උසස් නිලධාරීහුද පුවත් පත් කර්තෘවරු කර්තෘවරියෝ හා සේවක සේවිකාවෝ ද මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ, සුලෝචන ගමගේ සහ විමල් කරුණාතිලක

Comments