මහ­ග­ම­සේ­කර ජන­පති නිල නිවස පිළි­බඳ ද්වේෂ සහ­ගත විවේ­චන ඇයි! | Page 3 | සිළුමිණ

මහ­ග­ම­සේ­කර ජන­පති නිල නිවස පිළි­බඳ ද්වේෂ සහ­ගත විවේ­චන ඇයි!

ශ්‍රී ලංකාවේ හත්වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රණ සටන වෙනු­වෙන් වේදිකා මත කඳු ගස­මින් තිබෙන පොරොන්දු සහන මලු දෙස බල­මින් ද ඉන් පිටත සමා­ජය තුළ උද්ගත වන නොයෙක් කැල­ඹීම් අව­ධා­ර­ණය කර­මින්ද පොදු ජන­තාව සිරු­වෙන් සිටින මොහො­තක ඉන් බාහිර යමක් කතා කිරීම එත­රම් ඵල­දායී නොවිය හැකිය. එහෙත් ඒ සටන් මැද්දේ මෙරටේ සමාජ දේශ­පා­ලන ක්ෂේත්‍ර­ව­ලට අලු­තින් එක්වන සංවාද පිළි­බ­ඳව ද ජනතා අව­ධා­නය යොමු කළ යුතුය. ඒ සංවාද අතර ප්‍රබල මාතෘකා දෙක තුනක් ම තිබේ. පළ­මු­වැන්න පාස්කු ප්‍රහා­රය විම­ර්ශ­නය කිරීම සඳහා පත්ක­රන ලද පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා කමිටු වාර්තාව නිකුත් වී තිබීම ය. දෙවැන්න දූෂණ හා වංචා පිළි­බඳ ජනා­ධි­පති විම­ර්ශන කොමි­සම හමුවේ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් දෙන ලද සාක්ෂි­යයි. තෙවැන්න සිය ජනා­ධි­පති ධුර කාලය නිමවා විශ්‍රාම යන වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට නීත්‍යා­නු­කූ­ලව හිමි­විය යුතු වර­ප්‍ර­සා­ද­යක් වන නිල නිවස අර­භයා සිදු කෙරෙන පද­නම් විර­හිත විවේ­ච­න­යයි.

මීට අම­ත­රව උතුරේ අන්ත­වා­දීන් විසින් ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යන්ගේ අව­ධා­නය පිණිස ඉදි­රි­පත් කර තිබෙන යෝජ­නා­ව­ලිය පිළි­බ­ඳව වෙඬ­රුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­හි­මි­යන් විසින් නිකුත් කරන ලද නිවේ­ද­න­යද කතා­බ­හට ලක්ව තිබේ.

මෛත්‍රී­පාල සිරි­සේන යනු මෙරටේ ජන­තාව විසින් අති­ශය ප්‍රබල ජාතික අපේ­ක්ෂා­වක් වූ විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම වෙනු­වෙන් ජන­ව­ර­මක් ලද රාජ්‍ය නාය­කයා ය. එහෙත් 2015 ජන­වාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සමාජ දේශ­පා­ලන ක්ෂේත්‍ර­ව­ලින් ඉල්ලා සිටින ලද පූර්ණ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය අපේක්ෂා කළ පරිදි සිදු නොවූ බවද රහ­සක් නොවේ. කුමක් වුවත් යළි අපට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිදුව ඇත්තේ ඒ ක්‍රියා­දා­මය මෙහෙ­යවූ අයගේ වර­දින් බව නම් කිව හැකිය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ සඳහා දැක්වූ උන­න්දුව හා මැදි­හත් කිරීම් නොව­න්නට මේ තිබෙන 19 වැනි සංශෝ­ධ­න­ය­වත් සිදු කර­ගත නොහැකි වනු නිසැ­කය. බොහෝ විට බල­යට පත්වන හැම ආණ්ඩු­වක් ම මහ­ජන අභි­ලා­ෂ­යන් වෙනු­වෙන් පෙනී සිටී­මට වඩා ස්වකීය දේශ­පා­ලන අර­මුණු හා න්‍යාය පත්‍ර ක්‍රියා­ත්මක කිරීමේ මන­දො­ළ­කින් පෙළෙන බව ද අපි දනිමු. ඉහත සඳ­හන් කළ පරි­දිම කෝටි 400කට වඩා වැය කර­මින් යළිත් ජනා­ධි­ප­ති­ව­ර­යකු තෝරා ගැනී­මට අපට සිදුව තිබේ. ඒ පිළි­බඳ ව ඊට වඩා කරුණු දැක්වී­මට මෙහිදී ඉඩක් නැත.

කෙසේ හෝ ලබන නොවැ­ම්බර් 16 වැනිදා සිය ජනා­ධි­ප­ති­ධු­ර­යෙන් සමු­ගෙන යන මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට විශ්‍රා­මික ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට නිත්‍යා­නු­කූ­ලව හිමි විය යුතු වර­ප්‍ර­සාද ලබා­ගැ­නීම වර­දක් ලෙස කිසි­ව­කුට කිව හැකිද? විධා­යක ජනා­ධි­පති පුටු­වෙන් බැස යන මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇතැම් ඇන්ජීඕ කව­ට­යන් හා දේශ­පා­ලන විදූ­ෂ­ක­යන් විසින් එල්ල­ක­රනු ලබන පද­නම් විර­හිත චෝද­නා­වක් වන්නේ ඔවුන්ට හිමි­වන නිල නිවස ලබා ගැනීම වර­දක් බවය. ‘සරල ජන­ප­තිට කොළ­ඹින් නිව­සක් ’ යන හිසින් ඒ පිළි­බ­ඳව කළ ද්වේෂ­ස­හ­ගත විවේ­ච­න­යක් ද විය. එහෙත් එබ­න්දක් සිදුවී තිබේද? මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට කොළ­ඹින් ඉහ­ළම වටි­නා­ක­මක් සහිත අති සුඛෝ­ප­භෝගී මැදුරු සංකී­ර්ණ­යක් සින්න­ක්ක­රව ලබා දී තිබේද? නැත. එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද? මෙරටේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව විශ්‍රාම යන ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට හිමි විය යුතු වර­ප්‍ර­සාද පැහැ­දි­ලිව දක්වා තිබේ. එසේම විශ්‍රාම ලබා යන ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ බිරි­යට ද යම් යම් වර­ප්‍ර­සාද හිමි වේ. ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ විශ්‍රාම වැටුප, කාර්ය මණ්ඩ­ලය නිල නිවස, වාහන, ආර­ක්ෂාව ඇතුළු සියලු විය­හි­ය­දම් පිළි­බ­ඳව ද ඉතා පැහැ­දි­ලිව දක්වා තිබේ. (මේ පිළි­බ­ඳව තහ­වුරු කෙරෙන අධි­ක­රණ තීන්දු­වක්ද තිබේ.)

විශ්‍රා­මික ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට මේ වර­ප්‍ර­සාද ලබාදී තිබෙන්නේ රාජ්‍ය නාය­ක­ත්වය ඉසිලූ පළමු පුර­වැ­සියා ලෙස ඔහුගේ අභි­මා­නය සුරැ­කී­මට ය. ජනා­ධි­ප­ති­ව­ර­යකු නැත­හොත් රාජ්‍ය නාය­ක­යකු සිය ධුර­යෙන් විශ්‍රාම ගියත් ඔහුට හෝ ඇයට රාජ්‍ය­තා­න්ත්‍රි­කව උපයා ගත් කීර්තිය ආරක්ෂා කර ගැනී­මට සිදු­වෙයි. ජාත්‍ය­න්ත­රව මේ රටට පැමි­ණෙන විදේ­ශීය අමු­ත්තන් පිළි­ගැ­නී­ම­ටද බොහෝ­විට ඔවුන්ට සිදුවේ. ඒ හැර වෙනත් සමාජ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­ක­ම්වල නිර­ත­වී­මට ද ඔවුන්ට සිදු­වනු ඇත.

ප්‍රථම ජනා­ධි­ප­ති­ව­රයා වූ ජේ.ආර්.ජය­ව­ර්ධන මහතා සිය ධුර කාලය තුළ මෙන්ම විශ්‍රා­මි­කව ජීව­ත්වූයේ ද ඔහුට අයත් වෝඩ් පෙදෙ­සෙහි පිහිටි පෞද්ග­ලික නිව­සෙහි ය. එහි යම් යම් ප්‍රති­සං­ස්ක­රණ මෙන්ම නඩත්තු කට­යුතු ද රජ­යෙන් ඉටු විය. ඔහුගේ අනු­ප්‍රා­ප්ති­කයා ලෙස පැමිණි රණ­සිංහ ප්‍රේම­දාස මහ­තාගේ හදිසි වියෝ­වෙන් පසු ඔහුගේ බිරිය වූ හේමා ප්‍රේම­දාස මහ­ත්මි­යට ද ඔහුට හිමි­විය යුතු වර­ප්‍ර­සාද ලබාදී තිබේ. ඇය අදත් කොළඹ 7, ග්‍රෙගරි මාවතේ පිහිටි සී-80 දරන නිව­සෙහි පදිං­චිව සිටින අතර ඇයට අවශ්‍ය පහ­සු­කම් සිය­ල්ලම රජය ලබා දී තිබේ. ප්‍රේම­දාස මහතා ඝාත­නය වීම නිසා ව්‍යව­ස්ථා­නු­කූ­ලව ජනා­ධි­ප­ති­ධු­ර­යට පත් වූ ඩී.බී.විජේ­තුංග මහා­තට ද විශ්‍රාම ගැනී­මෙන් පසු නිල නිව­සක් ලැබුණි. ඒ එව­කට පැජට් පාර ලෙස හැඳින්වූ අද මහ­ග­ම­සේ­කර මාව­තෙහි පිහිටි වත්මන් ජනා­ධි­පති මෛත්‍රී­පාල මහතා සඳහා වෙන්ව තිබෙන නිවස ය.

මෙරටේ රාජ්‍ය නාය­කයා වන ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමි­වන නිල මැදුර කොටුවේ පිහිටා තිබෙන ජනා­ධි­පති මන්දි­ර­යයි. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ නිල­මැ­දුරේ පදිං­චි­යට නොගියේ ඒ සඳහා රජ­යෙන් වැය කළ යුතු ලක්ෂ ගණ­නක මුදල් ඉතිරි කිරීම සඳහා ය. කොටුව ජනා­ධි­පති මැදුරේ මාසික විදු­ලි­බිල පම­ණක් රුපි­යල් ලක්ෂ විස්ස ඉක්ම­ව­න්නකි. එයට අම­ත­රව අනෙක් විය­දම් ද එක්වූ විට ඒ මන්දි­රය නඩත්තු කිරීම සඳහා මහ­ජන මුද­ලින් වැය කළ යුතු මුදල තවත් ලක්ෂ කීය­කින් ඉහළ යනු ඇද්ද?

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය නායක ධුර­යට පත්වී­මෙන් පසු ටික කලක් සිටි­යේද ඇම­ති­ව­ර­යකු ලෙස තමන්ට හිමිවූ විජේ­රාම මාවතේ නිල නිව­සෙහි ය. එහෙත් ජනා­ධි­පති මන්දි­ර­යට නොගො­සින් වෙනත් නිව­ස­කට යෑමට මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට අවශ්‍ය විය. ඒ වන විට පැජට් පාරේ (දැන් මහ­ග­ම­සේ­කර මාවත) පිහිටි හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ඩී.බී.විජේ­තුංග මහ­තාට ලබා­දුන් නිවස ද හිස්ව තිබුණි. ඒ නිවස එකි­නෙ­කට සමී­පව පිහිටි ඇමති නිල නිවාස දෙකක් යාකර ඉදි­කර තිබුණි. එනිසා එහි භූමි ප්‍රමා­ණය ද තර­මක් විශාල විය. (මේ නිව­සෙ­හිම ටික කලක් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇම­ති­ව­රයා ද වාසය කෙළේය.) කුමක් වුවත් රාජ්‍ය නාය­ක­ය­කුට අවශ්‍ය පහ­සු­කම් විජේ­රාම නිව­සෙහි නොවූ බව අමු­තු­වෙන් කිව යුතු නැත. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ඒ නිවස ප්‍රති­සං­ස්ක­ර­ණය වූයේ ඉනි­ක්බිති ව ය. ජනා­ධි­ප­ති­ව­රයා තමන්ට හිමි කොටුව ජනා­ධි­පති මන්දි­ර­යෙන් පරි­බා­හි­රව ඒ නිවස සිය පදිං­චි­යට තෝරා ගැනීම ආර­ක්ෂක අංශ­ව­ලට පවා ගැට­ලු­වක් විය. එහෙත් ඔහු ඒ තීර­ණය එලෙ­සම ක්‍රියා­ත්මක කළේ පැජට් පාර ලෙසින් තිබුණු මාවත ‘මහ­ග­ම­සේ­කර මාවත’ ලෙස ද නම් කර­මින් ය. කෙසේ හෝ තර­මක් කල­බ­ල­කාරී පරි­ස­ර­යක පිහිටි ඒ නිවස ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ නිල නිවස බවට පත් වන්නේ ඒ ආකා­ර­යට ය.

ඉනි­ක්බි­තිව මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසූ විජේ­රාම නිවස පවරා දෙන ලද්දේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ය. එහි­දීත් ඒ නිවස ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා මිලි­යන 20ක පමණ මුද­ලක් වැය කර ඇත.

මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා සිය ධුර­යෙන් විශ්‍රාම ගැනී­මෙන් පසු­වද මහ­ග­ම­සේ­කර මාවතේ ඒ නිවෙස සිය පදිං­චිය සඳහා තෝරා ගැනීම මහ­මෙ­රක් සේ හුවා දක්වන ලද්දේ මේ කිසි­වක් නොදැ­නද? විශ්‍රාම යන ජනා­ධි­ප­ති­ව­රයා ලෙස මෛත්‍රී තමන්ට හිමි වූ එම නිවස තෝරා ගැනීම වර­දක් ලෙස දක්වන්නේ කෙසේද? ඒ භූමියේ වටි­නා­කම නිවා­සයේ තිබෙන පහ­සු­කම් සියල්ල කිසි­සේත්ම මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ලැබෙන තෑග්ගක් හෝ සින්න­ක්කර දෙයක් ද නොවේ. ඒවා නීත්‍යා­නු­කූ­ලව ලැබෙන තාව­කා­ලික දේවල් ය; එසේම රාජ්‍ය සම්පත් ය. මේ පිළි­බ­ඳව ද්වේෂ සහ­ග­තව කරුණු දක්වන අය මෛත්‍රී කොළ­ඹින් ගෙයක් හා ඉඩ­මක් අනිසි ලෙස ලබා ගෙන ඇතැයි හැඟ­වී­මට දරන ප්‍රය­ත්නය ලජ්ජා­ස­හ­ගත ය. ජනා­ධි­ප­ති­ව­ර­යාට මෙන්ම ඒ ඒ ධුර­යන් හොබ­වන කව­ර­කුට වුවද නීත්‍යා­නු­කූ­ලව හිමි­වන දේවල් වැරදි යැයි තර්ක කිරීම හෝ ඒවා පිළි­බඳ වැරදි අද­හස් පතු­රු­වා­ලීම ද ශිෂ්ට ක්‍රියා­වක් නොවේ. මේ විවේ­ච­ක­යන් හිතන්නේ පොළො­න්න­රු­වෙන් පැමිණි මෛත්‍රී ආපසු පොළො­න්න­රු­ව­ටම යායුතු බවද? කොළඹ සමා­ජය හෝ ඒ සාටෝ­ප­වත් ජීවන රටාව හෝ මෛත්‍රී රුචි නොක­රයි. එහෙත් ඔහු සිය සමාජ මෙහෙ­වර අඛ­ණ්ඩව ඉදි­රි­යට රැගෙන යෑමේ අභි­ලා­ෂ­යෙන් සිටියි. නිර්ප්‍රභූ ජනතා නාය­ක­යකු කොළඹ සිටීම ඇතැම් අයගේ ඊර්ෂ්‍යා­වට හේතු වන්නක් වුවත් එයට කළ හැකි දෙයක් ද නැත.

මෛත්‍රීට නිල වශ­යෙන් ලැබෙන මහ­ග­ම­සේ­කර මාවතේ නිවස මෙන්ම හිටපු ජනා­ධි­ප­ති­නිය චන්ද්‍රිකා කුමා­ර­තුංග මහ­ත්මි­යට ද නිද­හස් චතු­ර­ස්‍ර­යට යාබද වටිනා භූමි­යක පිහිටි නිව­සක් ලබා දී තිබේ. ධුර­යෙන් විශ්‍රාම යන රාජ්‍ය නාය­ක­යෙක් හෝ නායි­කා­වක් තමන්ට නීත්‍යා­නු­කූ­ලව හිමි­වන කිසිදු හිමි­ක­මක් විකි­ණී­මට හෝ කාට හෝ සින්න­ක්ක­රව ලියා­දී­මට නොයන බව ද අපි දනිමු. ඒ හිමි­කම් අහිමි කිරීමේ බලය අවශ්‍ය නම් ව්‍යව­ස්ථා­නු­කූල වෙන­ස­කින් සිදු කළ හැකි බවද කිව යුතුය. ජනතා මුද­ල්ව­ලින් විශ්‍රා­මික ජනා­ධි­ප­ති­ව­රුන් හා ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම ගැන ජවි­පෙන් ප්‍රබල විවේ­ච­න­යක් ද එල්ලවී ඇත.

විධා­යක ජනා­ධි­පති ක්‍රමය රටට හඳුන්වා දුන් ජේ.ආර්.ජය­ව­ර්ධන මහතා මේ සියලු නීති­මය හිමි­කම් පිරි­සි­දුව 1978 ව්‍යව­ස්ථාව තුළ සඳ­හන් කර තිබේ. 1972 සම්මත කළ ජන­රජ ව්‍යව­ස්ථාවේ රාජ්‍ය නාය­ක­යන් සඳහා මෙබඳු ප්‍රදා­න­යන් දක්වා නොමැති බව ද පෙන්වා දිය යුතුය. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා අග­මැති හෝ ඇම­ති­ව­ර­යකු තමන්ගේ තත්ත්ව­යට සමීප කෙනෙක් ලෙස පිළි­නො­ගත් බව 1978 ව්‍යව­ස්ථාව විම­ර්ශ­නය කරන කෙන­කුට වුවද පැහැ­දිලි වනු ඇත. මුළු රටේ ම ජන­තා­වගේ ඡන්ද­යෙන් පත්වන විධා­යක නාය­ක­යාට සිය විශ්‍රාම ජීවි­තය ද ඒ ආකා­ර­යෙන් ම අභි­මා­න­වත් ලෙස ගත­කි­රී­මට අව­කාශ තිබිය යුතු බව ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා ඔහුට එල්ල වූ විවේ­ච­න­ව­ලට පිළි­තුරු වශ­යෙන් ප්‍රකාශ කර තිබේ. කුමක් වුවත් වර­ප්‍ර­සාද ලත් පන්ති සමා­ජ­ය­කට ලැබෙන නීති­මය හිමි­කම් පවා එකී පන්ති­යට අයත් නොවන ජන­තා­වගේ නාය­ක­යන්ට හිමි­වීම දේශ­පා­ලන වෛර­යෙන් හා හීන­මා­න­ය­කින් ආතුර වූ පුද්ග­ල­යන්ට දරා­ගත නොහැකි වීමද පුදු­ම­යක් නොවේ.

දැන් අපි මෙහි ඉහත සඳ­හන් කළ ආන්දෝ­ල­නා­ත්මක පාස්කු ප්‍රහා­රය පිළි­බඳ පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තා­වට එල්ල කෙරෙන විවේ­චන දෙස මඳක් විමසා බලමු. තව­මත් ප්‍රසි­ද්ධි­යට පත්නොවූ මේ වාර්තාව පිළි­බඳ ව පිළි­ගත නොහැකි බව විපක්ෂ නාය­ක­ව­රයා ද කියයි. දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා විසින් ඒ වාර්තාව ප්‍රති­ක්ෂේප කරන ලද්දේ ඒ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ක්‍රියා­කා­රීන් සමඟ අනි­යම් සබ­ඳතා ඒ කමි­ටුවේ ඇතැම් සාමා­ජි­ක­ය­කුට තිබුණ බවද කිය­මින් ය. ඔහු පාර්ලි­මේ­න්තු­වේදී අව­ධා­ර­ණය කෙළේත් එ් වාර්තාව සාධා­රණ එකක් නොවන බව ය. මේ ආණ්ඩුවේ ඇම­ති­ව­ර­යකු වන රවුෆ් හකීම් මහතා ඉලක්ක කර ගනි­මින් මාධ්‍ය ඔස්සේ කෙරෙන අනා­ව­රණ ඔහු විසින් ප්‍රති­ක්ෂේප කර තිබු­ණත් ඒවා පිළි­බ­ඳව ජන­තාව තුළ තිබෙන සැකය දුරුවී නැති බව ද කිව යුතුය.

මේ අතර මත්තල ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළේ වී ගබඩා කිරීමේ මුග්ධ ක්‍රියාව පිළි­බ­ඳව ද විවිධ විවේ­චන ඇසෙයි. අග­මැති රනිල් ඒ පිළි­බඳ විම­ර්ශ­නය කෙරෙන ජනා­ධි­පති කොමි­සම අබි­යස සාක්ෂි දෙමින් කියා සිටියේ ඒ තීර­ණය තමන්ගේ එකක් නොවන බව ය.

කුමක් වුවත් ඒ තීන්දුව ගත් පුද්ග­ල­යාට මත්තල යනු මෙරටේ ජන­තා­වගේ මුදල් බව පම­ණක් මතක් කළ යුතුය. ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­ප­ළ­වල වී ගබඩා කළ රට­වල් ලෝකයේ තවත් තිබේ­දැයි අපි නොද­නිමු. කුමක් වුවත් මේ අමන දේශ­පා­ලන ප්‍රති­චා­රය රාජ­පක්ෂ පාල­න­යට සර­දම් කිරීම සඳහා කරන ලද මුග්ධ ක්‍රියා­වක් බව නම් නොකි­යාම බැරිය. ඇත්ත වශ­යෙන්ම ඒ අද­හස් ඉදි­රි­පත් කළ පුද්ග­ලයා හෝ ඒ වෙනු­වෙන් කැපවූ අය හෝ මේ සිදුවී ඇති විනා­ශ­යට දඬු­වම් ලැබිය යුතු බවද සඳ­හන් කළ යුතුය.

Comments