
අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන ධුතිය ඉද්දිපාද සුත්‍ර දේශනාවයි. දුතිය කියන්නේ දෙවන කියන අදහසයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී. මේ දේශනාව කළේ භික්ෂුන් වහන්සේලා අරභයා. මෙය අපි ඉතා වැදගත් ධර්ම දේශනාවක්. මහණෙනි, මම සම්මා සම්බුද්ධත්වයට පත් වීමට පෙර බෝධි සත්ත්වය කාලයේදී ගුණ ධර්ම හතරක් භාවිත කළා. ඒ වගේම බහුලී කෘථ කළා. ඒ් කියන්නේ නැවත නැවත පුරුදු කරනවා කියන අදහසයි. උන්වහන්සේ බෝධි සත්ත්ව කාලයේදිම නැවත නැවත පුරුදු කළා. ඒ ගුණ ධර්ම පහ උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වුණා. ඒ ගුණ ධර්ම පහ පුරුදු කිරීම, නැවත නැවත පුරුදු කිරීම, චතුරාර්යය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. මොනවාද මේ ගුණ ධර්ම පහ කියලා අපි මෙහිදී සදහන් කළොත් පළමු ගුණ ධර්මය තමයි, චණ්ඩ සමාධි පදාන සංඛාර සම්මානාගත ඍද්ධි පාදය. දැන් අපි තේරුම් කරගනිමු පළමු කාරණාවෙන් කියන්නේ කුමක්ද කියලා. ඡන්දය කියන වචනයේ තේරුම දන්නවා; එනම් කැමැත්ත. අනෙක් වචනය සමාධි; එනම් හිත එක් අරමුණක පැවැත්වීම.
ඡන්ද සමාධි කිව්වා ම කැමැත්තෙන් භාවනා කරලා හිත එක තැනක තබා ගැනීම කියන අදහසයි. බුද්ධ ශාසනයේ භාවනා කරන අය භාවනා කිරීමට උපයෝගී කරගන්නා ක්‍රම කිහිපයක් තියෙනවා. සමථ සහ විදර්ශනා කියලා භාවනා දෙකක් තියෙනවා; සමහරුන් කැමැති සමථ භාවනා කරන්න; සමහරුන් කැමැති විදර්ශනා වඩන්න. මේ අකාරයට කැමැත්තෙන් යුතුව භාවනා කර තමන්ගේ හිත එක අරමුණක සමාධිගත වුවහොත්, ඒ සමාධිය, තැම්පත් බව එකඟ බව හඳුන්වනවා බුදු දහමේදී ඡන්ද සමාධිය කියලා; එනම් කැමැත්තෙන් යුතුව භාවනා කිරීිමයි. කැමැත්තෙන් ඇති කරගන්නා අනෙක් කාරණාව තමයි පදාන සංකාර කියලා කියන්නේ. කැමැත්තෙන් භාවනා කරලා සමාධියක් ඇති කරගත්තට ම මදි; සමාධියෙන් විතරක් කෙලෙස් නැති කරන්න බැහැ. සමාධියෙන් කරන්නට පුළුවන් හිත තුළ තියෙන කෙලෙස් තාවකාලිකව යටපත් කරගැනීම විතරයි. සමාධිය කියන වචනයේ තේරුම සමථයකට පත්කරනවා කියන එකයි. ඒක හරියට දුවිලි ඇවිස්සෙන මිදුලකට වතුර ටිකක් දැම්මා ම තාවකාලිකව දූවිලි ටික යටපත් වෙනවා වගේ තමයි.
නමුත් වතුර වේළිලා ගියාම නැවත දූවිලි ඇවිස්සෙනවා. අපේ හිතත් දූවිලි වගේ තමයි; කෙලෙස් නැවත හට ගන්නවා. සමථ භාවනා අරමුණ නැවත නැවත මෙනෙහි කරන විට, හිතේ කෙලෙස් නැවත නැවත මතුවන විට ඒ කෙලෙස් වලින් හිත ඉවත් කරගනිමින් හිත සමථ භාවනා අරමුණක පිහිටුවනවා. එසේ කලක් පුරුදු කරන විට හිත සමාධි ගත වෙනවා. මෙයට අපි ඡන්ද සමාධිය කියලා කියනවා. කෙලෙස් සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ඒ නිසා සමාධියෙන් විතරක් කෙලෙස් නැති කරන්නට බැහැ; කෙලෙස් නැති කිරීමට විර්යය කිරීම වැදගත් වෙනවා. සමාධිය උපදවා ගත්ත කෙනකුට විර්යය අවශ්‍ය වෙනවා; කෙලෙස් නැති කරන්නට. මේ දේශනාව හඳුන්වන්නේ පදාන සංඛාර කියලා. එය හතර සම්‍යයක් පදාන විර්යය කියලා හඳුන්වනවා. එනම් නූපන්නා වූ අකුසල් නූපද වීමට විර්යය කිරීම, උපන්නා වූ අකුසල් ප්‍රහානය කිරිමට විර්යය කිරීම,
උපන්නාව අකුසල් කියලා කියන්නේ මොකක්ද? මේ මොහොතේ අපේ හිත තුළ බොහො අකුසල් ඉපදිලා නැහැ; ආසාව ඉපදිලා නැහැ; තරහා නැහැ; ඉරිසියාව නැහැ; බොහෝ කෙලෙස් මේ වෙලාවේ අපේ හිතේ නැහැ. මේ වෙලාවේ නැති ඔක්කොම කෙලෙස් ටික නූපන්නා වූ අකුසල් ලෙස බුද්ධ සාසනයේ උගන්වනවා. එය හරිම දුෂ්කර ක්‍රියාවක්. සමහර විට තව මොහොතකින් අපගේ හිත තුළ අලස කම, තරහා, ඉරිසියාව ඇතිවෙනවා; එක් එක් දේවල් වලට සැකසංකා ඇතිවෙනවා. අපගේ හිත විසිරීමට පටන් ගන්නවා; සැක සංකා හට ගන්නවා.
අපිට පුළුවන් නම් සාන්තව සංවර සිහියෙන් යුතුව දවසම බැරිවුණත් ටික වෙලාවක් හරි අපගේ හිත තුළ කෙලෙස් උපදින්නේ නැතිව තියා ගන්න; එය විර්යය කිරීමක්. බුද්ධ ශාසනයේ මේ කතා කරන විර්යයත් පොළොව කොටන්න වෙන, ගොවිතැන් කරන්න වෙන දෙයක් කරන්න වෙහෙස වෙනවා වගේ කය බොහෝ කොට වෙහෙසවා කරන විර්යයක් නොවෙයි. මේ වීර්යයට අවශ්‍ය වන්නේ අපේ හිතයි.
පාලනය කරගන්න ඕන බුදු සසුනෙ මේ නිවන් මාර්ගය නොවෙයි. මේ විර්යයට අවශ්‍ය වන්නේ අපේ හිත. හිත තමයි මුල් වෙන්නෙ. බුද්ධ සාසනයේ උගන්වන නිවන් මාර්ගය ගත්තාම හිත ප්‍රහානය කරගන්නා අකාරය, පවතින ස්වභාවයට වඩා උසස් ආකාරයෙන් පවත්වා ගන්නා අකාරය, පැය කිහිපයක් හරි ඔබට හැකිනම් හිතේ සාන්ත බව ඒ අකාරයට පවත්වාගන්න අාසාවල් උපදවා ගන්නේ නැතුව, තරහා උපදවා ගන්නේ නැතුව වෙනත් කෙලෙස් උපදවා ගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එය සම්මා ව්‍යායාමයක්. මේ ආකාරයට ඉන්න විට අපේ හිතට කෙලෙස් ඉපදීමට හැකිවෙන අවස්ථා තියෙනවා. සමහර විට කිව්වාට අනිවාර්යෙන් ම කෙලෙස උපදිනවා. කෙලෙස් ඉපදුණාට එය ප්‍රහානය කරන්නට ඕන. බුදු රජාණන් වහන්සේ චිත්තානුපස්සනාව කියලා දෙනවා; ආසාව රාගය අපෙ හිතේ ඇතිවෙනවා. අපි කැමැති වෙලාවට පුළුවන් නම්, මුළු ජිවිතේ ම වුණත් කරන්න පුළුවන් නම් හොඳයි.
කෙලෙස් උපදින එක නවත්වන්න පුළුවන් නම් අවුරදුු හතක් තුළ රහත් වෙනවා; නැතිනම් අනාගාමිකත්වයට පත්වෙනවා. සතිපට්ඨාන සුත්‍රෙය් දේශනා කරලා තියෙනවා. අවුරුදු හතරකින් වුණත්, දින හතකින් වුණත් කරන්න පුළුවන්. අපි ට පුළුවන් වෙලාවටවත්; අපි ට පුළුවන් නම් හිතේ උපදින කෙලෙස් හඳුනාගන්නට; හඳුනාගෙන රාග සිතුවිලි උපදිනවා නම් මෙය රාග සිතක්, මෙය රාග සිතක්... එය අනිත්‍ය කියලා මෙනෙහි කරන්නට ඕන; එය අතහැර දමන්නට ඕන.එය දුෂ්කර වුවත්, කරන්නට හැකිනම්, ආසාවල් හිතේ හටගන්නා විට ගමනක් බිමනක් යන විට වුවත් මෙනෙහි කරන්න පුළුවන්. කල්පනාවෙන් ඉන්නවා නම් නගරයකට පාරට බැස්සාම දකින ඇහෙන ආග්‍රහණය වන, ස්පර්ශ වන දේ නිසා කොතරම් ආසාවල් උපදිනවා ද? මේ ඉපදෙන අසාවල් අපිට අදාළ නැහැනේ; නිවසේ දී නම් ඔවුනොවුන් කෙරෙහි ආසාවක් අාදරයක් ඇළිම් තියෙන්නට ඕන. නමුත් මඟතොටදි ඇතිවෙන මේ ආසාවල් ටික අපේ ගෘහස්ත ජිවිතයට බාධාවක්. ඒ නිසා උපදින ආසාවල් මඟතොටේදි වුණත් ඒ අවස්ථාවේදිම ප්‍රහීන කරන්නට ඕන. රාග සිත අනිත්‍යයි කියලා අතහරින්න. ද්වේශය හටගන්නා අවස්ථාවේදිත් තේරුම් ගන්න උත්සහ කරන්න ද්වේශයක් හටගන්නවා කියලා. එසේ හැමවෙලාවෙම උත්සාහ කරලා ද්වේශ සිත අනිත්‍ය යැයි කියලා මෙනෙහි කරන්න; අතහැරලා දාන්න උත්සාහ කරන්න. සමහර අවස්ථාවලදි අපේ හිත තුළ බුද්ධරත්තනය කෙරෙහි සැක සංකා ඇතිවෙනවා. ඇයි මේ සැක ඇති වෙන්නේ; අපේ නොදන්න කම නිසා. එහෙම නැතිව ත්‍රිවිධ රත්නයෙහි ඇති කිසිදු අඩුවක් නිසා නොවෙයි. අපේ නොදන්න කම නිසා අපි හිතන්නේ ඒ විදිහට. අපේ තියන මෝහය නිසායි අපිට එසේ සිතෙන්නේ. අපි එය තේරුම් අරගෙන මේ සැක සංකා උපදින අවස්ථාවලදි නුවණින් දකින්නට ඕන.
මෝහය නිසා උපදින සිතක් කියලා එය අතහැරදාන්නට අපි පුරුදු වෙන්ට ඕන. විශේෂයෙන් අාගමික කටයුතුවල නිරත වන විට; ධර්මය ශ්‍රවණය කරන වෙලාවෙදි; දානයක් දෙන වෙලාවකදි; බුද්ධ වන්දනාවකදී; වෙනත් පුණ්‍ය කර්මයක් කරන අවස්ථාවලදි අපිට සමහර විට නිදිමත ඇතිවෙනවා; කම්මැලි ගතිය අතිවෙනවාෙ. මේ මොකක්ද... මෙයට කියන්නෙ ථීනමිද්ධය. එය නීවරණයක්. මේ නිදිමත, අලස බව ඇති වෙනකොට එය උත්සාහ කරන්නට ඕන, තෙරුම් ගන්නට ඕන. ඒ වෙලාවෙ සිතට කියනවා හැකුළුණු සිත කියලා. හොඳින් මතක තියා ගන්න, එයට කියන්නේ සංකිත්තං චිත්තං කියලා. සංකිත්තං කියන්නේ හැකුළුණු සිතට; එනම් අකර්මණ්‍ය සිතට. බණ අහන්න, පින්කරන්න හිත අකර්මණ්‍යයයි. ඒ හැකුළුණු හිත කියලා හිතන්න උත්සාහ කරන්න. එය හැකිළුණු සිතක් කියලා වටහා ගන්න.
ඔබ වැඩක් කරන අවස්ථාවලදි ඒ වැඩේ තුළ හිත තියෙන්නෙ නැතිනම් මොකද කරන්නේ. මේ අවස්ථාව ගැන හිතන්න; ඔබ බණ අහනවා, ඔබ බණ කියවනවා, මම බණ දේශනා කරනවා, මේ අවස්ථාවේ ඔබේ හිත ගමන් කරනවා නම් එය ක්ලේශයක් ලෙසයි හඳුන්වන්නේ. එය උද්දච්ඡය කියලා අපි හඳුන්වන්නේ. එය ට කියන්නෙ විසිරුණු සිත කියලා. පාලියෙන් වික්කිත්තං චිත්තං කියලා කියන්නේ එයයි. එ් වෙලාවෙදි ඔබට පුළුවන් නම් හිත දකින්න; එක් එක් අරමුණුවලට යන්නෙ නැතුව තබාගෙන මෙනෙහි කරන්න; විසිරුණු සිතක් කියලා මෙනෙහි කරන්න; විසුරුණු සිතක් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න; එයයි වැදගත්. වෙන කටයුතුවල නිරත වෙලා ඉන්න මොහොතකදි හරි එය මෙනෙහි කරන්නට පුළුවන්. මේ කාරණා ටික තෙරුම් ගන්න උත්සාහ කරන්න. අාසාව, නිදිමත, අලස බව, සැකය ඇති වෙන මොහොතෙදි සිත ගමන් කිරීමට නොදීම අකුසල් ප්‍රහානයට කරන විර්යයක්. මේ සියල්ල උපන් වූ අකුසල් ප්‍රහානයට කරන විර්යයක්.
අනෙක් කාරණාව නූපන් අකුසල් නූපදා ගැනීම, සිත තුළ පවතින සමාධිය, සීලය අඩුපාඩු සකස්කර ගැනීම, වෙනදට වඩා භාවනා කිරිමට පුරුදු වීම, වෙනදට වඩා බණ අහන්න පුරුදු වීම, මේවා නුපන් කුසල්. ඒවාට උත්සාහ කරන්න. දැනට ඔබ තුළ යම් ගුණ ධර්ම තියෙනවා; කොතරම් නරක කෙනෙක් වුවත් ඒ අයගේ ජිවිතෙ හොඳ දේවල් තියෙනවා. සම්පුර්ණයෙන් නරක හෝ සම්පුර්ණයෙන් හොඳ අය එහෙමත් නැත්නම් සර්ව සම්පුර්ණ අය නැහැ. බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් හැරණු විට අපි වගේ හැමකෙනෙක් තුළම අඩුපාඩු තියෙනවා; ගුණ ධර්ම තියෙනවා; අපි හැමෝම තමන් තුළ තියන ගුණ ධර්ම තේරුම් ගන්නට ඕන; ඒවා පිරිහෙන්නෙ නැති වෙන්න ආරක්ෂා කරන්නට ඕන; පිරිහෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරන්නට ඕන. ඒවගේම වර්ධනය කරන්නට ඕන; එයත් විර්යයක්. උපන්නා වූ කුසල් වර්ධනය කිරිමට කරන විර්යයක්. ඒවා පිරිහෙන්නෙ නැති වෙන්න ආරක්ෂා කරන්නට ඕන; එය විර්යයක්. උපන්නාවු කුසල් වැඩි කරන්න ඕන. මේ සතර සම්‍යක් විර්යයට කියනවා, පදාන සංකාර කියන වචනය.
සමන්නාගත ඍද්ධිපාද කියන දේ විස්තර කරන්න අවශ්‍ය නැහැ. සමන්නාගත කියන්නේ යුක්ත වු කියන අදහසයි. ඡන්ද සමාධි කියන්නේ කැමැත්තෙන් ඇති කරගත් සමාධිය. පදාන සංකාර සමන්නාගත ඍද්ධි පාද කියලා කියන්නේ පළමුවැනි ඍද්ධි පාදයයි. කැමැත්තෙන් භාවනා කරන්නට ඕන; එය ඡන්ද සමාධිය බවත් අපි ඉගෙන ගත්තා. එයින් කෙලෙස් නැතිවෙන්නෙ නැති බවත් අපි දන්නවා. එ් සඳහා සතර සම්‍යක් විර්යය අැති කරගත යුතුයි කියලා අපි දන්නවා. පළමු වැනි ඍද්ධිපාදය කුමක්ද කියල අපි පුළුල්ව මෙහිදි ඉගෙන ගන්නට ඕන. අපි අපේ ජිවිතයට ඇති කරගන්න ඕන කැමැත්තෙන් යුතුව භාවනා කිරිම. සමාධියක් උපදවා ගැනීමට උත්සාහ කිරිම, සතර සම්‍යයක් විර්ය පුරුදු කිරීම, ධර්මය විරිය සමාධි සමන්නාගත ඍද්ධිපාද අපි ඉගෙන ගන්න ඕන. ඒ වගේම බණ අහලා පුරුදු කෙනකුට බණ අහන්න කැමැත්ත නැතිවෙලා යන අවස්ථා තියෙනවා.
බුදුන් වඳින්න පුරුදු වෙලා හිටිය අයට, සිල් ගන්න පුුුුරුදුවෙලා හිටිය අයට ඒ ගැන කැමැත්ත නැතිවෙලා යන අවස්ථා තියනවා. ඒවගෙ වෙලාවල් අපේ ජිවිතවල තියෙනවා. ඒ වෙලාවෙට කැමැත්තෙන් ඒ කාර්යය කරන්න බැරි නිසයි දෙවැනි ඍද්ධිපාදය අපිට අවශ්‍ය වන්නේ. එනම් කැමැත්ත නැතිනම් අපි විර්යයෙන් යුතුව කරනවා. විර්යයෙන් කළත් ප්‍රතිඵලය එකයි. ඒ නිසා කැමැත්ත නැති වෙලාවක භාවනා කරන්නට ඕන; එහිදි ඇති කරගන්නා වු සමාධියට අපි කියනවා; වීරිය සමාධි කියලා. වීරිය සමාධිය පමණක් මදි; පදාන සංකාර තියෙන්නට ඕන; එනම් සතර සම්‍යයක් පදාන විර්යය පුරුදු කරන්නට ඕන; ජිවිතය තුළ. වීරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඍද්ධිපාද කියන්නේ; ඇතැම් අවස්ථා තියනවා හිත තුළ කැමැත්තක් නැහැ, විර්යයක් නැති අවස්ථා. එ් සඳහා අධිෂ්ඨානය බලවත් වෙන්න ඕන. කැමැත්තකුත් නැත්නම්, වීර්යයකුත් නැතිනම් අධිෂ්ඨානය ඇති කරගතයුතුයි. එ වගේ මේ ගුණ පිළිවෙත්වලදි අධිෂ්ටානයෙන් එ් දේ කළ යුතුයි. අධිෂ්ඨානය මුල්කරගෙන භාවනා කළොත් සමාධිය උපදිනවා. එසේ උපදවා ගන්නා අධිෂ්ඨානයට අපි කියනවා චිත්ත සමාධි කියලා.
අධිෂ්ඨානයෙන් භාවනා වැඩීමෙන් ඇති කරගන්නා සමාධිය කියලා කියන්නේ චිත්ත සමාධියයි. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඍද්ධිපාද කියන්නේ ඒ ඍද්ධිපාදයටයි. තවත් විටක අපිට කැමැත්තක් නැහැ, විර්යයක් නැහැ, අධිෂ්ඨානයකුත් නැහැ, එසේ නම් ඒ කාරණා තුනම නුවණින් විමසීම කළ යුතුයි. මේ දුර්ලභ බුදු සසුනෙ ඊළඟ මනුස්ස ජීවිතය දුර්ලභ ක්ෂම සම්පත්තියක්. ඒවගේම මේ ජිවිතය තුළ එක්දිනක් ගෙවිලා ගියා කියන්නේ මරණයට ළංවෙනවා කියලා නුවණින් විමසලා, නොපමාව සමාධිය රැස් කරගත යුතුයි කියලා අධිෂ්ටාන කරගත යුුතුයි. නුවණින් කල්පනා කරලා භාවනාවෙ යෙදෙන්නට ඕන. මේ නුවණින් විමසීමට කියන්නේ විමංසා කියලා. විමසීම එහි අදහසයි.
නුවණින් විමසල භාවනා කිරිමට කියන්නේ විමංසා සමාධි කියලා. හතර සම්‍ය පදාන විර්යෙන් යුතු වු විමංසා, සමාධි, පදාන සංකාර, ඍද්ධි පාදය ඇති කරගන්නට ඕන. අනෙක් කරුණ වන්නේ උස්හොල්මි හේව පංචමි කියලා කියන්නේ. එ් තමයි අධිමාත්‍ර විර්යය. දැඩි විර්යයක් කරනවා සිලය රකින්න, සමථය වඩන්න, දැඩි විර්යයක් ඇති කරගන්න, බුදුන් වඳින්න, ධර්මය ඉගෙන ගන්න දැඩි වීර්යයක් ඇති කරගන්නට ඕන. එය දැඩි වීර්යයෙන් කරන්න ඕන. ගැඹුරු දේවල් ඉගන ගන්න නම් දැඩි උත්සහයක් ඕන. දැඩි කුසල ධර්ම රැස් කරන්න බැහැ දැඩි උත්සහක් නැතිව. බුදු සසුනයි, මිනිස් ජිවිතයකුයි ලැබී තියෙන අවස්ථාවක එහි නියම ඵල ඇති කරන්න නම් දැඩි වීර්යයක් ඇති කරගත යුතුයි.
පුබ්බේවාහාං භික්ඛවේ තම්බෝධා අනභි සම් බුද්ධෝ බෝධි සත්තෝව සමානෝ පංච ධම්මේ භාවේ සම් පංච ධම්මේ බහුලිකා සිං කතමේ පංච සමාධී පදාන සමන්නාග තං ඉද්ධිභාධං භාවේ සිං '