සහල් නැළියේ අස්වැන්න දෙගුණ කරන රජ­රට ලොකුම ජලා­ශය | සිළුමිණ

සහල් නැළියේ අස්වැන්න දෙගුණ කරන රජ­රට ලොකුම ජලා­ශය

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘ­තිය සඳහා මුල්ගල තැබූ අව­ස්ථාවේ ඇමැති පී. හැරි­සන් මහතා, ව්‍යාපෘ­ති සමරු ඵල­කය  නිරා­ව­ර­ණය කළ අයුරු.
අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘ­තිය සඳහා මුල්ගල තැබූ අව­ස්ථාවේ ඇමැති පී. හැරි­සන් මහතා, ව්‍යාපෘ­ති සමරු ඵල­කය නිරා­ව­ර­ණය කළ අයුරු.

 

ලොවම අම­න්දා­න­න්ද­යට පත් කර ඇති අපේ වාරි­මාර්ග දස් ක­ම්ව­ලට තවත් දස්ක­මක් එකතු කර­මින් අපේ රටේ වැව් බැඳි රාජ්ජේ ලොකුම ජලා­ශය ඉදි­කි­රී­මට පසු­ගි­යදා වැඩ ආරම්භ කරනු ලැබී ය.

 

ඒ අන් කිසි­වක් නොව මෙරට දෙවැ­නි­යට විශාල ගංගා ද්‍රෝණිය ඇති මල්වතු ඔය හරහා තන්ති­රි­මලේ බෝගො­ඩදී මහ වේල්ලක් සාදා ඉදි­ක­රන අක්කර අඩි 170000ක් විශාල තන්ති­රි­මලේ ජලා­ශ­යයි. රජ­රට විශා­ල­තම ජලා­ශය ලෙසත් මෙරට හය­වැ­නි­යට විශාල ජලා­ශය ලෙසත් ඉදි­වන තන්ති­රි­මලේ පහළ මල්වතු ඔය ජලා­ශය මගින් අනු­රා­ධ­පු­රය, මන්නා­රම හා වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­වල ඉඩම් 40000ක් යල මහ අස්වද්දා උතුරු මැද හා උතුරු පළාත් සංව­ර්ධ­නය කරනු ලැබේ.

වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව මගින් මෙරට ඉදි­ක­රන තුන්වැනි විශා­ලම ජලා­ශය වන මේ ජලා­ශය අක්කර 10000ක වප­ස­රි­යක් පුරා විසිරී යයි.

ජලා­ශයේ සිති­යම

‘සංහි­ඳි­යාවේ රන්දි­ය­වර’ ලෙස නම් කර ඇති මෙම ජලා­ශ­යට මුල්ගල තැබීම පසු­ගි­යදා අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතින් සිදු වූයේ කෘෂි­කර්ම හා වාරි­මාර්ග ඇමැති පී. හැරි­සන් මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන්ගේ සහ­භා­ගි­ත්වය ඇති­වය.

විජය රජුගේ ශ්‍රී ලංකා ආග­ම­න­යක් සමඟ අතී­ත­යේදී ‘කදම්භ නදිය’ ලෙසින් පසුව ‘අර­වි­ආරු’ ලෙස ද හැඳින්වූ මල්වතු ඔය දෙපස අතී­තයේ සිටම ජනා­වාස රැසක් ඇති වී තිබිණි. ඊසාන දිග මෝසම් වැස්සෙන් පෝෂ­ණය වන මල්වතු ඔය ද්‍රෝණියේ සම්පූර්ණ දිග කිලෝ­මී­ටර් 162කි. එහි ජල පෝෂක ප්‍රදේ­ශය වර්ග කිලෝ­මී­ටර් 3246කි. අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ උසම කඳු­වැ­ටිය වූ රිටි­ගල කඳු වැටියේ බට­හිර බෑවු­මෙන් ආරම්භ වන මල්වතු ඔය ද්‍රෝණියේ වාර්ෂික වර්ෂා­ප­ත­නය මී.මී. 1400ක් වේ. රිටි­ගල වැද්දා­කන්ද හා ඉනා­ම­ළුව ප්‍රදේශ හරහා මූලික ලෙස ගලා යන මල්වතු ඔය පසුව අනු­රා­ධ­පු­රය, වවු­නි­යාව හා මන්නා­රම ප්‍රදේශ හරහා ගොස් අරිප්පු ගම්මා­නය අස­ලින් මහ මුහු­දට එක්වේ. මුහුදු මට්ට­මින් මීටර් 768ක් ඉහ­ළින් රිටි­ගල කඳු මුදු­නින් ආරම්භ වන මේ ද්‍රෝණිය මගින් කිසිම වැඩක් නොගෙන වාර්ෂි­කව මහ මුහු­දට ගලා­යන ජල­ස්ක­න්ධය සහ මීටර් දස ලක්ෂ 568කි.

මේ ජල ප්‍රමා­ණ­යෙන්, ජල හිඟ­යෙන් පීඩා විඳින අනු­රා­ධ­පු­රය වවු­නි­යාව හා මන්නා­රම ප්‍රදේ­ශ­වල ජන­තා­වගේ වගා, අස්වැන්න වැඩි­කර ඔවුන්ගේ පිපා­සය හා බඩ­ගින්න සම­නය කිරීම තන්ති­රි­මලේ ජලා­ශය හෙවත් පහළ මල්වතු ඔය ජලා­ශය ඉදි­කි­රීමේ ප්‍රධාන පර­මා­ර්ථය බව පහළ මල්වතු ඔය ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු ටී.පී. අල්විස් මහතා පව­සයි.

මල්වතු ඔය ජලා­ශය පිළි­බ­ඳව මුල් ම කතා­බහ ඇති­වෙන්නේ 1954 පමණ ය. එකල තන්ති­රි­මලේ පුද­බිමේ නිර්මාතෘ මහ­කෝ­න්ග­ස්කඩ විම­ල­ඥාන හිමි­යන්ගේ ප්‍රධා­නම ඉල­ක්කය වූයේ මල්ව­තු­ඔය හර­ස්කර වේල්ලක් ඉදි­කර නව වාරි­මාර්ග යටතේ තන්ති­රි­මලේ හා ඒ අවට ජන­තාව සුඛිත මුදිත කිරී­මයි.‍ වසර 65 ක කාල­යක් තිස්සේ ඉටු නොවුණු මේ අපේ­ක්ෂාව මල් ඵල ගැන්වෙන්නේ වත්මන් රජයේ වාරි සංව­ර්ධන සංග්‍රා­මයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස ය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ අල්විස් මහතා පව­සන පරිදි ඉදිරි වසර හතර ඇතු­ළත ඉදි­ක­රන මේ ජලා­ශය ඇතුළු පහළ මල්වතු ඔය බහු­කාර්ය යෝජනා ක්‍රමය සඳහා රජය වැය කරන සම්පූර්ණ මුදල රුපි­යල් කෝටි 2290 කි. එම ව්‍යාපෘ­තියේ සියලු කට­යුතු වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ ශ්‍රී ලාංකික වාරි ඉංජි­නේ­රු­ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන් ඉටු කෙරේ.

ඒ අනුව අපේම සල්ලි­ව­ලින් අපේම අය ඉදි­ක­රන මේ ජලා­ශය 2023 දී ජනතා අයි­ති­යට පැවරේ. වාරි ජලය පානීය ජලය විදු­ලි­බ­ලය ජන­තා­වට ලබා­දෙන මේ ව්‍යාපෘ­තිය මගින් පුද්ග­ල­යන් ලක්ෂ දෙක­කට කෙළින් ම ප්‍රති­ලාභ ලැබේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජි­නේරු ටී.පී‍. ද අල්විස් මහතා පව­සන පරිදි මෙම ව්‍යාපෘ­ති­යේදී මුලින් ම සිදු කරන්නේ මල්වතු ඔය හරහා තන්ති­රි­මලේ බෝගො­ඩදී කිලෝ­මී­ටර් 3.6ක් දිග වේල්ලක් බැඳ අක්කර අඩි 170000ක් පමණ රැඳ­විය හැකි රජ­රට විශා­ල­තම ජලා­ශය ඉදි­කි­රී­මයි.

ව්‍යාපෘති ඉංජි­නේරු අමල් බණ්ඩාර මහතා පව­සන පරිදි මේ ජලා­ශය අක්කර දස දහ­සක ප්‍රදේ­ශ­යක පැතිර යන අතර එහි පරි­ධිය කිලෝ­මී­ටර් 91ක් දිගය. මැද­ව­ච්චිය මහ­වි­ල­ච්චිය, හා මධ්‍යම නුවර ගම්ප­ළාත හා සෙට්ටි­කු­ලම යන ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශ­වල පැතිර යන මේ ජලා­ශය ඉදි­කි­රීම මඟින් ප්‍රදේ­ශයේ පුද්ග­ල­යන් 10000කට පමණ නව රැකියා අවස්ථා උදාවේ.

තන්ති­රි­මලේ ජලා­ශයේ හෙවත් පහළ මල්වතු ඔය ජලාශ වේල්ලේ උස මීටර් 23.5ක් වන අතර මුදු­ණත පළල මීටර් 6කි‍. වේල්ල ඉදි­කි­රී­මට පස් කියුබ් ලක්ෂ 20 ක් අවශ්‍ය වන අතර එය තනි­ක­රම පස් වේල්ලක් ලෙස ඉදි­කෙරේ.

නව තන්ති­රි­මලේ ජලා­ශයේ ප්‍රධාන පිට­වානේ අරීය ගේට්ටු 10කි. එක් ගේට්ටු­වක උස අඩි 23 කි. පළල අඩි 25කි. මෙහි වම් සොරොව්ව වැර ගැන්වූ කොන්ක්‍රී­ට්ව­ලින් එක් සොරොව් මගක් සහිත එක් කුලු­නක් සහි­තව ඉදි­ක­රන අතර දකුණු සොරොව්ව ද එලෙ­සම ඉටු කෙරේ. මේ සොරොව් දෙකින් ම තත්ත්ප­ර­යට ඝන අඩි 35 බැගින් ජල ධාරි­තා­වක් නිකුත් කළ හැකිය. ජලා­ශ­යෙන් ගඟට ජලය නිකුත් කරන ග‍ඟේ ප්‍රධාන වාන් සොරොව්ව මගින් දින 365 පුරා තත්ත්ප­ර­ය­කට ඝන අඩි 630ක ජල ධාරි­තා­වක් මල්වතු ඔය පහළ ජලය පාවිච්චි කරන අයගේ හා සත්ව ශාක ප්‍රභේ­ද­වල ප්‍රයෝ­ජ­න­යට පහ­ළට යැවී­මට යෝජි­තය.

කෘෂි­කර්ම හා වාරි­මාර්ග ඇමැති පී. හැරි­සන් මහතා පව­සන පරිදි මේ ව්‍යාපෘ­තියේ ප්‍රධාන අර­මුණ යෝධ­වැව හා අකි­ත­මු­රුප්පු වැව යටතේ පව­තින ඉඩම් අක්කර 30680කට යල මහ අස්වැ­ද්දී­මට අවශ්‍ය ජලය හිඟ­ය­කින් තොරව ලබා­දී­මයි. ඊට අම­ත­රව අලුත් වාරි පහ­සු­කම් යටතේ තන්ති­රි­මලේ මහ­වි­ල­ච්චිය හා මැද­ව­ච්චිය ප්‍රදේ­ශ­වල තවත් අක්කර 2600ක් මේ යටතේ යල මහ කන්න දෙකේ අස්වැද්දා ඇත. උස්සාන වාරි පහ­සු­කම් හා නළ ජලය මගින් ද ගෙවතු හා තවත් ගොවි බිම් සරු කිරී­මට මේ ජලය උප­යෝගි වනු ඇත.

මෙරට අක්ක­ර­ය­කින් ලබා­ගන්නා වැඩිම වී අස්වැන්න වාර්තා වන්නේ මන්නා­රම සහල් නැළිය (Rice Bowl) ප්‍රදේ­ශ­යෙනි. ඒ ප්‍රදේ­ශයේ වගා කරන්නේ යෝධ වැවේ ජල­යෙනි. මේ ව්‍යාපෘ­තිය යටතේ යෝධ ඇළට වසරේ මාස 12 නොඅ­ඩුව ජලය ලැබෙන නිසා සහල් නැළියේ ගොවීන්ට දෙක­න්න­යම වගා කිරී­මට අව­ස්ථාව ලැබේ. මීට පෙර සහල් නැළියේ කෙත­රම් සරු පොළො­වක් තිබුණ ද යල කන්නයේ එම අස්වැ­ද්දී­මට තරම් ජලය නැති නිසා ඒ ගොවි ජන­තාව ඉම­හත් ආර්ථික දුෂ්ක­ර­තා­ව­ලට මුහු­ණපා සිටි­යහ.

මීට අම­ත­රව සහල් නැළි­යට ජලය ලැබෙන තවත් වැවක් ඇත. ඒ අකි­ත­මු­රුප්පු වැවයි ඒ වැවයි ඒ වැවට ද වැසි ලැබෙන්නේ ඊසාන දිග මෝස­මෙන් පමණි. මේ නිසා එම­ඟින් ජලය ලබා­ගන්නා ගොවි­යාට මෙතෙක් වගා කළ හැකි ව‍ූයේ මහ කන්නයේ පමණි. එහෙත් නව තන්ති­රි­ම­ලය ජලා­ශය ඉඳිවී­මෙන් පසු අකි­ත­මු­රුප්පු වැවට ද නොඅ­ඩුව ජලය ලැබෙන නිසා ඒ පම­ණින් ජලය ලැබෙන සහල් නැළියේ කෙත් බිම් අක්කර 6500 පමණ යල මහ අස්වැ­ද්දී­මට අව­ස්ථාව ලැබේ. නව ජලා­ශයේ ජලය ලැබීම නිසා මේ සහල් නැළිය යල මහ අලු­තින් අස්වැ­ද්දීම මඟින් එහි අක්කර 40000කට ආසන්න කෙත් බිම් මගින් ලැබෙන වී අස්වැන්න නව ජලා­ශය නිසා දෙගුණ වනු ඇති බවත් ව්‍යාපෘති ඉංජි­නේරු අමල් බණ්ඩාර මහතා පව­සයි. මීට අම­ත­රව පහළ ජල පෝෂක ප්‍රදේ­ශයේ පාව­ට්ටි­කු­ලම් ජලා­ශ­යට ද තන්ති­රි­මලේ ජලා­ශයේ ජලය ලැබේ. එම­ඟින් කෘෂි­කා­ර්මික කට­යුතු සරු වනු ඇත.

මේ ජලාශ ව්‍යාපෘ­තියේ අනෙක් ප්‍රධා­නම ප්‍රති­ලා­භය පානීය ජලය ලබා­දී­මයි. දැනට තන්ති­රි­මාලෙ පූජා භූමිය, මහ­වි­ල­ච්චිය, මැද­ව­ච්චිය වැනි ප්‍රදේ­ශ­ව­ලට පානීය නළ ජලය ලබා­දු­න්නත් ඒ ජලය වියළි කාල­ව­ලට ලැබෙන්නේ නැත. නමුත් නව තන්ති­රි­මලේ ජලා­ශය ඉදි‍වී­මෙන් පසු අනු­රා­ධ­පු­රය වවු­නි­යාව හා මන්නා­රම යන දිස්ත්‍රි­ක්ක­වල පවුල් 50000කට අවශ්‍ය පානීය ජලය මේ නව ව්‍යාපෘ­ති­යෙන් නළ මඟින් ලබා­දී­මට සූදා­නම් කර ඇත. ඒ සඳහා වස­ර­කට මේ ජලා­ශ­යෙන් ජලය ඝන මීටර් ලක්ෂ 120 ක් වෙන් කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ අල්විස් මහතා පව­සයි.

මෙම පානීය ජලය ලැබීම මඟින් මෙතෙක් මේ ප්‍රදේ­ශයේ පැතිරී යන වකු­ගඩු රෝගය වැළැ­ක්වී­මට ද අව­ස්ථාව ලැබෙන බවත් ඊට අම­ත­රව පිරි­සුදු ජලය ලැබීම නිසා තවත් රෝග රැසක් අවම කරන බවත් ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­ව­රයා කියයි. ඒ සම­ඟම මෙම ජලා­ශය මඟින් මෙගා වොට් 1ක විදුලි බල­යක් ද නිප­ද­වෙන අතර ඉන් වාර්ෂි­කව ගිගා වොට් පැය 4.6ක බල­ශක්ති උත්පා­ද­න­යක් සිදුවේ. නව ජලා­ශය ඉදි­වී­මත් සමඟ ඊසාන දිග මෝසම් සමයේ මල්වතු ඔය පහළ ද්‍රෝණියේ මන්නා­රම හා වවු­නි­යාව ගංව­තුර ඇති­වීම ද අඩුවී යනු ඇත.

ජලාශ ව්‍යාපෘ­තිය ඉදි­වී­මත් සම­ඟම උතුරු මැද පළාතේ විශා­ල­තම මිරි­දිය මත්ස්‍ය ජලා­ශය ලෙස මල්වතු ඔය නව ජලා­ශය පත්වෙයි. ඒ නිසා ඒ ප්‍රදේ­ශයේ දුප්පත් ධීවර ජන­තා­වට මෙන් ම නිසි ආදා­ය­මක් නැති අයට ද ධීවර කර්මා­න්තය මඟින් ආදා­ය­මක් ලබා ගැනී­මට අව­ස්ථා­වක් ලැබේ.

තන්ති­රි­මලේ මහ විල­ච්චිය අවට ගම්මා­න­ව­ලට දැන් අලි - මිනිස් ගැටුම් බහු­ලය. ඒවාට ප්‍රධාන හේතුව විල්පත්තු ජාතික වනෝ­ද්‍යා­නයේ ඇති බහු­ත­ර­යක් වැව් නෂ්ටා­ව­ශේෂ බවට පත්ව තිබී­මයි. වන සතු­නට වනෝ­ද්‍යා­නයේ ආහාර තිබු­ණත් වියළි කාල­යට දිය පොදක් සොයා අලි ගම් වැදීම නිසා අලි මිනිස් ගැටුම නිර­න්ත­ර­යෙන් ම මේ ප්‍රදේ­ශ­ව­ලින් වාර්තාවේ. මේ නව ව්‍යාපෘ­තිය මඟින් අලි මිනිස් ගැටු­මට කදිම විස­ඳු­මක් ලෙස විල්ප­ත්තුවේ ඇති කැඩී බිඳී ගිය වැව් 15 ක් නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කර නව ඇළ මාර්ග ඉදි­කර ජලය පිර­වීම කරනු ලැබේ. නව තන්ති­රි­මලේ ජලා­ශයේ ජලය ද අවශ්‍ය කාල­යට විල්ප­ත්තුවේ වැව් පෝෂ­ණය කිරී­මට ලබා­දෙනු ඇත. එවිට වනෝ­ද්‍යා­නය ඇතු­ළත ජලය ඇති නිසා අලි ගම්වැ­දීම අඩු වේ.

මේ තන්ති­රි­මලේ ජලා­ශය ඒ ප්‍රදේ­ශයේ මහා සංඝ­ර­ත්නය මෙන් ම ගොවි ජන­තාව වසර ගණ­නා­වක දුටු සිහි­න­යකි.

මේ පිළි­බ­ඳව සිය සතුට පළ­ක­රන තන්ති­රි­මලේ රජ­මහා විහා­රා­ධි­පති උතුරු මැද උතුරු දෙප­ළාතේ සංඝ­නා­යක තන්ති­රි­මලේ චන්ද්‍ර­ර­තන නාහි­මියෝ පව­සන්නේ නව ජලාශ ව්‍යාපෘ­තිය මඟින් තම ප්‍රදේ­ශයේ ජන­තා­වගේ කෘෂි­කා­ර්මික ආර්ථික, වාරි­මාර්ග හා සෞඛ්‍ය ප්‍රශ්න රැසක් සඳහා විස­ඳුම් ලැබෙන බවයි.

මේ ව්‍යාපෘ­ති­යෙන් වියළි කාල­ය­ටත් අපට ජලය නොඅ­ඩුව ලැබෙ­නවා. ඒ සම­ඟම වහින කාල­යට පහළ ප්‍රදේ­ශයේ ගංව­තුර ඇති­වී­මත් අඩු­වෙ­නවා. ජන­තා­වට අලුත් රැකියා අවස්ථා ලැබෙ­නවා. ඒ අනුව මේ ප්‍රදේ­ශ­ය ඉදි­රි­යේදී සුඛිත මුදිත වීමට මේ නව ජලාශ ව්‍යාපෘ­තිය ඉම­හත් පිටු­බ­ල­යක් වෙනවා ස්ථිරයි” තන්ති­රි­මලේ චන්ද්‍ර­ර­තන නාහි­මියෝ පැව­සූහ.

 

Comments