තහනම් ලන්ච් ෂීටයට අත්වුණු ඉරණම | Page 2 | සිළුමිණ

තහනම් ලන්ච් ෂීටයට අත්වුණු ඉරණම

ප්ලාස්ටික් හා පොලි­තින් මිනි­සාට පාරා­ව­ළ­ල්ලක් වී පරි­සර විනා­ශ­යට පාර කප­මින් සිටී. ඍජු­වම නොවෙ­තත් ක්‍රමි­කව අංශ කිහි­ප­යක් යටතේ මෙකී විනා­ශය සිදු­වන බව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබෙන කරු­ණකි. ශ්‍රී ලංකාවේ පොලි­තීන් ආශ්‍ර­යෙන් සිදු­වන වඩාත්ම ගැට­ලු­කාරී භාවිත වන්නේ ලන්ච් ෂීට් සහ කට­ව­හ­රින් සර­ලව හඳු­න්වන ෂොපින් බෑග්ය. තවද රිජි­ෆෝම් ආශ්‍රි­තව නිප­ද­වන ආහාර ඇසු­රුම් පෙට්ටි ද සඳ­හන් කළ හැක. මේවා­යින් සිදු වූයේ සහ සිදු­වෙ­මින් පව­තින්නේ පරි­ස­ර­යට හානි­යක් මිස යහ­ප­තක් නොවේ.

එම නිසා මීට පිළි­ය­මක් ලෙසින් වසර කිහි­ප­ය­කට පෙර ලන්ච් ෂීට් ඝන­කම මයික්‍රෝ මීටර් 20 ක් හෝ ඊට වැඩි වන පරිදි නිෂ්පා­ද­නය කළ යුතු යැයි තීර­ණ­ය­කට පැමි­ණි­යහ. එකී තීර­ණය ගනු ලැබුවේ කරුණු දෙකක් මත පිහිටා ය. එනම් භාවිත කරන ලද මෙම ලන්ච් ෂීට් කසළ බඳුන් තුළට දැමූ පසු පහ­සු­වෙන්ම හඳුනා ගත හැකි වීමත් ඝන­ක­මින් වැඩි­වීම නිසා පිරි­සුදු කොට නැවත වරක් භාවිත කිරීමේ හැකි­යා­ව­කින් යුක්ත වන නිසාය.

නමුත් වත්මනේ දී මෙකී සියලු නිෂ්පා­දන ප්‍රමි­ති­ගත තත්ත්ව­යෙන් තොරව නිප­ද­වී­මට යම් යම් වෙළඳ ආය­තන කට­යුතු කර­මින් සිටී. මෙනිසා මධ්‍යම පරි­සර අධි­කා­රිය විසින් දිරා­පත් නොවන ලන්ච්ෂීට්, පොලි­තින් වැනි නිෂ්පා­ද­න­යන් වැට­ලී­මට මේ වන විට ක්‍රියා කර­මින් සිටී. කොවිඩ් 19 වසං­ගත තත්ත්වය පැතිර යාමේ අව­ධා­නම මත වැට­ලීම් තාව­කා­ලි­කව නවතා තිබු­ණද මේ වන විට මෙහෙ­යුම් නැව­තත් සක්‍රීය මට්ට­මින් පව­ත්වා­ගෙන යන්නට ඔවුන් කට­යුතු කළහ. එයට හේතු වූයේ පසු­ගිය දින කිහි­පය පුරාම අහඹු ලෙස සකස් කරන ලද නිරී­ක්ෂ­ණ­යන්ට අනුව දිරා­පත් නොවන පොලි­තීන් එදි­නෙදා භාවි­ත­යට ගැනීම සිදු වන බව නිරී­ක්ෂ­ණය වීමෙන් පසු­වය.

මෙහි මූලික පිය­ව­රක් ලෙසින් පසු­ගිය 10 වැනි දා ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට අයත් තිහා­රි­යේදී නොදි­රන ලන්ච් ෂීට් නිප­ද­වන කර්මාන්ත ශාලා­වක් වැට­ලී­මට මධ්‍යම පරි­සර අධි­කා­රිය සමත් විය. මෙම වැට­ලීම සඳහා ශ්‍රී ලංකා පොලි­සිය මෙන්ම පාරි­භෝ­ගික අධි­කා­රිය ද සම්බන්ධ විය. මෙහිදී ලන්ච්ෂීට් නිෂ්පා­ද­න­යට භාවිතා කළ යන්ත්‍ර හත­රක් ද එම දව­ට­න­යක් කොටස් කර තැබීම සඳහා භාවිත කරන යන්ත්‍ර මෙන්ම පොලි­තීන් මිශ්‍ර­ණ­යට ගනු ලබන යන්ත්‍ර­යක්ද තවත් යන්ත්‍ර කිහි­ප­යක් ද අත් අ­ඩං­ගු­වට ගැනී­මට සම­ත්විය. මෙසේ කිලෝ ග්‍රෑම් 400කට ආසන්න ප්‍රමා­ණ­යක නොදි­රන ලන්ච්ෂීට් අත් අඩං­ගු­වට ගත් අතර එහි වටි­නා­කම රුපි­යල් ලක්ෂ හත­රක් පමණ වේ. පිට­කො­ටුවේ පිහිටි තොග වෙළඳ සංකී­ර්ණ­යක අලෙවි කිරීම සඳහා සූදා­නම් කර තිබූ එම නිෂ්පා­දන අත්අ­ඩං­ගු­වට ගැනීම පිණිස මධ්‍යම පරි­සර අධි­කා­රිය කට­යුතු කළහ.

මෙවැනි වැට­ලීම් සිදු කරනු ලබන අව­ස්ථා­ව­න්ව­ලදී (2017 අති විශේෂ ගැසට් පත්‍ර­යට අනුව ) ඒ සම්බ­න්ධ­යෙන් කරුණු කිහි­ප­යක් යටතේ ඔවුන් අව­ධා­නය යොමු කරනු ලබයි. එනම් දේශීය භාවි­තය සඳහා පොලි­තින් අමු­ද්‍ර­ව්‍ය­යක් වන ලන්ච්ෂීට් නිප­ද­වීම සහ ඒවා විකි­ණීම, නොමිලේ ලබා දීම සහ ඒවා ප්‍රද­ර්ශ­නය කිරීම පවා තහ­නම් කර තිබීම යන කරුණු මත සලකා බලාය.

කෙසේ වෙතත් 1980 පාරි­ස­රික පනත යටතේ බිහිවූ මධ්‍යම පරි­සර අධි­කා­රිය ප්‍රධාන වශ­යෙන් පරි­සර දූෂණ පාල­න­ය­ටත් පරි­සර ආර­ක්ෂක කළ­ම­නා­ක­ර­ණ­යට මෙන්ම ඒ හා සම්බන්ධ දැනු­ම්වත් කිරී­මට කට­යුතු කරනු ලබයි. එමෙන් ම කර්මා­න්ත­යක් ආරම්භ කිරී­මට නම් පරි­සර ආර­ක්ෂණ බල­ප­ත්‍රය අනි­වා­ර්යෙන්ම ලබා­ගත යුතු අතර එම ආය­ත­නය මගින් එම කර්මාන්ත ඒ, බී, සී යනු­වෙන් වර්ගී­ක­ර­ණ­යට ලක් කරනු ලබයි. එසේ කරනු ලබන්නේ මහා පරි­මාණ සුළු පරි­මාණ ආදී වශ­යෙන් බෙදා දැක්වී­ම­ටය.

මේ මොහොතේ පව­තින පොලි­තීන් හා ලන්ච් ෂීට් වැට­ලීම හා එම ගැට­ලුව සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් හේමන්ත ජය­සිංහ ප්‍රකාශ කරනු ලබන්නේ මෙම වැට­ලී­මට ලක්වන කර්මාන්ත හා වෙළෙඳ ආය­තන සඳහා දඩ මුදල් පම­ණක් නොව වසර දෙකක දඬු­ව­මක් සඳහා ලක් කිරී­මට ද හැකි­යාව පව­තින බවයි. එමෙන්ම මෙම පොලි­තින් නිප­ද­වීමේ දී අදාළ ඝන­ක­මින් යුත් දෑ නොනි­ප­ද­වන්නේ නම් ඒවා අනි­වාර්ය වශ­යෙන් දිරා­යා­මට ලක් වන පොලි­තීන් විය යුතු බවයි.

ජන­රා­ල්ව­රයා පවසා සිටින්නේ පොලි­තීන් ප්‍රශ්නය සම්බ­න්ධ­යෙන් අනි­වා­ර්යෙන් ජන­තාව දැනු­ම්වත් විය යුතු බවත් හැකි තරම් පරි­භෝ­ජ­නය සඳහා ගනු ලබන දෑ අඩු­කොට පරි­ස­ර­යට බැහැර කිරීමේ දී ඒ සම්බ­න්ධ­වද වඩාත් සැල­කි­ලි­මත් විය යුතු බවයි.

කෙසේ වුව මධ්‍යම පරි­සර අධි­කා­රිය සතු ඉදිරි වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන ඔහු පව­සන්නේ මේ වන විට කර්මාන්ත පව­ත්වා­ගෙන යෑම සම්බ­න්ධ­යෙන් බල­පත්‍ර ලාභී කර්මා­න්ත­ශාලා පන­ස්දා­හක් පමණ තිබෙන බවත් ඉදිරි වර්ෂ වල සම්මාන උලෙළ පවත්වා ඒ මගින් වර්ගී­ක­ර­ණ­යට ලක් කළ කර්මාන්ත අතු­රින් හොඳම කර්මාන්ත උදෙසා සම්මාන ලබා­දී­මට බලා­පො­රොත්තු වන බවයි.

පසු­ගි­යදා ගම්පහ දිස්ත්‍රි­ක්කය මූලික කර­ගෙන ගමි­පහ, ගණේ­මුල්ල, තිහා­රිය, කඩ­වත, කිරි­බ­ත්ගොඩ යන ප්‍රදේ­ශ­වල සිදුවූ වැට­ලීම් වලදී තිහා­රියේ පිහිටි ලන්ච්ෂීට් නිෂ්පා­දන කම්හ­ලක් සහ ගණේ­මුල්ලේ කර්මාන්ත ශාලා­ව­කට නඩු පැව­රී­මට කට­යුතු කළ අතර තොග වෙළ­ඳ­සැල් කිහි­ප­යක් ද මේ අතර වාරයේ පරී­ක්ෂා­කොට නීතිය ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කරන ලදී. 2018 වස­රේදී මෙම වැට­ලීම් 8100ක් පමණ ද 2019 වසරේ දී 7250 පම­ණද මේ වන විට මුළු වැට­ලීම් 21000 පමණ සිදු කර­න්න­ටද මධ්‍යම පරි­සර අධි­කා­රිය සමත්ව තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් ඉදි­රි­පත් කරන මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධ්‍යක්ෂ (වැට­ලීම්) එන්.එස්. ගමගේ මහතා පව­සන්නේ පසු­ගිය කොවිඩ් වසං­ගත සමයේ තාව­කා­ලි­කව වැට­ලීම් නවතා දමා තිබුණ ද ජුලි මස සිට නැවත වැට­ලීම් ආරම්භ කිරී­මට කට­යුතු කළ බවත් මෙම වැට­ලීම් 2018 වසරේ සිට නොන­වත්වා සිදු කර­ගෙන පැමිණි බව ය.

එමෙන් ම ලන්ච්ෂීට් වලට අම­ත­රව නිප­ද­වනු ලැබූ රිජි­ෆෝම් කෑම පෙට්ටි නුවර ප්‍රදේ­ශයේ කර්මාන්ත ශාලා­වක නිෂ්පා­ද­නය කර­මින් පැවති බවත් මේ වන­විට එම කර්මාන්ත ශාලාව ද වසා දැමී දීමට කට­යුතු කළ බවත්ය.

පරි­සර සංවි­ධාන ඉදි­රි­පත් කර ඇති දත්ත­යන්ට අනුව 1950 වර්ෂය වන විට ලෝකයේ පැවති ප්ලාස්ටික් අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය ටොන් දෙකකි. සාමා­න්‍ය­යෙන් පොලි­තීන් ප්ලාස්ටික් දිරා­පත් වීම සඳහා අධික කාල­යක් ගත­වන නිසා යම් විටෙක වසර පන්සි­ය­ය­ක­ටත් වඩා අධික කාල­යක් වුව හැකි නිසා ඒ අනුව 1950 වසරේ පැවති ප්ලාස්ටික් අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය ම මේ මොහොතේ ද පවතී. මේ සියලු කරුණු සඳහා මිනි­සාගේ පාරි­භෝ­ගික තත්ත්වය ද බල­පාන බව කිව­යු­තුය.

මහා­චාර්ය අජිත් ද අල්විස් පව­සන්නේ ප්ලාස්ටික් හා පොලි­තින් සම්බ­න්ධ­යෙන් ගත් විට ලෝකයේ ප්‍රති­ච­ක්‍රි­ක­ර­ණය ඉතා වාසි සහ­ගත ක්‍රියා­වක් නමුදු ඒවා සම්බ­න්ධ­යෙන් ද ප්‍රති­ච­ක්‍රි­ක­රණ කට­යුතු ග්‍රහ­ණය කර­ගැ­නී­මට ශ්‍රී ලංකාවේ ජන­තා­වට නොහැ­කිව ඇති බවත් මේ සම්බ­න්ධ­යෙන් දැනු­මක් ද නොමැති බවය. දිරා­පත් වන ප්ලාස්ටික් ජීව ප්ලාස්ටික් යම් අයු­ර­කින් නිසි වේලා­වට දිරා­පත් නොවන බව පව­සන මහා­චා­ර්ය­ව­රයා එය කුඩා අණු කොට­ස්ව­ලට කැඩී­ගි­යද සම්පූර්ණ වශ­යෙන් දිරා­පත් වීමට ලක් නොවන බව පව­සයි. සාර්ථක ප්‍රති­ඵල ලබා­ගැ­නී­මට නම් මේවා මඤ්ඤොක්කා වැනි ස්වාභා­වික දෑ වලින් නිර්මා­ණය කර­ගත යුතු බව ද පව­සයි.

නමුත් මෙම වැට­ලීම් මගින් යම්කිසි ආකා­ර­ය­කින් හෝ වෙළෙඳ ව්‍යාපාර හා කර්මාන්ත ශාලා හිමි­යන්ට තම ව්‍යාපාර සම්බ­න්ධ­යෙන් ගැටලූ ගණ­නා­ව­කට මුහුණ දීමට සිදුවේ. මූලි­ක­වම එය ඔවුන්ගේ ආර්ථි­කය සම්බන්ධ ගැට­ලු­වකි.

එම නිසා එක් අංශ­ය­කින් මෙවන් පරි­ස­ර­යට අහි­ත­කර දෑ සම්බ­න්ධ­යෙන් වැට­ලීම් සිදු කරන විට තවත් කවර පාර්ශ්ව­ය­කින් හෝ ආය­තන හා කර්මාන්ත ශාලා හිමි­යන් දැනු­ම්වත් කොට ඔවුන්ට නව මාන­ය­කින් නිය­මිත ප්‍රමි­තිය යටතේ නිෂ්පා­දන සිදු කිරී­මට අත­හිත ලබා­දිය යුතුය. නොඑසේ නම් සිදු වන්නේ එක් පාර්ශ්ව­ය­කට අසා­ධා­ර­ණ­යකි.

මධ්‍යම පරි­සර අධි­කා­රිය විසින් වර්ත­මා­නය සහ අනා­ග­තය වෙනු­වෙන් පරි­සර සංර­ක්ෂ­ණය කිරීම ඔවු­නගේ මූලික රාජ­කා­රිය කර­ග­නි­මිනි කට­යුතු කිරී­මද අගය කළ යුත්තකි. කවර ලෙස­කින් හෝ ආර්ථික යාන්ත්‍ර­ණය නිසි ආකා­ර­යෙන් ක්‍රියා­ත්මක වෙමින් පව­තින විටම පරි­සර සංර­ක්ෂණ කට­යු­තුද සිදු වන්නේ නම් එය අප ලබන ජය­ග්‍ර­හ­ණ­යකි.

Comments