
අපේ රටේ බොහෝ විරෝධතා ව්‍යාපාරවලට හේතු වන්නේ ජනතාවගේ අවශ්‍යතා නිසි අයුරින් ඉටු නොවීමයි. විශේෂයෙන්ම ගොවිතැනට නිසි කලට ජලය නොලැබීම, මාර්ග නිසි ලෙස නඩත්තු කර නොතිබීම මේ පොදු ජන ප්‍රශ්න අතර මුල් ගැනක් ගෙන ඇත. කාලයක් තිස්සේ පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අදාළ මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීම විශාල ජනතා ගැටලුවක්ව තිබිණි. ඇතැම් ගම්මානවලට ධාවනය වූ එකම බස් රථය පවා නතර වූයේ මේ මාර්ග නිසි ලෙසින් නඩත්තු කර නොතිබීම නිසාය.
එහෙත් ඒ ප්‍රශ්නය විසඳා-ලන්නට මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට කටයුතු කර තිබේ.
ඒ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ මෙහෙයවීමෙන් සහ අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ ‘I ROAD’ සංකල්පය ක්‍රියාවට නැංවීම තුළින්ය. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා සහ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු කමල් අමරවීර යන මහත්වරුන්ගේ විශේෂ අවධානය යටතේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ග්‍රාමීය මාර්ග පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමේ ව්‍යාපෘතියක් එලෙස I ROAD නමින් ආරම්භ කර තිබේ. ඒ අනුව ග්‍රාමීය ජනතාවගේ සමාජයීය සහ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාලීම උදෙසා මාර්ග සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන් ව්‍යාපෘතිය විශේෂ තැනක් ගෙන ඇත.
ඒ විශේෂ ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට එහි වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මේ අදියර දෙක යටතේ සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සියලු පළාත්වලින් තෝරාගත් ජාතික මාර්ග සහ ග්‍රාමීය මාර්ග 2,187 ක මාර්ග කි.මී. 7,180 ක් කාපට් අතුරා සංවර්ධනය කරනු ලැබේ. එමෙන්ම කාපට් ඇතිරීමෙන් පසුව අතර, එම මාර්ග සංවර්ධනය කර වසර 3ත්-5ත් අතර කාලසීමාවක් තුළ නඩත්තු කිරීමට මේ යටතේ සිදු කෙරේ.
තෝරාගෙන ඇති ඇතැම් ග්‍රාමීය මාර්ග වසර 30කින්-40කින් හෝ කිසිදු ආකාරයක සංවර්ධනයක් සිදු නොකළ ඒවාය. ඇතැම් මාර්ග වැසි දිනවල මඩ ගොහොරු බවට පත් වන අතර වර්ෂා කාලයට වාහනයක තබා පයින් හෝ ගමන් කිරීමට නොහැකි තත්ත්වයකට පත් වේ. මේ නිසා ජනතාව විරෝධය පාමින් සිදු කෙළේ එම මාර්ගවල මාලු බාන ස්වරූපයක් පෙන්නුම් කිරීමයි.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අයත් මේ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් උපදේශන සමාගම්වල පූර්ණ අධීක්‍ෂණය යටතේ නිසි ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කෙරේ.
මේ යටතේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 66ක් ආවරණය වන පරිදි මාර්ග කි.මී. 197ක් රු. මිලියන 4,675ක මුදල් යොදා සංවර්ධනය කෙරෙන අතර, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ වන වන මාර්ග 67ක කි.මී. 218ක් රු.මිලියන 5,326ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග 51ක කි.මී. 167ක් රු.මිලියන 3,846ක් යොදා සංවර්ධනය කෙරේ.
මේ වන විට ව්‍යාපෘතියේ දකුණු පළාත් ප්‍රගතිය 97%කි. සබරගමුව පළාතේ භෞතික ප්‍රගතිය 77%ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර මාර්ග 38ක් ආවරණය වන පරිදි මාර්ග කි.මී. 255ක් සඳහා රු. මිලියන 6,427ක්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 63ක කි.මී. 217ක් සඳහා රු. මිලියන 5,422ක්ද වෙන් කර ඇත. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග 60ක කි.මී. 330කට රු. මිලියන 6,609ක්ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 55ක කි.මී. 170කට රු. මිලියන 3,891ක ප්‍රතිපාදන යොදා සංවර්ධනය කර ඇති අතර, උතුරුමැද පළාතේ ප්‍රගතිය 100%ක්ව ඇත.
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර මාර්ග 50ක කි.මී. 221ක් සඳහා රු. මිලියන 5,777ක්ද මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 51ක කි.මී. 194ක් සඳහා රු. මිලියන 4,279ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග 43ක කි.මී. 180ක් සඳහා රු. මිලියන 5,609ක්ද ලබා දී ඇති අතර, මේ වන විට මධ්‍යම පළාතේ භෞතික ප්‍රගතිය 94%කි. වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග 76ක කි.මී. 485ක් රු. මිලියන 10,195ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග 38ක කි.මී. 220ක් රු. මිලියන 4,380ක ප්‍රතිපාදන යොදා සංවර්ධනය කෙරෙන අතර, එහි ප්‍රගතිය 66%කි. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පළමු අදියර ලෙස මාර්ග 83ක කි.මී. 276කට රු. මිලියන 5,542ක් යොදා සංවර්ධනය කරනු ලබන අතර, එහි වත්මන් ප්‍රගතිය 60%කි. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට අයත් මාර්ග 149ක කි.මී. 250කට රු. මිලියන 9,275ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මාර්ග 183ක කි.මී. 305කට රු. මිලියන 12,300ක්, කළුතර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ මාර්ග 102 ක කි. මී. 250 කට රු. මි. 9,500 ක මුදල් ප්‍රතිපාදන යොදවා ඇති අතර, මේ මාර්ග සංවර්ධන කටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 153ක කි.මී. 555 සඳහා රු. මිලියන 18,055ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග 96ක කි.මී. 490ක් සඳහා රු. මිලියන 15,235ක් වෙන් කර ඇති අතර, දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘතියේ ප්‍රගතිය 20%කි. එමෙන්ම නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග 158ක කි.මී. 410කට රු. මිලියන 13,650ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාර්ග 124ක කි.මී. 215කට රු. මිලියන 8,495ක්ද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග 124ක කි.මී. 220ක් සංවර්ධනයට රු. මිලියන 8,930ක් වෙන් කර තිබේ.
එසේම දීර්ඝම කාලයක් සංවර්ධනය නොකරන ලද නැගෙනහිර පළාතේ මෙන්ම උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියා යන දිස්ත්‍රික්කවල මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරේ. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මාර්ග 128ක කි.මී. 290ක් සඳහා රු. මිලියන 16,500ක්ද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මාර්ග 47ක කි.මී. 180ක් සඳහා රු. මිලියන 7,350ක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ මාර්ග 68ක කි.මී. 165ක් සඳහා රු. මිලියන 7,975ක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ මාර්ග 36ක කි.මී. 140ක් සඳහා රු. මිලියන 6,050ක්ද වශයෙන් මුදල් වෙන් කර ඇත. මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මාර්ග කි.මී. 650ක දුර ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිතය.
මේ අනුව දිවයින පුරා ග්‍රාමීය සහ ජාතික මාර්ග 2,187ක කි.මී. 7,180ක් මේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර මාර්ග ජාලය වඩාත් ශක්තිමත් කෙරෙනු ඇත.
ඉහත ව්‍යාපෘති අතරින් කොන්ත්‍රාත් 57ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කොන්ත්‍රාත් 24ක වැඩ මේ වන විට අවසන් කර ඇත. නැගෙනහිර, උතුර සහ බස්නාහිර පළාත්වල ව්‍යාපෘති 38ක් 2019 වසර අවසන් වීමට පෙර වැඩ ඇරඹීමට නියමිතය.
සමස්ත ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන 1700ක් වැය කිරීමට යෝජිත අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ක්‍රියාවලියේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රවාහන අවශ්‍යතාව ඉතා ඉහළ මට්ටමින් සපුරාලනු පිණීස මේ දැවැන්ත මාර්ග සංවර්ධන ක්‍රියාවලිය මහත් පිටිවහලක් වනු ඇත.
කෘෂිකාර්මික සහ අනෙකුත් කාර්මික නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කිරීමටත් ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරවලට පැමිණෙන ජනතාවට කඩිනමින් පැමිණීමට හැකි වන පරිදි මේ සංවර්ධන කටයුතු වේගවත් කර ඇත. විශේෂයෙන්ම මේ හරහා ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික ශක්තිය වඩාත් ඉහළ නැංවෙන අතර, අධ්‍යාපන, සංස්කෘතික, සෞඛ්‍ය සහ සමාජීය සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන ඒමට අවකාශ සැලසේ.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය රටේ ‘ඒ’ හා ‘බී’ ශ්‍රේණියේ මහාමාර්ග පද්ධතියේ මෙන්ම සමස්ත මාර්ග ජාලයේ ඉදිරියේදී ඇති විය හැකි අපහසුතා සහ මාර්ග තදබදය අවම කිරීමට අවශ්‍ය උපාය මාර්ග නිරීක්‍ෂණය කරමින්, මාර්ග පද්ධතිය පුළුල් කරමින්, විදුලි පහන් පද්ධතිය නිසි ලෙස නඩත්තු කරමින්, මාර්ග සංඥා සහ මාර්ග සලකුණු නිසි ලෙස ස්ථාපනය කරමින්, පදික වේදිකා, පදික උමං මාර්ග, ගුවන් පාලම්, මඟී ගුවන් පාලම්, අධිවේගි මාර්ග ඉදිකරමින් වඩාත් කාර්යක්‍ෂම ප්‍රවාහන පද්ධතියක් කරා ශ්‍රී ලංකාව ගෙනයෑමේ කාර්යයේ නියැළෙමින් සිටින අතර, ‘I ROAD’ සංකල්පය හරහා ග්‍රාමීට ජනතාවට නාගරික පහසුකම් ළඟා කර දීම සිදු කෙරේ. මේ මාර්ග දියුණු කිරීම හරහා ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක අධිවේගී මාර්ග ජාලයට මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ටත් නව දුම්රිය මාර්ග පද්ධතියද සහිත දුම්රිය සේවාවන්ටත් කඩිනමින් ළඟා වීමට හැකියාව උදාවනු ඇත.