
කාත්තන්කුඩියේ අරාබිකරණය ගැන පසුගිය දිනවල අවස්ථා ගණනාවකදී කතාබහට ලක් කෙරිණි. සහරාන් විසින් ඇති කළ භීෂණය එක් පැත්තකින් උඩු දුවන්නට වුවද අරාබිකරණය ඊට බොහෝ කලකට පෙර සිටම මෙහි පැළපදියම්ව පැවැති බවට සාධක මතු විය.
අනෙකක් තබා කාත්තන්කුඩිය පොලිසියේ පවා අරාබි අක්ෂර භාවිතයට මුල් තැනක් දී තිබුණි. තවත් රජයේ ආයතන කිහිපයකම අරාබි අක්ෂර භාවිතයට මුල් තැනක් දී තිබුණි.
අරාබිකරණය හා අරාබි අක්ෂර භාවිතය නොකළ යුතු බවට නීතිමය වශයෙන්ද යම් ප්‍රතිපත්තීන් ගෙන ඇත.
ඒ අනුව අරාබි භාෂාවෙන් ඇති සියලු නාමකරණ ඉවත් කළ යුතුයැයි නීති පනවා ඇත. ඒ බව ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා ඇතත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රදේශීය හා නගර සභා විසින් මේ වන තුරුත් ඉවත් කර නැත.
කාත්තන්කුඩියේ මේ අරාබි අක්ෂර භාවිතය දැන් කතා බහට ලක් වී අවසානය. අප දැන් කල්පනා කඵ යුත්තේ අරාබි අක්ෂර මෙරට ප්‍රධාන භාෂා තුනම ඉක්මවා මේතරම් භාවිතයට කාත්තන්කුඩිය උනන්දු වන්නේ ඇයි ද යන්න සොයා බැලීමටයි. භාවිතයක් සිදු නොවන්නේ නම් අරාබි අක්ෂර එතරම් මුල් තැනකට පත් නොවේ. අපි ඒ ගැන සොයා බලනු පිණිස කාත්තන්කුඩියේ විමර්ශනයක යෙදුණෙමු.
එහිදී අපට දැන ගන්නට ලැබුණේ කාත්තන්කුඩිය අරාබිකරණය කිරීම පිණිස එසේත් නැත්නම් එහි අරාබි භාෂාව ව්‍යාප්ත කිරීම පිණිස පෞද්ගලික මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන, අධ්‍යාපන ඇකඩමි කාත්තන්කුඩියේ ආරම්භ කර තිබෙන බවයි. අරාබි භාෂාවෙන් අනෙක් ජනතාව අපහසුතාවට මෙන්ම මුස්ලිම් නොවන ජනතාව සියලු දෙනා මිථ්‍යා දෘෂ්ටිකයින් බව සලකා ඔවුන් ඉවත් කළ යතු බවට සහරාන් දැක්වූ ආකල්පයට සමාන ආකල්මපමය අදහස් මේ අධ්‍යාපන ආයතන තුළින් ප්‍රචලිත කිරීම සිදු කෙරේ.
මේ ආකාරයේ අරාබි භාෂාව ප්‍රචලිත කිරීමේ මෙන්ම අරාබිකරණය පිළිබඳ සැලසුම් පෙන්වා දෙන උසස් අධ්‍යාපන හා අධ්‍යාපන ඇකඩමි 7ක් කාත්තන්කුඩියේ ස්ථාපිත කර ඇති අතර එයින් සැලකිය යුතු අධ්‍යාපන ආයතන ඇකඩමි ප්‍රමාණයක් ඇත්තේ කාත්තන්කුඩිය වෙරළ (Beach Road) පාරේය.
එසේම සහරාන් විසින් කාත්තන්කුඩිය මුහුදු වෙරළ ආසන්නයේ පවත්වාගෙන ගිය අරාබි භාෂාව හරහා අදහස් වෙනස් කිරීමේ හෙවත් මොළ සෝදනය පිළිබඳ පල්ලිය ද මෙසේ අරාබි භාෂාව ප්‍රචලිත කිරීමේ අධ්‍යාපන ආයතනයකි. එහි කිසිදු නාම පුවරුවක් හෝ නොමැතිව සාමාන්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එයට සම්බන්ධ වන්නන් පූර්ණ අරාබි භාෂා දැනුම ලැබූවන් විය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණි.
අරාබි භාෂා ව්‍යාප්තියට අරඹා ඇති මේ ඇතැම් අධ්‍යාපනය ආයතනවල දැක්ම ලෙස දක්වා ඇත්තේ අරාබි සහ ඉංගිරිසි පමණක් උගත යුතු බවයි.
අපි කාත්තන්කුඩියේ වෙරළ පාරේ ඇති අධ්‍යාපන ආයතන සොයා ගියෙමු. එහි එක් තැනක අපට දැක ගැන්මට හැකි වූයේ ‘සිටි කැම්පස්‘ ආයතනයයි. එහි නාම පුවරුවේ පළමුවෙන්ම ඉංගිරිසි භාෂාවෙන් CITY CAMPUS යනුවෙන් දක්වා ඇති අතර දෙවනුව දෙමළ භාෂාවෙන්ද දක්වා ඇති අතර තුන්වැනුව දක්වා ඇත්තේ අරාබි භාෂාවෙනි. අවසානයට දක්වා ඇත්තේ සිංහල භාෂාවෙන් ‘සිටි කැම්පස්‘ යනුවෙනි.
එතැනම ‘Centre for Islamic Guidance‘ යනුවෙන් දක්වා ඇති DARUL ARQAM FOR ISLAMIC PRESENTATION අධ්‍යාපන ආයතනයේ පළමුව නාමකරණයන් දක්වා ඇත්තේ අරාබි භාෂාවෙනි. දෙවැන්න ඉංගිරිසි භාෂාවෙන් වන අතර අවසානයේ දෙමළ භාෂාවෙන් දක්වා ඇත.
එම මාර්ගයේම ඇති AL-MANAR INSTITUTE ආයතනයේ පළමුව අරාබි භාෂාවෙන් හා දෙවනුව ඉංගිරිසි භාෂාවෙන් දක්වා ඇත. එහි දෙමළ භාෂාවෙන් හෝ කිසිදු වචනයක් දක්වා නැත. මේ අධ්‍යාපන ආයතනවලට අමතරව වෙරළ පාරේ අවසානයේ මුහුදු වෙරළට සමීපව ඇති අරාබි සලකුණු අසලම ස්ථාපිත MASJITHUL AYISHA BINTH ABOOBACKCKAR නම් ආගමික ස්ථානයද අරාබි භාෂාව හා ආගම් විකෘති කරන ආයතනයක් වන අතර එහි පළමුවෙන් අරාබි භාෂාවෙන් හා දෙවනුව ඉංගිරිසි භාෂාවෙන් නම් කර ඇත. එහිද දෙමළ භාෂාවෙන් කිසිදු වචනයක් හෝ සඳමන් කර නොමැත. එය ඉඳිකර ඇත්තේ සහරාන්ගේ අන්තවාදී ආගමික ප්‍රචාරයන් සිදු කළ පල්ලිය ආසන්නයේමය. සහරාන්ගේ පල්ලියට මේ වන විට කාත්තන්කුඩි පොලිසියේ ආරක්ෂාව යොදවා ඇති අතර එය ජාතික බුද්ධි කාර්යාංශය මඟින් පරීක්ෂණ පවත්වන ස්ථානයකි. එයට කිසිවකුට ඇතුළු වීමට අවසර නැත.
පල්ලිය ඇතුළත ජාතික තවුහිත් ජමාද් තොරතුරු ප්‍රචාරණය කළ සියලු ප්‍රචාරක උපකරණ මෙන්ම තවමත් විවෘත නොකළ ශබ්ද රුපියල් කෝටි ගණනක් වටිනා නවීන විකාශන යන්ත්‍ර රැසකි.
එය තුළ අරාබි භාෂාවෙන් පමණක් මුද්‍රණය කළ ආගමික ප්‍රචාරණ තොරතුරු පොත් හා අන්තවාදී අදහස් ඇතුළත් පොත් රැසකි. එම කෘතිවලින් වැඩි ප්‍රමාණයක් කෘති මුද්‍රණය කර ඇත්තේ කොටුව මුද්‍රණාලයකිනි. එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ පිටකොටුවේය.
කෘතිවල දක්වා ඇති එය Hathee Book Depot නම් ආයතනයක් බවයි. එහි ප්‍රධාන කාර්යාලය කොළඹ 11 පිටකොටුව දෙවන හරස්වීදියේ අංක 52/7 ස්ථානයේ පිහිටා ඇති බවත් ශාඛා කාර්යාලය කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස්හි අංක 222 ස්ථානයේ පිහිටා ඇති බවත් අපට එහි තිබූ කෘතිවලින් දැනගත හැකි විය.
මේ ඇතිම් කෘතිවල අන්තවාදී අදහස් බහුලව ඇති අතර කාත්තන්කුඩියේ බහුතර අධ්‍යාපන ආයතනවල මේ අන්තවාදී කෘති අනිවාර්යෙන් භාවිත කළ යුතු බවට නියම කර ඇත. පසුගිය වසරකට අධි කාලයක් තිස්සේ තවුහිද් ජමාද් අන්තවාදීන් මේ අන්තවාදී කෘති පල්ලි තුළ ජනතාවට විශේෂයෙන් තරුණ කණ්ඩායම්වලට භාවිත කිරීමට උපදෙස් ලබා දී ඇති බව අපට අනාවරණය විය.
ඒ හරහා කුඩා දරුවාගේ සිට ‘මුස්ලිම් ජාතික ඉස්ලාම් දහම අදහන්නන් පමණක් සිටිය යුතුය‘ යන අන්තවාදී අදහස් මනසට කාවැද්දීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් අපි කොළඹ 11 පිහිටි Hathee Book Depot ආයතනයෙන් විමසුවෙමු. ඔවුන් පැවසුවේ තම ආයතනය අරාබි භාෂාවෙන් මුද්‍රණය කරන්නේ කුරාණය පමණක් බවත් එහි කවරයේ අනිවාර්යෙන්ම කුරාණය බවට මුද්‍රණය කර ඇති බවයි. එහෙත් මේ එකදු කෘතියක එය කුරාණය බව සඳහන් කර නැති අතර අදාළ ග්‍රන්ථ මොනවාද යන්න හෝ සඳහන් කර නැත.
මෙම අධ්‍යාපන ආයතන පැවැතීම ජාතීන් අතර සංහිඳියාවට පමණක් නොව ජාතික ආරක්ෂාවට පවා තර්ජනයකි. අපි එක් අධ්‍යාපන ආයතනයක දේශන අවසන්ව දූ දරුවන් පැමිණෙන තුරු බලා සිටියෙමු. පැයකට අධික කාලයකට පමණ පසුව AL-MANAR INSTITUTE ආයතනයෙන් පිරිමි දරුවන් 15 දෙනකු පමණ පිටතට පැමිණි මුත් එහි සිටි ආරක්ෂක නිලධාරියකු අපට පැවසුවේ එම දරුවන් සමඟ කතා නොකරන ලෙසයි. අප මාධ්‍ය මඟින් බව දැන්වූවත් දරුවන්ගේ ඡායාරූප නොගන්නා ලෙස අපට දන්වා සිටියේය.
එළියට පැමිණෙන දරුවන් හමුවට ගිය ඔහු රහසින් අප ගැන යමක් පැවසූ බවට අපට පෙනුණි. එම නිසා අප ගේට්ටුව ආසන්නයේම බලා සිටියදීම ඉතා ඉක්මනින් ඒ දරුවන් අප ඉදිරියෙන් ගමන් කරන්නට වූ අතර අපි ඔවුන් පසුපස ගොස් මඟ පෙන්වන්නකු හරහා කතා කරන්නට උත්සාහ කළ නමුත් ඇතැම් අය දුවන්නට පවා උත්සුක වූහ. අපිද ඉක්මන් ගමනින් ඔවුන් පස පස යන්නට වූ අතර එක් සිසුවකුගේ අත තිබු ප්ලාස්ටික් ෆයිල් කවරයකින් එළියට පත්‍රිකා කිහිපයක් බිම වැටුණි. ඒ බව නොදත් ඔහු දිව ගියේය. බිම වැටුණු පත්‍රිකාව අහුලා ගත් අපට එය සම්පූර්ණයෙන්ම අරාබි භාෂාවෙන් මුද්‍රණය කළ නිබන්ධනයක් බව පැහැදිලි විය. අරාබි භාෂාවෙන් එහි ඇති දේ ගැන නොදන්නා නිසා අපි එය ප්‍රවේශම් සහිතව අරගෙන තැබුවෙමු.
සහරාන් නොමැතිව වුත් කාත්තන්කුඩියේ අන්තවාදීන් තවමත් තම කාර්යයන් සිදු කරනා බවට මේ සිදුවීම් හරහා ඉතා පැහැදිලිය. සහරාන්ගේ පල්ලිය අසලම යුද හමුදා අනු ඛණ්ඩයක් ඉඳි කිරීමට පසුගියදා පියවර ගත්තේය.
ඒ නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ උපදෙස් මත 24 වන සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාගේ අධීක්ෂණයෙන් යුක්තවය.
එසේ හෙයින් ඒ ඉදිරිපිට ඇති MASJITHUL AYISHA BINTH ABOOBACKCKAR ආගමික ස්ථානයේ මේ වන විට අන්තවාදී කටයුතු සිදු නොකරනු ලබන බව දැනගත හැකි විය. ආරක්ෂාව ඇති විට ඇග බේරා ගෙන කටයුතු කරනු ලබන මේ අන්තවාදී ප්‍රවාහයන්ගෙන් සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ජන කොටස් බේරාගෙන රට ඒකීය සංකල්යක් යටතේ සියලු ජනකොටස්වලට එක්ව සාමයෙන් යුතුව ජීවත් වීමට හැකි වන පරිදි වටපිටාවක් ඇති කරලීමට නම් අන්තවාදී ආයතන හා ඒවා පවත්වාගෙන අන්තවාදී අදහස් පතුරුවා හරින අය වහ වහා දුරැලිය යුතුය.
බහුතර මුස්ලිම් ජාතිකයින් පවා විරුද්ධත්වයක් දක්වන මේ අන්තවාදය පැතිරවීම වහාම නතර නොකළහොත් යළිත් විනාශයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇත. කන්‍යාවියන් 72 දෙනකු සමඟ දිවිය ගත කළ හැකි බවට සහරාන් පල්ලියේදී සපථ කළ පමණින් එය පිළි ගන්නට එකඟ වූ අය නොමැති බව අපට එහිදී දැන ගත හැකි විය.
සාමාන්‍ය මද්‍රසා ආයතන හෝ වෙනත් අධ්‍යාපනික ආයතන මෙන් පෙන්වන්නට උත්සාහ ගත්තද දෙමළ භාෂාව පවා අත්හැර අරාබි හා ඉංගිරිසි භාෂාවට පමණක් මුල් තැන දී කටයුතු කිරිමෙන් ඒ බව ඉතා පැහැදිලිව පෙනී යයි. අප ඉහත සඳහන් කළ අධ්‍යාපන ආයතනවලින් DARUL ARQAM FOR ISLAMIC PRESENTATION, AL-MANAR INSTITUTE හා MASJITHUL AYISHA BINTH ABOOBACKCKAR ආයතනවල දෙමළ භාෂාව පවා අත් හැර ඇත. ඒ අනුව අරාබි භාෂාවට මුල් තැනක් ලබා දී සිටීමෙන් මේ අන්තවාදය පැහැදිලිව පෙනී යයි. අරාබි භාෂාවෙන් නාමකරණ පවා තහනම් කර තිබියදී මේ අයුරින් අරාබි හා ඉංගිරිසි පමණක් මුල් කරගෙන කටයුතු කිරීමෙන් අපට එය වටහා ගැනීම අපහසු නැත.
මේ තත්ත්වය තවත් උඩු දුවනතාක් නොසිට අදම ඒ සඳහා විසඳුම් සොයා ගත යුතුය. වෙනත් අධ්‍යාපනික ආයතන ලෙසින් මේ ආයතන පවත්වාගෙන ගියද ඒ හරහා මතු කරනු ලබන ජාතිවාදය හා අන්තවාදය ගැන ඒ ප්‍රදේශවල ජනතාව හොඳාකරවම දනිති. එම නිසා තවත් සහරාන්ලා බිහිවීමට පෙර මේ ආයතන ගැන රහස් විමර්ශනයක් කළ යුතුය.
එයට හේතුව ඔවුන් කිසිදු අන්තවාදයක් අරාබි ක්‍රමවේදයක් රටට හෝ නගරයට පෙනෙන්නට නොකරනු ලබන හෙයිනි. එහෙත් මේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරනු ලබන සියලු දෙනා අරාබි භාෂාවෙන් උගත් යුතු ය.
අරාබි භාෂාවෙන් කටයුතු කිරීම අනුමත නොකළ අවස්ථාවක පෞද්ගලික ආයතන හරහා සිදු කරන මේ ව්‍යසනය නැවැත්වීමට වහාම කටයුතු කළ යුතු වේ. ඇතැම් අධ්‍යාපන ආයතනවල දෙමාපියන්ට පවා නොදැනෙන සේ මේ අරාබි සංස්කෘතිය ඇගට දැමීමට කටයුතු කරනු ලබන අතර දරුවන් අඥාන අන්තවාදීන් වීමට පෙර මේ අන්තවාදී අදහස් වපුරාලන අධ්‍යාපන ආයතන සම්බන්ධව රහස් විමර්ශනයන් කර ඒ සම්න්ධව කටයුතු කළ යුත්තේ ඒ ආයතන කිසිවක් ප්‍රසිද්ධියේ නොකරනු ලබන හෙයිනි.
සේයාරූ - විමල් කරුණාතිලක