
අද අපි දේශනා කරන්නට යෙදෙන්නේ ආයචන සූත්රදේශනාවයි. මේ සූත්‍රය අයත් වෙන්නේ සංයුක්ක නිකායේ බ්‍රහ්ම සංයුක්තයේ කෝකාලික වර්ගයේ ආයචන සූත්‍රය අයත් වෙයි. මෙහි තේරුම ඉල්ලීමක් කරනවා කියන අදහසයි. මෙහි සඳහන් වෙන්නේ බුදුරජාණන්වහන්සේට දහම් දේශනාවට සහම්පති කරන ලද ඉල්ලීමයි. මෙය ඉතා හොඳින් වටහාගත හැකි සූත්‍රදේශනාවක්. බුදුන්වහන්සේ බුද්ධරජ්යයට පත් වෙලා මුලින් කල්පනා කළා, තමන් අවබෝධ කරගත්ත නිවන අවබෝධ කරගන්නට ඕන කියලා. බුද්ධත්වයට පත් වෙලා තමන්ගේ පළඝ ලිහින්නේ නැතුව නිරෝග පළ සමාපත්තියට සමවැදිලා දවස් හතක් නිවන් සුව භුක්ති වින්දා. නිරෝධ ඵල සමාපත්තියට සමවැදිලා ඉන්නවා දැකලා එවේලාවේ කල්පනා කළා, සිද්ධාර්ථ බෝසතුන් අද නැතිනම් හෙට නිවන් සුව අත් කරගනී කියලා.
එකම ඉරියව්වෙන් ඉඳගෙන මේ විර්යය කරන්නේ බුද්ධත්වයට පත්වීම සඳහායි කියලා පළමුවැනි සතිය වෙන විට දෙවිවරු කල්පනා කරන්නට පටන් ගත්තා. දවස් හත ඉවර වුණාම නැගිටලා උතුර පැත්තට ගමන් කරයි; ධර්මාශෝක රජතුමා එතැන ස්මරකයක් හදලා තියෙනවා. අඩි දෙසියයක් දෙසිය පනහක් වගේ දුරක් ගමන් කරලා ඉන්පසු ව බෝධිය දෙස බලා ඇසිපිය හෙළන්නේ නැතුව දින හතක් සිටියා. එය අනිමිස ලෝචන පූජාවයි. තමන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්නට බෝධිය උපකාර වෙච්ච නිසා කළගුණ සැලකීමක් ලෙස බෝධිය දෙස බලාගෙන හිටියා. නිරෝධ ඵල සමාපත්තියට සමවැදිලා එසේ සිටියේ. ලබා ගත්ත ඒ නිවන සමාධියට පත්වෙලා විමුක්ති සුවය අත්විඳිනවා.
දෙවියන් කල්පනා කළා සිද්ධාර්ථ බෝසතානන් දින හතක් ම විර්යය කරලත් ඉරියව්වවත් වෙනස් කරන්නට බැරිවුණා. බුදුවන්නට බැරිවුණ නිසා අදහස අතහැරලා ගියා. ටික දුරක් යන විට එයාට ආයෙමත් හිතුණා බෝධියට ආසන්නයේ ඇති වජිරාසනය දෙස බලාගෙන ඉන්නවා කියලා. ඒ වජිරාසනයට ආසා හිතිලා බලා ඉන්නවාය කියලා දෙවිවරු අනුමාන කරලා කියන්නට පටන් ගත්තා. බුදුවරයෙක් ලෝකයට පහළ වෙලා කියලා ඒ අය දන්නේ නැති නිසා ඒ අය තවමත් සැක කරනවා.
සතියක් බෝධිය දෙස බලා සිටි බුදුන්වහන්සේ මේ දෙවියන්ගෙ සැකය දුරු කරන්නට ඕන කියලා හිතුවා. ඉන්පසුව තුන් වන සතියේ අධිෂ්ඨානයක් කළා, අහසේ මැණික් වලින් සක්මන් මළුවක් මැවෙන්න කියලා. මැවුණාට පසුව උන්වහන්සේ මේ අහසේ මැවුණ සක්මන් මළුවට ඍද්ධි බලයෙන් වැඩම කළා. අධිෂ්ඨානයක් කළා සක්මන් මළුවේ කෙළවර මංවගේම දෙවිකෙනෙක් මැවෙන්න කියලා, එසේ අධිෂ්ඨාන කළාම උන්වහන්සේ වගේම වෙනත් බුදු කෙනෙක් මැවෙන්නට වුණා. බුදු කෙනෙක් ඒ සක්මනේ කෙළෙවර මැවුණා.
නිර්මික බුදු රුවක් මැවුණාට පසුව අපේ ජීවමාන බුදුන්වහන්සේ එක් කෙළවරක වාඩිවෙලා ඉන්නවා, අනික් බුදුරුව අනෙක් පැත්තේ සිටිනවා. ඉන්පසු නිර්මිත බුදුන් වාඩිවුණා ම අපේ බුදුන්වහන්සේ අනෙක් පැත්තේ කෙළවරේ සක්මන් කරනවා. නිර්මිත බුදුරුව සැතපෙන විට අනෙක් පස හිදගෙන ජීවමාන අපේ බුදුන් වහන්සේ අනෙක්පස භාවනාවේ සක්මන් කරනවා. මේ ප්රාතිහාර්යය කොතරම් අසිරිමත් ද කියනවා නම් බුද්ධ අධිෂ්ඨානයෙන් සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම ලෝකවලට, අපායික සියලු සත්ත්වයන්ට දකින්නට හැකිවෙන ආකාරයට යමා මහ පෙළහැර පෑවා; එතරම් අසිරිමත් එය. බුදුරුව අතුරුදන් කළා තමන්ගේ ඇසෙන් තල කදක් තරම් විසාල ගිනි කදක් නිකුත් කළා. ක්ෂණයකින් දකුණු ඇසෙන් ගිනි කදක් නිකුත් කළා. මේ අකාරයට මාරුකරමින් පෙන්නුවා. එක නාස් පුඩුවකින් ජලය ද ගිනි ද නිකුත් කළා. මේ ආකාරයට යමා මහ පෙළහැර පෑවා. ඇගිලි අගක් ගිනි අතරක් අතර ගිනි කදක් රෝම කූප වලිනුත් මාරු කරකර පෙන්නන්න ගත්තා. මෙය හැඳින්වූවා යමක යන නමින්. බුදු කෙනකුට පමණක් ම කළ හැකි දෙයක් මෙය.
මේ ප්රාතිහාර්ය පුරා සතියක් කළ පසු දෙවිවරුන්ට සැක සංකා පහව ගොස් භක්තියක් ඇතිවෙලා මැණික් නිවහනක් මවා දෙන්නට වුණා බුදුරජාණන් වහන්සේට. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේට වැඩ සිටින්ට ආරාධනා කළා. මැණික් වලින් හදපු නිසා රථන ඝරකියලා හඳුන්වනවා. ඉන්පසුව පට්ටාක්ප්රකරණය මුලසිට අගටයි, අගසිට මුලටයි මෙනෙහි කරන්නට ගත්තා. ඉන්පසුව පුදුමාකාර සතුටක් දැනෙන්නට ගත්තා. බුදුන්වහන්සේගේ ඇගේ තියන සුදුවර්ණය ඇති දත්, නිය ඇතුළු කොටස්වලින් රැස් විහිදෙන්නට පටන් ගත්තා. රෝම කූපවලින් නීලවර්ණ රැස් විහිදුණා. මේද තෙල්වලිනුත් කහරැස් දහරක් ශරිරයෙන් පිටතට විහිදුණා. ලෝහිත මස්වල ඇති රතු වර්ණයෙන් ශරිරයෙන් රතු වර්ණ රැස් වර්ණ විහිදුණා. තැඹිලි වර්ණයෙන් රැස් දහර විහිදෙන්නට පටන් ගත්තා. මේ වර්ණ එකට එකතු වෙලා ප්‍රභාෂ්වර වර්ණයක් විහිදෙන්න පටන් ගත්තා. පස් වැනි සතියේ උන්වහන්සේ වැඩ සිටියේ අජපාල නුග රුක මුලයි. එතැන සතියක් වැඩ සිටියා. ඉන් අනතුරුව මහ වැස්සක් වහින්න ගත්තා. දිව්‍ය නාගයෙක් වැඩ සිටිනවා, මමත් බුදුන්වහන්සේට පූජාවක් කරන්නට ඕන කියලා කල්පනා කරලා තමන්ගේ බලයෙන් රියන් පනහක් උස පළල විමානයක් මැවුවා.
බුදුන්වහන්සේ වාඩිවෙලා හිටිය තැනයි මැව්වේ. මැණික් වර්ගවලින් හදපු මේ බබළන විමානය විතරක් මදි; මමත් මහන්සි වෙනවා කියලා එයා තමන්ගේ විමානයට උඩින් පෙන ගොබය දරාගෙන සතියක් කල් ගත කළා. මේ දිව්‍ය නාගයාගේ නම මුචලින්ද බව සඳහන් වෙනවා.
අනෙක් සත්වන සතිය කිරිපලු ගසක් තියනවා ආසන්නයේම රජායතන කියන කිරිපළු නුග රුක මුල වැඩ සිටියා.මම දැන් දත් මදින්න ඕන කියලා හිතුවා දැහැටි දඩුවලින් දැහැටි ගෙනත් දුන්නා අරළු ගෙනත් දුන්නා උන්වහන්සේ අරළුවලින් දත් පිරිසිදු කළා. ඉන් පසුව විලද මීපැණි ගෙනල්ලා තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් ඉල්ලීමක් කළා වළදන්න කියලා. උන්වහන්සේ කල්පනා කළා කිසිදු භාජනයක් නැහැ; උන්වහන්සේ බැලුවා අතීතයේ බුදුවරුන් ආහාර පිළිගත්තේ කොහොමද කියලා. සෑම බුදුකෙනෙක්ම පාත්‍රවලින් තමයි ආහාර වළදා තියෙන්නේ. උන්වහන්සේ එසේ සිතද්දී සතරවරම් දෙවිවරුන් පාත්‍රා සතරක් පූජා කළා. මෙ හතරම එකක් වන්න කියලා ප්‍රාර්ථනා කරලා විලද මීපැණි එ් පාත්‍රවලට වළදලා, ඉන්පසුව අජපල් නුග රුක වැඩියේ අර වෙළෙද දෙබෑයන්ට ධර්මය දේශනා කරලයි.
ඉන්පසුව සමාධියට පැමිණිලා සමාධියෙන් අවධි වුණා. ඉන්පසුව උන්වහන්සේ කල්පනා කරනවා මේ විදිහට අධිගතෝ ම්‍යයායං ධම්මෝ.... මම ධර්මය අවබෝධ කරගත්තා, මේ අවබෝධ කරගත්ත ධර්මය දුක් දසෝ දැකීමට දුෂ්කරයි, ගැඹුරුයි. දුරනුභෝධෝ කියලා කියන්නේ අවබෝධ කිරීමත් දුෂ්කරයි. සුවසේ පහසුවෙන් අවබෝධ කරන්නට බැහැ; දුෂ්කරව වෙහෙසි අවබෝධ කරගත යුතුයි. සන්තෝ ඒ කියන්නේ නිවීමට පත් කරන දෙයක්. මෙය නිවීමට පත් කරනවා කියන්නේ නිවනට පත් කරගැනීමයි. පණිතෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්මයක් කියන අදහසයි.
නමුත් මෙතනදි හඳුන්වන්නේ ප්‍රමාණ කරලා කියන්න බැහැ කියන අදහසයි කියලා අවබෝධ කරගත්තා. ඉන් පසුව කියනවා අතක්ඛා වචරෝ.. මේ ධර්මය තර්ක විතර්කයෙන් අවබෝධ කරන්නට බැහැ. මේ සියුම් දෙයක්, අතිශයින් ගැඹුරු දෙයක්, බුද්ධිමතුන් විතරයි මෙය අවබෝධ කර ගන්නේ කියලා හිතනවා. නිපුනෝ සියුම් වූ දෙයක්, ගැඹුරු දෙයක් පණ්ඩිත වේදනීයෝ බුද්ධිමතුන් විසින් විතරයි මෙය අවබෝධ කරගන්නේ, එසේ කල්පනා කරලා හිතනවා මේ ලෝකයේ සත්ත්වයන් ගත්විට කාමය තමන්ගේ නිවෙස කරගෙන කාමය නැමැති නිවෙසට වෙලා වාසය කරන්නේ ආසාවල් වලින් තොරව වාසය කරන්නේ. ලෝභයෙන් තොරව ජිවත් වීමයි මෙහිදි වන්නේ. ආසාවල්වලින් ඇලෙන මිනිසුන්ට අවබෝධ කරගන්න බැහැ.
ධර්මය අවබෝධ කරගන්න ගියොත් මා වෙහෙසට පත්වෙනවා; කාමයේ ඇලිම නිසා අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම දේශනා කරලා වැඩක් නැහැ කියලා උන්වහන්සේ කල්පනා කළා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා, ධර්මය අවබෝධ කරගත් බුදු රජාණන් වහන්සේ හිතනවා මම මේ ධර්මය අවබෝධ කරගත්තාම මෙය දුෂ්කරයි, අනෙකුට අවබෝධ කරන්න අපහසුයි, දේශනා කරන්නට ගියොත් මා වෙහෙසට පත්වෙනවා කියලා හිතුවා. අහන අයත් අමාරුවේ වැටෙනවා කියලා හිතනවා.
සියල්ල දන්න ලොව් තුරු බුදු කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ වගේ සිතුවිල්ලක් හිත තුළ හට ගන්නේ කොහොමද කියලා. උන්වහන්සේ බුද්ධත්වය ලබන කොට උන්වහන්සේට සර්වඥතා ඥානය ලැබුවා. සර්ඥතා ඥානය කියන්නේ සියල්ල දකින නුවණ. යහපතක් පෙනෙනවා; අයහපත් පේනවා සර්වඡඥතා ඥනය කියන්නේ ඍද්ධි බලයක් පමණයි. සර්ඥතා ඥානයට හිත යොමු වෙන්නේ බැලුවොත් පමණයි.
සියල්ලට ම එක්තරා චාරිත්‍ර ධර්මයක් තියනවා; ඒ ආරාධනා කරන්නේ නැතුව ධර්ම දේශනා කරන්න නැහැ, සෑම බුදු කෙනකුට ම ආරාධනා කරන්නේ බ්‍රහ්මයෙක් විසිනුයි. එතකොට මේ ලෝකෙ මිනිසුන් මහ බ්‍රහ්මයා තමයි. බුදුන්වහන්සේට එවැනි කෙනෙක් ආරාධනා කරන නිසා මිනිසුන් ඒ ධර්මය වැළද ගැනීම සඳහා පෙලඹෙනවා.
මේ අවස්ථාවේදි බුදුන්වහන්සේට කවදාවත් තමන් හිතලාවත් නැති ගාථාවක් වැටහෙනවා. ඉච්ඡෙන මී අධිගතන් -පළගන්දානි පඨාසිතුම්- රාගදොස පරේ තෝහි නායං දමමෝ සුසම්මනෝ.... මම අමාරුවෙන් අවබෝධ කරගත්තා, දැන් මේ අවබෝධ කරගත් දේ දේශනා කරලා වැඩක් නැහැ, කෙලෙස් වලට යටවෙලා ඉන්න මේ සත්ත්වයන්ට මේ ධර්මය ලේසියෙන් අවබෝධ කරගන්න බැහැ. ඉන්පසුව උන්වහන්සේ අයෙත් දේශනා කරනවා පටිසෝතගාමීන් නිපුනං ගම්භිරං දුක්දසුන් අනුං රාගරත්තාන දක්ඛින්ති තමෝ කණ්ඩේන ආවුතං.... ධර්මය උඩුගම් බලා යන්නක්, ජිවිතය නැමැති ගංගාව පහළට ගලා යනවා, මේ ධර්මය උඩුගම් බලා යන්නක්. මෙය තියුණු එකක්, ගම්භිර එකක් අවබෝධ කරගන්න බැරි දෙයක්. රාගයෙන්, ආසාවෙන්, සරාගි බවෙන් රත් වෙලා ඉන්න සත්ත්වයන්ට මෙය අවබෝධ කරන්නට බැහැ. කවදාවත් වැටහිලා නැති ගාථා දෙකක් වැටහුණා.
මේ සිතුවිල්ල සිතන විට සහම්පති කියන මහා බ්‍රහ්මයා උන්වහන්සේගේ සිතුවිල්ල තමන්ගේ හිතින් දැක්කා. දැකලා හිතුවා මෙසේ; නස්සති වත බෝ ලෝකෝ.... පින්වතුනි ලෝකය ඒකාන්තයෙන් නැසෙන්නේ ය, ලොව්තුරු බුදුකෙනකු ලෝකයට පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා නොකර ඉන්න කල්පනා කරනවා. මේ ධර්මය අවබෝධ කරන්නට ඉන්න මිනිසුන් විනාස වෙනවා. අවබෝධ කරන්න අවස්ථාව නැතුව යනවා. එසේ සිතලා බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදන් වෙලා ජව සම්පන්න ශක්තිමත් මනුස්සයෙක් අත නමලා වේගයෙන් නමන ලද අත දිග හරිනවා වගේ ඉක්මනින් බුදුන් ඉදිරියේ පහළ වෙලා උතුරු සළුවක් පළඳිනවා. එයින් පසු උතුරු සළුව ඒකාන්ස කරගෙනයි පළදින්නේ. පොරවාගෙන බුදුන්වහන්සේට වන්දනා මාන කරනවා. ඉන්පසුව දේශනා කරනවා මේ ආකාරයට, භග්‍යවතුන් වහන්ස ධර්මය දේශනා කරනු මැනව කියලා. කෙලෙස් අඩු සත්ත්වයන් ඉන්නවා, ඒ අයට ධර්ම දේශනා කරන්නේ නැති නම් පිරිහිමට පත්වෙනවා කියලා කියනවා. සහම්පති බ්‍රහ්මයා ඉන්පසුව කියනවා, බුදුරජාණන්වහන්ස මේ දඹ දිව්තලයේ කෙලෙස් ඇති අය ගෙන් පහළ වුණා, ධර්මයක් තිබුණා. නිගන්ඨ නාඨ පුත්ත සන්ජය බෙල්ලට්ටි පුත්ත වැනි අයගෙන් කෙලෙස් ඇති ගේ ධර්මය ක් පහල වුණා. එය හරිම අපිරිසිදු ධර්මයක් එයින් කාටවත් යහපත් වෙන්නේ නැහැ . නිවනට ප්‍රවේශ වෙන්න, නිවන් දොර අරින්න, ඔබ දේශනා කරන ධර්මය සැදැහැතියන් අවබෝධ කරගන්නවා ඇති කියලා; අවබෝධ කරත්වා කියලා කියනවා. භාග්‍යවතුන් වහන්ස, මහ පර්වතයක් උඩට නැග්ගොතින් එයාට වටපිටාව පේන්න ගන්නවා. මේ මහ ප්‍රඥා ප්‍රාසාදයට නඟින්න; නැගලා ලෝකය දෙස බලන්න, අපායට යනවා, සුගතියට යනවා, සංසාරයේ ගමන් කරයි, මේ ගැන ඔබට ගල්පර්වතයක් උඩ ඉන්න කෙනෙකුට අවට පේනවා වගේ දකින්නට ලැබෙයි කියලා හිතුවා. බුදුන්වහන්සේ ඒ විදිහට බලා සත්ත්වයන් උදෙසා කරුණාව උපදවන්න කියලා හිතුවා. සුගතයන් වහන්සෙ අනුකම්පා ඇති කරගන්න කියලා ආරාධනා කරනවා. බ්‍රහ්මයා කියනවා උත්තිට්ටේහී විජිත සංධාම දිනන ලද කෙලෙස් යුද්ධයක් ඇති මහ විර්යයන් වහන්සේ අභිමානවත්ව නැගී සිටින්න. සත්තාහා අනන විවර ලෝකේ ණය නැති රථාචාරයන් වහන්සේ ඔබවහන්සේ ධර්මය දේශනා කරන්න. අන්යකාරෝ භවිස්සන්ති කියලා අවබෝධ කරගන්න අය ඉන්නවා කියලා කිව්වා. මේ ආකාරයට බ්‍රහ්මයා මේ ආරාධනාව කළාම, බුදුන් වහන්සේ තමන්ගේ සිතින් සර්වඥ ඥානයට සමවැදුණා. මේ සහම්පති කියන්නේ ඇත්තද කියලා බැලුවා. අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවාද කියලා බැලුවා. මුළු ලෝකෙම එක ම නෙලුම් විලක් වගේ පේන්නට පටන් ගත්තා. ඉන් අනතුරුව නෙළුම් මල් තියෙනවා; ඉර එළිය වැටෙන කල් බලන් ඉන්නවා, හිරු රැස් වැටෙන කොටම විකසිත වෙනවා, අන්න ඒ වගේ අනන්ත සසර හිත වඩලා, ප්‍රඥාව වඩලා, ප්‍රඥාව දියුණු කරපු පිරිසක් ඉන්නවා. ඒ අයට ධර්මය මාතෘකාවක් කිව්වත් ඇති. ධර්ම මාතෘකාව ඇහුවත් රහත් වෙනවා. භාවිත සන්ථානයක් තියනවා. ඒ අය හිරු රැස් වැටෙන විටම විකසිත වන නෙලුම වගේ. ඒ අයට කියන්නේ උප්පටිපඥඥූ . ඉර උදාවන විට ම පිපෙන්නේ නැති නෙලුම් කැකුළු තියනවා; ඒවා ඉර උදාවෙලා ටිකකින් විකසිත වෙනවා. ඒ වගේ ගාථාවක්, මාතෘකාවක් කිව්වා ම අවබෝධ වෙන්නේ නැති නමුත් මාතෘකාව කියලා ධර්මය දේශනා කරනවිට බෙද බෙදා දක්ව දක්වා පැහැදිලි කරන විට අවබෝධ වෙන පිරිසක් ඉන්නවා. ටිකවෙලාවක් ගිහිල්ලා පිපෙන නෙලුමක් වගේ ටික වෙලාවක් අහගෙන ඉන්නවිට අවබෝධ වන මේ පිරිසට කියන්නේ විප්පචිපන්නු කියලා. තවත් නෙලුම් කැකුළු තියෙනවා; දවස් කිහිපයකින් පිපෙන කැකුළු. මාතෘකාවක් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ධර්ම දේශනා කොතරම් ඇහුවත් අවබෝධ වෙන්නේ නැහැ. සිල් රකිමින්, භාවනා කරමින්, වෙහෙස මහන්සි වෙන්න පටන් ගත්තාම මේ බුද්ධ සාසනය තුළ මේ ජිවිතේ අවබොධ කරන්නට පුළුවන්. ඒ අයට කියන්නේ අවබෝධ කරන පිරිසක්. ධර්මය අවබෝධ කරන්න නම් ත්‍රිහේතුක උපතක් තියන්නට ඕන. ත්‍රිහේතුක කියන්නේ ප්‍රඥාවෙන් කළ යුතු කුසලයකින් උපදින්න ඕන; එසේ නැතිනම් අවබෝධ කරගන්න බැහැ. ත්‍රිහේතුක උපත කියන්නේ මොකද්ද කියලා හිතට ලොකු ප්‍රශ්නයක්. විනාඩියකට දෙකකට භාවනා කරලා හිත තැන්පත් වෙනවා නම් ඒ අයට ත්‍රිහේතුක උපතක් තියෙන අයයි. කෙනෙකුට භාවනා කරලා තමන්ගේ හිත තැන්පත් කරගන්න පුළුවන් නම් ඒ තුළින් ඔබට වටිනා පණිවුඩයක් දෙනවා. ඒ තමයි ඔබ ධර්මය අවබෝධ කරන්න පුළුවන්; මහ පිනකින් උපදිලා ඉන්නවා කියන එක. බුදුන්වහන්සේ බැලුවා මේ ආකාරයට කවදා හරි පිපෙන මේ නෙලුම් කැකුළු, බුදු පිරිසට මහන්සි වුවහොත් මේ ජිවිතයේදි ධර්මය අවබෝධ කරවන්නට පුළුවන් කියලා. එ් අය හැරුණම අනෙක් අයට මේ ජිවිතයේ දි අවබෝධ කරන්න බැහැ. විලේදි පිපිලා කුණු වෙලා යනවා විලේදිම. නමුත් මේ අයට ඊළඟ ආත්ම භවයේ අවබෝධය ලැබෙනවා.
අපාරුකා තේසන් අමතස්ස ද්වාරා... මම ඔබලාට නිවන් දොර හරිනවා. ඒ සෝතවන්තු චමුත්තස්සු සද්දන්... සද්ධාව තියන අය සවන් පත් යොමු කරලා ධර්ම දේශනාව අසත්වා. මට වෙහෙසයි මහන්සි කියලා මම ධර්මය දේශනා කළේ නැහැ .බ්‍රහ්මය, ඒකයි මම ධර්ම දේශනා කරන්නේ නැතුව හිටියේ දැන් මම තේරුම් ගත්තා දැන්ම ම නිවනට දොරගුළු අරිනවා සැදැහැතියන් අසත්වා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ අවස්ථාවේ මහ පොළව කම්පනයට පත්වුණා. මහ බ්‍රහ්මයා සතුටට පත්වුණා මෙයයි ආයචන සූත්‍ර දේශනාව.