උතුරේ කොටි සෙව­ණැලි පසු­පස ඩය­ස්පෝ­රාවේ මෙහෙ­යුම් රැසක් | සිළුමිණ

උතුරේ කොටි සෙව­ණැලි පසු­පස ඩය­ස්පෝ­රාවේ මෙහෙ­යුම් රැසක්

අයි­ය­කච්චි ප්‍රදේ­ශයේ පිපි­රී­මෙන් පසුව  ආර­ක්ෂක අංශ  විසින් නිවාස පරීක්ෂා කළ අයුරු
අයි­ය­කච්චි ප්‍රදේ­ශයේ පිපි­රී­මෙන් පසුව ආර­ක්ෂක අංශ විසින් නිවාස පරීක්ෂා කළ අයුරු

කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ක්‍රියා­කා­ර­කම්හි අව­සා­නය සිදු­වූයේ 2009 වසරේ මැයි මාසයේ 19 වැනිදා නන්දි­ක­ඩාල් කල­පුව අස­ල­දීය. රට බෙද­න්නට වෑයම් කර­මින් සිටි ප්‍රභා­ක­රන්ගේ මිය යෑමත් සම­ඟම එල්ටී­ටීඊ කොටි ත්‍රස්ත­වා­දයේ අව­සා­නය සනි­ටු­හන් වූයේ ඒකීය ශ්‍රී ලංකා­වක් පෙන්නුම් කර­මිනි. එහිදී එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­දීන්ගේ අත­කොලු බවට පත් කර­ගත් දෙමළ ජාති­ක­යන් පුන­රු­ත්ථා­ප­නය කර­න්නට එව­කට ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි මහින්ද රාජ­පක්ෂ මහතා විසින් කට­යුතු යොදන ලදී. සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට ඒ කාර්යය බාර දී තිබූ අතර විශේ­ෂ­යෙන්ම යාප­නය හා විශ්ව­මඩු සිවිල් ආර­ක්ෂක බළකා කඳ­වුරු හරහා එල්ටී­ටීඊ සංවි­ධා­නයේ තරු­ණ­යින් දොළොස් දහ­සක් පමණ පුන­රු­ත්ථා­ප­නය පිණිස කට­යුතු යොදන ලදී.

එහෙත් දොළොස් දහ­සක් එසේ පුන­රු­ත්ථා­ප­නය වුවද ඉතිරි එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­දීන් වැඩි පිරි­සක් පුන­රු­ත්ථා­ප­නය වූයේ නැත. ඔවුන් සමා­ජයේ සිවිල් ජන­තාව අතර සිටි නමුත් ක්‍රියා­කා­රී­ත්වය පෙන්නුම් කෙළේ ද නැත. වරක් යාප­නය හිටපු විනි­සුරු මානි­ක්ක­වා­ස­ගර් ඉල­න්ග­චේ­ලි­යන් මහ­තාට වෙඩි තැබී­මට උත්සාහ ගත් හිටපු කොටි ත්‍රස්ත­වා­දි­ය­කුගේ වෙඩි පහ­රට ලක්ව පොලිස් නිල­ධා­රි­යෙක් මිය ගියේ වසර කිහි­ප­ය­කට උඩ­දීය. කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ක්‍රියා­කා­රී­ත්ව­යක් නැතත් තව­මත් කොටි සෙව­ණැලි තිබෙන බව එයින් පැහැ­දි­ලිය.

මහා බ්‍රිතා­න්‍යයේ දී ශ්‍රී ලංකා­වට විරු­ද්ධව එල්ටී­ටීඊ ක්‍රියා­කා­ර­කම් ප්‍රසි­ද්ධියේ ප්‍රද­ර්ශ­න­යට ආ ඩය­ස්පෝ­රාව විසින් බ්‍රිතා­න්‍යයේ ආර­ක්ෂක උප­දේ­ශක බ්‍රිගේ­ඩි­යර් ප්‍රියංක ප්‍රනාන්දු ඉදි­රි­පි­ටම (අද මේජර් ජන­රාල්) දැඩි බල­පෑම් එල්ල කෙළේ කොටි ත්‍රස්ත බලය ක්‍රියා­කාරී බව පෙන්නුම් කර­මිනි. යුරෝ­පයේ බොහෝ රට­වල මේ තත්ත්වය දකි­න්නට ඇත. දෙමළ ඩයස් පෝරා­වට අවශ්‍ය වන්නේ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ක්‍රියා­වන් තිබෙන බව පෙන්වා විදේශ රැක­ව­රණ ලබා ගැනී­මත් ආධාර ලබා ගැනී­මත්ය. එය ඔවුන්ගේ ජීව­නෝ­පා­යක් බව­ටද පත්ව තිබේ. විදේශ රට­ව­ලින් ආධාර ලබා ගන්නට නම් ශ්‍රී ලංකාව තුළ කොටි ක්‍රියා­කා­ර­කම් ඉස්මතු කළ යුතු වේ.

එතෙර අර­මු­දල්

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්ත­වා­දය පෝෂ­ණය කිරීම සඳහා අර­මු­දල් රැස් කළ හැකි වන්නේ එවි­ටය. මේ නිසා කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ක්‍රියා­කා­ර­කම් යළි ඇති කර ඔවුන් බලා­ත්මක කිරී­මද මේ ඩයස් පෝරාවේ යටි අර­මු­ණකි. ඒ සඳහා මෙරට හිටපු කොටි ත්‍රස්ත­වාදී සාමා­ජි­ක­යන් යොදා ගැනීම කාලා­න්ත­ර­යක් තිස්සේ ඩය­ස්පෝ­රාව විසින් කර­ගෙන එනු ලබ­න්නකි.

ජූලි මස මහ විරු සැම­රුම් පව­ත්වන අත­රම 2018 වසරේ දී යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල සිසුන්ට හිරි­හැර කිරීම, නාග­දී­ප­යට යන මාර්ගයේ නාම පුව­රුවේ සිංහල භාෂා­වෙන් සඳ­හන් වච­න­වල කළු තීන්ත ආලේප කිරීම එකල එත­රම් සැල­කුවේ නැතත් ඒවා මේ ක්‍රියා­දා­මයේ ආර­ම්භක සිදු­වීම්ය. ක්‍රම­යෙන් තම බලය ඇති බවත් කොටි ක්‍රියා­කා­ර­කම් සිදු­වන බවත් පෙන්වා යළිත් යම් කිසි ආන්දෝ­ල­න­යක් ඇති කර එතෙර සිට මේ ක්‍රියා­දා­මය මෙහෙ­ය­වීම ඩයස් පෝරාවේ අර­මුණ වී ඇති බව මේ වන විට පැහැ­දි­ලිය. ඒ සඳහා ඔවුන්ට ඕනෑ­ත­රම් ඉඩ ප්‍රස්ථාව පසු­ගිය කාල­යේදී ලැබී තිබුණි.

මෙහි උච්ච­තම අව­ස්ථාව උදා වූයේ මේ මාසයේ මුල් සති­යේය. මහ විරු සැම­රුම වෙනු­වෙන් බෝම්බ නිෂ්පා­ද­නය කිරීමේ යෙදී සිටි කොටි සාමා­ජි­ක­යකු බෝම්බය පිපි­රීම නිසා බර­ප­තළ තුවාල ලබා රෝහල් ගත කළ පසුව මිය ගියේය. ඒ හරහා මේ ජාලයේ සුල­මුල එළි­ව­න්නට විය. බෝම්බ නිප­ද­ව­න්නට ගොස් මිය­ගියේ හිටපු කොටි සාමා­ජි­කයා නමින් තංග­රාජා ගංගේ ආත්මන්ය. වයස අවු­රුදු 44කි. පදිං­චිය අයි­ය­කච්චි ප්‍රදේ­ශ­යයි. පුන­රු­ත්ථා­ප­නය වූ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යෙකු වූ ඔහු සිවිල් ආර­ක්ෂක බළ­කාය යටතේ සේවය කර­න්නෙකි. මොහුගේ ගෙවත්තේ කෙසෙල් පඳුරක් යට හිස් මාලු ටින් එකක හා කුඩා ප්ලාස්ටික් කෑන් දෙකක බෝම්බ 3 ක් හා කුඩා යකඩ බෝල විශාල ප්‍රමා­ණ­යක් ද වොල්ට් 9 බැට­රි­යක් කතු­රත් හා කළු කොටි දින සැම­රුම වෙනු­වෙන් සකසා තිබූ බැන­ර­යක් ද සොයා ගන්නා ලදී.

මේ සිදු­වී­මෙන් පසුව කිළි­නො­ච­චිය ප්‍රදේ­ශයේ නිවාස 600ක් යුද හමු­දාව විසින් පරී­ක්ෂා­වට ලක් කරන ලදී. එහෙත් වෙනත් කිසිදු සැක කට­යුතු යමක් හමු නොවීය.

මීට පෙර යාප­නයේ සිදු වූ පිපි­රීම් කිහි­ප­ය­ක­ටම මොහු සම්බන්ධ වී ඇති බව මේ වන විට සිදු කළ විම­ර්ශ­න­ව­ලදී හෙළිව තිබේ. ඩයස් පෝරාවේ දැනු­ම්දීම මත මොහු මේ බෝම්බ නිෂ්පා­ද­නය කර ඇත්තේ මහ විරු සැම­රු­මේදී මුල­ති­ව්හිදී පුපු­රුවා හැරීම පිණි­සය. මීට පෙර යාප­නය, පේදු­රු­තු­ඩුව. වල්ලි­පු­රම් හි සිදුවූ බෝම්බ පිපි­ර­වීම් 3ටම මොහු සම්බන්ධ වී ඇත. කොටි ත්‍රස්ත­වා­දීන් මේ ලෙසින්ම මන්නා­රමේ පොලිස් නිල­ධා­රීන් ඝාත­නය කර­මින් හා තිරු­නෙ­ල්වී­දි­හිදී හමුදා සාමා­ජි­ක­යින් ඉලක්ක කර සිදු කළ ඝාත­න­යන් ඔස්සේ තිස් අවු­රුදු යුද්ධය ආරම්භ වූ බව අප අම­තක නොකළ යුතුය.

බුද්ධි අංශ සාමා­ජි­ක­යෙක්

මිය ගිය හිටපු කොටි සාමා­ජි­කයා එල්ටී­ටීඊ බුද්ධි අංශයේ ක්‍රියා­කා­රි­ක­යකු බව මේ වන විට හඳු­නා­ගෙන තිබේ. ඔහුගේ බිරිය හා සිවිල් ආර­ක්ෂක බළ­කායේ සේවය කළ තවත් හිටපු කොටි සාමා­ජි­ක­ය­කුද මේ වන විට අත්අ­ඩං­ගුව ගෙන ත්‍රස්ත විම­ර්ශන අංශය මගින් ප්‍රශ්න කර­මින් සිටින අතර ඔවු­න්ගෙන් මේ සම්බ­න්ධව වැද­ගත් තොර­තුරු රැසක් හෙළි කර ගැන්මට හැකිව තිබේ.

මීට පෙර පසු­ගිය මාර්තු මස 14 වැනිදා කිළි­නො­ච්චියේ බෝම්බ පිපි­රී­මක් සිදු විය. මැයි මස 27 වැනිදා වඩ­මා­රච්චි වල්ලි­පු­රම් පොලිස් මාර්ග­බා­ධ­ක­යක් අසල ද බෝම්බ පිපි­රී­මක් සිදු­විය එයින් පොලිස් නිල­ධා­රි­යෙක්ද තුවාල ලැබීය. ඒ සිදු­වී­ම්ව­ල­ටද මොහුගේ සම්බ­න්ධ­කම් ඇති බව දැන් හෙළිව ඇත.

තවත් බෝම්බ­යක්

පසු­ගිය සති­යේදී පර­න්තන්, ධර්ම­පු­රම්, විශ්ව­මඩු මාර්ගයේ කණ්ඩා­ව­ලෙයි ප්‍රදේ­ශ­යේදී යුද හමු­දාව විසින් මෙරට නිෂ්පා­ද­නය කරන ලද විශාල ප්‍රමා­ණයේ බෝම්බ­යක් සොයා ගන්නා ලදී. මේ බෝම්බය පිපි­ර­වී­මට වයර්ද සම්බන්ධ කර විශාල පොහොර ගෝනි­යක දමා සඟවා තිබි­යදී යුද හමු­දාව විසින් සොයා ගෙන තිබේ. මේ බෝම්බය ක්ලේමෝ බෝම්බ­යක් ආකා­ර­යට බැට­රි­යක් උප­යෝගි කර­ගෙන පුපු­රවා හැරිය හැක්කකි.

යාප­නයේ කයිට්ස්, අන­ල­තිවු දූප­තේදී නාවික හමුදා භට­යන් දෙදෙ­නකු පහර කෑම­කට ලක් වූයේද පසු­ගිය දින­ව­ලය. කයිට්ස් පොලි­සිය එම පිරිස අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද අතර පසුව කයිට්ස් පොලි­සියේ නිල­ධා­රීන් අන­ල­තිවු දූපතේ පරීක්ෂා කිරීම් කිහි­ප­යක්ද සිදු කරන ලදී. යාප­න­යේදී දෙමළ ජාතික උප පොලිස් පරී­ක්‍ෂ­ක­ව­ර­ය­කුට තියුණු ආයු­ධ­ව­ලින් පහර දී තුවාල සිදු කිරී­මත් ඊට පෙර අප පෙර කී ලෙසින් පොලිස් නිල­ධා­රීන් ඉලක්ක කර­ගෙන බෝම්බ පිපි­ර­වී­මත් යන සිද්ධීන් දෙස බලන විට උතුරේ කොටි සෙව­ණැලි වතු­වෙ­මින් තිබෙන බවට සාධක ඇත.

මෙහි ආස­න්න­තම සිදු­වීම වාර්තා වූයේ පසු­ගිය 12 වැනිදා යාප­නයේ ඉල­වා­ලෙයි ප්‍රදේ­ශ­යේ­දීය. එහිදී බෝම්බ­යක් පිපි­රී­මෙන් තිදෙ­නකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඒ සම්බ­න්ධ­යෙන් එම තිදෙ­නා­ටම අම­ත­රව තවත් අයෙක්ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔවුන් පවසා ඇත්තේ කැලෑ­ව­කින් මේ බෝම්බය හමුවූ බවත් එය පරී­ක්ෂා­වට ලක් කිරී­මේදී පුපුරා ගිය බවත්ය. කොටි ත්‍රස්ත­වා­දය 2009 වස­රේදී අව­සන් වූ නිසා ජීවය සහිත වූ සියලු බෝම්බ මේ වන විට නිශ්ක්‍රී­යව පැව­තිය යුතුය. මෙත­රම් කලක් බෝම්බ­යක් ජීවී තත්ත්ව­යෙන් තිබීම අහඹු සිදු­වී­මකි.

බෝම්බය ගෙදර ගෙන යෑම

කෙසේ හෝ එවැනි දෙයක් හමු­වු­ව­හොත් හෝ දුටු­ව­හොත් හෝ යුද හමු­දා­වට දැනුම් දීම මිස එය ගෙදර ගෙනැ­විත් පරී­ක්ෂා­වට යාම සාමා­න්‍ය­යෙන් සිදු නොව­න්නකි. තමන් නොදන්නා දෙයක් අත­පත ගෑමට නොයෑම යුද්ධය පව­තින සමයේ සිටම උතුරේ ජන­යාට හොඳට හුරු පුරු­දුය. එවන් පසු­බි­මක කැලෑ­වක තිබුණු මෙවැ­න්නක් ගෙනැ­විත් අත් හදා බල­න්නට යාම සිදු කර­යිද යන ගැට­ලුව මතුව තිබේ.

මේ තත්ත්වය මත උතුරේ සිදු­වන පිපු­රුම් මෙන්ම අවි­ආ­යුධ හමු­වීම කොටි ඇඳුම් හමු­වීම සාමාන්‍ය සිදු­වීම් හෝ 2009ට පෙර සිදු­වීම් ලෙස සලකා කිසි­සේත්ම බැහැර කළ නොහැ­කිය. අත්අ­ඩං­ගුවේ පසු­වන මිය­ගිය කොටි සාමා­ජි­ක­යාගේ මිතුරා පවසා ඇත්තේ එතෙර කොටි ජාලය හරහා මුදල් ලැබෙන බවයි. එසේ නම් මේ තත්ත්වය තව කොම­පණ කලක් තිබෙ­න්නට ඉඩ හරි­මුද යන්න ගැට­ලු­වකි.

උතුරේ පොලි­සිය අව­දි­යෙන් සිටි­යත් මේ වන විට යුද හමු­දාව කඳ­වු­රු­ව­ලට සීමා වීමත් පොලි­සි­යට විශාල කට­යුතු රැසක් ඇති බැවින් ඒ සඳහා අව­ධා­නය වැඩි වශ­යෙන් යොමු කර­න්නට හැකි­යාව නොමැති වීමත් නිසා මේ ක්‍රියා­කා­ර­කම් එළි­යට පැමි­ණෙ­මින් තිබේ.

යම් හෙය­කින් මුල­තිව්හි අදාළ බෝම්බ පිපි­ර­වුණි නම් එතැන ගැටලු ඇති වන්නේ කොටි ත්‍රස්ත­වා­දය ක්‍රියා­කාරී වීම ගැන පම­ණක් නොවේ. එය ඇතැ­ම්විට ශ්‍රී ලංකා රජ­යට කළු පැල්ල­මක් එක්ව­න්න­ටද ඉඩ තිබුණි. තම මිය­ගිය දරු­වන් සිහි­ක­ර­න්නට පැමිණි දෙමළ ජාතික මවු­පි­යන්ට රජ­යෙන් බෝම්බ­යක් පුපු­රුවා දැමුවා යන පැල්ලම එල්ල වන්නට හොඳ­ටම ඉඩ තිබුණි. ඒ පැල්ලම වැළකී ගියේ සමස්ත ශ්‍රී ලාංකි­ක­ය­න්ගේම වාස­නා­ව­ටය. ප්‍රංශය, කැන­ඩාව, ඉතා­ලිය ඇතුළු රට­වල් රැස­කම මේ වන විට කොටි ත්‍රස්ත­වා­දීන්ගේ ක්‍රියා­කා­ර­කම් එළි­පි­ටම සිදු වේ. මේ තත්ත්වය වළක්වා ලීම අපට කළ නොහැකි වුවත් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ත්‍රස්ත ක්‍රියා­කා­ක­රම් වළ­ක්වා­ලී­මට වහාම පිය­වර ගත යුතුය. නිය­පො­ත්තෙන් කඩා ගන්නට තිබෙන දේ පොරො­වෙන් කැපිය යුතු තත්ත්ව­යට අප පත් නොකළ යුතුය. කොටි ත්‍රස්ත­යන්ගේ ක්‍රියා­කා­ර­කම් අලු­යට ගිනි පුපුරු මෙන් තිබෙන බවත් ඒවා මෙහෙ­ය­වන්නේ එතෙර ඩයස් පෝරාව වන හෙයින් ඒ ගැන වහාම අවා­ධා­නය යොමු කළ යුතුය.

 

 


Comments