
මේෂ
සතුරු කරදර බාධා
ලග්නාධිපති කුජ හයේ ද, බුධ, රවි, සිකුරු 7 ද, ගුරු 8 ද ශනි, කේතු 9 ද, සඳු, රාහු 3 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී සතුරු කරදර බාධා වරින් වර මතු වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී බලාපොරොත්තු කිහිපයක් වෙනස් වේ. අන්‍යයන් සමඟ ආශ්‍රය කිරීමේ දී සැලකිලිමත් වන්න. තමා නොගැළපෙන අය සමඟ කටයුතු කිරීමෙන් වළකින්න. ආර්ථික වශයෙන් අයහපත් නොවුව ද ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතුවල දී තරමක් අවධානයෙන් සිටීම අවශ්‍යයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. නිදිවැරීම සුදුසු නැත. වෛරස් රෝග, බෝවන රෝග, උෂ්ණාධික රෝග බලපෑ හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
ගෙදරදොර කටයුතුකල්පනාවෙන්
ලග්නාධිපති සිකුරු රවි, බුධ 6 ද, ගුරු 7, ශනි, කේතු 8 ද, සඳු, රාහු 2 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්රයේ දී යම් යම් බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ තමාගේ කටයුතුවල යෙදිය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් තැන්පත් ධනයට හානි වීම්වලට ඉඩ පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉතාම බුද්ධිමත්ව ද විමසිලිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු ගැන අවධානය යොමු කිරීම අවශ්‍යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. තමාගේ සෞඛ්‍ය ගැන ප්‍රවේසම් වන්න. ලේ දූෂ්‍යාබාධ, උෂ්ණාධික රෝග, ස්නායු දුර්වලතා ඇති කළ හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
ඉගෙන ගන්නා අයට ශුභයි
ලග්නාධිපති බුධ, සිකුරු, රවි පූර්ව පුණ්‍යස්ථානයේ ද, රාහු, සඳු ලග්නයේ ද, ශනි, කේතු 7, ගුරු 6 ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා අංශවලදී යම් යම් අවහිරතා ඉස්මතු වුවත් සිය උත්සාහයෙන් සහ කැපවීමෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා වනු ඇත. සමාජීය කටයුතුවල දී උසස් තත්ත්වයක් ද උදා වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට තරමක් වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතුවල දී ද යුගදිවිය සම්බන්ධයෙන් සාමාන්‍ය අන්දමට කටයුතු සිද්ධ කරගත හැකිය. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනී. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට දියුණුවක් උදා කරගත හැකිය. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වියදම් අධිකයි
ලග්නාධිපති සඳු, රාහු 12 ද, ශනි, කේතු 6 ද, රවි, බුධ, සිකුරු 4 ද ගුරු 5 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී වෘත්තීය සහ රැකියා සම්බන්ධ කටයුතු කරගෙන යෑමේ දී තරමක් ඉවසීමෙන් ද විමසිලිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරිමේ දී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම අතින් සාමාන්‍ය වේ. වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. ණයතුරුස්වීමට ඉඩ පවතින නිසා තරමක් කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු සහ යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීම මෙන්ම බුද්ධිමත්ව ක්‍රියා කිරීම අවශ්‍යයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
රැකියාවේ සාර්ථක ප්‍රතිඵල
ලග්නාධිපති රවි, බුධ, සිකුරු 3 වැන්නේය. ගුරු 4 ද, කුජ දෙවැන්නේ ද ශනි, කේතු 5 ද, රාහු, සඳු 11 ද, ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී යම් යම් බාධා අවහිරතා ඇතත් සිය උත්සාහය සහ කැපවීමෙන් තමාගේ කටයුතු සාර්ථක කරගත හැකිය. වෘත්තීය සහ රැකියා අංශවල දී කිසියම් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලබයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම අවශ්‍යයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතු කරගත හැකිය. දියුණුවක් ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න. උෂ්ණාධික, උදරශ්‍රිත රෝග බලපායි.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
මිල මුදල් ලැබීම අතින් යහපත්
ලග්නාධිපතිබුධ, සිකුරු, රවි දෙවැන්නේය. ශනි, කේතු 4, රාහු, සඳු 10 ද, අඟහරු ලග්නයේ ද වේ. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී අන්‍යයන්ගේ ආධාරය උපකාර ලැබීමෙන් තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. මිල මුදල් ලැබීම අතින් ඉතා යහපත්ය. සිය උත්සාහය තුළ වෙළෙඳ ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල දියුණූව ලබයි. කෙටි ගමන්බිමන් බහුල වේ. ඉගෙනීම්වල යෙදී සිටින අයට අලූත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. රුධිර පීඩනය, උෂ්ණ රෝග, පපුව සම්බන්ධ රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
ශුභ අශුභ මිශ්‍ර සතියක්
ලග්නාධිපති සිකුරු, බුධ, රවි ලග්නයේය. කුජ 12 ද, ගුරු 2 ද ශනි, කේතු 3, රාහු, සඳු 9 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී ශුභ අශුභ මිශ්‍ර කාලයක් පෙන්වයි. වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්රයේ දී අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට උදා නොවේ. යම් යම් බාධා අවහිරතා මෙන්ම හුදෙකලා බවක් ද පෙන්වයි. ආර්ථික සහ මූල්‍යමය අංශය යහපත්ය. දියුණුවක්, අභිවෘද්ධියක් ලබයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් වාසි සහගත තත්ත්වයක් උදා වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය ආකාරයට සිදු වනු ඇත. දරුවන්ගේ කටයුතුවල දියුණුව, අභිවෘද්ධිය ද ඇති කරයි. අධ්‍යාපන අංශවල යෙ දී සිටින අයට සිය උත්සාහය සහ කැපවීම තුළ දියුණුවක් ලබා ගත හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
දරුවන්ගේ වැඩට කාලයත් ධනයත්
ලග්නාධිපති කුජ අයස්ථානයේය. බ්‍රහස්පති ලග්නයේය. ශනි, කේතු 2 ද, සඳු, රාහු 8 ද ගෝචරය වේ. ලග්නයෙන් දෙවැන්නේ රවි, බුධ, සිකුරු සිටී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා ප්‍රමාදතා, ගැටලුකාරී තත්ත්ව ඉස්මතු වීමේ ඉඩක් පවතින නිසා උත්සාහයෙන් ද කැපවීමෙන් ද යුතුව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්වල දී ද එසේමයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ ආර්ථික දියුණුව ලබයි. ගෙදරදොර කටයුතු සම්බන්ධ කටයුතුවල දී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට පර්යේෂණ කටයුතුවල නියුක්ත වීමට ඉඩ සැලසේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
ආදායම් අතින් ශුභදායකයි
ලග්නාධිපති ගුරු 12 ද, ශනි, කේතු ලග්නයේ ද, සඳු, රාහු 7 ද, කුජ 10 ද, රවි, බුධ, සිකුරු අයස්ථානයේ ද ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී සුළු බාධා සහ ප්‍රමාදතා ඉස්මතු වුවත් විටෙක අලංකාරයට, ප්‍රසිද්ධියට කටයුතු කිරීමට ඉඩ සැලසේ. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආදායම් අතින් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපරවල යෙදී සිටින අයට කිසියම් වාසි සහගත තත්ත්වයක් උදා වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධාරණය යොමු කරන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්
ලග්නාධිපති ශනි, කේතු 12 ද, ගුරු 11 ද, රාහු, සඳු 8 ද, කුජ 9 ද, රවි, බුධ, සිකුරු 10 ද ගමන්ගනී. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබාගත හැකිය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ලාභ ප්‍රයෝජන ලබාගනී. වෘත්තීය සහ රැකියා අංශවලදී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමඟිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ අභිවෘද්ධිය, දියුණුව ලබයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභදායක වේ. අලුත් විෂය අධ්‍යයනයට අවස්ථාව සැලසේ.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
කුම්භ
වියදම් ඉහළ යයි
ලග්නාධිපති ශනි, කේතු අයස්ථානයේ ද, ගුරු 10 ද, රවි, බුධ, සිකුරු භාග්යස්ථනයේ ද ගෝචරය වේ. එම පිහිටීම තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා හා අවහිරතා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා අංශවල දී තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සාමාන්‍යයි. ආදායම් ලැබුණ ද වියදම් ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වෙහෙසකාරී ගති මතු වේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා වඩාත් වෙහෙසීමට ඉඩ පවතී. අධ්‍යාපන අංශවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, සෙම් පීඩාවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
මුදල් ඉතිරි කරගැනීම අපහසුයි
ලග්නාධිපති ගුරු භාග්‍යස්ථානයේ ය. කුජ 7, රවි, බුධ, සිකුරු 8 ද, රාහු, සඳු 4 ද, ශනි, කේතු 10 ද ගමන් ගනී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී මේ කාල සීමාව තුළ තමාගේ කටයුතු කරගෙන යෑමේ දී විටින් විට බාධා අවහිරතා, ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ හැකිය. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රවල දී තරමක් කල්පනාකාරී විය යුත්තේය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් වුව ද ඔබට මුදල් ඉතිරි කරගැනීම අපහසු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් ඉවසීමෙන් ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟිය සාමයට බාධා අවහිරතා මතු කරනු ඇත. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ශ්‍රමයත් වැය වේ. උෂ්ණාධික රෝග, තුවාල පීඩා බලපෑ හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා