සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 15 සිට සැප්: 21 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (සැප්: 15 සිට සැප්: 21 තෙක්)

මේෂ

පෙම් සබ­ඳතා වැඩෙයි

ලග්නා­ධි­පති කුජ, රවි පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ය. බුධ, සිකුරු 6 ද ගුරු අටේ ද ගමන් ගනී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­ය­කයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග පාදා­ගනී.

ගෙද­ර­දොර කට­යුතු සාමා­න්‍යයි. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් කල්ප­නා­කාරී වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට තාක්ෂ­ණික, ඉංජි­නේරු අංශ­ය­න්ගෙන් සාර්ථක ප්‍රති­ඵල ලබා­ගත හැකිය. උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත පීඩා, වයිරස් රෝගා­දි­යෙන් පරිස්සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- ඉරිදා

වෘෂභ

ශරීර විඩාව සහ වෙහෙස ගති

ලග්නා­ධි­පති සිකුරු බුධ පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. රවි, කුජ 4 සිටී. ගුරු හත්වැ­න්නේය. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ශරීර විඩාව සහ ශරී­යට වෙහෙ­ස­කාරී ගති ඇති වේ.

මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලබයි. ගෙද­ර­දොර වැඩ­ක­ට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය.

අධ්‍යා­ප­නයේ යෙදී සිටින අයට ශුභයි. ඉගෙ­නීම් සාර්ථක වේ. උද­රා­ශ්‍රිත රෝග, පපුව සහ පෙණ­හැලි ආශ්‍රිත පීඩා ඇති කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

 

රැකි­යා­වට බාධා

ලග්නා­ධි­පති බුධ උච්චයි. සිකුරු සමඟ 4 නීච භංග යෝග­යයි. රාහු ලග්නයේ ද ශනි, කේතු 7, ගරු 6, රවි, කුජ 3 ගමන් කරයි. එම ග්‍රහ ගෝචර සැල­කීමේ දී තමාගේ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු වුව ද සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

මිල මුදල් ලැබීම අතින් සුබ වුවත් විටෙක විය­දම් අධික වේ. ගමන් බිමන් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟි­යට සාම­යට බාධා එල්ල නොවේ.

අලුත් මිත්‍ර­යන් ආශ්‍ර­යට ලැබේ. දූ දරු­වන්ගේ ප්‍රීතිය ඇති වේ. අධ්‍යා­ප­නයේ යෙදී සිටින අයට යහ­පත්ය. බෝවන රෝග, වයිරස් රෝග, හෘද­ගත පීඩා ඇති කළ හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

ආර්ථි­කය යහ­පත්

ලග්නා­ධි­පති සඳු භාග්‍ය­ස්ථා­නයේ ද, රාහු 12, ශනි, කේතු 6 ද, රවි, කුජ දෙවැන්නේ ද, බුධ, සිකරු 3 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. උන­න්දුව සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. නමුත් ඔබට මුදල් ඉතිරි කර­ගැ­නීම අප­හසු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යු­තු­වල දී බුද්ධි­මත් විය යුතුයි. ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉසම්තු කළ හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙසේ. අධ්‍යා­ප­නයේ යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය. පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත පීඩා, උගුර, බෙල්ල සම්බන්ධ දෝෂ ඇති විය හැකිය.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ක්‍රියා­ශීලී වේ

ලග්නා­ධි­පති රවි, යෝග­කා­රක කුජ සමග ලග්න­යේය. රාහු 11, ශනි, කේතු 5, ගුරු 4 ගමන් ගනී. බුධ, සිකුරු දෙවැ­න්නේය. එම ග්‍රහ පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී යම් යම් බාධා ඇතත් කිසි­යම් සාර්ථක පල­යක් ලබයි.

ක්‍රියා­ශීලී ගතිය ද, එඩි­තර බව ද ප්‍රකට වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් වර්ධ­නය වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලට යහ­පත්ය.

දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ශුභයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා, මේදය අධික වීමෙන් සෑදෙන රෝග ඇති කළ හැකිය.

ජය වර්ණය- රෝස. අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

උත්සාහයට  සාර්ථක ප්‍රථිපල

ලග්නා­ධි­පති බුධ උච්ච සිකුරු සමඟ ලග්න­යේය. ගුරු 3 ද, රාහු 10, ශනි, කේතු 4 ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී එම කාල සීමාව තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී බාධා අව­හි­රතා ඉස්මතු වුවත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සාමාන්‍ය වේ. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. ආග­මික අංශ­යට නැඹුරු වේ. රුධිර පීඩ­නය, ස්නායු හෝ නහර දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී. ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- සඳුදා

තුලා

වෙළෙඳ ව්‍යාපාර සරු වෙයි

ලග්නා­ධි­පති සිකුරු උච්ච බුධ සමග 12 සිටී. රාහු 9, ශනි, කේතු 3 ගමන් කරයි. රවි, කුජ අය­ස්ථා­න­යේය. ගුරු ධන­ස්ථා­නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු වේ. තමා බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල උදා නොවේ. උන­න්දු­වෙන් ද, කැප­වී­මෙන් ද යුක්තව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට විවිධ අංශ­යන්ට යොමු වීමෙන් යහ­පත් ප්‍රති­ඵල ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් උදා කර­ගනී. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අශු­භයි. උෂ්ණා­ධික රෝග, තුන­ටිය ආශ්‍රිත පීඩ, ලේ දූෂ්‍යා­බාධ ඇති කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 

දරු­වන්ගේ කට­යුතු යහ­පත්

ලග්නා­ධි­පති කුජ ස්වක්ෂේත්‍ර රවි සමඟ දෙදෙ­නාම කර්ම­ස්ථා­න­යේය. දිග්බ­ලයි. රාහු 8, ශනි, කේතු 2, ගුරු දිග්බ­ලව ලග්නයේ ද වේ. එම කරුණු සියල්ල සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍ර­වල දී සුළු බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ද ලබයි.

මිල මුදල් ලැබීම යහ­පත් වුව ද විය­දම් පක්ෂය ද ඉහළ යයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය වුවත් බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි.

දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීමේ යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට ඉඩ ලැබේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ බල­පායි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

පල නැති ගමන් බිමන්

ලග්නා­ධි­පති ගුරු 12 ද ශනි, කේතු ලග්නයේ ද රහු 7 ද රවි, කුජ පස්වැන්නේ ද සිටි. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ප්‍රමා­දතා මැද ක්‍රියා කිරී­මට සිදු වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී ප්‍රම­දතා මතු කළ හැකිය. කෙටි ගමන් බහු­ලයි. ඒවා­යින් එත­රම්ම පල ප්‍රයෝ­ජන නොලැබේ. ආර්ථික වශ­යෙන් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීම තුළ ආර්ථික වාසි ලැබිය හැක. ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­ස­දම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී යහ­පත්ය. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් සැල­කි­ලි­මත් විය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල නියුතු අයට ශුභයි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 

සතු­ටු­දා­ය­කයි

ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, ගුරු අය­ස්ථා­නයේ ද, රවි, කුජ 8 වැන්නේ ද රාහු 6 ද සිටි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබී­මෙන් තමාගේ කට­යුතු සතු­ටු­දා­යක මට්ට­ම­කට සාර්ථක කර­ගනී. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය.

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභ­දා­යක වේ. විවිධ අංශ­ව­ලින් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු සාමාන්‍ය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. අලූත් විෂ­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ.

උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, මල­බ­ද්ධය වැනි රෝග­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

කුම්භ

විය­දම් පක්ෂය

ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­න­යේය. රාහු 5 ද, කුජ, රවි හතේ ද ගුරු 10 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී ආර්ථික වශ­යෙන් අය­හ­පත් නැත.

විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ලාභ ප්‍රයෝ­ජන ලබයි. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවු­ණත් ශරීර විඩාව වෙහෙස මහ­න්සිය දැනේ.

දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ශරීර සෞඛ්‍යය ගැන අව­ධා­නය යොමු කළ යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

ක්‍රම­යෙන් යහ­පත

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු 10 ද, රාහු 4 ද රවි, කුජ 6 ද ගමන් ගනී. එම ග්‍රහ ගොච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා අංශ­වල දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි.

මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ද ඉහළ යයි.

මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා වෙහෙසේ. සෞඛ්‍ය්‍ ගැන පරිස්­සම් වන්න. උෂ්ණා­ධික රෝග බල­පායි.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

Comments