
මේෂ
අලුත් මිත්‍රයන් ලැබේ
ලග්නාධිපති කුජ, රාහු තුන්වැන්නේය. සඳු, සිකුරු ලග්නයේය. ගුරු වක්‍රව අටේ සිට ලග්නය දකී. සුළු බාධා ඇතත් වෘත්තීය සහ රැකියා කටයුතුවල දී කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. සිය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් බුද්ධිමත්ව ද, විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට ශුභයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. නහර ස්නායු දුර්වලතාවලට ඉඩ පවතී. ආගමික අංශයට නැඹුරුව ක්‍රියා කරනු ඇත.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
බාධා ගැටලු
ලග්නාධිපති සිකුරු සඳු 12ය. රවි ලග්නයේය. කුජ, රාහු 2 ද, ශනි, කේතු 8 ද, ගුරු හතේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී බාධා අවහිරතා ගැටළු උද්ගත වේ. එම නිසා ඉතා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබීම අතින් වුව ද එතරම්ම ශුභදායක නැත. වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානයෙන් ක්‍රියා කළ යුතුයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, මුත්‍රා දෝෂ, ලේ දූෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
මිශ්‍රපලයි
ලග්නාධිපති බුධ, කුජ, රාහු ලග්නයේ ද ශනි, කේතු 7 ද, ගුරු වක්‍රව හයේ ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා කටයුතුවල දී උසස් නිලධාරීන් සමඟ කටයුතු සිද්ධ කිරීමේ දී කල්පනාකාරී වන්න. ආදායම් ලැබීම යහපත් වුවත් අනපේක්ෂිත සිද්ධී ඉස්මතු වීමෙන් වියදම් ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. කේන්ති යයි. තද ලෙස කෝපයට ද පත් වන නිසා ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේසම් වන්න. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් යුතුව ක්‍රියා කරන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී විටෙක පසුගාමී වාතාවරණයන් ඇති වේ. වැටීම්, තැළීම්, යනාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
ක්‍රමයෙන් යහපත්
සඳු, සිකුරු දහයේය. රාහු, කුජ, බුධ 12 සිටී. ශනි, කේතු 6 වේ. මෙම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තමාගේ කටයුතු සාර්ථක කරගත හැක්කේ සිය උත්සාහය සහ කැපවීමෙනි. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී අන්‍යයන්ගේ ආධාරය උපාකරය ලබාගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. ආදායම් ලැබුණ ද මුදල් ඉතිරි කරගැනීම තරමක් අසීරු වේ. ගෙදරදොර කටයුතුවල දී මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- ක්‍රීම්, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
බාධා ඇත
ලග්නාධිපති රවි කර්මස්ථානයේය. සඳු, සිකුරු භාග්‍යස්ථානයේය. ශනි, කේතු පස්වැන්නේය. මෙම ග්‍රහ ගෝචරය සැලකීමේ දී උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙනය යෑමේ දී බාධා ඇති කළත් සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. යුග දිවිය සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුය. අධ්‍යාපන අංශවල ක්‍රියා කරන අයට සිය උත්සාහය තුළ අලුත් විෂයයන් හැදෑරිය හැකිය. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු මෙන්ම පර්යේෂණ කටයුතුවලට ශුභදායක වේ. ලේ දූෂ්‍යාබාධවලින් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
වෙළෙඳාමෙන් වාසි
ලග්නාධිපති බුධ, රාහු, කුජ කර්මස්ථානයේය. රවි නවයේ ද, සඳු, සිකුරු අටේ ද, ශනි, කේතු 4 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රවල දී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබීම තරමක් ප්‍රමාද වේ. කෙසේ වුවත් සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආර්ථික වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. සිය උත්සාහය තුළ සාර්ථක පල ලබයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
මිශ්‍රපල
ලග්නාධිපති සිකුරු, සඳු හතේ වේ. ශනි, කේතු තුනේය. කුජ, රාහු නවයේය. එම ග්‍රහ පිහිටීම් තුළ තමාගේ කටයුතු යහපත් වුවත් විටින් විට බාධා අවහිරතා මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා කටයුතුවල දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවි කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක වේ. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
බාධා පවතී
ලග්නාධිපති කුජ, රාහු, බුධ අටේ සිටී. ශනි, කේතු දෙවැන්නේය. සඳු, සිකුරු හයේය. එම පිහිටීම් තුළ තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ඉස්මතු කරනු ඇත. එම නිසා කටයුතුවල දී ඉතාම බුද්ධිමත්ව ද, කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී ප්‍රවේසම් වන්න. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී ප්‍රවේසම් විය යුතුයි. ආර්ථිකය යහපත්ය. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යයි. ගෘහ ජීවිතය සහ යුග දිවිය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුය. විටෙක සමඟිය සාමයට බාධා ගෙන දෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවකාශ පවතී. උෂ්ණාධික රෝග, ලේ දූෂ්‍යාබාධ ඇති විය හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
මිශ්‍රපලයි
ලග්නාධිපති ගුරු වක්‍රව 12 ද, ශනි, කේතු ලග්නයේ ද, කුජ, රහු, බුධ 7 ද ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් තුළ මෙම කාල සීමාව තුළ සමපලදායක තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරත ගැටලු මතු කළ හැකිය. උසස් නිලධාරින් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් එතරම්ම අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආර්ථික ලාභ ලබයි. ගෙදර දොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයෙන් යුක්තව ක්‍රියා කළ යුතුයි.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
වාසි ලැබේ
ලග්නාධිපති ශනි, කේතු 12 ද, ගුරු 11 ද, රාහු, කුජ හයේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු සාර්ථක කරගනී. අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ආර්ථික වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් වාසි ලැබේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් අන්දමක දියුණුවක් ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. රුධිර පීඩනය, හෘදගත පීඩා, ලේ දූෂ්‍යාබාධ, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
වියදම් අධිකයි
ලග්නාධිපති ශනි, කේතු 11 ද, කුජ, රාහු, බුධ 5 ද ගුරු 10 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා මතු වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ආර්ථික වශයෙන් එතරම්ම යහපත් නැත. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. මිල මුදල් රඳවා තබාගැනීම අසීරුයි. ගෙදරදොර මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වැඩි මහන්සියක් දැරීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු උදෙසා වඩාත් වෙහෙසීමට සිදු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සුළු පසුබෑම් පෙන්වයි. උෂ්ණාධික රෝග, වෛරස් රෝගාදියෙන් ද ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
ශුභා’ශුභ මිශ්‍රයි
ලග්නාධිපති ගුරු නවයේ ද, ශනි, කේතු 10 ද කුජ, රාහු 4 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී තමාගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගත හැක්කේ බාධා සහිතවයි. රැකියා ක්ෂේත්‍රයේ දී උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. ආදායම් අතින් යහපත් වුව ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර සහ යුගදිවිය සම්බන්ධ කටයුතු කිරීමේ දී ඉවසීමෙන් ද, බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. තද ලෙස කෝපයට පත්වන නිසාය. එනිසා සමඟිය සාමයට බාධා වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල දී උනන්දු වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා