1818 පළමු නිද­හස් සටන සහ අස්ගිරි මහා­වි­හා­රීය ශාස්ත්‍රීය ප්‍රබෝ­ධය | සිළුමිණ

1818 පළමු නිද­හස් සටන සහ අස්ගිරි මහා­වි­හා­රීය ශාස්ත්‍රීය ප්‍රබෝ­ධය

ආචාර්ය අජිත් තල්වත්ත ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය මාන­ව­ශාස්ත්‍ර අධ්‍ය­නාං­ශය සමා­ජීය විද්‍යා සහ මාන­ව­ශාස්ත්‍ර අධ්‍ය­නාං­ශය ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය, මිහි­න්තලේ

 

ර්ෂ 1796 බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍ය­වාදී ග්‍රහ­ණ­යට නතු වීමෙන් පසු මෙරට සිංහල බෞද්ධ ජන­තාව එක්ද­හස් අට­සිය දහ­අට (1818) වසරේ දී බ්‍රිතා­න්‍යන්ට එරෙ­හිව පළමු නිද­හස් විමුක්ති සටන ආරම්භ කළහ. ඒ වන විට එම විමුක්ති අර­ග­ල­යට වසර දෙසීය එකකි (201). ඒ නිමිති කොට­ගෙන “ අස්ගිරි මහා­වි­හා­රය සහ 1818 පළමු නිද­හස් සටන” යනු­වෙන් ශාස්ත්‍රීය පර්යේ­ෂණ ග්‍රන්ථ­යක් සම්පා­ද­නය කර තිබේ.

අස්ගිරි මහ විහා­රය මෙරට ඉති­හා­සයේ සිට තිර­ණා­ත්මක සිදු වීම් තුළ ප්‍රමුඛ තීරණ ගන්නා ආය­ත­න­යකි. ඉංග්‍රීසි අධි­රා­ජ්‍ය­වා­දීන්ට එරෙ­හිව ක්‍රියා­ත්මක කළ චින්ත­න­මය අර­ග­ලයේ මුල්ම වෙඩි මුරය පත්තු කළේ වාරි­ය­පොළ ශ්‍රී සුමං­ගල අනු­නා­යක හිමි­යෝය. රටේ දේශ­පා­ලන, ආර්ථික, සාමා­ජික සහ ආග­මික වශ­යෙන් තීර­ණා­ත්මක තීන්දු තීරණ ගැනී­ම්වල දී විහා­ර­ස්ථා­නය ප්‍රමුඛ සාධ­ක­යක්වූ බව එම ක්‍රියා­ව­ලි­යෙන් පැහැ­දිලි වේ. ඒ අනුව එම කැරැල්ලේ දී අස්ගිරි විහා­ර­යෙන් ද ප්‍රබල බල­පෑ­මක් කළ බවට නිග­ම­නය කිරීම සාවද්‍ය නොවේ.

එවැනි තර්ක­යක් ගොඩ නඟන්නේ හේතු සාධක කිහි­ප­යක් මත ය. සමස්ත සමා­ජ­යට නාය­ක­ත්වය සහ ආම­න්ත්‍ර­ණය කළ හැකි ප්‍රධාන චරි­තය වන්නේ භික්ෂූන් වහන්සේ ය. තවද පන්සල වෙත ජන­තාව පහ­සු­වෙන් ඒක­රාශී කළ හැකි ස්ථාන­යක් වීම, හදිසි අව­ස්ථා­වක එහි ප්‍රජාව පෝෂ­ණය කිරී­මට තරම් ශත්ති­මත් ආය­ත­න­යක් වීම සහ ආර­ක­ෂාව අතින් ප්‍රමුඛ වීම යන සාධක ද ප්‍රධාන විය. කෙසේ නමුත් උඩ­රට රජු ඇතුළු පිරිස මෙර­ටින් පිටු­ව­හල් කිරී­මෙන් පසු රජෙකු නැති අඩුව උඩ­රැ­ටි­යාට තදින් දැනිණි. ඒ නිසා සිංහල බෞද්ධ සමස්ත සමා­ජයේ ම පීඩ­නය ක්‍රමි­කව වර්ධ­නය වී නොස­න්සු­න්කාරී වාතා­ව­ර­ණ­යක් ගොඩ නැඟිණි. එහි ආස­න්න­තම සිදු වීම ඉංග්‍රීසි ආධි­ප­ත්‍ය­යට එරෙ­හිව වර්ෂ 1818 සිංහලේ මුල්ම නිද­හස් විමුක්ති සටන ඇති වීම ය.

උඩ­රට මහ කැරැල්ල, ඌව-වෙල්ලස්ස ප්‍රදේ­ශය මුල් කොට­ගෙන පැන­නැ­ඟිණි. එහි ප්‍රධාන නාය­ක­යන්ට ඉති­හා­ස­යෙහි සුවි­ශේෂී ස්ථාන­යක් ලැබුණ ද සෙසු පිරිස පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් පසු­කා­ලීන වූ සටන් ඉති­හා­සයේ හෝ සටන් ඉති­හා­සය තුළ යොමු වී නැත. එලෙස ආරම්භ වූ පළමු නිද­හස් විමුක්ති සටන ඉංග්‍රීසි නියෝ­ගය මත මර්ද­නය සඳහා මොන­ර­විල කැප්පෙ­ටි­පොළ පත් කරන ලදී. නමුත් සත්‍ය අව­බෝධ කර­ගත් හෙතෙම සිංහ­ල­යන් හා එක්ව අර­ග­ල­යට සහාය දුන්නේය. කැප්පෙ­ටි­පොළ සිය උප­රිම ශක්තිය ලබා­දු­න්නත් අර­ග­ලය ක්‍රෑර සහ අමා­නු­ෂික ලෙස මැඬ­ලී­මට ඉංග්‍රීසි පාල­නා­ධි­කා­රිය කට­යුතු කළ බැවින් එය විශාල ඛේද­වා­ච­ක­ය­කින් කෙළ­වර විය.

 

සිංහ­ලයා 1818 දී ඉංග්‍රී­සීන්ට එරෙ­හිව අර­ග­ලය ක්‍රියා­ත්මක කළ ද අප පරා­ජ­යට පත් වන්නේ, අද මෙන් එදා ද සිංහ­ල­යන් තුළ පව­තින අස­ම­ඟිය, එකි­නෙකා සැක කිරිම, ස්වකී­ය­යන්ගේ මත නොවි­ම­සීම සහ නොඉ­ව­සීම, ගරු නොකි­රීම, විවේ­ච­නය සහ නාය­ක­ත්ව­යට පව­තින තර­ගය වැනි හේතු නිසා ය. අනා­ග­තයේ ද එම දුර්ව­ලතා නැවත නැවත ඒ අයු­රින් ම සිංහල බෞද්ධයා තුළ විද්‍ය­මා­නව පවතී. එම විමුක්ති සටන සෑම­දෙ­නාගේ ම එක­මුතු බැඳී­මෙන් සිදු කළා නම් අප යට­ත්වි­ජිත පාල­න­යෙන් නිද­හස් වන්නේ 1948 වර්ෂයේ නොව 1818 දී ය.

මෙරට ඉති­හා­සයේ බොහෝ ග්‍රන්ථ රච­නයේ දී භික්ෂූන් වහන්සේ හෝ විහා­ර­ස්ථා­නය ප්‍රමුඛ වීම අනි­වාර්ය විය. මහා­වි­හා­ර­වං­ශික ශ්‍යාමෝ­පාලි මහා­නි­කායේ අස්ගිරි මහා­වි­හා­රය ඈත අතී­තයේ සිට ශස්ත්‍රීය ප්‍රබෝ­ධය ඇති කිරී­මට සුවි­ශේෂි දාය­ක­ත්ව­යක් ලබා දී ඇත. වර්ත­මා­නයේ ද ඒ අයු­රින් ම එම සම්ප්‍ර­දාය ආරක්ෂා කොට ඇත. එම පසු­බිම තුළ 1818 පළමු නිද­හස් සටන පිළි­බඳ ඉතා වටිනා ශාස්ත්‍රීය සංග්‍ර­හ­යක් සංස්ක­ර­ණය කොට එළි­දැ­ක්වීම ඓති­හා­සික හා ශාස­නික වශ­යෙන් භාග්‍ය­යකි. නිව­හල් ඉති­හා­ස­ය­කින් හා සභ්‍ය­ත්ව­ය­කින් සම­න්විත අප, නූත­නය වන විට සමාජ, ආකල්ප, සිති­විලි, සාර­ධර්ම සහ සංස්කෘ­ති­ක­මය වශ­යෙන් දැඩි සෝදා­පා­ළු­ව­කට ලක් වී ඇති සම­යක පළමු නිද­හස් විමුක්ති සටනේ වැද­ග­ත්කම හුවා­දැ­ක්වීම අති­ශ­යින් කාලෝ­චි­ත­වූත් ජාතික, ශාස­නික සහ ශාස්ත්‍රීය වශ­යෙන් දුලභ ප්‍රය­ත්න­යක් ලෙස හැඳි­න්වීම අති­ශෝ­ක්ති­යක් නොව­න්නකි.

එම කෘතිය විවිධ තේමා ඇසු­රෙන් නව පර්යේ­ෂණ මඟින් සොයා­ගත් දැනුම එම කෘතිය ඇසු­රෙන් ඉදි­රි­පත් කර ඇත. 1818 නිද­හස් සටන පිළි­බඳ පව­තින සිය­ලුම අංශ ආව­ර­ණය කිරී­මට හැකි වීම ද සුවි­ශේෂී අව­ස්ථා­වකි. එය ඉදිරි පර්යේ­ෂණ කට­යුතු සඳහා ද විද්ව­තුන් සහ පාඨ­ක­යන්ට ප්‍රයෝ­ජ­න­වත් වන බව නොර­හ­සකි.

එම සද්කා­ර්යෙ­හිලා සංස්කා­ර­ක­ව­රුන් ලෙස ශාස්ත්‍ර­පති ඇටි­පොළ මහින්ද හිමි, දර්ශ­න­පති කැට­කු­ඹුරේ ධම්මා­රාම හිමි, රාජ­කීය පණ්ඩිත ඇහැ­ලේ­පොළ මහින්ද හිමි සහ ආචාර්ය අජිත් තල්වත්ත තෝරා­පත් කර­ගෙන ඒ සඳහා නිවැ­රැ­දිව දිරි­මත්ව මෙහෙ­යවූ ආචාර්ය වර­කා­ගොඩ ධම්ම­සිද්ධි ශ්‍රී පඤ්ඤා­නන්ද ඤාණ­ර­ත­නා­භි­ධාන මහා­වි­හා­ර­වං­ශික ශ්‍යාමෝ­පාලි මහා­නි­කායේ අස්ගිරි මහා­වි­හාර පාර්ශ්වයේ මහා­නා­යක මාහි­මි­යන් ප්‍රමුඛ සානු­නා­යක විංශ­ද්ව­ර්ගික කාරක මහා සංඝ­ස­භාවේ ගරු­තර නාහි­මි­ව­රුන් ප්‍රධාන සියලු ම සභි­ක­යන් වහ­න්සේට සහ අස්ගිරි මහා­වි­හා­රීය සියලු ම නේවා­සික මහා සංඝ­ර­ත්න­යට ද නම­ස්කාර පූර්වක ස්තූතිය පිරි­න­මමි.

මේ ශාස්ත්‍රීය වෑයම අධී­ක්ෂ­ණය කළ මහා­වි­හාර වංශික ශ්‍යාමෝ­පාලි මහා­නි­කායේ අස්ගිරි මහා­වි­හාර පාර්ශ්ව­යෙහි අනු­නා­යක මාහි­මි­ව­රුන් වන ශාස්ත්‍ර­පති වේඩ­රුවේ ශ්‍රී උපාලි අනු­නා­හිමි, අධ්‍යා­ප­න­පති ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ම­දස්සි අනු­නා­හිමි ප්‍රධාන ආචාර්ය මැද­ගම ධම්මා­න­න්දනා හිමි, ආචාර්ය ගොඩ­ගම මංගල නාහිමි, මහා­චාර්ය තුඹුල්ලේ සීල­ක්‍ඛ­න්‍ධ­නා­හිමි, ශාස්ත්‍ර­පති නාර­ම්ප­නාවේ ආනන්ද නාහිමි, ආචාර්ය මුරු­ද්දෙ­ණියේ ධම්ම­ර­තන නාහිමි උප­දේ­ශක සංස්කා­රක මණ්ඩ­ලය ද නම­ස්කාර පූර්ව­කව සිහි­පත් කරන අතර වටිනා ශාස්ත්‍රීය ලිපි­සැ­පයූ ගිහි පැවිදි විද්ව­තු­න්ටත්, මේ ශාස්ත්‍රීය සද්කා­ර්යය සඵල කර­ගැ­නී­මෙ­හිලා උදව් උප­කාර කළ සියලු ම දෙනා ද කෘත­ඥතා පූර්ව­කව සිහි­පත් කරමි. තවද එවැනි ශාස්ත්‍රීය පර්යේ­ෂණ විහා­ර­ස්ථාන ඇසු­රින් සිදු කිරීම යුගයේ කාලීන අව­ශ්‍ය­තා­වකි.

අනා­ගත පර­පුරේ උරු­මය සඳහා උදෙසා එවැනි පර්යේ­ෂණ ග්‍රන්ථ මාර්ගෝ­ප­දේ­ශ­ක­ත්වක් ලබා­දෙන බව වඩාත් පැහැ­දිලි ය. පර­පු­රෙන් පර­පු­රට දැනුම ලබා­දීමේ දී විද්ව­තුන්, අධ්‍යා­ප­නික ආය­තන, මෙන් ම විහා­ර­ස්ථා­න­යට ද පුළුල් කාර්ය­භා­ර­යක් ඉටු කිරී­මට හැකි අතර එය ඔවුන්ගේ වග­කී­මක් වශ­යෙන් ද පෙන්වා­දිය හැකි ය.

Comments