
උතුරේ සාමාන්‍ය වැසියෝ මහා යුද සමයේදී භූගත බංකර්වල පිහිට පැතුවේ කාලතුවක්කු හා මෝටාර් වැනි බරඅවි ප්‍රහාරවලින් බේරී සිටීමටය.
පාසලකට එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් සිසුන් ආරක්ෂා කර ගැනීම සදහා උතුරේ හා වැලිඔය වැනි උතුරු මැද පළාත් වල පාසල් වලද භුගත බංකර් තනා තිබිණි.
කිලිනොච්චිය හා මුලතිව් පළාත්වල බොහෝ වැසියන් භූගත බංකර් වශයෙන් භාවිත කළේ පාරවල්වල තිබූ බෝක්කු කොටන්ය. හදිසි ප්‍රහාරයක අනතුරක් දැනුණු සැණින් ඔවුන් ඒවා තුළට රිංගා පණ බේරාගත්හ.
උතුරේ යුද්ධය අවසන් වී වසර දහයකටම ළං වී සිටින මේ අවස්ථාවේදී යාපනයේ නිවසකින් භූගත බංකරයක් හමු විය. එම භූගත බංකරය ඉතා සුඛෝපභෝගීව තනමින් තිබූ අතර එහි වැඩ අවසන් වී නොතිබිණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට යාපනය නාවන්තුරේ පාරවල් පහ ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් ඇති බවට මුලින්ම ලද තොරතුරක් මත නිලධාරීහු පිරිසක් එහි ගියහ. නිවසේ පහත මාලයේ එක් ස්ථානයක ඉවත් කළ හැකි කොන්ක්‍රීට් ලෑල්ලක් තිබී එය ඉවත් කිරීමත් සමඟම මේ භූගත බංකරය හමු වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒ කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කොට බලද්දී අලංකාර පඩි පෙළකින් යුතුව නිවසේ පතුලේ වූ ව්‍යාජ මහලට යෑමට හැකි විය.
සම්පූර්ණ නිවසම පරීක්ෂාවට ලක් කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එම භූගත බංකරය අසල තිබූ සිරමැදිරිය අදටත් ප්‍රශ්නයක් වී තිබේ.
සම්පූර්ණ නිවසම පරීක්ෂාවට ලක් කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මේ භූගත බංකරය අසලින් තිබූ සිර මැදිරිය අදටත් ප්‍රශ්නයක් වී තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ නිවෙස් හිමියා පවසන්නේ මේ බංකරය යුද සමයේදී කොටි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සදහා තනන ලද බංකරයක් බවයි.
“නමුත් මේකේ ඉදිකිරීම් සියල්ල අලුත්. අලුතෙන් සිමෙන්ති දාපු තැන් තමයි දකින්නට ලැබෙන්නේ. පොළොව ටයිල් කරලා මේ බංකරය ඉතාම සුඛෝපභෝගී ලෙස නිර්මාණය කිරීමට සැලසුම් කොට තිබෙනවා. භූගත බංකරය කිසියම් ආරක්ෂාවක් සඳහා ඉදි කරන ලද එකක් බවට විශ්වාස කළත් ඊට මඳක් ඈතින් භූගත බංකරය අසලම ඉදි කොට ඇති කුඩා සිර මැදිරිය කුමක්ද ? කියන කාරණය විශාල ප්‍රශ්නයක්.
ගෙදර අයිතිකරු කියන්නේ වටිනා භාණ්ඩ ආරක්ෂා කරගැනීම සදහා තනන ලද ආරක්ෂිත කුටීරයක් මිස එය සිරමැදිරියක් නොවන බවයි. සිර මැදිරියක් ඉදි කරන්නට ඇත්තේ ඔවුන් කවුරු හරි ජීවග්‍රහයෙන් අල්ලා ගත්තොත් රඳවා තැබීම සදහා විය හැකියි. ඒ සියල්ලම අබිරහසක් වී ඇති නිසා තවමත් ඒ ගැන පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටිනවා.''
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මේ සිද්ධියෙන් පසුව යාපනයේ නාවන්තුරේ පළාතේ සියලුම නිවෙස් මුස්ලිම් දේවස්ථාන ඇතුළු බොහෝ තැන් පරීක්ෂාවට ලක් කළහ.
ඒ අවස්ථාවක යාපනයේ මනිපායී පාරේ මදීනා මුස්ලිම් දේවස්ථානයේ තිබී සැකකටයුතු ද්‍රව්‍ය ගෝනි පිටින් හමු වී තිබේ.
ගෝනි හා පෙට්ටි ගණනාවක තිබූ මේ ද්‍රව්‍ය හඳුනාගැනීමට තවමත් නොහැකි වී තිබේ. සීනි තේ කොළ වැනි පැකැට් විදේශ රටකින් මහා තොගයක් ලැබී ඇතත් ඒවා විවෘත කොට බලන විට ඒවා තුළ ඇත්තේ පැකැට්වල සඳහන් දේ නොවීම නිසා එය ආරක්ෂක අංශ වලට ප්‍රශ්නයක් වී තිබේ.
පුපුරන ද්‍රව්‍ය නොවන බව ආරක්ෂක අංශ ඉතාම නිවැරදි ලෙස හදුනාගෙන ඇතත් ඒ ද්‍රව්‍යවලින් යම් විනාශයක් සිදු කිරීමට හැකි නිසා ඒවා මුස්ලිම් දේවස්ථානය තුළ රහසිගතව සඟවා තබන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
හමුවූ ද්‍රව්‍ය සාම්පල කීපයක්ම වගකිව යුතු අංශ වෙත යොමු කොට ඇතත් ඒවා පිළිබඳ පරීක්ෂා කිරීම් මෙතෙක් අවසන් වී නැත. නමුත් ලැබුණු තොරතුරු මත ආරක්ෂක අංශවල සැක කරන්නේ ඒවා ආහාර වලට මිශ්‍ර කළ හැකි වසක් විසක් හෝ මීට කලකට පෙර රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ වද බෙහෙත් විය හැකි බවය.
කෙසේ වෙතත් උතුරේ සෑම පළාතකින්ම කඩු කිණිසි පිහි හමුවන්නට පටන් ගෙන තිබේ. කඩු හමුවන්නේ පෙට්ටි පිටිනි. සෑම ස්ථානයකින්ම හමු වන කඩු වර්ග දෙකේ ඉතා සමාන කමක් දක්නට ලැබෙයි. ලොකු දිග කඩු හා කෙටි දැඩි මුවහතක් සහිත කඩු ඒ අතර වෙයි. වවුනියාවේ පට්ටානීචූර් පළාතේදී විශාල කඩු දෙකක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් මුස්ලිම් ජාතිකයා පවසා තිබුණේ එම කඩු තම ආරක්ෂාව සඳහා ඉතා සුරක්ෂිතව තබාගත් බවයි.
වවුනියාවේ මුස්ලිම් නිවෙස් විශාල ප්‍රමාණයක කඩු සඟවාගෙන ඇති බවත් ඔවුන් ඒවා එසේ සඟවාගෙන සිටින්නේ ආරක්ෂාවට බවත් වවුනියාව පොලීසිය විසින් කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පවසා තිබේ.
ප්ලාස්ටික් බටයක් තුළ සඟවා තිබියදී එම කඩු දෙක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව පට්ටානීචූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වු මුස්ලිම් ජාතික සැකකරු පවසා ඇත්තේ මහනුවර ඇතුළු පළාත් කීපයක මුස්ලිම් හා සෙසු පිරිස් අතර පසුගිය වසරේ විශාල ගැටුමක් හටගත් අවස්ථාවේදී මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්තරා සංවිධානයක් මුස්ලිම් නිවෙස්වලට කඩු බෙදා දුන් බවයි.
කඩු කිණිසිවලට අමතරව බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් හා වයර් ද තවත් ඊට අදාළ වෙනත් උපකරණද උතුරේ තනින් තැන දී හමු වන්නට පටන්ගෙන තිබේ. මේ නිසා උතුරේ වැසියෝ යළිත් බියට පත් වී සිටිති. උදා වී ඇති මේ තත්ත්වය හමුවේ උතුරේ සාමාන්‍ය වැසියන් පමණක් නොව දෙමළ දේශපාලානඥයෝද දැඩි ලෙස බියට පත්ව සිටිති.
උතුරු පළාතෙන් යුද හමුදාව වහාම පිට වී යා යුතු බවට කටමැත දෙඩවූ දෙමළ දේශපාලනඥයන් දැන් ආරක්ෂක අංශවලට උතුරු ප්‍රදේශයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලීම කරන්නට පටන් ගෙන තිබේ.
උතුරු පළාත් සභාවේ හිටපු කාන්තා කටයුතු ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ඒ අතරින් ප්‍රමුඛතාව ගෙන තිබේ.
අන්තවාදීන්ගේ පහරදීම් අවසන් වන තුරු උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම ආරක්ෂාව අඩු කිරීම සිදු නොකොට සියලුම ස්ථාන හා පුද්ගලයන්ගේ ආරක්ෂාව තර කරන මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය ඉල්ලීමක් කොට තිබේ.
රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වී තවමත් විවිධ ස්ථානවල වෙසෙන පුද්ගලයන් පිළිබඳ ද ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන මුස්ලිම් අන්තවාදී කොටස්වලට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගෙන් හා පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන්ගෙන් යම් උදව්වක් සහයෝගයක් ලැබිය හැකි බවට උතුරේ බුද්ධි අංශ වාර්තා කොට තිබිණි.
ඒ අනුව යාපනයේ යුද හමුදා නිලධාරීහු පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් පනහකට වැඩි පිරිසක් යුද හමුදා කඳවුරකට එකතු කොට ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වූහ. ඒ අවස්ථාවේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට තම කණ්ඩායමෙන් කවරෙකුටවත් සහයක් හෝ අනුබලයක් ලබා නොදෙන බව ඔවුහු තරයේම කියා සිටියහ.
වර්තමානයේදී රටේ පවතින තත්ත්වය තේරුම් ගෙන රට ආරක්ෂා කිරීම සඳහා සහාය දීමට නිරන්තරයෙන්ම කටයුතු කරන ලෙසද යුද හමුදා නිලධාරීන් පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින ලද පිරිසක් නිහඩ වී සිටින්නේ ඒ අන්දමටය.
එහෙත් මෑතකදී මේ රටේ හිස ඔසවන ලද අන්තවාදී මුස්ලිම් කණ්ඩායම්වලට විවිධ පිරිස් සහාය දෙන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබෙමින් පවතී.
මේ දිනවල උතුරු පළාතේ මුස්ලිම් සමහර දේශපාලනඥයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ලේකම්වරුන් හා තවත් පිරිස් අත්අඩංගුවට පත් වූවත් ඔවුන්ට ඉතාම ඉක්මනින් නිදහස ලැබෙන බව කියන උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා ඒ පිළිබඳ පළාතේ පොලිස් බලධාරීන් දැනුවත් කොට තිබේ.
වර්තමානයේදී ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් උතුරේදී අත්අඩංගුවට ගන්නා මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශයක් පමණක් ලබාගෙන නිදහස් කිරීම දැඩි අනතුරුදායක බව ඔහු පොලිස් නිලධාරීන්ට අවධාරණය කොට තිබේ.
මේ අතර උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහම ආවරණය වෙමින් ඉතා විශාල ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙයි. සෑම තැනකම පරීක්ෂා කිරීම්ය. වාහන නතර කිරීම්ය. ආරක්ෂක අංශ සාමාජිකයන් නිවෙස් තුළට පැමිණ සැකකටයුතු දේ සොයන්නට පටන්ගෙන තිබේ.
ඒ තත්ත්වය මත උතුරේ සෑම පැත්තකින්ම දක්නට ලැබෙන යුද මානසිකත්වය හා පරිසරය කවදා කෙලෙසක ඉවත් වේද? යන්න විශාල සැකයක් බවට පත් වී තිබේ.