නීතිය අනී­තිය වීමේ ‘භය’ | සිළුමිණ

නීතිය අනී­තිය වීමේ ‘භය’

ශ්‍රී ලංකාවේ සත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීමේ මැති­ව­ර­ණ­යට තව ඇත්තේ මාස­ය­කුත් දින දෙක-තුනක් පමණි. එහිදී වේදි­කා­වට නැඟ ජන­තාව ඉදි­රියේ අපෙ­ක්ෂ­ක­යන් සහ ඔවුන් වෙනු­වෙන් ජන­තාව අම­ත­න්නන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ, කතා මේ වන විට අපට අස­න්නද දකි­න්නද ලැබේ. විශේ­ෂ­යෙන් ඉදි­රි­යේදී නාය­ක­ත්වය ගන්නට බලා­පො­රොත්තු වන ඊනියා නාය­ක­යන් ජන­තාව ඉදි­රියේ තබන පොරොන්දු අති­ශය වැද­ගත්ය.

රටේ ජන­තාව ඉල්ලන්නේ නිද­හසේ යහ­මින් විය-පැහැ­දම් කර­ගෙන සාම­කා­මිව සිටිය හැකි රටකි; තම තමන්ගේ දරු මල්ලන්ට හොඳ අධ්‍යා­ප­න­යක් අත්පත් කර දී, ගුණා­ත්ම­කව ඉහළ ජීවන මට්ට­මක් සහි­තව ගත කළ හැක ජීවි­ත­යකි.

ඒ වෙනු­වට ඔවුන් භය, පීඩ­නය හෝ මර්ද­නය මැද ජීවත් වීමට කැමැති නැත. එසේම ඔවුන් අනී­තිය, අයු­ක්තිය හමුවේ පීඩ­න­යට ලක්ව හිඳි­න්නද කැමැති නැත. එහෙත් ඇතැම් අපෙ­ක්ෂ­ක­යන් මේ වන විට ජනතා වේදි­කාව මත සිට දෙන ඇතැම් පොරොන්දු රටට ගෙන දෙන්නේ එක්තරා භයකි. සුදු වෑන්ව­ලින් හෝ බිල්ලන් පැමිණ අල්ලා­ගෙන යෑමට වඩා බිය උප­ද­වන කරු­ණක් තිබේ. ඒ නම් රටේ නීතිය තමන් අතට ගෙන යකා නටන පිරි­සක් රටක නාය­ක­ත්ව­යට පත් වුව හොත් කව­රක් සිදු විය හැක්කේද යන භයයි. එවැනි භය­ජ­නක අත්දැ­කීම් මේ රටේ ජන­තා­වට ඇත. මෙරට අධි­ක­රණ ඉති­හා­සයේ පළමු අග­වි­නි­සු­රු­ව­රිය ලෙස පත් වූ ආචාර්ය ශිරානී බණ්ඩා­ර­නා­යක සම්බ­න්ධ­යෙන් වූ දෝෂා­භි­යෝ­ගය විභා­ගය වූ කාලයේ අධි­ආ­ර­ක්ෂිත කලා­ප­යක පිහිටි ඇයගේ නිල නිවෙස අසල තාව­කා­ලික කූඩා­ර­මක පදිංචි වූ ඊනියා ජන පිරි­සක් නීති උල්ලං­ඝ­නය කර­මින් ඇය නිල නිවෙ­සින් පිටව යන තෙක් අශෝ­භ­නව හැසි­රෙද්දී නීතිය ක්‍රියා­ත්මක නොවුණේ එකල සිටි පාල­ක­යන් නීතිය තමන්ගේ අගට ගෙන දූරස්ථ පාල­ක­යක් ආධා­ර­යෙන් මෙන් කට­යුතු කළ නිසාය. ඒ ඇසුරු කර­ගෙන ජන­තා­වට භයක් ඇති විය.

මීට වෙනස් භයක් පසු­ගි­යදා පොදු­ජන පෙර­මුණේ නාය­ක­ය­න්ටද ඇති වූ බව නිසැ­කය. ඒ පසු­ගිය සිකු­රාදා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යේදී ඒ පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යාගේ පුර­වැසි භාවය සම්බ­න්ධ­යෙන් වූ අධි­ක­රණ ක්‍රියා­මා­ර්ගය අව­ස්ථා­වේ­දීය. ඔවුන්ගේ භය කොත­රම්ද යත්: තම පවුලේ වෙනත් සාමා­ජි­ක­යකු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කර­වන තැනට එය පත් විය. කෙසේ වුවද අධි­ක­ර­ණයේ තීර­ණය ඒ අපේ­ක්ෂ­ක­යාගේ වාසි­යට හිමි විණි. එසේ නොවී නම් අධි­ක­ර­ණය කෙරෙහි රජයේ බල­පෑම ගැන විප­ක්ෂ­යෙන් රූප­වා­හිනී පිරෙන්න විවේ­ච­නය අස­න්නට ඉඩ තිබිණි. ඇතැම් විට විට කවු­රුන් හෝ තැඹිලි වීදු­රු­වක් පොවන තෙක් සම­හර දේශ­පා­ල­ක­යන් අධි­ක­ර­ණය ඉදි­රියේ උප­වාස කර­න්නට පවා ඉඩ තිබිණි! එහෙත් මේ තීන්දුව ලැබුණේ අද විනි­සු­රන්ට බියක් සැකක් නැතිව ස්වාධී­නව කට­යුතු කිරීමේ අයි­තිය සහ නිද­හස තිබෙන නිසාය. අධි­ක­ර­ණය සහ නීතියේ ආධි­ප­ත්‍යය ඒ තරම්ම අද සහ­තික වී තිබේ.

එවැනි පසු­බි­මක ජන­තා­වට නීතිය කෙරෙහි මහත් විශ්වා­ස­යක් තැබිය හැකිය. රටේ ජන­තාව බලා­පො­රොත්තු වන්නේ රට ආර්ථි­ක­යෙන්, නීති­යෙන්, යුක්ති­යෙන් තව­දු­ර­ටත් ඉදි­රි­යට තල්ලු කළ හැකි නාය­ක­යෙකි. ජන­තාව අලුත් මංමා­වත්, නාග­රික විදුලි දුම්රිය ව්‍යාපෘති ආදි දේ අතරේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගැනද වඩාත් විශ්වාස කළ හැකි ප්‍රති­සං­ස්ක­රණ ඉල්ලන්නේ ඒ නිසාය.

එවැනි දේ ඉල්ලන ජන­තා­ව­කට යම් වේදි­කා­ව­කින් යළිත් භයක් ගැන අන­තු­රක් එන්නේ නම් එය සැල­කිය යුතු කරු­ණකි. පසු­ගි­යදා දේශ­පා­ලන වේදි­කා­ව­කදී ඇසුණු කතා­වක් වන්නේ චෝදනා මත දැනට සිර­ග­තව සිටින සියලු රණ­වි­රු­වන් නිදොස් කොට නිද­හස් කරන බවයි. පසු­ගිය තිස් වස­රක් පුරා පැවති යුද්ධය නිමා කිරීම සඳහා මෙරට ත්‍රිවිධ හමු­දාවේ, පොලී­සියේ සහ සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ රණ­වි­රු­වන් ජීවිත පරි­ත්‍යා­ග­යෙන් කළ කැප කිරීම අම­තක නැත. අමි­හිරි ප්‍රය­ත්න­යක් මඟින් ඔවුන් නෙළූ මිහිරි පල දේශ­පා­ල­නි­කව භුක්ති විඳින්න බලා සිටින අය මේ රණ­වි­රු­වන්ගේ දිරිය සහ කැප කිරීම වෙනත් අනී­තික කට­යු­තු­ව­ල­ටද යොදා­ගත් අවස්ථා දැන් හෙළි වෙමින් තිබේ. මිනී­මැ­රුම්, කප්පම් ලබා ගැනීම්, ත්‍රස්ත­වා­ද­යට කිසිදු සම්බ­න්ධ­යක් නැති පුද්ග­ල­යන්ට හිරි­හැර කිරීම් වැනි චෝදනා මත අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කර සිටින අත­ළො­ස්සක්ද සිටිති. ඒ අතරේ සාධ­නීය චෝදනා නැතිව යමකු සිර­ගත කොට සිටී නම් ඔවුන් නීතිය ඉදි­රියේ නිදොස් කොට නිද­හස් කිරීම ඉව­සිය හැකිය. එහෙත් විධා­ය­කයේ බලය භාවිත කර, රටේ නීතියේ ආධි­ප­ත්‍ය­යට හෝ සදා­චා­ර­යට එරෙහි වූ පුද්ග­ල­යන්ද නිද­හස් කිරීම රටේ ජන­තාව කොත­රම් භය­කට ලක් කර­වන කරු­ණක්ද යන්න විම­සිය යුතුය.

මේ වන විට ලෝකයේ පව­තින දරුණු හිස­ර­ද­යක් වන්නේ ආග­මික අන්ත­වා­ද­යයි. ඒ මත ඇවි­ස්සෙන ජන­තාව දේශ­පා­ල­න­යේදී වඩාත් වාසි­දා­යක පාර්ශ්ව­ය­කට හර­වා­ගැ­නීමේ හොඳම අවිය වන්නේ ජාති­ක­වාදි දෘෂ්ටි­වා­ද­යක පිහිටා කට­යුතු කිරී­මය. එවැනි දෘෂ්ටි­වා­ද­යක් තුළ බොහෝ දේශ­පා­ලන නාය­ක­යන්ට රටේ සෙසු ජන­තාව, නීතිය, සාමය සංහි­ඳි­යාව හෝ ආර්ථික අභි­වෘ­ද්ධිය පිළි­බඳ දෘෂ්ටිය අපැ­හැ­දිලි වීම ගෝලීය සංසි­ද්ධි­යකි. මේ ජාති­ක­වාදි මත­ව­ලට ඇතැම් රට­වල පව­තින ඒ ඒ දේශ­පා­ල­නික පසු­බි­ම්වල පෝෂ­ණය වීමට ඉඩක් ඇත. එහෙත් එය සැම තැන­කම එක වාගේ නැත. වෙසෙ­සින්ම ශ්‍රී ලංකාව වැනි රටක ජන­තා­වට දැන් ඕනෑ කරන්නේ මෙකී ජාති­ක­වාදි දෘෂ්ටි­වා­ද­යට වඩා රටේත් තම­න්ගේත් ආර්ථි­කය යහ­පත් වන, නීති­යක් වින­යක් සහිත, ගුණා­ත්ම­කව මට්ටමේ ඉහළ සමා­ජ­යක ජීවත් වීමය.

Comments