පැවිදි දිවියේ අඩ­සිය වස සපු­රන හල්ව­තුරේ අස්සජි නා හිමියෝ | Page 2 | සිළුමිණ

පැවිදි දිවියේ අඩ­සිය වස සපු­රන හල්ව­තුරේ අස්සජි නා හිමියෝ

ළු­තර බෝම්බු­වල ශ්‍රී සුබෝ­ධි­රා­ජා­රාම මූල­ස්ථාන මහා විහා­රය ඇතුළු විහාර ගණයේ අධි­පති රත්න­පුර, කළු­තර දෙප­ළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය­පාද හල්ව­තුරේ අස්සජි නා හිමි­යන්ගේ පැවිදි දිවි­යට අඩ සිය වසක් සපිරී ඇත.

අම­ර­පුර අරි­ය­වංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කළු­තර පළාත් සංඝ­ස­භාවේ සභා­පති පූජ්‍ය­පාද හල්ව­තුරේ අස්සජි නා හිමි­යන්ගේ පැවිදි දිවි­යට පුරා වසර පන­හක් පිරීම නිමි­ත්තෙන් උන්ව­හ­න්සේගේ ආග­මික හා සාමා­ජික අග­ය­මින් උප­හාර පිදීමේ උත්ස­ව­යක් අද (01) සවස 2.30 ට බෝම්බු­වල ශ්‍රී සුබෝ­ධි­රා­ජා­රාම මූල­ස්ථාන මහා විහා­ර­යේදී පැවැත්වේ.

දොඩ­න්ගොඩ ශාස­නා­ර­ක්‍ෂක මණ්ඩ­ලයේ ලේක­ඛා­ධි­කාරී ධූරය ද දර­මින් සුවි­ශාල ශාස­නික මෙහෙ­ව­රක නිර­තව සිටින උන් වහන්සේ අප­වත් වී වදාළ ගිරි­කොළ ධම්මා­ලං­කාර හිමි­යන්ගේ ශිෂ්‍ය­යෙකු ලෙස සිට 1984 වර්ෂයේ දී බෝම්බු­වල ශ්‍රී සුබෝ­ධි­රා­ජා­රාම මහා විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති ධූර­යට පත් වූහ. අභා­ව­යට ගොස් තිබූ ශ්‍රී දස්ස­න­සාර ධර්මා­ය­නත පිරි­වෙන නැවත ආරම්භ කිරී­මට පුරෝ­ගාමී වූයේ උන්ව­හ­න්සේය.

තම විහා­ර­ස්ථා­නයේ සියලු ගොඩ­නැ­ගිලි නවී­ක­ර­ණය කර­මින් භික්‍ෂූන් වහන්සේ උදෙසා දාන ශාලා සහිත තෙම­හල් සංඝා­වාස ගොඩ­නැ­ගි­ල්ලක් ද, දෙම­හල් දහ­ම්පා­සල් ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කිරී­මට ද අස්සජි නා හිමි­යන් විසින් කට­යුතු කරන ලදී. තායි­ල­න්තය, තායි­වා­නය, කැන­ඩාව, සිංග­ප්පූ­රුව, ඕස්ට්‍රේ­ලි­යාව, බුරු­මය, පාකි­ස්ථා­නය සහ නේපා­ලය ඇතුළු රට­වල් ගණ­නා­වක විශේෂ ධර්ම­ප්‍ර­චාර කට­යු­තු­වල ඒ හිමි­යන් නිර­තව ඇත.

1984 සිට මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගාවේ දළදා මාලි­ගාවේ මුල්තැන් භාර­ගෙන එය මේ දක්වා පව­ත්වන අතර දිඹු­ලා­ගල ආර­ණ්‍ය­සේ­නා­ස­නයේ භික්‍ෂූන් වහ­න්සේලා සඳහා වාර්ෂි­කව දන් පිරි නැමීමේ වැඩ පිළි­වෙ­ළක් ද ක්‍රියා­වට නංවා ඇත.

ශ්‍රී ලංකා තායි­වාන මෛත්‍රී බුද්ධ සංවි­ධා­නයේ සහ­කාර අධ්‍ය­ක්‍ෂ­ධූ­රය ද ශ්‍රී සුබෝධි සහ­න­සේවා පද­නමේ සභා­පති ධූරය ද, තවත් සමිති සමා­ගම් කිහි­ප­යක නිළ­තල දර­මින් ද උන්ව­හ­වන්සේ රට­ටත් ජන­තා­ව­ටත් විශාල සේවා­වක් සිදු කරන උගත් සිල්වත් සංඝ පීතෘ වර­යෙකි.

 

සාම­වි­නි­සුරු සැම්සන් ප්‍රේම­සිරි

Comments