බොබැල්ලේ සිව් පෙති බිනර රකින්න රජය මැදි­හත් වෙයි | Page 2 | සිළුමිණ

බොබැල්ලේ සිව් පෙති බිනර රකින්න රජය මැදි­හත් වෙයි

අද­ටත් දැක ගත හැකි බොබැල්ලේ බිනර ශාකය
අද­ටත් දැක ගත හැකි බොබැල්ලේ බිනර ශාකය

ලංකාවේ බිනර මල පිළි­බඳ ඉති­හා­සය බොහෝ කාල­යක දිව යන්නේ එහි අපූර්ව සුන්ද­ර­ත්වය නිසා­වෙනි. බිනර මහට පිපෙන බිනර මල බොහෝ සාහි­ත්‍ය­ක­රු­වන්ට මෙන්ම පෙම්ව­තුන්ට මෙන්ම මෙරට ගීත සාහිත්‍ය සුපෝ­ෂ­ණය කිරි­මෙ­හිලා දායක වු බව අපට නොර­හ­සකි. ඒ අප දන්නා බිනර මල පිළි­බ­ඳ­වය. මේ පෙති හත­රක් සහිත මාතලේ දිස්ත්‍රි­ක්කයේ - නාඋල, බොබැල්ලේ දී පම­ණක් හමු­වන සුව්ශේෂි බිනර ශාකය පිළි­බඳ කතාව ඊට වෙනස්ය.

එව­කට පේරා­දෙ­නිය උද්භිද උද්‍යා­නයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාව සිටි ආචාර්ය සිරිල් විජේ­සු­න්ද­ර­යන් 1986 වසරේ දී හඳු­නා­ගනු ලබන මෙම සුවි­ශේෂි බිනර ශාකය වනාහි අද වන විට විවිධ තර්ජ­න­යන්ට ලක්වූ ශාක­යකි. ළා නිල් පැහැති පෙති හතරේ අලං­කාර මලක් පුබු­දන බොබැල්ලේ බිනර විශේ­ෂය, කොප­මණ වෙහෙස වුව ද බොබැල්ල ගමෙන් පිටත කිසිදු ස්ථාන­යක පැළ­කර ගන්නට ද නුපු­ළු­වන. එය සෙන්ටි­මී­ටර් 30ක් පමණ උස (අඩි­යක් පමණ) කුඩා සපු­ෂ්පික ශාක­යකි. සාමා­න්‍ය­යෙන් ලංකාවේ අනෙ­කුත් බිනර ශාක විශේ­ෂ­වල මල් පිපෙන්නේ බිනර හෙවත් සැප්තැ­ම්බර් මාසයේ ය. එහෙත් බොබැල්ලේ බිනර මලින් පිරී යන්නේ සාමා­න්‍ය­යෙන් අප්‍රේල් මාසයේ අග භාගයේ පටන් මැයි සහ ජූනි මාස­වල ය.

‘Exacum pedenculata ‘ යන උද්භිද විද්‍යා­ත්මක නාම­යෙන් හැඳි­න්වෙන මෙම බිනර ශාකය ශ්‍රී ලංකා­වෙන් හමු­වන බිනර ශාක විශේෂ අටෙන් එකකි.

උද්භිද විද්‍යා­ඥ­යන් පව­සන අන්ද­මට, ශ්‍රී ලංකා­වෙන් බිනර විශේෂ අටක් හමු වේ. 2012 ජාත්‍ය­න්තර රතු දත්ත වාර් තාවට අනුව බිනර විශේෂ හයක් ම වඳවී යාමේ තර්ජ­න­යට ලක් වුණු ශාක විශේෂ වේ.

බොබැල්ලේ බිනර විශේ­ෂය ද එලෙස වඳවී යාමේ අව­දා­න­මට ලක් වූවකි. උද්භිද විද්‍යා­ත්මක සාධ­ක­ව­ලට අනුව බිනර අයත් වන්නේ ‘Gentianceae‘ නමැති ශාක කුල­යට ය. එම කුල­යට අයත් ශාක විශේෂ, මැඩ­ග­ස්ක­රය, ශ‍්‍රී ලංකාව, ඉන්දි­යාව, දකුණු අප්‍රි­කාව සහ අග්නි­දිග ආසි­යානු රට­වල පැතිර පව­තියි.

බොබැල්ල යනු මහ­නු­වර-යාප­නය ඒ 9 මාර් ගයේ දඹුල්ල සහ නාඋල අතර පිහිටා ඇති කුඩා ගම් පිය­සකි.

බොබැල්ලේ බිනර පිළි­බඳ කතාව යළි කර­ළි­යට පැමි­ණෙන්නේ මිට කල­කට ඉහත දී එම ප්‍රදේ­ශයේ සමිති ශාලා ගොඩ­නැ­ගි­ල්ලක් ආස­න්න­යට පස් දැමී­මක් පිළි­බ­ඳව පරි­ස­ර­වේදී ප්‍රදීප් සම­ර­වි­ක්‍රම සිදු­කළ අනා­ව­ර­ණ­ය­කින් අන­තු­රු­වය.

ඔහු එදා අනා­ව­ර­ණය කළේ පස් දැමු ප්‍රදේ­ශයේ බිනර බිජ විශාල වශ­යෙන් පව­තින බවයි. එහෙත් පස් දැමී­මට සම්බන්ධ වූ බොබැල්ල ගමේ ප්‍රජාව එය එක හඬින් ප්‍රති­ක්ෂේප කළේය. ඇතැම් දේශ­පා­ල­ක­යන් මෙන්ම සිවිල් සමා­ජයේ විවිධ පුද්ග­ල­යන්ගේ අනිසි මැදි­හ­ත්වීම් හේතු­වෙන් බොබැල්ල ගමේම පිරි­සක් තමන් බිනර හේතු­වෙන් බොබැ­ල්ලෙන් ඉව­ත්ක­රනු අතැයි ඇති­ක­ර­ගත් අස්තාන බියක් හේතු­වෙන් බිනර ශාක ගලවා ඉවත් කර­න්නට තරම් සැහැසි විය.

කෙසේ වෙතත් මෙවැනි පසු­බි­මක් තුළ මාතලේ මහ දිසා­පති එස්.එම්.ජි.කේ.පෙරේ­රාගේ සහ­භා­ගී­ත්ව­යෙන් පසු­ගි­යදා විශේෂ සාක­ච්ඡා­වක් නාඋල ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ලයේ දී පැවැ­ත්විණි. ඒ සඳහා මාතලේ අති­රේක දිසා­පති (ඉඩම්) ඉෂාන් විජේ­ති­ලක, නාඋල ප්‍රාදේ­ශිය ලේකම් ඇතු­ළුව, පේරා­දෙ­නිය උද්භිද උද්‍යාන නිල­ධා­රින්, වන­ජිවී හා වන සංර­ක්ෂණ දෙපා­ර්තමේන්තු නිල­ධා­රින් මෙන්ම නාඋල කලා­පයේ ග්‍රාම නිල­ධාරි මෙන්ම සෙසු රාජ්‍ය නිල­ධා­රීන් රැසක් හා රාජ්‍ය නොවන සංවි­ධාන කිහි­ප­යක් ද සහ­භාගී වූහ. ලොව­ටම විශේෂ බොබැල්ලේ සිවි පෙති බිනර ශාකය සංර­ක්ෂ­ණය කළ යුතු බවත් එය ප්‍රදේ­ශයේ ජීවත් වන ප්‍රජා­වට ගැට­ලු­වක් නොවන පරිදි සිදු­කළ යුතු බවත් මෙහිදී දිසා­පති වරයා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන්ගේ අද­හස විය.

බොබැල්ල ප්‍රදේ­ශයේ ගල් වළ­වල් පව­ත්වා­ගෙන යන පිරිස් මෙන්ම සාමාන්‍ය ප්‍රජා­වද මේ සඳහා සහ­භාගී කර තිබු අතර, බොහෝ පිරි­ස­කගේ අද­හස වී තිබුණේ බිනර ශාකය මෙන්ම ප්‍රජා­වද ආර­ක්ෂා­කර ගනි­මින් කට­යුතු කිරීම වඩාත් කලෝ­චිත බවයි.

බිනර ශාකය සම්බ­න්ධ­යෙන් විවිධ පර්යේ­ෂණ තව­දු­ර­ටත් සිදු­වන බවත් මානව ක්‍රියා­කා­ර­කම් අවම කර ගනි­මින් ලොව­ටම වටිනා මෙම සුවි­ශේෂි බිනර ශාකය ආරක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් නාඋල ප්‍රාදේ­ශිය ලේකම් සේම අති­රේක දිසා­පති (ඉඩම්) ඉෂාන් විජේ­ති­ලක මහ­ත්වරු ද නාඋල ප්‍රාදේ­ශිය සභාවේ සභා­පති සනත් දස­නා­යක ද අද­හස් දැක්වීය.

බිනර මල් පිහිටි බොබැල්ල ප්‍රදේ­ශය දිසා­පති වරයා ඇතුළු පිරිස නිරි­ක්ෂ­ණය කළ අයුරු

රාජ්‍ය නොවන සංවි­ධාන වෙනු­වෙන් දුම්බර මිතුරෝ පරි­සර සංවි­ධා­නය මෙන්ම ග්‍රැෆික් ශ්‍රී ලංකා පද­නමේ අධ්‍යක්ෂ ගාමිණ ජය­තිස්ස ද සිය අද­හස් දක්ව­මින් කියා සිටියේ සිවි­පෙති බිනර ලෙස මේ බිනර මල නම්කර සංර­ක්ෂණ වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සිය යුතු බවයි. අන­තු­රුව ක්ෂේත්‍ර චාරි­කා­වට එක් වූ පිරිස බිනර ව්‍යාප්තිය පිහිටි ප්‍රදේශ දෙකක් නිරි­ක්ෂ­ණ­ය­ටද ලක් කළේය.

එහිදී මහ දිසා­ප­ති­තුමන් අව­ධා­ර­ණය කළ කරුණු අතර බිනර ශාක­යට අම­ත­රව පිහිටා ඇති විවිධ ඖෂ­ධීය ශාක සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු කළ යුතු බවත් ඒ සම්බ­න්ධ­යෙන් ද ඉදිරි සංර­ක්ෂණ ක්‍රියා­මාර්ග ගත යුතු බවත් අව­ධා­ර­ණය කළේය. ඒ වන­වි­ටත් ඇතැම් ස්ථාන­ව­ලට පම­ණක් සීමා වී ඇති මෙම සිව් පෙති බිනර විශේෂ අද­ටත් බොබැල්ලේ දී දැක ගත හැකිය.

ඒ අතර බිනර ශාකය පැවති ප්‍රදේ­ශ­වල ගව­යන් බැදීම හා වගා කට­යුතු ආරම්භ කර ඇති අයු­රුද පිරි­සට මෙහිදී දැක­ගත හැකි­විය. කෙසේ වෙතත් ඇතැම් පිරි­සක් විසින් ගලවා ඉව­ත්කර ඇතැයි සඳ­හන් කළ බිනර ශාකය පිළි­බ­ඳව අදාළ ප්‍රදේ­ශයේ ජන­තාව තුළ පව­තින ආකල්ප දුරලීම සඳහා ඝෘජු මෙන්ම තිර­සාර වැඩ­පි­ළි­වෙ­ළක අව­ශ්‍ය­තාව මෙහි සංචා­රය කළ රාජ්‍ය නිල­ධා­රින්ගේ අව­ධා­න­යට ලක්වූ කරුණු අතර විශේෂ තැනක් ගන්නා ලදී.

වසර ගණ­නා­වක් තිස්සේ සුන්දර දසුන් මවන මේ සුවි­ශේෂි බිනර ශාකය සම්බ­න්ධ­යෙන් එව­කට නාඋල ප්‍රාදේ­ශිය ලේකම්ව සිටි වත්මනේ මාතලේ අති­රේක දිසා­පති (පාලන) නිශාන්ත කරුණා­ති­ලක මෙන්ම දුම්බර මිතුරෝ පරි­සර සංවි­ධා­නයේ ආනන්ද කන­හැර ආරච්චි ද ප්‍රජාව පාදක වැඩ­ස­ට­හන් එව­කට බිනර ශාකය සම්බ­න්ධ­යෙන් දියත් කළ බව මෙහිදී සට­හන් කළ යුතුය. කෙසේ වෙතත් පාරි­ස­රික වෙන­ස්කම් හමුවේ මෙවර සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් බිනර ශාකය බොබැල්ලේ දී දැක­ගත නොහැ­කිය.

වරෙක රජය මගින් නිකුත් කරනු ලබන මුද්ද­ර­ය­ක­ටත්, අතී­තයේ ඇම්බැක්කේ ලී කැට­යම් අත­ර­ටත් ගිය මේ සුවි­ශේෂි බිනර මල සම්බ­න්ධ­යෙන් රාජ්‍ය අනු­ග්‍ර­හය මීටත් වඩා ලැබිය යුතු වක­වා­නු­වක් මේ වන විට උදාවී ඇති බව බිනර ශාකය සම්බ­න්ධ­යෙන් වසර ගණ­නා­වක් තිස්සේ කරුණු සමා­ජ­ගත කරන මේ ලියු­ම්ක­රුගේ අද­හස වී තිබේ.

ලොවක් වටිනා මෙම සුවි­ශේෂි ශාකය මතු පර­පු­රට ආරක්ෂා කර­දීම මෙන්ම බොබැල්ලේ බිනර ශාකය වැඩෙන ප්‍රදේශ ආස­න්නයේ ජීවත් වන ප්‍රජාව ද ආරක්ෂා කර ගනි­මින් කිසි­යම් කඩි­නම් යාන්ත්‍ර­ණ­යක් සැක­සීම පාල­ක­යන්ගේ වග­කීම වී තිබේ. එනිසා බින­රත්, ප්‍රජා­වත් රැක ගැනීමේ ක්‍රියා­ව­ලි­යක් සඳහා අවැසි නිසි යාන්ත්‍ර­ණ­යක් සැල­සීම පාල­ක­යන්ගේ වග­කීම වේ. යමෙක් සොබා­ද­හම විසින්ම නිමවා ඇති පාරි­ස­රික ගති ලක්ෂ­ණ­යන් එහි ජිවය ලබා­ග­න්නන් විසින් ක්‍රෑර ලෙස විනාශ කර දැමී­මට පෙල­ඹෙන්නේ ද ඔවුන්ට වහා වහා ප්‍රති­චාර දැක්වී­මට සොබා­ද­හම ද පෙරළා කට­යුතු කරන බව පම­ණක් මෙහි අව­සන් වශ­යෙන් සට­හන් කරමි. ඡායා­රූප - නාඋල සමූහ

 

Comments