පලෙයි දොස්තර හෙළි කරන මාරක විස්තර | Page 2 | සිළුමිණ

පලෙයි දොස්තර හෙළි කරන මාරක විස්තර

 

වෛද්‍ය­ව­රුන්ව සල­කන්නේ දේව­ත්ව­යෙනි. ඒ ඔවුන්ගේ රැකි­යාව ඉතා උත්ත­රී­තර රැකි­යා­වක් වශ­යෙන් ඇති පිළි­ගැ­නීම නිසාය. මිනි­සුන්ගේ පැත්තෙන් එම කාර­ණාව එසේ වූවත් විවිධ විස­මා­චාර හා පාප­තර ක්‍රියා සිදු කරන වෛද්‍ය­ව­රුන් පිළි­බඳ අපට නිර­න්ත­ර­යෙන් අස­න්නට ලැබෙයි.

 

කිලි­නො­ච්චියේ පලෙයි රෝහලේ සේවය කරන සින්න­යියා සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා ගැන මේ දින­වල කතා බහ කෙරෙන දේ බොහෝය. ඔහු අත්අ­ඩං­ගු­වට ගන්නා තුරුම පලෙයි ප්‍රදේ­ශයේ වැසි­යන්ට ඔහු දෙවි­යෙක් විය.

ඒ ඔහුගේ ගුප්ත ඉති­හා­සය පිළි­බඳ කිසි­වක් නොදන්න කිලි­නො­ච්චියේ අහිං­සක ජන­තාව ඔහු­ගෙන් පැතුවේ ප්‍රති­කාර පම­ණක් වීම නිසාය.

යුද හමුදා බුද්ධි අංශය සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් වහාම පලෙයි ජන­තාව රෝහල ඉදි­රි­පි­ටට පැමිණ උද්ඝෝ­ෂ­ණ­යක් කර­මින් ඉල්ලා සිටියේ සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා වහාම නිද­හස් කරන ලෙසයි.

සින්න­යියා සිව­රූ­බන්

හමු­දාව ඇතුළු ආර­ක්ෂක අංශ විසින් කරනු ලබන අත්අ­ඩං­ගු­වට ගැනීම් පිළි­බඳ බහුල අත්දැ­කීම් ඇති කිලි­නොච්චි වැසියෝ මේ අත් අඩං­ගු­වට ගැනීම පිළි­බඳ ද ආර­ක්ෂක අංශ­ව­ලට දොස් නැඟූහ.

සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන දින දෙකක් යෑම­ටත් පෙර යුද හමු­දාව පොලී­සිය හා පොලිස් විශේෂ කාර්ය බළ­කාය එක් වරම කිලි­නො­ච්චියේ වට්ට­කච්චි පළා­තට කඩා පැන්නේය. උදෑ­ස­නම ඔවුන් පරී­ක්ෂා­වට ලක් කළේ දෙමළ ජාතික සන්ධා­නයේ කිලි­නො­ච්චිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධ­රන් මහ­තාට හා ඔහුගේ සහෝ­ද­ර­යාට අයත් නිවාස හා ඉඩම් කීප­යකි.

ඊට විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කළ ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා වහාම කතා­නා­යක කාර්යා­ල­යට කතා කොට මේ සෝදිසි කිරීම නීති විරෝධී බවත් මේ නිසා තමන්ගේ ගෞර­ව­යට විශාල හානි­යක් සිදු වී ඇති බවත් දන්වා සිටි­යේය.

ඔහු තවත් අයට කතා කර­මින් සිටින විට අනෙක් දුර­ක­ත­න­යට ඇම­තු­මක් ලබා දුන්නේ ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­ර­යාගේ සහෝ­ද­ර­යාය.

''අයියා ඉක්ම­නට එන්න... මගේ වත්ත ඩෝස­ර­යක් දාලා ආමි එකෙ­නුයි පොලී­සි­යෙ­නුයි හාර­නවා. නඩු කාර­යත් ඇවිල්ලා ඉන්නවා. මොකද්ද කොළ­යක් මට දීලා අස්ස­න­කුත් ගත්තා'' යනු­වෙනි.

නමුත් ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා එහි නොගොස් මේ සිද්ධ වෙන ඇබැද්දි ගැන වග­කි­ව­යු­ත්තන්ට කරුණු කිය­න්නට ඔහුගේ කාලය වෙන් කළේය.

මේ අත­ර­වා­රයේ කිලි­නො­ච්චියේ දෙමළ මාධ්‍ය­වේ­දීන් ඉඩමේ හාරන දර්ශන ඡායා­රූප ගත කොට වහාම පැමි­ණියේ මන්ත්‍රී­ව­ර­යාගේ නිව­ස­ටය.

එහිදී කිසිදු පිළි­වෙ­ළක් නැති මාධ්‍ය හමු­වක් ලයිි­ල­හියේ පැවැ­ත්විණි. එහිදී ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා කියා සිටි­යේද මෙය නීති විරෝධී කැණී­මක් බවයි.

''හමු­දාව මේ සේරම දේවල් හාර හාර මොන­වදෝ හොය­නවා. මම මේක ගැන ඉහ­ළට කිව්වා. පළාතේ ආර­ක්ෂක ප්‍රධා­නීන් කිව්වේ අධි­ක­ර­ණයේ නියෝග ලබා­ගෙන මේ පරීක්ෂා කිරීම් කර­නවා කිය­ලයි. ඇයි මොන­ව­ටද පරීක්ෂා කරන්නේ ඇයි එහෙම කරන්නේ කියලා ඒ අය කිව්වේ නැහැ. මම මේ ගැන සඳ­හන් කරලා මගේ විරෝ­ධය පළ කරලා කතා­නා­යක කාර්යා­ල­යට ලියු­මක් යව­නවා.''

“මන්ත්‍රී­තු­මාගේ ඉඩම් ගෙවල් සෝදිසි කරන්න බැරි වුණාට මල්ලිගේ ඒවා එහෙම පරීක්ෂා කරන්න පුළු­වන් නේද?” යනු­වෙන් පෙරළා ප්‍රශ්න කිරී­මට තරම් හැකි­යා­වක් තිබූ දෙමළ මාධ්‍ය­වේ­දි­යෙක් එතැන සිටි­යේය.

ඒ ප්‍රශ්න­යට ඔහු පිළි­තුරු දීම වෙනු­වට කළේ ''අපි බල­මුකෝ එයාලා මොන­වද හොයන්නේ කියලා .ඊට පස්සේ ඔය ගැන කතා කරමු’’ යනු­වෙනි.

කිලි­නො­ච්චිය දිසා විනි­සු­රු­ව­රයා ඉදි­රි­යේදී බැකෝ යන්ත්‍ර­යක් යොදා­ගෙන වරු­වක්ම මන්ත්‍රී­ව­ර­යාගේ සහෝ­ද­ර­යාගේ ඉඩම තුළ කැණීම් කළත් හමු වූයේ පැරණි පොහොර උර කීප­යක් රෙදි කැබලි කීප­යක් පම­ණකි.

නමුත් ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­රයා ඉන් පසුව කිසි­වක් කීමට ගියේ නැත.

කිලි­නො­ච්චියේ ආර­ක්ෂක අංශ ප්‍රධා­නි­යෙ­කු­ගෙන් විමසූ විට ඔහු මේ ගැන කීවේ වෛද්‍ය සිව­රූ­බන් සමඟ ඉතා කිට්ටු සම්බ­න්ධ­යක් ශ්‍රීධ­රන්ට තිබුණ බවය. එබැ­වින් එම සෝදිසි කිරීම් සිදු කළ බවය. වෛද්‍ය­ව­රයා ටික කාල­යක් කිලි­නොච්චි රෝහ­ලේද සේවය කර තිබිණි.

අනෙක් කාර­ණාව නම් ශ්‍රීධ­රන් මන්ත්‍රී­ව­ර­යාගේ දේශ­පා­ලන කාර්යා­ලයේ තිබී යුද සම­යේදී විශාල පුපු­රන ද්‍රව්‍ය තොග­යක් හමු වී තිබී­මය. “මේ කාලෙදී ඔය සිව­රූ­බන් කියන වෛද්‍ය­ව­රයා සේවය කරලා තියෙන්නේ කිලි­නො­ච්චිය රෝහ­ලෙයි. මේ වෛද්‍ය­ව­ර­යාත් මන්ත්‍රී­ව­ර­යාත් අතර ඉතා දැඩි මිතු­රු­ක­මක් තිබිලා තිය­නවා.” නිල­ධා­රියා පැව­සීය.

“බුද්ධි අංශ සොයා­ගත් තොර­තු­රු­ව­ලට අනුව මේ වෛද්‍ය­ව­රයා යුද සම­යේදී කොටින්ට උදව් කොට තිබෙ­නවා. ඔහු ගිලන් රථ­වල ආධා­ර­යෙන් කොටි සංවි­ධා­න­යට අවශ්‍ය ආයුධ පුපු­රන ද්‍රව්‍ය ඒ ඒ තැන්ව­ලට ගෙනි­හින් දීලා තිය­නවා.”

“නමුත් දැන් ඒ තොර­තුරු සනාථ කර­ගැ­නීම ඉතාම දුෂ්ක­රයි. ඒත් එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නය කිලි­නො­ච්චිය අත ඇරලා ක්‍රම­යෙන් මුල­තිව් දෙසට යන කොට ඔවුන්ගේ පුපු­රන ද්‍රව්‍ය සහ අවි ආයුධ ගොඩාක් සඟ­වලා වළ­ලලා තියෙන්නේ කිලි­නො­ච්චියේ කියන කතාව ඇත්තයි.”

වෛද්‍ය­ව­ර­යාත් මන්ත්‍රී­ව­ර­යාත් දෙන්නම හිත­වත් නිසා මේ කොතැ­නක හරි ඉඩ­මක ඒවා වළ දමා තිබෙ­නවා යැයි කියන සැකය තමයි දැනට තියෙන්නේ. ඒ ගැන තවත් පරී­ක්ෂණ සහ විම­ර්ශන කර­ගෙන යනවා. ඉදි­රි­යේදී ලැබෙන තොර­තු­රු­ව­ලට අනුව අපි කැණීම් කරලා ඒ දේවල් සොයා­ග­න්නට හැකි වෙයි කියලා බලා­පො­රොත්තු වෙනවා.''

කිලි­නො­ච්චියේ ආර­ක්ෂක අංශ ප්‍රධා­නියා ඒසේ කතා කොට පැය විසි හත­රක් යෑම­ටත් පෙර යාප­නයේ අලි­යා­ව­ලෙයි ප්‍රදේ­ශයේ මුහු­දෙන් ප්ලාස්ටික් පුපු­රන ද්‍රව්‍ය කිලෝ පහ­ළො­වක ප්‍රමා­ණ­යක් හමු විය. ඉතා සුර­ක්ෂි­තව ප්ලාස්ටික් බැර­ල­යක දමා මුහුද යට සඟවා තිබූ මේ පුපු­රණ ද්‍රව්‍ය පිළි­බඳ පොලිස් ත්‍රස්ත මර්දන ඒක­ක­යට තොර­තුරු සපයා ඇත්තේද ශිව­රූ­බන් වෛද්‍ය­ව­රයා විසිනි.

ඒ පුපු­රන ද්‍රව්‍ය පිළි­බඳ සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා ආර­ක්ෂක අංශ වලට ප්‍රකාශ කරද්දී ඔහු පවසා ඇත්තේ පුපු­රන ද්‍රව්‍ය අඩංගු පාර්ස­ල­යක් තමන් නොදන්නා පුද්ග­ල­යෙකු විසින් ඔහුගේ නිව­සට රැගෙන විත් තිබු බවය.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහා­ර­යෙන් පසුව තමන් බියට පත් වූ නිසා ඒම පුපු­රන ද්‍රව්‍ය පාර්ස­ලය මුහු­දට වීසි කළ බවද ඔහු විසින් ආර­ක්ෂක අංශ­ව­ලට කියා සිටි­යත් එය කිසි­සේත්ම විශ්වාස කළ නොහැකි කතා­වක් බව යාප­නයේ ආර­ක්ෂක අංශ කියා සිටී.

වෛද්‍ය­ව­ර­යාගේ ප්‍රකා­ශය මත පොලිස් ත්‍රස්ත මර්දන ඒක­කයේ නිල­ධා­රීහු පිරි­සක් යාප­නයේ අලි­යා­ව­ලෙයි ප්‍රදේ­ශය බලා පැමි­ණි­යහ. යාප­නයේ අලි­යා­ව­ලෙයි මුහුදු ප්‍රදේ­ශ­යට පැමිණි නමුත් ඔවුන්ට මුහුද යට කිමිදී එම පුපු­රන ද්‍රව්‍ය සොයා­ගැ­නීම අසීරු නිසා නාවික හමුදා නිල­ධා­රීන්ගේ සහාය මත එම පුපු­රන ද්‍රව්‍ය ගොඩ ගැනී­මට හැකි විණි.

කිලි­නො­ච්චිය පලෙයි ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබු වෛද්‍ය­ව­රයා දැනට සිටින්නේ යාප­නය පොලී­සියේ ත්‍රස්ත මර්දන ඒක­කය යට­තේය. සිව­රූ­බන් වෛද්‍ය­ව­ර­යාගේ වැමෑ­රීම මත ඔහුගේ ගම් ප්‍රදේ­ශය වූ පලෙයි ප්‍රදේ­ශ­යෙන් පොලිස් ත්‍රස්ත මර්දන ඒක­ක­යට තවත් අවි ආයුධ සහ පුපු­රන ද්‍රව්‍ය තොග­යක් සොයා­ගැ­නී­මට හැකි වී තිබේ.

පලෙයි කර­න්ඩිය ප්‍රදේ­ශයේ පොල් ඉඩ­මක පොල් අතු ගොඩක් යට සඟවා තිබු එම පුපු­රන ද්‍රව්‍ය අතර AK 47 වර්ගයේ ගිනි අවි­යක්, මැග­සින් 2ක්, සජීවි පත­රොම් 120ක්, ජීව අත්බෝම්බ 11ක්, PE 10 බවට සැක කරන පුපු­රන ද්‍රව්‍ය කිලෝ 10ක් තිබූ බව යාප­නය පොලී­සියේ ත්‍රස්ත මර්දන ඒක­කයේ නිල­ධා­රීහු කියයි. එම ආයුද තිබී ඇත්තේ පොලි­තින් උර­වල බහා ආර­ක්ෂා­කා­රි­වය. මෙයට පෙර එල්.ටී.ටී.ඊ සැක­ක­රු­ව­න්ගෙන් සොයා­ගන්නා ආයු­ධ­වල නොද­කින ලක්ෂණ එම ආයු­ධ­වල තිබී ඇත. එමෙන්ම AK 47 ගිනි අවියේ අනු­ක්‍ර­මික අංකය මකා තිබී­මය. අත්බෝම්බ 11 ඛාණ්ඩ අංක මකා දමා තිබී­මය. එය මේ වන විට සැක­යට තුඩු දෙන කාර­ණ­යක් වී තිබේ.

එසේම දුර­ද­ක්න­යක් ඇතුළු තවත් දේපළ කිහි­ප­යක් සොයා­ගැ­නී­මට ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට හැකි වී ඇත.

වෛද්‍ය­ව­ර­යෙකු වශ­යෙන් සේවය කළ සින්න­යියා සිව­රූ­බන්ට මේ අවි ආයුධ හා පුපු­රන ද්‍රව්‍ය අවශ්‍ය වූයේ මන්දැයි යන ප්‍රශ්නය සම්බ­න්ධ­යෙන් විවිධ කතා පැතිර යමින් පවතී.

මේ කතා වස්තු අතර මුලින්ම කිය­වෙන්නේ මිය­ගිය එල්.ටී.ටී.ඊ.සංවි­ධා­න­යට පණ පොව­න්නට ඔහු කට­යුතු සූදා­නම් කර­මින් සිටි බවයි. නමුත් මේ ස්වල්ප ප්‍රමා­ණ­ය­කින් අවි ආයුධ හා පුපු­රන ද්‍රව්‍ය තැන් තැන්වල සඟවා තබා ඔහුට යළි එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නය වැනි සංවි­ධා­න­යක් ගොඩ නැඟිය හැකිද යන්න විශාල ප්‍රශ්න­යකි.

නමුත් එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නය දොරේ අප්පා වැන්න­වුන් ඝාත­නය කරන විට ඔවුන් සතුව තුබුණේ මිලි­මී­ටර් නවය වර්ගයේ පිස්තෝල හා බෝර දොළහ වර්ගයේ තනි කානුවේ තුවක්කු නිසා සිව­රූ­බන් වෛද්‍ය­ව­ර­යාට එසේ කිරී­මට බැරි කමක් නැතැයි යන තර්ක­ය­ටද පැමි­ණිය හැකිය.

සින්න­යියා ශිව­රූ­බන් වෛද්‍ය­ව­රයා පිළි­බඳ ආර­ක්ෂක අංශ සොයා­ගෙන ඇති කරු­ණු­ව­ලට අනුව ඔහු එල්.ටී.ටී.ඊ.සංවි­ධා­න­යට දර­දිය ඇද ඇත්තේ ඔහු වෛද්‍ය උපා­ධිය ලබා­ගැ­නී­ම­ටත් පෙර සිටය.

එකල එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නයේ ප්‍රබල චරි­ත­යක් වූ කරුණා අම්මාන්ගේ දැඩි හිත­ව­තෙකු වූ මේ පුංචි කොලු ගැටයා එල්.ටී.ටී.ඊ යටත් උදව් කර­මින් ඉගෙ­න­ග­නි­මින් කෙසේ හෝ වෛද්‍ය­ව­ර­යෙකු වී තිබේ. වෛද්‍ය වෘත්ති­යට පත් වීමෙන් පසුව ඔහුගේ සේවය උතුරු පළා­තට යොමු වී ඇති අතර මේ කාල­යේදී ඔහු එල්.ටී.ටී.ඊ.සංවි­ධා­නය සමඟ සමී­පව සිටි­මින් ඔවුන්ගේ අව­ශ්‍යතා ඉටු කොට තිබේ.

ඒ අනුව බලන විට ඔහුට යළි එල්.ටී.ටී.ඊ. සංවි­ධා­න­යට පණ දෙන්නට වුව­ම­නා­වක් නොති­බුණේ යැයි කීම­ටද නොහැ­කිය.

ශිව­රූ­බන් වෛද්‍ය­ව­ර­යා­ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ විදේ­ශීය රට­වල සිටින පිරිස්, කිලි­නො­ච්චියේ හා මුල­තිව්හි සිටින එල්.ටී.ටී.ඊ හිටපු සාමා­ජික සාමා­ජි­කා­වන් සම්බන්ධ කොට දෙන ලෙසට ඔහු­ගෙන් ඉල්ලී­මක් කළ බවයි. මුලින් තමන් ඊට අකැ­මැති වුවත් මර­ණීය තර්ජන එල්ල වූ නිසා ඔහු ඒ දේ ඉටු කළ බවද ඔහු විසින් ආර­ක්ෂක අංශ­ව­ලට පවසා තිබේ. නමුත් එයද යාප­නයේ ත්‍රස්ත මර්දන ඒක­කය ප්‍රති­ක්ෂේප කරයි.

මේ වෛද්‍ය­ව­රයා විදේ­ශීය රට­වල සිටින දෙමළ ඩය­ස්පෝ­රාව සහ කිලි­නොච්චි මුල­තිව් පළා­ත්වල සිටින එල්.ටී.ටී.ඊ. සාමා­ජික සාමා­ජි­කා­වන් අතර දම්වැ­ලක් සකසා දී තිබන බව සඳ­හන්ය.

මේ අතර වෛද්‍ය­ව­ර­යෙකු වශ­යෙන් ඔහු උතුරේ විශාල පිරි­සක් විදේශ ගත වීම සදහා ලිපි නිකුත් කොට තිබේ. ඔවුන් රෝගීන් වශ­යෙන් හඳුන්වා ඊට ප්‍රති­කාර ලබා­ගැ­නීම සඳහා විදෙස් රට­ව­ලට යෑමට වීසා සකස් කොට දී ඇත්තේද ශිව­රූ­බන් වෛද්‍ය­ව­රයා විසිනි.

හොඳ හොඳ සෙල්ලම් එළි­වෙන ජාමයේ කීවා සේ සිව­රූ­බන් වෛද්‍ය­ව­ර­යාගේ අලුත්ම හෙළි­ද­රව්ව වී ඇත්තේ පිරි­සක් කරුණා අම්මාන්ව ඝාත­නය කිරී­මට සූදා­නම් කොට ඇතැයි කියන කතා­වයි. මේ වෛද්‍ය­ව­ර­යාට එල්.ටී.ටී.ඊ.සංවි­ධා­නය සමඟ සබ­ඳ­කම් පැවැ­ත්වී­මට උදව් උප­කාර කළේ කරුණා අම්මාන් වූවත් ඔහු එල්.ටී.ටී.ඊ.සංවි­ධා­නය පාවා දුන් නිසා ඔහු ඝාත­නය කිරී­මට විදේශ රට­වල සිටින දෙමළ සංවි­ධාන හා බල­වේග තුව­ක්කු­ක­රු­වන් යොදවා සිටින බව ඔහු ප්‍රකාශ කොට තිබේ.

එප­ම­ණක් නොව දෙමළ ජාතිය වන­සා­ලී­මට කට­යුතු කළ හා සහාය ලබා­දුන් ඩග්ලස් දේවා­නන්ද මහතා ඝාත­නය කිරී­ම­ටද තුවක්කු කරු­වන් යොදවා ඇති බවට ශිව­රූ­බන් වෛද්‍ය­ව­රයා හෙළි­ද­ර­ව්වක් කොට ඇත. ඒ කාරණා තව­මත් ඇත්තේ විම­ර්ශන මට්ට­මේය.

වෛද්‍ය­ව­ර­යාගේ ජාල­යට සම්බන්ධ හය දෙනෙ­කුම මේ වන විට සිටින්නේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස අත්අ­ඩං­ගු­වේය. ඔවු­න්ගෙන් සිවු දෙනෙක් හිටපු එල්.ටී.ටී.ඊ සාමා­ජි­ක­යෝය. ඒ අය­ගෙන් දෙදෙ­නෙකු හමුදා ඔත්තු­ක­රු­වන් ලෙස කට­යුතු කර­මින් සිටින අය බවද හඳු­නා­ගෙන තිබේ. ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය පව­සන්නේ විවෘත මන­ස­කින් පුළුල්ව මේ පරී­ක්ෂ­ණය සිදු කළ යුතු බවය. ඒ සඳහා අත්අ­ඩං­ගු­වට ගත් සිව­රූ­බන් ඇතුළු සැක­ක­රු­වන්ගේ ජංගම දුර­ක­තන පවා පුළුල් විශ්ලේ­ෂ­ණ­ය­කට බඳුන් කර තිබේ.

ශිව­රූ­බන්ගේ තොර­තුරු මත සොයා­ගත් ආයුධ පවා ලැබී ඇති ආකා­රය ගැටලු සහ­ගත බව විම­ර්ශන අංශ පව­සයි.

ඒ සියලු දේ සමඟ ගළපා බලන විට සිව­රූ­බන් වෛද්‍ය­ව­රයා රෝගීන්ට ප්‍රති­කාර කොට ඔවුන් සුව­පත් කිරී­ම­කට වඩා සිදු කොට ඇත්තේ යළිත් වරක් ඊළ­මක් මේ රටේ බිහි කිරී­මට දර දිය ඇදී­මක් පම­ණකි. ඉන් ඔහුද යම් රජ­ක­මක් බලා­පො­රොත්තු වන්නට ඇත.

Comments