මා දුටු රිය අනතුරක් | සිළුමිණ

මා දුටු රිය අනතුරක්

පාසල නිම වී නිවෙසට යාමට බස් රථය එනතෙක් බලා සිටියෙමු. පාසල් බස් රථය පැමිණීමට බොහෝ වේලාවක් ප්‍රමාද වූ නිසා අප දෙදෙනා පා ගමනින් නිවස වෙත යෑමට කතිකා කරගතිමු‍.

පසුව අප දෙදෙනා පා ගමනින් නිවෙස වෙත ගමන් කරන විට මාර්ගයේ වම් පසින් ඉතා වේගයෙන් පැමිණි යතුරුපැදියක් ඉදිරියට ගියේ ය. ගතවූයේ එක් නිමේෂයකි. යතුරුපැදිය පොලිසිය පසුකර යනවාත් සමඟම අසල වූ වංගුවේදී මාර්ගයේ දකුණු පසින් පැමිණි බස් රථයක ගැටිණි. ඒ සමඟම විශාල ශබ්දයක් ඇසිණි. යතුරුපැදිය බස් රථයේ ගැටෙනවාත් සමඟම යතුරුපැදිකරු මාර්ගයේ කොනකට විසිවී ගියේ ය.

අහළ පහළ සිටි ජනයා ඒ වටා රොක්විණි. යතුරුපැදිකරුගේ හිසින් ලේ ගලමින් තිබිණි. වෑන් රථයක රියැදුරකු පැමිණ ඔහුව රෝහලක් කරා ගෙන ගියේය. බස් රථයට හා යතුරුපැදියට බොහෝ හානි වී තිබිණි.

පසුව මේ රිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සඳහන් කළේ මෙම රිය අනතුර යතුරුපැදිකරුගේ අධික වේගය නිසා සිදුවූවක් බව ය‍.

අනතුරු සිදුවන ආකාරය දුටු අපි තුෂ්ණීම්භූත වීමු.

ආර්.එම්. සශ්මික ප්‍රභාෂ්වර 
6 ශ්‍රේණිය ‘ඊ’, 
නාලන්දා විද්‍යාලය, 
කොළඹ - 10‍

Comments