කූඩා­රම් බිමට අනා­රා­ධි­තව පැමිණි මහ­ඇත්තෝ | සිළුමිණ

කූඩා­රම් බිමට අනා­රා­ධි­තව පැමිණි මහ­ඇත්තෝ

වැව් පිටියේ සැඳෑ හිරුගේ සෞම්‍ය­බව විඳ ගනි­මින් සිටි මා වැව්පි­ටිය දිගේ ඉදි­රි­යට ඇදෙනා මුව රැළ දෙස බලා සිටියේ ඒ දැකුමේ වු අපූ­ර්ව­ත්වය නිසා­වෙ­නුයි. අමෝ­රා­ගත් අවි බඳු වු දිගු අං ධාරී වැඩුණු මුවන් පළ­මු­වත්, එක අත්තක් දෙකක් පම­ණක් ලියැ­දැමු නාඹර මුව පොව්වන් දෙව­නු­වත්, පැට­වුන් පෙරටු කර ගත් මුව අම්මලා තෙව­නු­වත්, නැම්බි­යන් සිව්ව­නු­වත්, අව­සන යළිත් හොඳින් අං වැඩුණු පරි­නත මුවන් කිහිප දෙනෙ­කු­ගෙන් සුසැදි මේ රැළ සැබැ­වින් දකි­න්නෙකු තුළ ජනිත කර­වන්නේ අපූර්ව හැඟී­මකි. මන්ද යත් කුඩා මුව පොව්වාගේ සිට මහල්ලා දක්වා වු සියලු නියෝ­ජ­න­යන් මේ මුව රැළ තුළින් දැක ගත හැක. එක පෙළට දිය බී අහ­වර වු පසුව සැවොම වැව් පිටිය පුරා දිව­යන්නේ කෙළි­ලොල් සිත­කිනි.

වනාතේ සිට වැව කරා පිය­ම­නි­මින් සිටියේ සද්ද­න්ත­යින් කිහිප දෙනෙකි. මේ අය වැව් වෙත ඇදී ආවත් වනය මැදින් ඇදි යන කඩ­තොලු මාර්ගයේ සෑදුණු වළ­වල් තුළ රැදුණු දිය තොල ගාමින් කෙළි දොළෙන් පසු වන වානර රැළ වෙතින් විද්‍ය­මාන වන්නේ වනා­තට යහ­මින් වැසි වැටී ඇති බවකි. බොහෝ අව­ස්ථා­වන් හීදී තුරු හිස් මතම දිවි ගෙවන අළු වදු­රන් කලා­තු­ර­කින් මේ ආකා­ර­යට වතුර පොදක් බීමට බිමට බහින අව­ස්ථාද නිරී­ක්ෂ­ණය කළ හැකිය. බිම් මට්ටමේ අළු වඳුරන් ගැව­සෙනු දැකු­මෙත් ඇත්තේ යම් චම­ත්කාර බවකි. ඔවුන් බිම ඇවිද යන්නේ සිව්පා මති­නුයි. එවිට ඉහ­ළට එසැ­වෙන වඳු­රන්ගේ දිගු වලිග ඈතට දිස් වන්නේ විසල් වු ප්‍රශ්නාර්ථ ලකු­ණක් පිට මත්තේ තබා­ගෙන වඳු­රන් ඇවිද යන්නාක් හා සමැ­වයි.

කූඩා­රම් බිමට පෙර දින රාත්‍රියේ වන අලි­යෙ­කුගේ පැමි­ණීම සිදු වු බවට කූඩා­රම අවට තව­මත් රජ­යන අලි ගන්ධය මුසු වු වාතය සාක්ෂි දරයි. කූඩා­රම් බිම මත තැන තැන වැටී ඇති අලි වසුරු නිසා­වෙන්ද මෙම ගන්ධය පැතිර යයි. එකී ගන්ධය මා සිත රැගෙන ගියේ රැයේ සිදු වු සිදු­වී­මක් වෙතය. වේලාව මධ්‍යම රාත්‍රි­යට ළං වුවා වන්නට ඇත. කූඩා­රම් බිමේ පැදුර මත ඒ අත මේ අත පෙරළි පෙරළී නිදි නොලබා සිටි මා ලැබූ එකම නින්දෙන් එක් වනම අවදි වුයේ සග­යෙ­කුගේ හඬ­ටයි. ඒ හඬේ තිබු­ණේද බිය මුසු වු තැති ගැන්මකි.

“අලි නේද? ....”

හිටි වනම පැදුර මත සිට ගත් මා කළ යුත්තේ කුම­ක්දැයි සිතා­ගත නොහී වික්ෂිප්ත වීමී. අව­ටින් ඇසෙ­නුයේ කොළ අතු බිඳින සහ බඩ ගොර­වන හඩකි. ඒ අනුව නම් හොර අලියා සිටි­නුයේ අප කූඩා­රම සමී­ප­යේම බවට සිතා ගත හැකිය. අපගේ කූඩා­රම අටවා තිබූ බිම ආස­න්න­යෙන් අලි මං පෙතක්ද දිව යයි. නොඅ­නු­මා­න­වම මේ නම් ඒ මංපෙත ඔස්සේ තමන්ගේ සුපු­රුදු සංචා­රයේ නිරත වු මහ­ඇ­ත්තෙක් විය යුතුයි. තමන්ට ආග­න්තුක වු මේ දැක්ම අලි­යාගේ කුකු­සට හේතු වුවා විය හැකියි. අන­තුර විය හැක්කේ අලි­යාට තමන්ගේ කුකු­ස­යට හේතු වු ආග­න්තුක මේ කූඩා­රම ගැන විම­ස­න්නට හිතු­ණොත් පමණී. එසේ නොසි­තු­ණොත් නම් තමන්ගේ සුපු­රුදු සංචා­රය පිණිස මහ ඇත්තෝ නික්ම යනු නිය­තයි. මේ මොහොතේ මගේ සිතට එන්නේ සිත ශක්ති­මත් කරන සිතු­වි­ල්ලකි. ඒ අපේ කණ්ඩා­යමේ දැන­මු­ත්තෙක් නිර­න්ත­ර­වම වනයේ ගත කරන හැම මොහො­ත­ක­දීම මුමු­ණන වද­නක් ඇත.

“කත­ර­ගම දෙවි හාමු­දු­රු­වන්ගේ පිහිට ආර­ක්ෂා­වෙන් අන­තු­රක් නම් වෙන්නේ නෑ සත්තයි .....”

සැබැ­වින්ම මේ ආකා­ර­යට වන­මැ­දට වී කූඩා­ර­මක් තුළ අප ගත කරන්නේ වන­ස­තුන්ගේ සුබ සිද්ධිය පිණි­ස­මය. කුඩා කිනි­තු­ල්ලන්ගේ ක්‍රෑර ප්‍රහා­ර­යන්ට නිර­න්ත­ර­වම මුහුණ දෙමින්, කැසුම් කන තුවාල කැලල් අත ගාමින්, වැසි දියෙන් තෙත් වන කූඩා­රම් රෙද්දේ අහු මුළු වලින් එබි­කම් පානා දිය බිදු වළින් මඩ වු බිමේ, “චිචිරි චිරි චිරි චිරිස්” හඩින් ඇගි­ලි­කරු අත­රින් නිර­න්ත­ර­වම පනිනා මඩින් හෙම්බත්ව, මේ ගෙවනා දවස් අපෝ යැයි නොසි­තෙන්නේ සොබා­ද­හම විසින් එසැ­නින් අප වෙත දක්වන කාරු­ණි­ක­ත්වය නිසා­වෙ­නුයි. වන­දි­වියේ සැබෑ තතු නිසි ලෙසින් උදැ­හැ­නැක්කේ සිට රාත්‍රිය උදා වන­තුරු ප්‍රායෝ­ගි­ක­වම අත්වි­ඳිනා කල සිත නිද­හස්ය. කාර්ය­බ­හුල වු ජන සමා­ජය තුළ පැය අටේ සේව­යට වහල් වී රොබෝ­ව­රුන් හා සමැව මාන­සික ආත­ති­යෙන් රාජ­කාරී සිදු කරනු වෙනු­වට නිද­හසේ පැය විසි­හ­තර පුරා ජීවයේ සුසුම් පොද වන සොබා­ද­හමේ සුව­තා­වය වෙනු­වෙන් ඇප කැප වු රාජ­කා­රි­ය­කට ප්‍රවිශ්ට වීමට හැකි වීමත් භාග්‍යකි.

“මොකද කරන්නේ අලි­යාට ......,” සගයා අසයි. මොනවා කර­න්නද එයා තමන්ට ඕන වෙලා­වට යයි. අපි අපේ පාඩුවේ සද්ද නැතිව ඉදිමු. වන­දි­විය තුළදී නිර­න්ත­ර­වම මෙවැනි වු සිදු­වීම් වලට මුහුණ දීමෙන් ලද පන්න­ර­යෙන් වන සතුන්ගේ හමු­වීම් සාමාන්‍ය අව­ස්ථා­වන් බවට පත්ව ඇත. ඇරත් වනය තුළදී අප වන­යට ආග­න්තුක බවත්, මුල් තැන හිමි විය යුතු වන්නේ වන­ස­තුන්ගේ නිද­හ­සට බවත් අව­ධා­ර­ණ­යෙන් සඳ­හන් කළ යුතු­මයි. මදක් අප පිළි­බ­දව විප­රමේ පසු වු මහ­ඇත්තෝ අන­තු­රක් නැති බව හැගි ගියෙන්දෝ සුපු­රුදු පාරේම යන්න ගියේ අප සිත් තුළ සැන­සුම් සිතු­වි­ල්ලක් ජනිත කර­ව­මින්ය.

කැලේ ජීවි­තය ඔයා­කා­රයි. මේ මොහොත තුළ අන­පේ­ක්ෂිත වු සිදු වීමක් සිදු විය නොහැකි යැයි පෙර­ව­දන් සැප­යිය හැක්කේ කා හටද? කළ යුතු වන්නේ ඒ මොහො­තට සුදුසු දේ නිර­වුල් මන­සින් සිදු කිරී­මයි. එසේම වච­න­යට පම­ණක් සීමා නොවි ප්‍රායෝ­ගි­ක­වම ගහ - කොළ - සතා - සීපා­වාගේ සුර­ක්ෂි­ත­තා­වය වෙනු­වෙන් කළ යුතු දේ, කළ හැකි දේ නොප­මාව ඉටු කිරී­ම­ටත් වග බලා ගත යුතු­මය.

සේයාරූ - රංග විජේ­රත්න

Comments