
සරුංගලේ සරුංගලේ
කොයි යන්නේ හිමින් සැරේ
සුළං හොයා යනවාදෝ
මගෙ ලස්සන සරුංගලේ
නොයෙක් නොයෙක් පාට යොදා
සැදුව මගේ සරුංගලේ
යන්න එපා මා හැරදා
මගේ පුංචි සරුංගලේ
නයෙක් වගේ පාවෙන
මගේ යාළු සරුංගලේ
ඔබ නැතිදා මට පාළුයි
මගේ පුංචි සරුංගලේ
මුළු අහසම ලස්සන වෙන
මගේ පුංචි සරුංගලේ
ඔබ නැතිදා සතුටක් නෑ
මගේ පුංචි සරුංගලේ
පී.එන්. පසන් උවිදු නානායක්කාර
7 ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රාරවින්ද්‍ර විද්‍යායතන පිරිවෙන,
පොල්ගොල්ල, ගොකරැල්ල