අභ්‍ය­ව­කා­ශයේ සිට පෘථි­වියේ බැංකුවලට ගිණුම්වලට රහසේ රිංගූ ගගනගාමියා | Page 3 | සිළුමිණ

අභ්‍ය­ව­කා­ශයේ සිට පෘථි­වියේ බැංකුවලට ගිණුම්වලට රහසේ රිංගූ ගගනගාමියා

ඈන් මැක්ලෙ­යින් සෝවුස් ෂට­ල­යෙන්  පෘථි­වි­යට පැමිණි අව­ස්ථාව
ඈන් මැක්ලෙ­යින් සෝවුස් ෂට­ල­යෙන් පෘථි­වි­යට පැමිණි අව­ස්ථාව

මේ පෘථි­වි­ත­ලය මත නීති විරෝධී ක්‍රියා කළ මිනි­සුන් ඕනෑ තරම්ය. එහෙත් වාස­නා­ව­කට මෙන් මේ දක්වා පෘථි­වි­යෙන් බැහැර අභ්‍ය­ව­කා­ශ­යේදී දැන දැන වැරදි කළ මිනි­සුන් වූයේ නැත. මේ දක්වා එසේ පැව­සිය හැකිව තිබු­ණද පසු­ගි­යදා නිව්යෝර්ක් නග­රයේ පොලිස් ස්ථාන­ය­කට ලැබුණු පැමි­ණි­ල්ලක් මත සියල්ල වෙනස් විය. ඒ පෘථිවි කක්ෂ­යෙන් බැහැර අභ්‍ය­ව­කා­ශ­යේදී මිනි­සකු විසින් සිදු කළ ප්‍රථම නීති විරෝධී ක්‍රියාව වාර්තා වීම හේතු­වෙනි.

මේ ක්‍රියාව සිදු කර ඇත්තේ ඈන් මැක්ලෙ­යින් නම් වන අභ්‍ය­ව­කා­ශ­ගාමි කාන්තා­වක විසිනි. ඇය නාසා ආය­ත­නය යටතේ වෘත්තියේ නිරත බවද සඳහන්ය. ඇය පසු­ගිය වස­රේදී මාස හයක කාල­යක් සඳහා අන්ත­ර්ජා­තික අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නට පැමිණි අව­ස්ථා­වේදී මේ නීති විරෝධී ක්‍රියාව සිදු කර තිබේ. අන්ත­ර්ජා­තික අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය යනු ලෝකයේ ප්‍රබල රට­වල් පහක් එක්ව පෘථි­වි­යෙන් එපිට අභ්‍ය­ව­කා­ශයේ පව­ත්වා­ගෙන යන පරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­න­යකි. එම රට­වල් පහ වන්නේ අමෙ­රි­කාව, රුසි­යාව, යුරෝ­පය, කැන­ඩාව සහ ජපා­න­යයි. මේ රට­වල් පහේ අභ්‍ය­ව­කා­ශ­ගා­මීන් වරින් වර සේවා මුර සඳහා අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය වෙත යවනු ලැබේ. ඈන් මැක්ලෙ­යින්ද අමෙ­රි­කාව නියෝ­ජ­නය කර­මින් නාසා ආය­ත­නය විසින් අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය වෙත යවනු ලැබූ අභ්‍ය­ව­කා­ශ­ගා­මී­නි­යකි.

ඇය පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 3වැනිදා මාස හයක් සඳහා අභ්‍ය­ව­කාශ ගත වී තිබේ. එහි ගත කරන අතර මේ මාස හයක කාලය තුළ ඇය අභ්‍ය­ව­කාශ යානා­ව­කින් තොරව අභ්‍ය­ව­කා­ශයේ ගමන් කිරීම හෙවත් අභ්‍ය­ව­කාශ පා ගම­න­කද නිරත වී තිබේ. ඒ තවත් අභ්‍ය­ව­කා­ශ­ගා­මි­යකු වන නික් හියුජ් සම­ගිනි. මේ වසරේ මාර්තු මාස­යේදී ඇයට තවත් පා ගම­නක් නිය­මිත වී තිබූ අතර ඒ තවත් අභ්‍ය­කා­ශ­ගාමී කාන්තා­වක වූ ක්‍රිස්ටිනා කොච් සම­ගිනි. කෙසේ වුවද අභ්‍ය­කාශ ඇඳු­ම්වල වාර්තා වූ නොගැ­ළ­පී­මක් හේතු­වෙන් මේ ගමන අව­ලංගු විය. එය සිදු­කි­රී­මට හැකි වූයේ නම් එය අභ්‍ය­ව­කා­ශ­ගාමී කාන්තා­වන් දෙදෙ­නකු විසින් අභ්‍ය­ව­කා­ශයේ සිදු කරන ලද ප්‍රථම පා ගමන ලෙස ඉති­හා­ස­ගත වීම­ටද අව­ස්ථා­වක් විය. මෙලෙස ඈන් මැක්ලෙ­යින් අන්ත­ර්ජා­තික අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නයේ තමන්ට ගෙවී­මට නිය­මිත වූ මාස හයක කාලය ගෙව­මින් සිටි­යාය. පසුව වාර්තා වූ පරිදි මේ කාලය තුළ ඇය එක්ව­රක් ඇයගේ පෙර සම­කාමී සහ­කා­රිය වූ සමර් වෝඩ්න්ගේ බැංකු ගිණු­මට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී තිබේ. ඒ සඳහා ඇය භාවිත කර තිබුණේ නාසා ආය­ත­නයේ මෘදු­කාංග ක්‍රියා­ත්මක වන පරි­ග­ණ­ක­යකි.

පසු­ගිය ජූනි 24වැනිදා ඈන් මැක්ලෙ­යින් පෘථි­විය බලා පැමි­ණියේ තමන්ට අන්ත­ර්ජා­තික අභ්‍ය­කාශ මධ්‍ය­ස්ථා­නයේ ගෙවී­මට නිය­මිත වූ මාස හයක කාලය සාර්ථ­කව නිම කර­මිනි. ඇය රැගත් සෝවුස් MS - 11 ෂට­ලය කස­ක­ස්ථා­නයේ ඈත පාළු ප්‍රදේ­ශ­ය­කට ආර­ක්ෂි­තව පතිත විය. එසේ ආර­ක්ෂි­තව පෘථි­වි­යට පැමි­ණෙන විට ඇය තවත් වාර්තා­ව­කට නොදැ­නු­ව­ත්වම හිමි­කම් කියා තිබු­ණාය. ඒ අභ්‍ය­ව­කා­ශ­යේදී මිනි­සකු විසින් කරන ලද ප්‍රථම නීති විරෝධී ක්‍රියාව සඳහා විත්ති­කා­රිය වෙමිනි.

සමර් වෝඩන් සහ  ඈන් මැක්ලෙ­යින්

ඇයගේ හිටපු සම­කාමී සහ­කා­රිය නිව්යෝර්ක් පොලී­සි­යට පැමි­ණිලි කර තිබුණේ ඇය නාසා ආය­ත­නයේ පරි­ග­ණක භාවිත කර­මින් තමන්ගේ බැංකු ගිණුමේ තොර­තුරු අන­ව­ස­ර­යෙන් ලබා ගත් බවයි. මෙහිදී ඈන් මැක්ලෙ­යින්ගේ නීති­ඥ­යන් එයට ප්‍රති­උ­ත්තර ලබා දී තිබුණේ තම සේවා­දා­යි­කාව ගිණු­මට පිවිසි නමුදු ඉන් එහා කිසිදු වංච­නික ක්‍රියා­වක නිරත වී නොමැති බවයි. එමෙන්ම මීට පෙර ඈන් ඇයගේ සහ­කා­රි­යගේ පුත්‍ර­යාට මුද­ලින් ආධාර කර තිබූ බවත් ඇය අභ්‍ය­ව­කා­ශයේ සිටි­මින් බැංකු ගිණුම පරීක්ෂා කිරීම තුළින් සමර් වෝඩ්න්ට තව­දු­ර­ටත් බිල්ගෙ­වීම ඇතුළු කට­යුතු සඳහා ප්‍රමා­ණ­වත් මුද­ලක් පව­තී­දැයි පරීක්ෂා කර බැලීම පම­ණක් සිදු කර ඇති බවත් නීති­ඥයෝ පවසා සිටි­යහ. ඈන් මැක්ලෙ­යින්ද තරයේ පවසා සිටියේ තමා කිසිදු වංච­නික ක්‍රියා­වක නිරත නොවූ බවයි.

කෙසේ වුවද මේ කතා කිසි­වක් මායිම් නොකළ සමර් වෝඩන් තව­දු­ර­ටත් නීතියේ පිහිට පත­මින් සිටින බව වාර්තා වේ. එයට අම­ත­රව ඇයගේ පවුලේ සාමා­ජි­ක­යකු නාසා ආය­ත­න­යට විරු­ද්ධ­වද පැමි­ණි­ල්ලක් ගොණු කර තිබුණේ නාසා ආය­ත­නයේ පරි­ග­ණක වැරදි ලෙස භාවිත කර ඇති බවට චෝදනා කර­මිනි. ඒ අනුව ඉදි­රි­යේදී ඈන්ට විරු­ද්ධව එල්ල වී ඇති චෝදනා විභා­ග­යට ගැනී­මට නිය­මි­තය.

අන්ත­ර්ජා­තික අභ්‍ය­කාශ මධ්‍ය­ස්ථා­නය පව­ත්වා­ගෙන යෑමට කට­යුතු කරන රට­වල් පහ එක්වී අභ්‍ය­ව­කා­ශ­යට බල­පාන නීති සම්පා­ද­නය කිරී­ම­ටද කට­යුතු කර තිබේ. මේ නීති සම්බ­න්ධ­යෙන් කට­යුතු කරන්නේ Global Space Law Center නම් වන ආය­ත­න­යක් මගිනි. එහි අධ්‍යක්ෂ ධූරය හොබ­වන මාක් සන්ඩල් පවසා තිබුණේ මීට පෙර අභ්‍ය­ව­කා­ශ­යේදී සිදු කරන ලද කිසි­යම් හෝ නීති විරෝධී ක්‍රියා­වක් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි ලැබී නොති­බුණ බවයි. ඒ අනුව ඈන් මැක්ලෙ­යින් ඉති­හාස ගත වුවද ඇය සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී ලැබී­මට නිය­මිත තීන්දුව ඇයගේ අනා­ග­ත­යට බල­පෑම් සිදු කිරී­මට සමත් වනු නොඅ­නු­මා­නය.

ඇය අභ්‍ය­ව­කා­ශයේ ගත කර­මින් පෘථි­වියේ බැංකු­වක ආර­ක්ෂිත පරි­ග­ණක පද්ධ­ති­යක් ඉක්මවා වෙනත් අය­කුගේ ගිණු­මක වාර්තා ලබා ගැනී­මට තරම් සම­ත්ක­මක් දැක්වූයේ කෙසේ­දැයි ගැට­ලු­වක් පැණ­නැ­ගිය හැකිය. එහෙත් අභ්‍ය­ව­කා­ශ­ගා­මි­යකු වීමට තරම් දක්ෂතා සහිත, අභ්‍ය­ව­කා­ශයේ ඇවිද යෑමට තරම් හැකි­යා­වක් සහිත පුද්ග­ල­යකු නූතන තාක්ෂ­ණික උප­ක­රණ අයථා ලෙස භාවිත කිරී­මට සම­ත්කම් දක්වන්නේ නම් එය විශේෂ දක්ෂ­තා­වක් නොව සාමාන්‍ය කරු­ණක්ම වනු ඇත.

Comments