සිළුමිණ ලග්න පලාපල‍ (සැප්තැම්බර්: 22 සිට සැප්තැම්බර් 28 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (සැප්තැම්බර්: 22 සිට සැප්තැම්බර් 28 තෙක්)

මේෂ

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති කුජ 5ද, රවි, බුධ, සිකුරු 6 ද, ගුරු 8 ද, ශනි, කේතු 9 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගොච්රය සැල­කීමේ දී මිල මුදල් සම්බන්ධ කට­යුතු ඇති වේ. නමුත් ස්ථිර­තා­වක් නැත. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී යම් බාධා අව­හ­රතා ඉස්මතු කරයි. එම නිසා බද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සුළු බධා ඇති වේ. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති කරයි. මිත්‍ර ආශ්‍රය පෙන්වයි. උත්සා­හ­යෙන් ඉගෙ­නීමේ කට­යුතු කළත් උත්සා­හයේ තර­මට ප්‍රති­ඵල නොලැබේ. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග බලපෑ හැක.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

වෘෂභ

කට පරෙ­ස්සම් කර­ගන්න

ලග්නා­ධි­පති සිකරු, රවි, බුධ පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ය. සඳු, රාහු තුනේ ද ගුරු 7, ශනි, කේතු 8 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී විටෙක කිසිම වැද­ගැ­ම්ම­කට නැති දෙය­කට ආර­වුල් සිදු වේ. දුර­දිග නොබලා ඉක්ම­නින් කරන කතා­වෙන් ආර­වුල් මතු වේ. සම­ඟි­යෙන් සිටි අය වෙනස් වේ.

වෘත්තීය සහ රැකියා අංශ­වල දී වඩාත්ම බුද්ධි­මත් විය යුතුයි. වෙහෙස මහ­න්සිය ඇති ගමන් ඇති වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී විටෙක සම­ඟි­යට සාම­යට බාධා එල්ල වනු ඇත. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි සැල­කි­ලි­මත් වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ශරී­ර­යට වෙහෙස මහ­න්සිය, උෂ්ණා­ධික රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා ඇති කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

නිෂ්ඵල විය­දම්

ලග්නා­ධි­පති බුධ, සිකුරු, රවි සමඟ හතරේ ද, සඳු, රාහු ලග්නයේ ද, ශනි, කේතු 7 ද, ග--ුරු 6 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී ශුභා’ශුභ මිශ්‍ර පල ගෙන නොදේ. විටෙක තද ලෙස සිත් පීඩා­ව­ලට කරුණු යෙදේ. මිල මුදල් සම්බ­න්ධ­යෙන් ඉතා කල්ප­නා­කාරී වන්න. නිෂ්ඵල විය­දම් ඇති වේ. තමාගේ කට­යු­තු­වල දී වෘත්තීය, රැකියා අංශ­වල දී කල්ප­නා­කා­රීව ද, බුද්ධි­මත්ව ද කට­යුතු කළ යුතුයි. ස්ථාන­ගත වෙන­ස්කම් ඇති වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන අංශ­වල දී උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. වෛරස් රෝග, ස්නායු නහර දුර්ව­ලතා, මූත්‍ර දෝෂ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

දුර­දිග නොබලා කරන වැඩෙන් කර­දර

ලග්නා­ධි­පති සඳු, රාහු 12 සිටී. ශනි, කේතු 6 ද, ගුරු 5 ද, කුජ 2 ද, රවි, සිකුරු, බුධ 3 ද ගම­න්ගනී. එම ග්‍රහ චලි­තය සැල­කීමේ දී මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. විය­දම් අධි­කයි. වැර­දී­ම­කින්, දුර­දිග නොලැ­බී­මෙන් කර­දර හිරි­හැර ඇති කරයි. මුළා වීම්, රැව­ටී­ම්ව­ලට ඉඩ පවතී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. වැඩ­ක­ට­යු­තු­ව­ලට බාධා ප්‍රමා­දතා ඇති වේ. අවුල් විය­වු­ල්ව­ලට අසු වීමට සිදු වේ. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ඉව­සී­මෙන් වචන පාවිච්චි කරන්න. දරු­වන්ගේ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල දී අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට ලැබේ. දක්ෂතා සහ කුස­ලතා ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න. මූත්‍ර දෝෂ, වකු­ගඩු ආශ්‍රිත පීඩා, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න. ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

 

කතාවේ දක්ෂ­ක­මෙන් ලාබ ප්‍රයෝ­ජන

ලග්නා­ධි­පති රවි, බුධ, සිකුරු දෙවැ­න්නේය. ශනි, කේතු 5, රාහු, සඳු 11, ගුරු 4 සිටී. එම ග්‍රහ ගෝච­රය ගැන බැලීමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කළ ද තම කතාවේ බල­යෙන් ලාභ ලබා­ගත හැකි වේ. සුළු දෙයින් වුව ද ලාභ ලැබේ. ගම­න්බි­ම­න්ව­ලින් ඵල ප්‍රයෝ­ජන ලබයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී තමාට මතු­වට ප්‍රයෝ­ජන ලබා­ගත හැකි අය හඳුනා ගැනී­මට ඉඩ සැලසේ. විටෙක තම තත්ත්වය උසස් වනු ඇත. ගෙද­ර­දොර කට­යු­තු­වල දී විටෙක සම­ඟි­යට සාම­යට බාධා එල්ල විය හැකිය. ඉව­සී­මෙන්ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. ඉගෙ­නීමේ කට­යු­තු­ව­ලට යහ­පත්ය. උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති බුධ ලග්න­යේය. භද්‍ර යෝග­යයි. යෝග­කා­රක සිකුරු රවි සම­ගයි. ගුර තුනේ ද, කුජ 12 ද රාහු, සඳු දහයේ ද සිටී. ශනි, කේතු 4 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී ඔබ බලා­පො­රොත්තු වන අන්ද­මට සාර්ථක ප්‍රති­ඵල ලැබීම අසීරු වේ.

වෘත්තීය සහ රැකියා අංශයේ ද සමාජ ක්ෂේත්‍රයේ ද එසේ­මයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වී මුදල් උප­යා­ගනී. ගෙද­ර­දොර කට­යුතු සාමා­න්‍යයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

අධ්‍යා­ප­නයේ නියුක්ත අයට සුබයි. රුධිර පීඩ­නය, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

මිල මුදල් තත්ත්වය යහ­පත්

ලග්නා­ධි­පති සිකුරු, රවි, බුධ 12 සිටී. ශනි, කේතු 3, රාහු, සඳු 9, ගුරු දෙවැන්නේ ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා ක්ෂේත්‍රයේ දී තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු විය හැකිය.

කෙසේ වුවත් විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත්ය. මිල මුදල් සම්බ­න්ධ­යෙන් යහ­පත්ය. ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට වාසි­දා­යක තත්ත්ව­යක් ඇති වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ.

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ඇති වේ. අධ්‍යා­පන කට­යු­තු­වල නිරත අයට සිය උත්සා­හයේ තර­මට ප්‍රති­ඵල ලැබේ. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 

රැකියා වෘත්තීය කට­යුතු ශුභයි

ලග්නා­ධි­පති කුජ දිග්බ­ලයි. දහ­යේය. ලග්නයේ ගුරු සිටී. ශනි, කේතු දෙවැ­න්නේය. සඳු, රාහු 8 සිටී. රවි, බුධ, සිකුරු අය­ස්ථා­න­යේය. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී ඔබේ කට­යු­තු­වල දී සාර්ථක බවක් පෙන්නු­වත් ප්‍රමා­දතා ඇති කරයි. රැකියා වෘත්තීය වශ­යෙන් ශුභයි. අන්‍ය­යන්ගේ සහාය ලැබේ. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක වේ.

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත්ය. වාසි ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟි­යට සාම­යට බාධා එල්ල විය හැකිය. ඒ නිසා බුද්ධි­මත් විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක පල ලබා­ගත හැකිය. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා, ස්නායු දුර්ව­ලතා ඇති කළ හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 

රැකි­යාවේ වෙන­ස්කම්

ලග්නා­ධි­පති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, සඳු, රාහු හයේ ද, කුජ 9 ද රවි, බුධ, සිකුරු 10 ද සිටී. මිල මුදල් සම්බ­න්ධ­යෙන් නිෂ්ඵල ලෙස විය­දම් දැරී­මට සිදු වේ. කෙසේ වුවත් මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නැත. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී තම තත්ත්ව­යෙහි වෙන­ස්කම් ඇති කරයි. කර­ගෙන යන කට­යු­තු­වල පහළ බැසී­මක් පෙන්වයි.

අලු­තෙන් පටන් ගන්නා කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න.

කෙසේ වුවත් සම­ඟි­යට තද ලෙස බාධා එල්ල නොවේ.

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල දී සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. උෂ්ණා­ධික රෝග, සෙම් පීඩා, වෛරස් රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ ඇත.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 

ගේදොර කට­යුතු යහ­පත්

ලග්නා­ධි­පති ශනි, කේතු 12 ද, ගුරු 11 ද, රාහු, සඳු 6 ද, කුජ 8, රවි, බුධ, සිකුරු 9 වැන්නේ ද ගෝච­රය වේ. එම ග්‍රහ චලි­තය ගැන බැලී­මේදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබී­මෙන් තමාගේ කට­යුතු සාර්ථක කර­ගනී. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලට ශුභයි. දියු­ණු­වක් ලබයි. මිල මුදල් ලැබීම ශුභයි.

විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග වර්ධ­නය කර ගත හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ මතු කළ හැකි බැවින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

කුම්භ

වැඩ කට­යුතු අධික වෙයි

ලග්නා­ධි­පති ශනි, කේතු 11 ද, ගුරු 10 ද, රාහු, සඳු 5ද, කුජ 7 ද, රවි, බුධ, සිකුරු 8 ද ගමන් කරයි. එම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල ක්‍රමික දියු­ණු­වක් සිය උත්සා­හ­යෙන් ලබයි. මිල මුදල් ලැබීම අතින් මධ්‍යස්ථ ප්‍රති­ඵල වේ.

විය­දම් පක්ෂය තර­මක් ඉහළ යා හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. වැඩ­ක­ට­යුතු අධික වීමෙන් ශරී­ර­යට වෙහෙ­ස­කාරී ගති බල­පායි.

දරු­වන්ගේ කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කරන්න. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට ශුභයි. උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

දරු­වන්ගේ කට­යු­තු­ව­ලට කාලය ගත වෙයි

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු 10ද, සඳු, රාහු 4 ද ගමන් ගනී. රවි, බුධ, සිකුරු 7 ද, කුජ 6 ද, ගමන් කරනු ඇත. එම ග්‍රහ චලි­තය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම යහ­පත් වුවද විය­දම් අධි­කයි. මිල මුදල් සම්බ­න්ධ­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ඉව­සී­මෙන් කට­යුතු කරන්න. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් කාල­යත්, ධන­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල පසු­ගාමී තත්ත්ව­යන් උදා වන නිසා උත්සා­හය අව­ශ්‍යයි. පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ ඇත.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

 

 

Comments