
මේෂ
මංගල යෝජනා උදා වෙයි
ලග්නාධිපති කුජ 7, රාහු 8, සඳු ලග්නයේ, රවි, බුධ, 8, ගුරු, ශනි, සිකුරු, කේතු 9 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී ඇඳුම් පැලඳුම් සහ වස්ත්‍ර ලැබේ. එසේම ශරීර සනීපය ඉතා ශුභ වේ. යහපත් කටයුතු, වෘත්තීය සහ රාජකාරිවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබේ. වැඩකටයුතුවල දී ගුණවත්, සාධාරණ යහපත අදහස් ලැබේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට ශුභදායක වේ. ආදායම් තත්ත්වයේ කිසියම් සාර්ථකත්වයක් ලැබේ. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වනු ඇත. විවාහ වීමට සුදුසු වයසේ පසු වන අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. සිතේ සැනසීමක් සමාජීය දියුණුවක් ඇති කරයි.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා
වෘෂභ
බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු සතියක්
ලග්නාධිපති සිකුරු, ගුරු, ශනි, කේතු 8 සිටී. රවි, බුධ 7 ද, රාහු 2 ද, සඳු 12 ද සිටි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී මේ දිනවල ඒරාෂ්ටක තත්ත්වයක් ද පවතී. ස්ථානගත වෙනස්කම් කාර්යාලයීය වෙනස්කම් ද ඇති කළ හැකිය. ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ.
අන්‍යයන්ගේ සහයෝගය, උපකාරය ලැබීම ප්‍රමාද වේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේසම් වන්න. තමා කරගෙන ආ කටයුතුවලට බාධා ඇති වේ.
ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. උත්සාහය සහ කැපවීමෙන් ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකිය. මේදය අධික වීමෙන් සෑදෙන රෝග, ඇස්වල දුර්වලතා ඇති කළ හැක.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
නිෂ්ඵල වියදම් යන ගමන්බිමන්
ලග්නාධිපති බුධ, රවි 6, රාහු ලග්නයේ, ගුරු, සිකුරු, ශනි, කේතු 7 ද ගෝචරය වේ. පවුලේ අය අතර අසමඟියට හෝ ඔවුනොවුන් අතර වෙනස්කම් ඇති වේ. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කරගැනීම අසීරු වේ. ණයතුරුස් වීමේ ඉඩ පවතින නිසා කල්පනාකාරී වන්න. නිෂ්පල වියදම් යන ගමන් ඇති වේ. ගෙදරදොර කටයුතුවලදී යම් යම් අහිතකර තත්ත්වයන් උදා කළ හැකිය. සිතේ සැනසීම තරමක් අඩු වේ. කෘෂිකාර්මික ක්ෂේත්රවල යෙදී සිටින අයට අලාභ හානි ඇති කළ හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වන්න. කෑම නොදිරවීමේ රෝග, උදරාශ්‍රිත රෝග ඇති කළ හැකිය.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වියදම් අධිකයි
ලග්නාධිපති සඳු 10. රාහු 12, ගුරු, ශනි, සිකුරු, කේතු 6 ද, කුජ 4, රවි, බුධ 5 ගෝචරය වේ. එම ග්‍රහ ගොචරය ගැන සැලකීමේ දී මිල මුදල් ලැබීම අතින් යහපත් වුව ද අනපේක්ෂිතව ඇති වන වියදම් උඩ මිල මුදල් පාලනය කිරීම අසීරු වේ. එසේ වුවත් බලාපොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ කරගනී. පවුලේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට එතරම් බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට සිය උත්සාහය සහ කැපවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උදරාශ්‍රිත රෝග, ලේ දූශ්යාබාධ යනාදියට ඉඩ පවතී. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- ක්‍රීම් පා, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
රැකියාවේ දියුණුව
ලග්නාධිපති රවි, බුධ 4, කුජ 3, රාහු 11, ගුරු, ශනි, සිකුරු, කේතු 5, සඳු 9 ගෝචරය වේ. අලූත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. මිල මුදල් ලැබීමඅතින් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. තම තත්ත්වයෙහි උසස්වීම් ඇති කරයි. වැඩකටයුතු ඉහළයයි. එසේම අමුතු ලාභ ලබාගැනීමේ ක්‍රම සිතයි. සහෝදරයන් සහ අසල්වාසීන්ගේ ආධාරය උපකාරය ලැබේ. අවුල් වියවුල්වලින් නිදහස ලැබේ. නොයෙකුත් අයගේ ආධාරය උපකාරය ලබයි. අධ්‍යාපන ක්ෂේත්රවල නියුක්ත අයට පර්යේෂණ කිරීමේ අවස්ථා උදා කරගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
ක්‍රමයෙන් යහපත්
ලග්නාධිපති බුධ, රවි 3. ගරු, සිකරු, ශනි, කේතු 4 සිටී. කුජ 2 ය. සඳු 8 වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වුව ද ඒවා මැඬපවත්වාගෙන තමගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට ක්‍රමයෙන් සාර්ථක කරගත හැකිය. විටෙක යම් යම් සිත් තැවුල්, කනගාටු තත්ත්වයන් ද ඇති කරයි. ස්ථානගත වෙනස්කම්වලට ඉඩ පවතී. ඥාති මිත්‍රාදීන් සමඟ යම් යම් අහිතකර තත්ත්වයන් උද්ගත වේ. විටෙක තමාගේ අයගේම විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට සිදු වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්රයන්ට යොමු වීමෙන් ආර්ථික ලාභ ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් විය යුතුයි.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
ස්ථාන හෝ පදිංචියේ වෙනස්කම්
ලග්නාධිපති සිකුර, ගුරු, ශනි, කේතු 3 ද, කුජ ලග්නයේ ද රවි, බුධ 2 ද රාහු 9 ද ගෝචරය වේ. මෙම කාල සීමාව තුළ මිශ්රපලදායක වේ. ස්ථාන හෝ පදිංචියේ වෙනස්කම් ඇති වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී දියුණුවට විටින් විට බාධා එල්ල වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී ඉතා සැලකිලිමත් වන්න. අනුමානයට කරන කටයුතවලින් අහිතකර තත්ත්වයන් උදා කරයි. චෝදාන අපවාදවලට ඉඩ පවතී. විටෙක බලාපොරොත්තු රහිත අවුල් සහගත තත්ත්ව උදා කරයි. නිෂ්ඵල ගමන් ඇති වේ. ඒ තුළ වියදම් අධික වේ. අධ්‍යාපන අංශවල කටයුතු කරන අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
ලියකියවිලි කටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති කුජ 12 ද, රවි, බුධ ලග්නයේ ද, ගුරු, ශනි, සිකුරු, කේතු 2 ද, රාහු 8 ද, සඳු 6 ද ගෝචරය වේ. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. නොඑසේ නම් අමනාපවීම්වලට ඉඩ පවතී. ලියකියවිලි කටයුතුවල දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකියා අංශවල දී අන්‍යයන්ගේ සහාය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. මිල මුදල් ලැබීම යහපත් වුව ද විටෙක වියදම් පක්ෂය ඉහළ යෑම සිදු වේ. ණයතුරුස් වීමේ ඉඩ පවතින නිසා වඩාත් කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
බොරු හේතු නිසා දොස්
ලග්නාධිපති ගුරු, සිකුරු, ශනි, කේතු ලග්නයේ ද, රාහු 7 ද, සඳු 5 ද, රවි, බුධ 12 ද කුජ 11 ද ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. නිෂ්පල වියදම් ඇති වීමට කරුණු සැලසේ. විශේෂයෙන්ම තමාගේ අනුගාමිකයන් නිසා රැවටීම්වලට අසුවීමේ ඉඩ පවතී. වෘත්තීය රැකියා කටයුතුවල දී ප්‍රවේසම් වන්න. බොරු දෙයකට හෝ කිසිම වැඩක් නැති දේවල් නිසා දොස් ඇසීමට ඉඩ පවතී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි මනා අවධානයෙන් පසුවිය යුතුයි. ඉගෙනීමේ කටයුතුවල දී උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි
ලග්නාධිපති ශනි, ගුරු, සිකුරු, කේතු 12 ද, රාහු 6, සඳු 4, රවි, බුධ 11, කුජ 10 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී යම් යම් බාධා අවහිරතා ඇතත් දියුණුවට කටයුතු සලසාගනී. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විවිධ අංශයන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමඟිය සාමයට එත්ම බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් පෙන්වයි. ඉගෙනීම්වල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. මලබද්ධය, ලේ දූශ්යාබාධ, රුධිර පීඩනය, උෂ්ණාධික රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
කුම්භ
ගෙදරදොර කටයුතුවලදී වෙහෙස මහන්සිය
ලග්නාධිපති ශනි, ගුරු, සිකුර, කේතු 11 ද, රවි, බුධ 10 ද, කුජ 9 ද, සඳු 3, රාහු 5 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු සාර්ථක කරගත යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභදායක වුවත් අනපේක්ෂිත ලෙස පවතින සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ශරීර වෙහෙස මහන්සිය පෙන්වයි. දරුවන්ගේ කටයුතු උදෙසා අධික මහන්සියක් යෙදීමට සිදු වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික රෝග, ලේ දූශ්යාබාධවලින් පරිස්සම් වන්න.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
මීන
උසස් අය සමඟකටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති ගුරු, ශනි, සිකුරු, කේතු 10 ද, රවි, බුධ 9, රාහු 4, සඳු 2 ගමන් ගනී. එම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා අංශවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. උසස් අය සමඟ කටයුතු කිරීමේ දී වඩාත් කල්පනාකාරී වන්න. ආදායම් ලැබීම යහපත් වුවත් වියදම් පක්ෂය ඉහළ යන නිසා කල්පනාකාරී විය යුතුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ඉවසීත්මන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා මතු කළ හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල දී අලුත් විෂයයන්ට හිත යොමු වේ. පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝග, ලේ දූශ්යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් පරිස්සම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා