
අද අපි සාකච්ඡා කරන්නේ අට්ටක නාගර සූත්‍ර දේශනාවයි.අට්ටක නාගර නම් මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ කෙනෙකුගේ වාසස්ථානයක් පිළිබඳවයි. අට්ටක කියන නගරය කෙනෙකුගේ වාසස්ථානයක් නැති නම් නගරයක වාසය කරන කියන අදහසයි මෙයින් කියවෙන්නේ. මේ අට්ටක නගරයේ සිටියා දසම කියලා ගෘහපති කෙනෙක්. මේ ගෘහපති ආනන්ද ස්වාමින්වහන්සේ හමුවීමට ගිහිල්ලා ආනන්ද ස්වාමීන්වහන්සේගෙන් බොහොම වටිනා ප්‍රශ්නයක් ඇසුවා.
සියල්ල දන්න අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් එක ම එක ගුණ ධර්මයක් දේශනා කරලා තියනවාද; ඒ ගුණධර්මය යම් කිසි කෙනෙක් ගෘහ ජීවිතය තුළ ඇති කරගෙන අප්පමත්තස්සව, අප්‍රමාදීව කටයුතු කරනවා ද? සිහියෙන් යුතුව ආතාපිනෝ කෙලෙස් තවන වීර්යෙන් යුතු ව අකුසල් ප්රහාණය කර කුසල ධර්ම ඇති කරගන්නට ඔහු කටයුතු කරනවා, ඒ ගුණ ධර්මය ජිවිතයට එකතු කරගෙන. අහිඅත්තස්ස කියන්නේ කාය ජීවිත නිරපේක්ෂව; කය ගැන ජීවිතය ගැන අතහැරලා කටයුතු කරනවා කියනවා කියන අදහසයි. එසේ ජිවත් වන විට කෙලෙස් වලින් නිදහස් නොවුණ සිත කෙලෙස් වලින් නිදහස් වෙනවා නම්, කෙලෙස් ප්රහීනවෙනවා නම්, නූපන්නාවූ අරහත්තයට පත්වෙනවා නම් එබඳු එකඳු ගුණ ධර්මයක් තියනවාද කියලා ප්‍රශ්නයක් නැඟුවා.
ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා ඔව් ගෘහපතිතුමණි, එකම එක ගුණ ධර්මයක් තියනවා. ඉන් පසුව මේ ගෘහපති තුමා ඇහුවා, මොකක්ද ඒ ගුණ ධර්මය කියලා. අර කෙලෙස් වලින් යුතු සිත කෙලෙස් නැතිවන ගුණ ධර්මය තමයි ඒ. යම් කිසි කෙනෙක් භාවනා ප්‍රථම ධ්‍යානයක් උපදවා ගන්නවා නම්; යම් කිසි භාවනාවක් කරනවා නම් අපි ඒ භාවනාව වඩනවා නේ. උදාහරණයක් ලෙස ගත්තොත් අපි භාවනා කිරීමේදි මේ නිවසේ සිටින අය නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා කියලා කියනවා. මෙය දෙවතාවක් තුන්වතාවක් කියනවා.
මේ ආකාරයට මුළු ලෝකයට මෛත්‍රි කරනවා. ඉස්සර අය එක්කොටසක් තෝරගත්තාම ඒ අයට පමණක් දිර්ඝ වෙලාවක් මෛත්‍රි කරනවා. මෛත්‍රී වඩනකොට සමහර අවස්ථාවලදී කාම සංකල්පනා වලට යනවා; කරන්න හිතෙනවා. ඉන්පසු ඒ අවස්ථාවේදී අපි එහි ටික වෙලාවක් ඉන්නවා, ඒ කල්පනාවෙ ම. ඒඅවස්ථාවෙදි සිහි කළත් කමක් නැහැ, කාම සංකල්පනාවක්. කාම සංකල්පනාවක් කියන දේ භාවනාවට අරමුණු කරගත්තත් කමක් නැහැ. ආයෙමත් කාම සංකල්පනා එනවිට ඒ ආකාරයට ම මෛත්‍රියට සිත ගන්නවා. ඉන්පසුව අපේ සිතට ව්‍යාපාද සංකල්පනා එන්නත් බැරි නැහැ . බනින්න ඕන, ගහන්න ඕන, ගෙවල් කුඩු කරන්න ඕන වගේ දරුණු දේවල් හිතට එන්නේ නැහැ; භාවනාවේ යෙදෙන වෙලාවට. නමුත් ඇසෙන ශබ්ධත් සමඟ සංකල්පනා එනවා. දැන්වුණත් අපි ශබ්ධයත් සමඟ ගැටෙනවා.
සමහර වෙලාවට භාවනාවේ යෙදෙද්දි අපිට රස්නෙයි. රස්නේ කරදරයක් කියලා හිතෙනවා. කකුල් රිදෙනවා, තුනටිය රිදෙනවා කියලා හිතෙනවා; බෙල්ල රිදෙනවා කියලා හිතෙනවා; අකමැත්තක් ඇතිවෙනවා; ඒවෙලාවෙ ටිකක් අපිට එපා වෙනවා. භාවනා කරද්දි අපිට සියුම් ව්‍යාපාද ශබ්ධ,වේදනාවට වැනි සියුම් දෙවල් ඇතිවෙනවා. එය ව්‍යාපාදයක් කියලා තේරුම් ගන්නට ඕන, එයම භාවනාවේදි සිහිපත් කරන්නට ඕන. හුඟක් වෙලාවට සිහිවෙන්නේ නැහැ; වෙන ලෝකයක වගේ ඉන්නවා. ටික වෙලාවකින් තමයි සිහිපත් වෙන්නේ.
දැනගත්ත මොහොතේ සිහිපත් කරන්නට ඕන ව්‍යාපාදයක් කියලා. නැවත අරමුණට පැමිණ මේ නිවසේ සිටින සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා..... කියලා මෛත්‍රී වඩන්නට ඕන. ඉන්පසුව එන සංකල්පනා ඉවත් කරන්න; එවිය අපේ සිත භාවනා අරමුණ තුළම පිහිටන්නට පටන් ගන්නවා.
කාම සංකල්පනා වලට යන එක අඩු වෙලා ව්‍යාපාද සංකල්පනා වලට යන එක අඩු වෙලා භාවනා අරමුණු වලම සිත පිහිටන්නට පටන් ගන්නවා. එසේ භාවනා අරමුණ තුළ සිත පිහිටන විට අපට විර්යය ඇතිවෙනවා. අපිට කායික විර්යය විතරක් මදි; සිත සමාධිගත වෙන්න ; මානසික වීර්යය අවශ්‍යයි සිත සමාධිගත වෙන්න. මානසික විර්යෙන් කරන්නේ කුමක්ද; භාවනා කරන වෙලාවේ සිතට එන අකුසල ධර්ම හඳුනාගෙන ඉවත් කිරිමයි සිදුවන්නේ. අකුසලනං ධම්මානම් පහානාය.. කාම සංකල්පනා ව්‍යාපාදා සංකල්පනා නොවෙයි මෙහි දි නිදිමතක් ආවොත්, අලස කමක් ආවොත් ඒවා ප්‍රහානය කිරීමයි; මෙහිදි සිදුවෙන්නෙ. හිත එක අරමුණක නැතිව සිතුවිලිවල ගමන් කරනවා නම් එයත් ඉවත් කරනවා නම් එයට අපි කියන්නේ උද්දච්ඡ කුකුච්ඡ කියලා. එයත් මේ මඟින් ඉවත් කරනවා.
බුද්ධරත්නය ධම්ම රත්නය ගැන ඇතිවෙන සැකය ඉවත් කරන්නට පුළුවන් මෙමඟින්. මේ මානසික විර්යෙන් කටයුතු කරන විට අපේ සිතේ පංච නීවරණ යටපත් වෙලා කාම සංකල්පනා ව්‍යාපාද වගේම නිදිමත, අලසකම යටපත් වෙනවා. හිත එක එක සිතුවිලිවල විසිරෙන ස්වභාවය නැතිවෙලා යනවා; තුනුරුවන් කෙරේ සැකය නැතිවෙනවා; පංච නීවරණ යටපත් වෙලා ප්‍රීතිය හටගන්නවා. ඒ ප්‍රීතිය නිරාමිස ප්‍රිතියක්.
ඒ කියන්නේ ලෞකික දේවල්වලින් තොරව ලබන ප්‍රීතියක් නිසා. ඒ ප්‍රීතිය නිසාම කයට සැපයක් මනසට සැපයක් දැනෙනවා.
එයට සුඛය කියන වචනය යොදනවා. මනස සැහැල්ලු වෙනවා; කය සැහැල්ලු වෙනවා. මනස කය දෙකම වලාකුළක් උඩ ඉන්නවා වගේ සැහැල්ලුවක් ඇතිවෙනවා. ආකාසෙ ඉන්නවා වගේ දැනෙනවා. මේ කය සැබවින්ම වදයක් බරක්. ඒ කෙලෙස් ප්‍රහීන වුණ දාට එය සැහැල්ලු වෙනවා. ඒ කායික මානසික සැහැල්ලුවත් සමඟ එනම් පස්සද්ධියත් සමඟ අපේ කය සැහැල්ලු වෙනවා. ඒ නිසා සමාධි ගතවීම සමාධි කියලා හැඳින්වෙනවා.
මේ ආකාරයට සමාධිගත වීමට කියනවා බුද්ධ සාසනය තුළ ප්‍රථම ධ්‍යානය කියලා. මෙහි කියපු කරුණුවලම ලක්ෂණ අපි පෙළ ගස්වලා බලමු. කාම සිතුවිලිවලින් සිත ඉවත් වීම , විවිච්ඡේව කාමෙහි කාමයක් නැත; විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි ව්‍යාපාද තීනමිත්ත උද්දච්ඡ කුකුච්ඡ විචිකිච්ඡා කියන අනිත් නීවරණ හතරින් හිත නිදහස් වෙනවා; සවිථක්කං සවිචාරං කියලා කියන්නේ විතර්ක සහිතයි, විචාර සහිතයි කියන අදහසයි. විචාර කියන්නේ අරමුණ තුළ හිත තියනවා කියන අදහසයි.
භාවනා අරමුණ තුළම හිත පවතිනවා. ඒ වගේ ම මෛත්‍රී වාක්‍යයට ම හිත යොමු වනවා කියන අදහසයි. ඉන් පසුව විවේකඡං පිති සුතං, පංච නිවරණ දුරුවීම නිසා හිතට විවේකයක් දැනෙනවා, කායික විවේකයක් දැනෙනවා. ඉන්පසුව විවේකය නිසා ම විවේකය තියනවා. සුඛං කියලා කියන්නේ සැපය තියෙනවා.
සිත සමාධි ගතවීම ප්‍රථම ධ්‍යානයයි. මෛත්‍රී භාවනාවෙන් සිත සමාධිගත කරගනිමින් ඉන්පසුව ඒ තැනැත්තාට පුළුවන් ප්‍රථම ධ්‍යානය වඩාගෙන විදර්ශනා වඩන්න. ඉන්පසුව උන්වහන්සේ කියනවා නුවනින් කල්පනා කරනවා. ඒ කෙසේද කියනවා නම් ඉදම්පිකෝ පඨමින් ප්‍රථම ධ්‍යානයං අභිසංකතං අභිසංචේත ඉතං මේ ප්‍රථම ධ්‍යානය සකස් වූවකි; කවුරුත් මවපු එකක් නොව හේතුන්ගෙන් හට ගත් එකකි. අභිසංචේත ඉතං චේතනාවෙන් සකස් වූවකි. ප්‍රථම ධ්‍යානය චේතනා විප්ලවයකින් සිදු වූ දෙයක්. අපි දැන් මෛත්‍රියෙන් සිත පිහිටවනවා. එය කළයුතු වන්නේ ධර්මයේ ඇති විදිහට කාම සංකල්පනා එනවා. ව්‍යාපාද ඉවත් කරනවා, නිදිමත සැක සංකා ඉවත් කරනවා. ධර්මයේ තියෙන විදිහට අපේ චේතනාව පවත්වාගෙන යනවා
ඉන් පසුව යංකෝ පන කිංචි අභිසංකතං අබිසංචේත ඉතං යද නිච්චං නිරෝධ අබිසංචේත ඉතං පජානාතීති යමක් හේතුන්ගෙන් හට ගත්තානම් චේතනාවෙන් සකස්වුණා නම් යද නිච්චං එය අනිත්‍යයි. හේතුවෙන් හටගත්තා නම් අනිවාර්යෙන් ම අනිත්‍යයි. ප්‍රථම ධ්‍යානය හටගත්තා නම් හේතුන්ගෙන් හටගත්ත ඒ දෙය ඒ වෙලාවේම ප්‍රථම ධ්‍යානය නැතිවෙනවා. නිරෝධ ධම්මං කියලා කියන්නේ නිරුද්ධ වෙලා යන දෙයක්. මෙන්න මේ විදිහට ඔහු කෙලෙස් දුරු කිරීමට හිත යොමු කරනවා. සමහර කෙනකුට විදර්ශනා ව දියුණු කළාම ප්‍රහානය නොවු කෙලෙස් ප්රහාණනය වෙනවා. ඒ වගේම සමහර අය බඹලොව උපත ලබනවා. සියල්ල දන්න සියල්ල දත් සර්වඥයන් වහන්සේ ඒවගේ තව දෙයක් දේශනා කරලා නැද්ද මේ කෙලෙස් නැති කරන්න කියලා. ඒ අවස්ථාවේදි ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා ගෘහපති තුමනි දුතිය ධ්‍යානය වඩලා කෙලෙස් නැති කරන්නට පුළුවන්. තුන්වැනි ධ්‍යානය ලබාගෙනත් කෙලෙස් නැති කරන්න පුළුවන්; ඒවගේම හතරවැනි ධ්‍යානය ලබාගෙන විදර්ශනා වඩන්නට පුළුවන්, ගෘහපති තුමනි කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. ධ්‍යාන හතර ම දේශනා කළා.
ඉතින් ආයෙත් ගෘහපති කියනවා; තවත් ක්‍රමයක් තියෙනවා, ගෘහපති තුමනි මෛත්‍රී කරලා විදර්ශනා වඩන්නට පුළුවන් . දස දිසා මෛත්‍රියයි මෙහිදී පැහැදිලි කරලා දෙන්නේ. දස දිසාවට මෛත්‍රි කරලත් පුළුවන් කෙලෙස් නැති කරන්නට. දස දිසා මෛත්‍රිය කියන්නේ නැගෙනහිර දිසා, නැගෙනහිර අනු දිසා, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව, උතුරු දිසාව, උතුරු අනු දිසාව, දිසා තියෙන්නේ. හරස් අතට පමණයි යට දිසාව, උඩ දිසාව යනුවෙන් දිසා යන දිසාවලට හිත යොමු කරනවා. වෛර නොවෙත්වා, තරහා නොවෙත්වා, සුවසේ ජිවත් වෙත්වා කියලා මෛත්‍රි වඩනවා. මෛත්‍රී වඩන්නට පුළුවන් මේ ආකාරයට. අායෙත් අහනවා ධ්‍යාන වඩන්නට පුළුවන්, මෛත්‍රී කරන්නට ඕන කාම සංකල්පනා ඉවත් කරමින් ව්‍යාපාද ඉවත් කරමින් සැක සංකා මැලිකම් ඉවත් කරමින් ඒ මුළු දිසාවට ම මෛත්‍රී කරනවා. අනන්තයට මෛත්‍රිය පැතිර යන හැටි පෙනී යනවා අපිට. කොච්චර දුරට තියනවා ද කියනවා ද කියල තමන්ට දැනෙන් පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නා තෙක් මෛත්‍රී වඩන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදි ප්‍රථම ධ්‍යානයට හිත යොමු වෙනවා. ඒ දිසාවට හිත යොමු වෙනවා කියලා කියන්නේ මෛත්‍රි වඩලා ධ්‍යානයක් ලබාගන්න. එක දිසාවකට එක දිගට පැය භාගයක්වත් මෛත්‍රී වඩන්නට ඕන. මෛත්‍රී වැඩීමෙිදී ද්වේශයේ අඩුවක් නැහැ.
මෛත්‍රී වඩන කොට මෛත්‍රිය පිහිටන තුරු එය කළ යුතුයි. බොහොම සැහැල්ලුවෙන් කය තබාගෙන මෛත්‍රී වඩන්නට ඕන. මෛත්‍රිය ගැන මේ විදිහට කියලා දුන්නා කරුණාවෙන් මුදිතාව සහ උපෙක්ෂාවෙන් මෙය කළ හැකි ආකාසානංචායතනය, ආකිංචායතනය විඥාසායචායතනය ආකිංචායතනය මේ තුළ සිට විදර්ශනා වඩන්න අමාරුයි. ඉන්පසු කියනවා, ස්වාමීනි තොටුපලක් ළඟට එනවා නාන්න කෙනෙක්; ඇවිල්ලා අහනවා නාන තොටුපලක් කොහෙද තියෙන්නේ කියලා. තොටු පලවල් එකොළහක් පිළිබඳ ව කියනවා. ඕන තැනකින් නාන්න කියලා යම් කිසි මාලිගාවකට යන්න දොරටුවක් විමසනවා.
දොරටු කිහිපයක් කියනවා. ඒවගේ ඔබ වහන්සේ මට එක නිවන් මඟක් ඇසුවා; මට එකොළහක් දේශනා කළා කියලා කියනවා. ඔහු කියනවා මේ දසමට පමණක් නොවෙයි සමස්ත බෞද්ධයාටම මේ සූත්‍ර දේශනාව ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.