
පවිත්‍රා රූපසිංහ
අතීතයේ දෛනිකව දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ කිරි අවශ්‍යතාව සපුරා දුන්නේ පවුලේ කිරි ගවයායි. සත්ත්ව හිංසනය මිනිස් සිත් තුළින් මැඬ, පවුලේ පෝෂණය වෙනුවෙන්ම උපන් කිරි ගවයාගේ ස්නේහය පවුලේත්, ගමේත් සෞභාග්‍යයට හේතුවක් විය.
ස්වදේශීය ආහාර සංස්කෘතිය වසා ගනිමින් බටහිර ආහාර මාදිලිය නැමති රකුසා අප වෙළාගත් සැණින්, නව ආහාර තවදුරටත් අපගේ පෝෂණ උන්තතිය සඳහා පෙනී සිටියේ නැත. ඒ වෙනුවට, මිනිස් සිරුර දුර්වල කරන, රෝගී කරන ඇස පිනවන විලාසිතාවක් බවට පමණක් ආහාර පත් විණි. එනයින් රටේ ගොවිතැන, සුළු ගොවීන්ගේ ජීවන මට්ටම සහ ගම බිඳ වැටිණි.
යුරෝපයේ සමාගම් විසින් නිෂ්පාදනය කරන අතිරික්ත කිරි නිෂ්පාදනය ලෝකය පුරා බෙදා හැරීමේ කඩිනම් උවමනාවෙන් ඔවුන් පෙළෙමින් සිටි අතර එනයින් ඔවුහු යුරෝපයෙන් පිටත වෙළෙඳපොළ සොයා ගියහ. ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ ඔවුහු අප මත බලෙන් දෛනකව පිටි කිරි අවශ්‍යතාව පැටවූහ. ඒ කාර්යය ප්‍රචාරණය මඟින් ඉතාමත් චිත්තාකර්ශණීය ලෙසට සිදු කෙරිණි. පාරිභෝගිකයා ඒ වෙළඳ ප්‍රචාරණයට ගොදුරු වී ස්වදේශීය පරිසරයට උරුම ආහාර සංස්කෘතිය පිළිකෙව් කරන්නටත් බටහිරයන් පැටවූ ආහාර මාදිලි හිස්මුදුනින් පිළිගන්නටත් විය.
ආචාරධර්ම නොසලකා හරිමින් පිටි කිරි නිෂ්පාදන සමාගම් අද ලාභය මත පමණක් පදනම් වී කටයුතු කරනු පෙනේ. එහිදී මාධ්‍යය අවියක් ලෙස භාවිත කරමින්, ලාභය උපරිම කරගැනීමට නිෂ්පාදකයන් කටයුතු කරන විට මානව සංහතියේ හෙට දවස අභියෝගයට ලක් වීහ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වන්නේ නැත.
කිරි ගැන නැවත අවධානය යොමු කරන්නේ නම්, මේදය කිරිවල ඇති වඩාත්ම ගුණාත්මකම කොටස වෙයි. ලෝකයේ දියුණු රටවල ආහාර අවශ්‍යතාව සැපිරීමට, වඩා මිල අධික මේදය ඉවත් කරන කිරි නිෂ්පාදන සමාගම් එමින් විශේෂිත කිරි ආහාර නිෂ්පාදනය සිදු කරන බව කියැවේ. ඒ අතර අප වැනි රටවලට එවන කිරිවලට මේදය වෙනුවට වෙනත් දෑ එකතු කරන බව කියන ප්‍රවාදය බැහැර කළ නොහැකිය. ස්වදේශීය ආහාර සංස්කෘතියට හානි වීම ඒ අනුව අහම්බයක් නොවන අතර පර්යේෂකයෝ විද්වත්හු ඒ පිළිබඳ මුනිවත රකිමිනි සිටිති. ඒ ඇයි? ඒ ඔවුන් ද එකී බහුජාතික සමාගම්වල කොටස්කරුවන් වී සිටින හෙයිනි. බහුජාතික ආහාර සමාගම්වල ඒජන්තයන් විදියට මේ රටවල දරුවන්ට වස විකුණන්නට ඔවුන් කටයුතු කරනවා විය හැකිය. උසස්වීම්, වරප්‍රසාද, මුදල් ලාභ වෙනුවෙන් එකී විද්වතුන්, පර්යේෂකයන් සහ ජනමාධ්‍ය මේ පිළිබඳ මුනිවත රකින අවදියක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ගේ මැදිහත්වීම හුදෙක්ම ජාතියේ හෙට දවස වෙනුවෙන් සිදු කරන අද්විතීය මෙහෙවරකි.
පාසල් දරුවන්ගේ පෝෂණ අතිරේකයක් වශයෙන් නැවුම් කිරි වීදුරුවක්/කිරි පැකට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනපතිගේ මූලිකත්වයෙන් හෙට 22 දින ඇරඹෙයි. ඒ ගම් මට්ටමින් තෝරාගත් පාසල් ගණනාවක ප්‍රාථමික අංශවල දරුවන්ට උදෑසන ආහාර වේලෙන් පසුව දියර කිරි වීදුරුවක රස බලන්නට ඉන් ඉඩහසර ලබා දෙයි. පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම, දෛනික පාසල් පැමිණීම දියුණු කිරීම, යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, දේශීය ආහාර සංස්කෘතිය යළි තහවුරු කරවීම මෙන්ම දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කොට තහවුරු කිරීම එමගින් ඉටු වන බවට අපට අනුමාන කළ හැකිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් ක්‍රියාවට නංවමින් හෙට 22 වන දා ආරම්භ කරන්නේ බහුජාතික සමාගම්වලට එරෙහි යුද්ධය ය. නැතහොත් මාධ්‍ය විසින් සරසා අප වෙත එවන වෙළඳපොළ වුවමනාවන්ට එරෙහි ස්වදේශීයත්වය රකින යුද්ධය ය. මනුෂ්‍යත්වය මිනිසා තුළ යළි වැඩෙන්නට සලස්වමින්, අප වටා සිටින සත්වයන්ට ආදරය කරන්නටත් පුරුදු පුහුණු කරවීම ය.
ජනපති විසින් ක්‍රියාත්මක කොට ඇති මානව දයාව පෙරදැරි කරගත් ස්වදේශීයවාදී වූ වෙළඳපළ විරෝධී යුද්ධයට සියල්ලන්ගේම සුභාශිංසන හිමි වන බව නොඅනුමානය. ඒ අද්විතීය අරගලය ජය ගැනීමට මේ වසත් සමයේ ජනපති තබන පියවර පසුපස පෙළගැහෙන්නට කාහටත් වගකීමක් තිබේ.