
රක්ත පැහැය මුළු ගුවනම වෙළා ගන්නවා
රැහැයි නාදෙ හැම දෙසටම පැතිරී යනවා
විහඟ රංචු කැදලිවලට පියා සලනවා
ඉරු දෙවියන් වැඩ නිම වී යන්නට යනවා
දවල් තිබුණු හිරු රශ්මිය අඩු වී යන්නේ
හෙන්දිරික්කා සුවඳයි පවනට මුසු වෙන්නේ
සිහිල් සුළඟ ගත දැවටී සිත පුබුදන්නේ
හැන්දෑවේ ඇති අසිරිය අකුරු කරන්නේ
ඒ.එච්. චම්පිකා ජයමිණි
9 - බී. ශ්‍රේණිය
හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය
හැදුණුවැව