යළිත් තිත්ත වන ලකුණු පළ කරන හිඟු­රානේ සීනි | Page 2 | සිළුමිණ

යළිත් තිත්ත වන ලකුණු පළ කරන හිඟු­රානේ සීනි

ල්ඔය ව්‍යාපා­රය යටතේ හිඟු­රාන සීනි සමා­ගම ආරම්භ කර දැන් වසර 60කි. මුළු දිගා­ම­ඬු­ල්ල­ටම පණ දුන් මහා ආර්ථි­කය නිර්මා­ණය කළේ මේ කර්මා­න්ත­ශා­ලා­වය. ප්‍රදේ­ශයේ ආර්ථි­කය ව්‍යස­න­යට ලක් කර­මින් මේ යෝධ කර්මා­න්තය ව්‍යස­න­යට ලක් වී තිබී යළි පණ ලැබුවේ මීට අවු­රුදු 12 ට පමණ පෙරය.

ඒ ගල්ඔය වැවිලි සමා­ගම නමින් පෞද්ග­ලික හා රාජ්‍ය අංශයේ එක­තු­වෙන් ස්ථාප­නය කළ සමා­ග­මෙන් හිඟු­රාන සීනි කර්මා­න්තය ආරම්භ කිරී­මෙනි. උක් වගාව ඇර­ඹිණි. සීනි නිෂ්පා­ද­නය ආරම්භ විය.

 

ඉති­හා­සයේ වැඩිම උක් වගාව

 

මේ වන විට උක් වගාව ජය­ටම සිදු වෙමින් තිබේ. මේ වසරේ දී ඉති­හා­සයේ හෙක්ට­යාර් 6000ක උක් වගා කර ඇත. ඒ ඉති­හා­සයේ වැඩිම උක් වගා­වය. ලබන ඇඹ­රුම් වාරයේ උක් දඬු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක පමණ අස්වැ­න්නක් අඹ­ර­න්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ කන්නය ලාංකික සිනී කර්මාන්ත ඉති­හා­සයේ වැඩිම සිනී නිෂ්පා­ද­නය වන අවු­රු­ද්දය. අපේ­ක්ෂාව සිනී මෙට්‍රික් ටොන් 35000ක් නිප­ද­වී­මය. වස­ර­කට එම කර්මාන්ත ශාලා­වෙන් ලක්ෂ 20,000ක් පමණ හිඟු­රාන ප්‍රාදේ­ශීය ආර්ථි­කය වෙත මුදා­හැරේ. මෙවර මුදා­හැ­රෙන මුදල ඊට ඉහ­ළය.

 

වසර 60ක් පැරණි යන්ත්‍ර

 

මේ වන විට එම සිනි කම්මලේ වසර 60ක් පැරණි යන්ත්‍ර සුත්‍ර ලෙඩ දෙන්නට පට­න්ගෙන ඇත. කම්හලේ විදුලි ජනක යන්ත්‍රය කැඩී දින ගණ­නක් උක් අඹ­ර­න්නට නොහැකි විය. ආය­ත­නය තුළ හා උක් වගා බිම්වල උක් දඬු වියළි ගියේය. යන්ත්‍රය අලු­ත්වැ­ඩි­යාව සඳහා ඉන්දි­යා­වට යැවිය යුතු බව කියැ­විණි.

ඒ සඳහා ගත වන බව කී කාලය මාස 03කි. මුළු කර්මා­න්ත­යම බිඳ වැටෙ­න්නට මේ කාලය ප්‍රමා­ණ­වත්ය. විදුලි ජනක යන්ත්‍ර 02ක් යොදා උක් අඹ­ර­න්නට අව­සා­න­යේදි ආය­ත­නයේ බල­ධා­රිහු කට­යුතු කළහ. ඒ සදහා දින­කට රුපි­යල් ලක්ෂ දෙක­හ­මා­රක් පම­ණක් වැය විය.

වසර 60ක් පරණ යන්ත්‍ර වය­සට ගොස් ඇත. වය­සක යන්ත්‍ර සූත්‍ර ලෙඩ වෙමිනි. කාර්ය­ක්ෂ­ම­තාව අඩුය. උක් ගසෙන් වැඩි සීනි ප්‍රමා­ණ­යක් උකහා ගැනී­මට බැරිය. ඒ නිසා උක් මෙට්‍රික් ටොන් එක­කින් නිප­ද­වන සීනි ප්‍රමා­ණය අඩුය. හරි­ය­ටම කියන්නේ නම් ටොන් එක­කින් නිෂ්පා­ද­නය කළ හැක්කේ සීනි කිලෝ 70ක් පම­ණය. ඒ අනුව සීනි කිලෝ­වක් නිප­ද­ව­න්නට වැය වන මුදල රුපි­යල් 140කට ආස­න්නය. ලාභ­යක් ගන්න නම් අඩු මුද­ලට සිනි නිප­ද­වන නවීන යන්ත්‍ර සවි කළ යුතුය.

අස­ල්වැසි ඉන්දි­යාව සීනි නිෂ්පා­ද­න­යට දෙන්නේ ප්‍රමුඛ දිරි­යකි. සිනි කිලෝ 50ක කව­ර­යක් සඳහා ඉන්දි­යානු රජය රුපි­යල් 10ක් පමණ සහ­නා­ධා­ර­යක් සිනි කර්මා­න්ත­ක­රු­වන්ට ලබා­දෙයි. අලුත් තාක්ෂ­ණ­යෙන් පිරි­පුන් ඔවුන් සීනි කිලෝ­වක් නිෂ්පා­ද­නය කරන්නේ රුපි­යල් 45කටය. අලෙවි කරන්නේ කිලෝ­වක් රුපි­යල් 65 බැගිනි.

 

එත­නෝල්

 

හිඟු­රාන සිනි ආය­ත­නයේ ස්කාගා­රය විශාල විය­ද­මක් දරා හැදු­වත් එත­නොල් ලීට­ර­යක් රුපි­යල් 400කට විකු­ණ­න්නට අප­හසු වී තිබේ. නමුත් රටින් එන­නොල් ලීට­ර­යක් රුපි­යල් 1300කට ලංකා­වට ගෙන්වයි.

ඒ අතර එත­නොල් සෑදී­මට ගනු ලබන සීනි නිෂ්පා­ද­නයේ අතුරු ඵල­යක් වන මොල­සැස් කිලෝ­ව­කට රජය රුපි­යල් 10ක බදු අය කරයි. එක් ඇඹ­රුම් වාර­ය­ක­යට ගල්ඔය වැවිලි සමා­ගම විශාල මුද­ලක් රජ­යට බදු වශ­යෙන් ගෙවයි. එසේ ගෙවු­වද නිප­දවු එත­නොල් ලිටර් මිලි­යන 3.5ක් විකු­ණා­ගැ­නී­මට නොහැ­කිව ආය­ත­නයේ ගබ­ඩා­ව­ලය. එමෙන්ම වෙළෙ­ඳ­පළ තත්ත්වය මත තමන් නිප­ද­වන සීනි කිලෝ­වක් රුපි­යල් සිය­ය­ක­ට­වත් අලෙවි කිරි­මට සමා­ග­මට ඉඩක් නැත.

මාස තුන­කින් ඉති­හා­සයේ ඉහ­ළම උක් අස්වැන්න අපේක්ෂා කරන්නේ මේ පසු­බි­මේය. ඉදිරි මාස 03 දී ආය­ත­නය එම අභි­යෝ­ග­යට සූදා­නම් විය යුතුව ඇත. මේ අව­ස්ථවේ එම නවී­ක­රණ කට­යුතු සිදු නොවන්නේ නම් නැවත ඊට ඉඩක් ලැබෙනු ඇත්තේ ලබන වසරේ ඔක්තෝ­ම්බ­ර­යේය.

නවී­ක­ර­ණ­යක් නොක­ළ­හොත් උක්දඬු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක් අඹ­රා­ග­න්නට මේ විය­පත් යන්ත්‍ර ටිකට හැකි­වේ­දැයි සැක­යක් උපදී.

මඟදී යන්ත්‍ර සූත්‍ර ලෙඩ දුන්නොත් නැව­තත් කර්මා­න්ත­යම අන­තු­ර­කය. කෝටි ගණන් විය­දම් කර ඉතා අප­හ­සු­වෙන් ගොඩ නැඟූ සීනි ආය­ත­නය නැව­තත් කඩා වැටෙනු දැකී­මට දිගා­ම­ඬුල්ලේ මිනි­සුන් සූදා­නම් නැත.

මේ වන විටත් ගල්ඔය වැවිලි සමා­ගම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ආදා­යම් උත්පා­ද­නය කිරීම අරඹා ඇත. ලංකාවේ ලොකුම කාබ­නික නිෂ්පා­ද­නය සිදු වෙන්නේ මෙම ආය­ත­න­යේය. වස­රට කාබ­නික පොහොර මෙට්‍රික් ටොන් 7000ක් නිප­දවේ. ඉදි­රියේ මෙගා වොට් 10ක විදු­ලිය නිෂ්පා­ද­නය කිරී­ම­ටත් ගල්ඔය වැවිලි සම­ගම අපේ­ක්ෂා­වෙන් සිටී.

ලංකා­වට අවශ්‍ය සීනි නිෂ්පා­ද­න­යෙන් තව­මත් රට තුළ නිප­ද­වන්නේ 8% ප්‍රති­ශ­ත­යකි. එයි­නුත් වැඩි ප්‍රමා­ණ­යක් නිප­ද­වන්නේ හිඟු­රා­න­සිනි සමා­ග­මෙනි. සුවඳ විල­වුන් , ඖෂධ, මත්පැන් සඳහා රටට අවශ්‍ය එත­නෝල් ප්‍රමා­ණය වස­ර­කට ලීටර් මිලි­යන 35කි. එයින් ලංකාවේ නිප­ද­වනු ලබන්නේ මිලි­යන 8 -9 අතර ප්‍රමා­ණ­යකි. එයින්ද වැඩි ප්‍රමා­ණ­ය­නක් නිප­ද­වන්නේ ගල්ඔය වැවිලි සමා­ග­මෙනි. ඒ මිලි­යන 4ත් 5ත් අතර ප්‍රමා­ණ­යකි. මිලි­යන 850ක් වැනි මුද­ලක් විය­දම් කර සෑදු ස්කාග­ර­යෙන් ඉහළ තත්ත්වයේ එත­නෝල් නිප­වනු ලැබු­වත් එම ලීට­ර­යක් රුපි­යල් 400කටත් විකු­ණා­ගැ­නි­මට නොහැකි වී තිබේ.

ගල්ඔය වැවිලි සමා­ගමේ දහ­ස­කට අධික පිරි­සක් සේවය කරති. ගොවීහු 4500ක් සමා­ග­මට අස්වනු සප­ය­මින් යැපෙති. වක්‍රා­කා­ර­යෙන් තවත් 15 000ක පමණ පිරි­සක් කර්මා­න්ත­ශා­ලා­වෙන් දිවි සරි කර­ග­නිති.

බිඳ නොවැටී පවත්වා ගත යුත්තේ දිගා­ම­ඬුලු ආර්ථි­කයේ හද­ව­තය. ජාති­යට මහා සම්ප­තක් වන හිගු­රානේ යෝධයා රැක ගැනී­මට කට­යුතු කිරිම බල­ධා­රින්ගේ යුතු­ක­මය.

Comments