
මේෂ
ඥාතීන්ගෙන් උදව් උපකාර
ලග්නාධිපති කුජ 7 ද, සඳු 4, රාහු 3, රවි, බුධ 8, ගුරු, ශනි, කේතු 9, සිකුරු 10 සිටී. එම ග්‍රහ ගෝචරය ගැන බැලීමේ දී ආගමික කටයුතුවලට මැදිහත් වීමට සිදු වේ. ප්‍රීතිමත් දුරබැහැර ගමන්, වන්දනා ගමන්වලට ඉඩ සැලසේ. ඉගෙනීමේ යෙදී සිටින අයට අලුත් උසස් ඉගෙනීම්වලට බැඳී කටයුතු කරනු ඇත. විභාගාදියෙන් සමාර්ථ්‍යය ලැබේ. භාර්යාවගේ හෝ සාවාමියාගේ පවුලේ අය සමඟ ආශ්‍රය වැඩිපුර සිදු වේ. ඔවුන්ගේ උපකාරය ද ලබයි. පිට පළාත්වල දී කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. උසස් ධර්ම ශාස්ත්‍ර ගැන දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. කරගෙන යන වැඩකටයුතුවල දියුණුවක් උදා වේ. සිත් සතුටට කරුණු යෙදේ.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
වෘෂභ
නොතේරුම්කමින් වැරදි සිදු කරගනී
ලග්නාධිපති සිකුරු අටේ ගුරු, ශනි, කේතු සමඟයි. රවි, බුධ හතේ ද, කුජ 6 ද, සඳු 12 ද සිටී. ඒරාෂ්ටක තත්ත්වයක් ද පවතී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී අන්‍යයන් සමඟ ආරවුල්, හිත් නොහොඳවීම් ඉස්මතු කළ හැකිය. නොතේරුම්කමින් වැරදි සිදු කර ගැනීම සිදු වේ. තමා ගැන නරක ආරංචි පැතිරීමේ ඉඩක් පවතී. ගෙදරදොර කටයුතු කරගෙන යෑමේදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්රයේදී අන්‍යයන්ගේ සහාය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. නමුත් වියදම් පක්ෂය පාලනය කිරීම අසීරුයි. වෛරස් රෝග, බෝවන රෝගාදියෙන් ද ප්‍රවේසම් වන්න. ලේ දූශ්යාබාධ, උෂ්ණාධික රෝගාදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
මිථුන
රැකියාවේ බාධා ප්‍රමාදතා
ලග්නාධිපති රවි, බුධ 6 ද, රාහු ලග්නයේ ද, ගුරු, සිකුරු, ශනි, කේතු 7, කුජ 5, සඳු 11 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේ දී මිශ්රපලදායක තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් බාධා ප්‍රමාදතා ඉස්මතු කළ හැකි බැවින් ප්‍රවේසම් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකිය. මිල මුදල් ලැබීම අතින් අහිතකර නොවේ. එහෙත් ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. ඉගෙනීමේ කටයුතුවල දී ප්‍රවේසම් සහිතව ක්‍රියා කරන්න. ආකූලතා මතු කළ හැකි බැවිනි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
කටක
වියදම් අධිකයි
ලග්නාධිපති සඳු ලග්නයේය. රාහු 12, ශනි, ගුරු, කේතු 6, සිකුරු 7, කුජ 4, රවි, බුධ 5 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය සැලකීමේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් අවහිරතා බාධා ප්‍රමාදතා මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුය. ආර්ථික වශයෙන් කිසියම් වාසි සහගත තත්ත්වයක් උදා කළත් ඔබට වියදම් පක්ෂය පාලනය කිරීම අපහසු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කරන්න. නොඑසේ නම් සමඟියට සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් වැය වේ. අධ්‍යාපන කටයුතුවල දී තාක්ෂණික අංශ යහපත් වේ.
ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා
සිංහ
ව්‍යාපාරවලින් වාසි
ලග්නාධිපති රවි, බුධ සමග 4 ද, ගුරු, ශනි, කේතු 5 ද, කුජ 3, රාහු 11, සඳු 9 ගමන් කරයි. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී සිය උත්සාහය සහ කැපවීමෙන් වෘත්තීය සහ ව්‍යාපාරික වශයෙන් ශුභදායක වාතාවරණයක් උදා කරගත හැකිය. ව්‍යාපරික වශයෙන් කිසියම් වාසිදායක තත්ත්වයක් පෙන්වයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ අංශයන්ට යොමු මෙන් ආර්ථික වාසි ලබයි.
ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු ක්‍රමයෙන් යහපත් වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. ඉගෙනීමේ කටයුතුවලදී සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. උෂ්ණාධික, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා
කන්‍යා
දරුවන්ගේ කටයුතුවල දියුණුවක්
ලග්නාධිපති බුධ, රවි 3 ය. කුජ 2 ය. ගුරු, ශනි, කේතු 4 ද, සිකුරු 5, සඳු 12, රාහු 10 ගමන්ගනී. එම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීමෙන් තමාගේ කටයුතු දියුණුවට පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභදායක තත්ත්වයක් උදා වේ. ආර්ථිකය ශුභයි. ගෙදරදෙර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍ය වේ. සමඟිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලැබේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභයි. සිය උත්සාහය තුළ සාර්ථක පල ලබයි. උෂ්ණාධික රෝග, ලේ දූශ්යාබාධ, උදරාශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා
තුලා
රසවත් ආහාරපාන ලැබෙන සතියක්
සමපලයි ලග්නාධිපති සිකුරු දිග්බලව 4 ද, කුජ ලග්නයේ ද, රවි, බුධ 2, ගුරු, ශනි, කේතු 3, රාහු 9, සඳු 7 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී යහපත් රසවත් ආහාරපාන ලැබේ. මිල මුදල් ලාභ හෝ ද්‍රව්‍ය ලාභ ලැබීමේ ඉඩක් පවතී. යහපත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. එසේම සැප පහසු ඇතිව හොඳට නිදාගැනීමට අවස්ථාව සැලසේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී අන්‍යයන්ගේ සහයෝගය ආධාරය උපකාරය ලැබීමේ දී ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉෂ්ට සිද්ධ නොවේ. තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් උදා වේ. උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ ඉඩකඩ පවතී.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකුරාදා
වෘශ්චික
නීතිමය ප්‍රශ්න පැනනඟී
ලග්නාධිපති අඟහරු 12, රවි, බුධ ලග්නයේ ද, ගුරු, ශනි, කේතු 2, සිකුරු 3, රාහු 8, සඳු 9 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී ශරීරයට මෙන්ම සිතට ද වෙහෙසකාරී ගතියක් විඩාවක් ඇති වේ. දුර්වල ගතියක් ඇති වේ. විටෙක නීතිමය ප්රශ්නයන් උද්ගත විය හැකි බැවින් තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දී තරමක් බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා බාධා ඇති කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් වුව ද ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක නොවේ. ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි අවධානයකින් ක්‍රියා කළ යුතුයි. ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න.
ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහස්පතින්දා
ධනු
වියදම් පක්ෂය ඉහළ යයි
ලග්නාධිපති ගුරු, ශනි, කේතු ලග්නයේම සිටි. සිකුරු 2, රවි, බුධ 12, කුජ 11, සඳු 8, රාහු 7 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී තමාගේ කටයුතු කරගෙන යෑමේ දී යම් තරමකට බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. එම නිසා බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා අංශවලදී ද ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුයි. මිල මුදල් ලැබීම අතින් අයහපත් නොවේ. විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලැබෙනු ඇත. නමුත් වියදම් පක්ෂය ඉහළ යයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් වන්න. අධ්‍යාපන ක්ෂේත්රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. සෞඛ්‍යය ගැන ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා
මකර
ක්‍රමයෙන් දියුණුව
ලග්නාධිපති ශනි 12, ගුරු, සිකුරු, කේතු සමඟයි. රාහු 6, සඳු 4, කුජ 10, රවි, බුධ 11 ගෝචරය වේ. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේ දී බාධා අවහිරතා ඉස්මතු වුව ද සිය උත්සාහය තුළ කිසියම් සාර්ථකත්වයක්, දියුණුවක් උදා කරනු ඇත. මිල මුදල් ලැබීම අතින් දියුණුවක් උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විවිධ ක්ෂේත්‍ර මඟින් ආදායම් ලැබිය හැකිය. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලසදී සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි දියුණුවක් ඇති කරයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. උදරාශ්‍රිත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙනසුරාදා
කුම්භ
ගැටලුකාරී තත්ත්වයක්
ලග්නාධිපති ශනි, ගුරු, කේතු අයස්ථානයේය. සිකුරු 12, රවි, බුධ 10 ද, රාහු 5, සඳු 6 ගමන්ගනී. එම ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී බාධා ගැටලුකාරී තත්ත්වයන් උදා වේ. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී ද තරමක් බුද්ධිමත්ව ද, විමසිලිමත්ව ද ක්‍රියා කරන්න. ඒ තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආර්ථික වශයෙන් ශුභදායක වුව ද ඔබට අනපේක්ෂිතව පැනනඟින වියදම් පාලනය කිරීම අසීරුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වීමට සිදු වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙනසුරාදා
මීන
ගෙදරදොර කටයුතු කල්පනාවෙන්
ලග්නාධිපති ගුරු, ශනි, කේතු 10, සිකුරු 11, රවි, බුධ 9, සඳු 5, රාහු 4 ගමන් ගනී. කුජ 8 ය. එම කාල සීමාව තුළ පවතින ග්‍රහ ගෝචරය ගැන සැලකීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා සහ අවහිරතා උදා කරන නිසා කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කිරීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ආර්ථික වශයෙන් මධ්‍යස්ථ වේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද කටයුතු කරන්න. නොඑසේ නම් සමඟියට බාධා එල්ල විය හැකිය. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. ඉගෙනීම් කරන අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ඇදුම, පපුව, පෙණහැල්ල ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහස්පතින්දා