
ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී. ඇම්. ගුණපාල
මේෂ
ප්‍රමාදතා
ලග්නාධිපති කුජ රුචක යෝගයෙන් ද රාහු 4, කේතු 10 ද, ගුරු 8, ශනි 9 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය තුළ තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීම තරමක් ප්‍රමාද විය හැකිය. එම නිසා උනන්දුවෙන් ද කැප වීමෙන් ද යුතුව ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ගෙදරදොර කටයුතුවල දී කල්පනාකාරී වන්න. විටෙක තද ලෙස කේන්ති යන ගතියක් වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
මිශ්‍රඵලයි
ලග්නාධිපති සිකුරු නවවැන්නේ සඳු, කේතු සමග සිටී. ගුරු 6 ද, ශනි 8 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සමඟ කටයුතු කිරීමේ දී තරමක් කල්පනාකාරී වන්න. විටෙක යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ද උදා කරනු ඇත. එම නිසා උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි. මිල මුදල් ලැබීම එතරම් යහපත් නැත. ආදායම් ලැබුණ ද වියදම් අධික වේ. ගෙදරදොර කටයුතුවල දී කල්පනාකාරී වන්න. විටෙක සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සෙම් පීඩා, ලේ දූෂ්‍යාබාධ, වෛරස් රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය-- සිකුරාදා
මිථුන
බාධා සහිතයි
ලග්නාධිපති බුධ 10ය. කුජ 11 ද, ශනි 7 ද, ගුරු 6 ද රාහු 2, කේතු 8 ගමන් ගනී. එම ග්‍රහ ගෝචර සැලකීමේ දී මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. එහෙත් දෙවැන්නේ රාහු සිටීම තුළ මුදල් වියදම් අධික වීම, මුදල් නාස්තිවීම යනාදියට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තවදුරටත් ප්‍රවේසම් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා ඉස්මතු කළ හැකිය. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට කලා ක්ෂේත්රවලට අයත් විෂයයන් කෙරෙහි පර්යේෂණ කිරීමට අවස්ථාව ලැබේ. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපෑ හැකිය. වැටීම්, තුවාලවලට ඉඩ පවතී
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වාසි ලැබේ
යෝගකාරක කුජ දහයේ රුචක යෝගයයි. දිග්බලයි. ශනි 6 සරල යෝගයයි. ගුරු 5 වැන්නේ ගමන් ගනී. එම පිහිටීම් අනුව වැඩකටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත්ය. අන්‍යයන්ගේ සහයෝගය ලැබේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. සමඟියට සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, බඩවැල් ආශ්රිත පීඩා , ලේ දූෂ්‍යාබාධ, අනතුරු පීඩාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ඉවසිලිමත් වන්න
ලග්නාධිපති රවි 7 වැන්නේය. කුජ 9 ද ශනි 5 ද, රාහු 12, කේතු 6 ද, ගුරු 4 ද ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් ගැන බැලීමේ දී තමාගේ ආදායම් අඩු විය හැකි බැවින් තරමක් කල්පනාකාරී විය යුතුයි. වියදම් පක්ෂය පාලනය කර නොගතහොත් ණයතුරුස් වීමේ ඉඩක් පවතී. බලාපොරොත්තු අදහස් ඉටු වීම ප්‍රමාද වේ. තමාගේ වෘත්තිය ගැන අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවල දී ද ඉවසීමෙන් ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි දැඩි අවධානයකින් පසුවිය යුතුය. අධ්‍යාපන ක්ෂේත්රවල පසු වන අයට උත්සාහය සහ කැප වීම අවශ්‍යයි. විටෙක තරමක් පසුබෑම්වලට ලක් විය හැකි බැවිනි. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝග බලපානු ඇත.
ජය වර්ණය- රෝස, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
කල්පනාකාරී වන්න
ලග්නාධිපති බුධ හත්වැන්නේය. අඟහරු අටේ සරල යෝගයයි. ශනි 4 ද, රාහු 11 ද ගමන් ගනී. එම කාල සීමාව තුළ පවතින ග්‍රහ ගෝචර තත්ත්වයන් ගැන සැලකීමේ දී තරමක් කල්පනාකාරී විය යුතුයි. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට නොලැබේ. මිල මුදල් අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු තුළ කිසියම් දියුණුවක් උදා කළ හැකිය. අධ්‍යාපන ක්ෂේත්රවල නියුක්ත අයට පර්යේෂණ කටයුතු කරගෙන යෑමට ඉඩ සැලසේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
ශුභදායකයි
ලග්නාධිපති සිකුරු 4, සඳු, කේතු සමඟයි. රාහු 10 ද, ශනි 3 ද, ගුරු 2 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී මිල මුදල් ලැබීම අතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී සුළු බාධා අවහිරතා ඉස්මතු වුව ද ඒවා මැඩපවත්වාගෙන තමාගේ කටයුතු සාර්ථක කරගනු ඇත. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ද ලබනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට මූල්‍යමය ක්ෂේත්රයන්ට අදාළ විෂයයන් මඟින් යහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
සිතේ සැනසීම අඩු වේ
ලග්නාධිපති කුජ 6 බලවත්ය. හර්ෂ යෝගයයි. ගුරු ලග්නයේ ද ශනි දෙවැන්නේ ද, කේතු 3, රාහු 9 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචර තත්ත්වය ගැන සැලකීමේ දී විටෙක ගමන්බිමන්වල දී කරදර, බාධා ඇති වේ. විටෙක ස්ථානගත වෙනස්කම් ඇති කරයි. ඉවසීමෙන් ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ගමන් තෙහෙට්ටුව අධිකයි. මිල මුදල් ලැබීම ශුභයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන ක්ෂේත්රයේ යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවල යෙදීමට සිදු වේ. උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
බාධා සහිතයි
ලග්නාධිපති ගුරු 12 ද, ශනි ලගග්නයේ ද, කේතු 02, රාහු 8 ගමන් කරයි. රහසිගතව අප්රසිද්ධව යම් යම් කටයුතුවලට යොමු විය හැකි කාල සීමාවකි. මිල මුදල් කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් වනු ඇත. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු ශිෂ්යාදීන්ගේ දියුණූවට මුදල් වියදම් කිරීමට ද කටයුතු සැලසේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවල දී, පර්යේෂණාත්මක විෂයයන් කෙරෙහි අවධානය යොමු කරයි. උෂ්ණාධික රෝග බලපායි. ජලයෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
දියුණුවක් ලබයි
ලග්නාධිපති ශනි 12, ගුරු 11, කේතු ලග්නයේ, රාහු 7 ගෝචරය වේ. එම ග්‍රහ පිහිටීම් තුළ සැලකීමේ දී තමාගේ වැඩකටයුතුවල කිසියම් ක්රමානුකූල බවක් ද පෙන්වයි. දියුණුවක්, අභිවෘද්ධියක් උදා කරයි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් මාර්ග විවර කරගත හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ද යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබාගනී. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. දියුණුවක් ලබයි. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
මහන්සි ගති දැනේ
ලග්නාධිපති ශනි 11 ද, ගුරු 10, කේතු 12, රාහු 6 ගමන් කරයි. එම කාල සීමාව තුළ තම කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා මෙන්ම ප්‍රමාදතා ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකකීරක්ෂා අංශවල උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ තුළ ආදායම් ලබා ගනී. ගෙදරදොර කටයුතුවල දී වෙනදාට වඩා මහන්සි වී ක්‍රියා කළ යුතුයි. ශරීරයට වැඩි මහන්සි ගතියක් දැනේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් වෙහෙසීමට සිදු වේ. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ බලපායි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ශුභදායක සතියක්
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේය. ශනි දහයේ ද, කුජ 2, රාහු 5 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තමාගේ වැඩකටයුතු එක්තරා ප්‍රමාණයකට සාාර්ථක කරගත හැකිය. වෘත්තීය සහ රැකියා අංශයේ දී කිසියම් සාර්ථක බවක් උදා කරයි. මිල මුදල් සම්බන්ධ කටයුතු යහපත්ය. විවිධ අංශ මඟින් ආදායම් උදා කරයි. කෙසේ වුවත් වියදම් පක්ෂය අධික වේ. ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේසම් වන්න. වචන පාවිච්චියේ දී වඩාත් කල්පනාකාරී වන්න. තද ලෙස කේන්ති යන ගතියකි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. සෙම් පීඩා, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා