මහ­නු­වර ත්‍රිත්ව විදු­හලේ වෙනුර විජේ­සේ­කරගෙන් රැහැන් රහිත වෙද නලා­වක් | සිළුමිණ

මහ­නු­වර ත්‍රිත්ව විදු­හලේ වෙනුර විජේ­සේ­කරගෙන් රැහැන් රහිත වෙද නලා­වක්

හ­නු­වර ත්‍රිත්ව විදු­හලේ ගණිත අංශ­යෙන් උසස් පෙළ හදා­රන දාහත් හැවි­රිදි වෙනුර විජේ­සේ­කර සිසුවා ද එවැනි අපූරු නව නිර්මා­ණ­යක් බිහි­කර තිබේ. එය ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­ය­න්ගේද ඇග­යු­මට පසු­ගි­යදා ලක්වූයේ වෙනුර සිය නිර්මා­ණය මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වේදී ජන­ප­ති­ව­ර­යාට පෙන්වූ අව­ස්ථා­වේ­දීය. වෛද්‍ය­ව­රි­යක වන මවගේ අඩි­පාරේ නොගොස් වෘත්ති­යෙන් ඉංජි­නේ­රු­වකු වන තම පියා වන නුවන් ශ්‍රී විජේ­සේ­කර ගිය මඟ යන්නට සිහින දකින වෙනුර මේ වන විටත් නව නිර්මාණ කිහි­ප­යක හිමි­ක­රු­වෙකි. ඔහුගේ නව­තම නිර්මා­ණය වන්නේ රැහැන් රහිත වෙද නලා­වකි (Wireless Stethoscope).මාස තුනක පමණ කාල­යක් තුළ මෙය නිර්මා­ණ­ය­කර සාර්ථ­කව අත්හදා බල­න්නට ඔහු සමත්ව තිබේ.

‘මගේ අම්මා ජිනා­දරී අධි­කාරී. වෘත්ති­යෙන් වෛද්‍ය­ව­රි­යක් වන ඇය මාස තුන­කට කලින් හදි­සියේ මිය­ගියා. අම්මාගේ වියෝව මටත් තාත්තා­ටත් මල්ලිට හා නංගි­ටත් තදින් දැණුනා.කොරෝනා නිසා අපි ගෙද­ර­ටම වෙලා ඉද්දි අම්මාගේ වියෝව නිසා ඇති­වුණු පාළුව මකා ගන්න මම නොයෙක් අත්හදා බැලීම් කළා.ඒ වෙලාවේ තමයි මේ වෙද නළාව නිර්මා­ණය කරන්න හිතුවේ. කොවිඩ්-19 රෝගීන්ට ප්‍රති­කාර කිරී­මට ගිය අපේ රටේ වගේම ලෝක­යේත් වෛද්‍ය­වරු රැසක් වෛර­ස­යට ගොදුරු වුණා. මේ සියලු දෙනා රෝග­යට ගොදුරු වෙලා තිබුණේ රෝගියා ආස­න්න­ය­ටම යාම නිසයි. විශේ­ෂ­යෙන් කොවිඩ්-19 ආසා­ධිත රෝගි­ය­කුගේ පෙන­හළු වල ක්‍රියා­කා­රී­ත්වය සම්බ­න්ධව විශේෂ අව­ධා­න­යක් යොමු කරන්න ඕන. මම නිර්මා­ණය කළ වෙද නලාව රැහැන් රහිත එකක්. රෝගි­යාගේ හද­වතේ හා පෙන­හළු වල ක්‍රියා­කා­රී­ත්වය සම්බන්ධ අද­හ­සක් ලබා ගැනී­මට වෛද්‍ය­ව­රයා රෝගි­යාගේ පපුව මත තබන කොටස (Drum) සම්පූර්ණ වෙද නළා­වෙන් වෙන්කර ගන්න පුළු­වන්. ඒක රෝගි­යාගේ අතට දුන්නම වෛද්‍ය­ව­ර­යාට මීටර 10 ක පමණ දුරක සිට රෝගි­යාගේ හෘදයේ හා පෙන­හළු වල ශබ්ද­යට ඇහු­ම්කන් දෙන්න හැකි­යාව තිබෙ­නවා. අප අවට විවිධ ප්‍රති­රෝ­ධතා තිබෙන නිසා තමයි මීටර 10 ක දුරක් කියලා මම සඳ­හන් කළේ. එවැනි ප්‍රති­රෝධ නොමැති නම් කිලෝ මීට­ර­යක් පමණ දුරක සිට වුවත් මෙම­ඟින් වෛද්‍ය­ව­ර­යෙ­කුට රෝගි­යෙ­කුගේ හෘදයේ හා පෙන­හළු වල ශබ්ද වලට ඇහු­ම්කන් දෙන්න පුළු­වන්.මේක සාමාන්‍ය වෙද නළා­ව­කට වඩා බරින් ටිකක් වැඩියි. ඒක තවත් අඩු­ක­රලා සාමාන්‍ය තත්ත්ව­යට ගෙන ඒමට මේ දින­වල කට­යුතු කර­නවා.ඉදි­රි­යේදී මේකට පේටන්ට් බල­ප­ත්‍රය ලබා ගැනී­මට බලා­පො­රාත්තු වෙනවා. ජනා­ධි­ප­ති­තුමා ඒ සඳහා අවශ්‍ය සහය දෙන බව ප්‍රකාශ කළා...වෙනුර විජේ­සේ­කර සිසුවා පව­සයි.

වෙනුර විජේ­සේ­කර

මෙයට ප්‍රථම වෙනුර ඩෙස්ක් ටොප් පරි­ග­ණ­ක­යක් පහ­සු­වෙන් එහා මෙහා ගෙන යාමට හැකි ලෙස වෙන­ස්ක­ර­මින් නව නිර්මා­ණ­යක් කරනු ලැබුවේ පැය 24 ක කාල­යක් ශක්තිය රඳා පව­තින ආරෝ­පිත බැට­රි­යක් ඒ හා සම්බන්ධ කර­මිනි.

වෙනු­රට සිය නිර්මා­ණය ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට පෙන්වී­මට අව­කාශ සලසා දුන්නේ මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක පූජ්‍ය නියං­ගොඩ ශ්‍රී විජි­ත­සිරි නාහි­මි­යන්ය. උන්ව­හන්සේ ඒ සම්බ­න්ධ­යෙන් දැක්වූවේ මෙවන් අද­හ­සකි.

‘වෙනුර පුතා දක්ෂ ළම­යෙක්. එයා නව නිර්මාණ රැසක් කරලා තියෙ­නවා. අද අපේ සමා­ජ­යට ඕන අලුත් විදි­හට හිතන දරු­වන්. පව­තින අධ්‍යා­පන රටාව තුළ දරු­වන්ගේ නිර්මා­ණා­ත්මක හැකි­යා­වන් වැඩි දියුණු වෙන­වද කියන ප්‍රශ්නය අපට තිබෙ­නවා. කොරෝනා වයි­ර­සය පැති­ර­යාම නිසා පසු­ගිය කාලයේ ලෝක­යම අර්බු­ද­ය­කට ලක්වුණා. අපේ රට­ටත් ඒ බල­පෑම තදින් දැණුනා. ගෙවල් වලට හිටපු වෙනුර වගේ දරුවෝ රැසක් නව නිර්මාණ කළා. මේ දරු­වන්ගේ දක්ෂතා අපි සමා­ජ­යක් විදි­හට අගය කරන්න ඕන.එත­කොට තමයි ඔවුන් තවත් නිර්මා­ණය කරන්න පෙල­ඹෙන්නේ.

වෙනුර මෙන් දක්ෂතා ඇති දරු­වන්ගේ නිර්මා­ණා­ත්මක හැකි­යා­වන් අගය කර­මින් ඔවුන්ගේ නිර්මාණ සියල්ල එකම ස්ථාන­ය­කට ගෙන ඒමේ වැඩ­පි­ළි­වෙ­ළක් මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පිය­වර ගෙන තිබේ.

ඡායා­රූප-බුද්ධික මහේෂ්

 

Comments