
මුද්‍රණය බාර දීලා තියෙන්නේ'පාසල් පවුල්' ඒකකවලට
පිට වී ඇති බව දැන-දැනම විභාගයත් පවත්වලා!
වාර විභාගයක් කියන්නේ ජාතික තලයට පුහුණු වීමක්. ළමයි මේවාට හුරු වෙනවා කියන්නේ හරිම අපරාධයක්. සාමාන්‍ය පෙළ විභාගයට තව තියෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයක්. මේ නිසා මේක සිසුන්ට නරක පූර්වාදර්ශයක්. ටියුෂන් ගුරුවරුන් හෝ ටියුෂන් කරන පාසල් ගුරුවරුන් තමයි මේ දේවල් කරන්න ඇත්තේ කියා අපි විස්වාස කරනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන බස්නාහිර පළාත් සිසුන්ගේ වාරයේ ප්‍රශ්න පත්‍ර ගණනාවක් විභාගයට පෙර ‘වට්ස් ඇප්‘ ඔස්සේ හුවමාරු වූ පුවත වාර්තා වූයේ පසුගිය සතියේය. කනගාටුවට කරුණ නම් වාර විභාගයට පෙර ඒ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් වුවද එය වැළැක්වීමට හෝ ඊට නිසි පිළියම් යෙදීමට ඔවුන් අපොහොසත් විමය.
එසේ පිට වී ඇත්තේ එක් ප්‍රශ්න පත්‍රයක් පමණක් නොවේ. බස්නාහිර පළාතේ ජාතික හා පළාත් පාසල් 1200ක පමණ 10 හා 11 වසර සිසුන් පෙනී සිටින ඉතිහාසය, ගණිතය, විද්‍යාව, පෙරදිග සංගීතය, නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි පළමු හා දෙවැනි ප්‍රශ්නපත්‍ර එලෙස විභාගයට පෙර ‘වට්ස් ඇප්‘ මාර්ගයෙන් ප්‍රසිද්ධ වී තිබේ.
එයින් අසරණ වූයේ සාධාරණ ක්‍රමයට විභාගයට මුහුණ දීමට සිටි සිසු පිරිසටය. මන්ද ඒ වන විට බස්නාහිර පළාතේ බහුතරයක් සිසුන් විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍ර දැක තිබුණා පමණක් නොව පිළිතුරු පත්‍රද ඒ සමඟම නිකුත් වීම නිසා ඒ සිසුන් විභාගයට පෙනී සිටියේ දැඩි ප්‍රීතියෙනි. එය වැරැදි පූර්වාදර්ශයකි.
දැන් පළාත් අධ්‍යාපන බලධාරීහු කලබල වී සිටිිති. ඔවුන් එසේ කලබල වී සිටින්නේ සියලු විභාග කටයුතු අවසන් වීමෙන් පසුවය. අද සමාජ මාධ්‍ය ජාලා නොබලන කෙනෙකු නැත. එහෙත් බලධාරීන්ට එවැනි තොරතුරු හමු නොවී තිබීම විශ්වාස කළ නොහැකි දෙයකි. සමහර පාසල් සිසුන් ප්‍රීතියෙන් පිනා ගොසින් අදාළ වට්ස් ඇප් පණිවිඩ ගුරුවරුන්ටද පෙන්වා ඇත. තාක්ෂණය දියුණු අවධියක එය දැනගත් වහාම ඊට අදාළ තින්දු තීරණ ක්ෂණිකව ගැනීමට නොහැකි නම් එයද සැලකිය යුත්තකි. නමුත් ඒ සියලු දේ වන තෙක් බලා සිටි මේ බලධාරීහු දැන් ඒ ප්‍රශ්න පත්‍ර අවලංගු කිරීමේ තීරණයක යෙදෙමින් සිටිති.
වාර්තා වන අන්දමට බස්නාහිර පළාත් සභාවට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්නට මුදල් නැති බව සැලය. නමුත් දරුවන්ගේ කටයුත්තක් වෙනුවෙන් වියදම් කරන්නට මුදල් නැතැයි කියන පළාත් සභාවට කෝටි ගණනේ වාහන ගන්නට, වැසිකිළි තනන්නට, පුටු ගන්නට, විදේශ සංචාර යන්නට ඇති තරම් මුදල් ඇත. වාර්තා වන අන්දමට ඒ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇත්තේ කිසිදු රහස්‍ය හා ආරක්ෂිත බවකින් තොරවය.
බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් නියෝජනය කරමින් ‘පාසල් පවුල්‘ ඒකක පිහිටුව තිබේ. වාර විභාග ප්‍රශ්න පත්‍ර අඩංගු සිඩී තැටි පළාත් අධ්‍යාපන කාර්යාලය විසින් කලාප කාර්යාලවලට භාර දෙන අතර අදාළ කලාපය මුද්‍රණය භාර දෙන්නේ ඒ ඒ ‘පාසල් පවුල්‘ ඒකකවලට ය. එවැනි අනාරක්ෂිත ක්‍රම ඔස්සේ එම රහස්‍ය ලේඛන පිට වී ඇතැයි වාර්තා වෙයි. වාර්තා වන අන්දමට කොළඹ, ජයවර්ධන පුර, කැලණිය, ගම්පහ අධ්‍යාපන කලාපවලින් ප්‍රශ්නපත්‍ර පිට වී තිබේ.
“අපිට ආරංචි කොළඹ, ජයවර්ධන පුර, කැලණිය, ගම්පහ අධ්‍යාපන කලාපවලින් පිට වී ඇති බව. දෙවන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්නේ පාසල් පවුල් ඒකකවලින්. දැනගත් පසු හැකි පමණින් විකල්ප ප්‍රශ්න පත්‍ර ලබා දෙන්නට කටයුතු කළා. ගත යුතු පියවර කුමක්ද යන්න අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කෙරෙනවා....“ එසේ පැවැසූයේ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතාය.
ඒ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්. ජී විජයබන්දු මහතා පැවැසූයේ පිට වී ඇති ප්‍රශ්න පත්‍රවලට අදාළ විභාග නැවතත් පැවැත්වීමට කටයුතු කරන බවයි.
“විභාගයක රහස්‍ය බව අවශ්‍යයි. ඒත් අපිට පළාත් දෙපාර්තමේන්තුවේ මුදල් නැහැ. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන්න විශාල මුදලක් යන නිසා තමයි අපි මේ කටයුතු පර්ෂද මට්ටමින් කරන්නේ. පිටවූ ප්‍රශ්න පත්‍රවලට අදාළ විභාග නැවතත් පැවැත්විය යුතුයි. එසේ නොකර සිසුන්ගේ ගුණාත්මක බව මනින්න බැහැ. අපේ පළාතේ පාසල් 300ක් විතර තියෙනවා, වහල දිරලා. ලැබෙන මුදල් වියදම් කරන්නෙත් අරපිරිමැස්මෙන්. අධ්‍යාපන විෂයට කප්රුක තිබුණත් මදි යන වියදම්වල හැටියට. කෙසේ වෙතත් ඉදිරියේදි අපි කලාපවලට හෝ පාසල් වලට මේ කටයුත්ත විධිමත්ව කරන්න ඉඩ දෙනවා...“ ඒ ලේකම්වරයාය.
සිද්ධිය සම්බන්ධව අදහස් දැක්වූ ගුරුවරුන් පවැසූයේ මෙවැනි කටයුතු හේතුවෙන් දරුවන්ට විභාගය සම්බන්ධයෙන් ඇති විස්වාසය පලුදු වන බවයි.
“වාර විභාගයක් කියන්නේ ජාතික තලයට පුහුණු වීමක්. ළමයි මේවාට හුරු වෙනවා කියන්නේ හරිම අපරාධයක්. සාමාන්‍ය පෙළ විභාගයට තව තියෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයක්. මේ නිසා මේක සිසුන්ට නරක පූර්වාදර්ශයක්. ටියුෂන් ගුරුවරුන් හෝ ටියුෂන් කරන පාසල් ගුරුවරුන් තමයි මේ දේවල් කරන්න ඇතතේ කියා අපි විශ්වාස කරනවා.“ ඒ ඉතිහාසය විෂය පිළිබඳ ගුරුවරයෙකු වන අනුර බටගොඩ මහතාය.
කෙසේ වෙතත් සියල්ල වී අහවරය. පිටවූ ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී සිසුහු නිවාඩුද ලබාගෙන අවසන්ය. මෙහි වැරද නිවැරදි කළ යුත්තේ යළිත් එවැන්නක් සිදු නොවීමටය.