රට වන­සන මත් උව­දුර නසන මෙහෙ­යුමේ ඇතුළු පැත්ත | Page 2 | සිළුමිණ

රට වන­සන මත් උව­දුර නසන මෙහෙ­යුමේ ඇතුළු පැත්ත

    මත් උවදුර වැළැක්වීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රජයේ ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡාවක
මත් උවදුර වැළැක්වීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රජයේ ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡාවක

සු­ගිය වසර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය එක්ව මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගත් වර්ෂය ලෙස සැලැකේ. එම වර්ෂයේ මාර්තු 23 වැනිදා කොල්ලු­පි­ටිය මංස­න්ධියේ සුප්‍ර­සිද්ධ සුපිරි වෙළෙඳ සංකී­ර්ණ­යක සිදු­වන මත්ද්‍රව්‍ය ජාවා­ර­මක් පිළි­බ­ඳව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින් සහ විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් එක්ව මෙහෙ­යු­මක් සිදු කළහ. එහිදී එම වෙළෙඳ සංකී­ර්ණයේ රථ­ගාලේ නතර කර තිබූ ‘එව්රි’ වර්ගයේ මිනි වෑන් රථ දෙකක විශාල ගමන් මලු දහ­යක පාර්සල් 272ක අසුරා තිබී හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එම නිල­ධා­රිහු සමත් වූහ. එම මත්ද්‍රව්‍ය තොග­යත් සමඟ පාණ­දුර කෙසෙ­ල්වත්ත ප්‍රදේ­ශයේ නිවාස ඉදි­කි­රීම්හි නිරත කොන්ත්‍රාත් ව්‍යාපා­රි­ක­යෙක් වූ මුස්ලිම් ජාතික මොහො­මඩ් රිලා අහ­මඩ් සහ ඔහුගේ රියැ­දුරා වූ මොහො­මඩ් බසීර් මොහො­මඩ්ද අත්අ­ඩං­ගු­වට ගැනිණි.

එදින අත්අ­ඩං­ගු­වට පත් හෙරො­යින් තොගය එදා-මෙදා තුර මෙරට තුළදී අත්අ­ඩං­ගු­වට පත් විශා­ලම හෙරො­යින් තොගය ලෙසද සැලැ­කිණි. අන­තු­රුව එම හෙරො­යින් තොගය එව­කට ජන­පති මෛත්‍රි­පාල සිරි­සේ­නද මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට ගොස් නැරැ­ඹිණි. එකී මත්ද්‍රව්‍ය තොගය අත්අ­ඩං­ගු­වට පත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රින්ට හිටපු ජන­ප­ති­ව­රයා ඇතුළු සැම­ගෙන් බොහෝ පැස­සුම් සහ ප්‍රශං­සාද ලැබිණි.

එම මත්ද්‍රව්‍ය තොගය ඩුබා­යිහි සිටින රහිම් නමැති මත් ජාවා­ර­ම්ක­රුගේ මෙහෙ­ය­වී­මෙන් මෙර­ටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොග­යක් ලෙස­ටද ඒ දින­වල වාර්තා විණි.

කෙසේ හෝ එම විශා­ල­තම මත්ද්‍රව්‍ය තොගය අත්අ­ඩං­ගු­වට ගැනී­මද මේ වන විට මත් ජාවා­රම්හි නිරත වූ බවට සැල­වන අත්අ­ඩං­ගුවේ පසු­වන නාකො­ටික් මත් ජාවා­ර­ම්ක­රු­වන්ගේ තවත් එක් ‘නාට­කය‘ක් බව හෙළි වෙමින් තිබේ.

ඒ, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන විට අනා­ව­ර­ණය කර­ගෙන තිබෙන ජාත්‍ය­න්තර මුහුදු කලා­පයේ සිට බළ­පි­ටිය ප්‍රදේ­ශ­යට හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 243ක ප්‍රමා­ණය රැගෙන ආ බවට සැක කරන බෝට්ටු­ක­රු­ගෙන් කරන ලද වැඩි­දුර ප්‍රශ්න කිරී­ම්ව­ල­දියි.

ඒ අනුව එම බෝට්ටු­කරු විසින්ම මෙකී මත්ද්‍රව්‍ය තොගය ඇතු­ළුව විශාල මත්ද්‍රව්‍ය තොග­යක් දකුණු මුහුදු කලා­ප­යට ගෙනැ­විත් ඇති බවත් ඒ අනුව නාකො­ටික් නිල­ධා­රින් විසින් එම මත්ද්‍රව්‍ය තොග­යද ඔවු­නගේ බාර­යට ගෙන ඇති බවයි.

පසුව කිලෝ­ග්‍රෑම් 294ක ප්‍රමා­ණ­යක් මලු 272කට අසුරා කොල්ලු­පි­ටිය රථ­ගා­ලට ගෙනැ­විත් නාකො­ටික් මත් ජාවා­ර­ම්ක­රු­වන් විසින් වෙලේ සුදා හරහා ගැනු­ම්ක­රු­වකු යවා පසුව එම ගැනු­ම්ක­රු­වන් දෙදෙනා සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර ඇති බවයි.

මේ අනුව නාකො­ටික් මත් ජාවා­ර­ම්ක­රු­වන් වසර කිහි­ප­යක සිටම මෙරට මහා පරි­මාණ මත් ජාවා­ර­ම්ක­රු­වන් සහ විදේ­ශීය මත් ජාවා­ර­ම්ක­රු­වන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිර­තව ඇති බව­ටද සැලවේ. එහිදී මරණ දණ්ඩ­න­යට නිය­මව වත්ම­නෙහි බූස්ස බන්ධ­නා­ගා­රයේ පසු­වන විදාන පති­ර­ණගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ නාකො­ටික් ජාවා­ර­ම්ක­රු­වන් අතර බොහෝ සබ­ඳතා තිබී ඇති බව අත්අ­ඩං­ගුවේ පසු­වන සිවිල් පුද්ග­ල­යන් තිදෙ­නා­ගෙන් අනා­ව­ර­ණය වී ඇති බවකි.

එලෙස නාකො­ටික් ජාවා­ර­ම්කා­ර­යන් අප­රා­ධ­කා­ර­යන් සමඟ පැවැත්වූ සබ­ඳතා හෙළි වෙද්දී ඊට දැනට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කොට සිටින ‘පරවි සුදා‘ නමැ­ත්තා­ගෙන්ද ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මට අවැසි බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ ඉල්ලී­මට පසු­ගි­යදා අධි­ක­ර­ණය අව­සර දුන්නේය.

මේ අතර දැනට වැඩ තහ­න­ම­කට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය පොලි­ස්පති නාලක සිල්වා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ සිටි දක්ෂ නිල­ධා­රි­යෙක් වූ පොලිස් පරී­ක්ෂක නියෝ­මාල් රංග­ජීව ද ඇතැම් නාකො­ටික් නිල­ධා­රින් සහ වෙලේ සුදා අතර වූ සබ­ඳතා පිළි­බ­ඳව හඬ පට ඇතු­ළත් සීඩී පටද ඉදි­රි­පත් කර­මින් විශේෂ හෙළි­ද­රව් කෙරිණි.

එසේම පසු­ගිය අඟ­හ­රු­වාදා මෙකී නාකො­ටික් මත් ජාවා­රම් පිළි­බ­ඳව රහස් සාක්ෂි ලබා­දී­මට ස්වාධීන සාක්ෂි­ක­රු­වන් ලෙස සිවිල් පුද්ග­ල­යන් සිවු­දෙ­නෙ­කුද කොළඹ ප්‍රධාන මහෝ­ස්ත්‍රා­ත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදි­රි­යට කැඳවා තිබු­ණාය.

ඔවුහු අත්අ­ඩං­ගුවේ පසු­වන නාකො­ටික් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ව­ලට හවුල් බෝට්ටු­කරු සමඟ සබ­ඳතා තිබූ අය බවට සැලවේ. ඔවුන් සිවු­දෙනා විසින් මහේ­ස්ත්‍රා­ත්ව­රි­යට ලබා දුන් රහස් සාක්ෂිද මෙකී මත් ජාවා­ර­ම්වල ඉදිරි අධි­ක­රණ කට­යුතු කෙරෙහි බොහෝ සේ ඉව­හල් වනු ඇති බවකි.

නාකො­ටික් මත් ජාවා­ර­ම්ක­රු­වන් සමඟ එක්ව සමීප සබ­ඳතා පවත්වා ඇති බවට හෙළි වන වෙලේ සුදාගේ සමී­ප­තම ගෝල­යෙක් වන බඩෝ­විට රජිත හෙවත් කොට්ටාවේ ලොකු නමැත්තා සොයා සීඅ­යි­ඩීය සිදු­ක­රන මෙහෙ­යු­ම්ව­ලදී රජි­තට අයත් සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් සොයා ගැනී­මට හැකිවී තිබිණි.

ඒ ගල්කිස්සෙ බඩෝ­විට, රජිත පදිං­චිව සිටි තෙම­හල් නිවෙස සෝදි­සි­යේ­දියි.

පසු­ගි­යදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට බාරවූ නාකො­ටික්හි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 243ක ප්‍රමා­ණ­යෙන් යම් ප්‍රමා­ණ­යක් සහ ජාත්‍ය­න්තර ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් ලැබුණු නීති­වි­රෝධි ගිනි­අවි පහෙන් හත­රක්ද දී ඇත්තෙ රජි­තට බව හෙළි වී තිබේ. එවැනි තත්ත්ව­යක් තුළ එම ගිනි­අවි භාවිත කොට මෙකී අප­රා­ධ­කා­ර­යන් මහත් විනාශ සිදු කිරී­මට පෙර ඔහුව සොයා එම ගිනි­අවි පොලි­සිය බාර­යට ගැනීම අත්‍ය­ව­ශ්‍යම කාර­ණ­යකි. රජිත අත්අ­ඩං­ගු­වට ගත් සැණින් එම ගිනි­අවි සහ නාකො­ටික් ජාවා­ර­ම්කාර නිල­ධා­රින් අතර වූ මත් ජාවා­රම්හි තිරය පිටු­පස බොහෝ රහස් හෙළි වනු ඇති බව පොලි­සිය පැත්තෙන් ඇසෙන කතා­වයි.

දිගින් දිග­ටම මත් ජාවා­ර­මට සම්බන්ධ නාකො­ටික් නිල­ධා­රින්ගේ නිවෙස් පීරා සිදු­ක­රන පරීක්ෂා කිරී­ම්හිදී පසු­ගිය දිනෙක අත්අ­ඩං­ගුවේ පසු­වන උප­පො­ලිස් පරී­ක්ෂක උදාර චතු­රං­ගගේ මිනු­ව­න්ගොඩ නිවෙ­සද නැවත වරක් සෝදිසි කර තිබිණි. එහිදී ඔහුගේ නිවෙසේ තිබී මහ මුහුද මැද සන්නි­වේ­දන සබ­ඳතා පව­ත්වා­ගෙන යා හැකි සැට­ල­යිට් දුර­ක­ථ­න­යක්ද විම­ර්ශන නිල­ධා­රින්ට හමුවී තිබිණි.

එම දුර­ක­ථනයේ දත්ත විශ්ලේ­ෂ­ණ­යේදී ඉදි­රි­යේදී බොහෝ තොර­තුරු හෙළි­වෙ­තැයි අනා­ව­ර­ණය වේ. එසේම අව­සන් වශ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් නාකො­ටික් නිල­ධා­රියා වන ආඬි­ගම පදිං­චි­ක­රු­වකු වන කොස්තා­පල් දිනේෂ් නිර්මල නමැත්තා අධි­ක­රණ නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු රැඳ­වුම් බාරයේ සිට මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කිරී­මට අධි­ක­ර­ණය නියෝග කෙරිණි. සාජන් වීර­සිංහ නමැ­ත්තාගේ පාපො­ච්චා­රණ අනුව අත්අ­ඩං­ගු­වට පත් එම පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාගේ වත්කම් බැර­කම් පිළි­බ­ඳ­වද පුළුල් ලෙස විම­ර්ශ­නය කෙරෙන බවකි. ඔහු 2018 වසරේ මිලට ගත් මෝටර් රථ­යක් පිළි­බ­ඳව පුළුල්ව සොයා බලන බවකි. ඒ, ඔහුට මෝටර් රථය මිලදී ගැනී­මට මුදල් ලැබුණු ආකා­රය පිළි­බ­ඳ­වයි.

ගෙවී ගිය සතියේ පොලිස් මූල­ස්ථා­නයේ නව මහ­ලේ­කම් ගොඩ­නැ­ඟිල්ලෙ තුන්වන මහලේ පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ සියලු අස්සක්-මුල්ලක් නෑරම පූර්ණ සෝදි­සි­ය­කට ලක්කෙ­රිණි.

ඒ, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රින් විසිනි.

පැය පහ­කට ආසන්න කාල­යක් සිදු කළ එම සෝදි­සිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සුජිත් වෙද­මුල්ල මහතා විසින් පොලි­ස්ප­ති­ව­ර­යා­ගෙන් කරන ලද ඉල්ලී­ම­කට අනුව සිදු­කර තිබිණි. ඊට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නඩු භාණ්ඩ ගබ­ඩා­වද අධි­ක­රණ නියෝග මත රජයේ රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වද පුළුල් විම­ර්ශ­න­යක් කෙරිණි.

එම විම­ර්ශ­න­යෙන් අන­තු­රුව එකී නඩු භාණ්ඩ ගබ­ඩාවේ මලු අටක බහා තිබූ හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 205ක ප්‍රමා­ණ­යක් රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රින් විසින් රැගෙන ගියේ නාකො­ටික් මත් ජාවා­ර­ම්ක­රු­වන් විසින් එම නඩු භාණ්ඩ­ව­ලට කිසි­යම් දේ මිශ්‍ර කොට ඒවායේ හෙරො­යින් සංයු­තිය වෙනස් කර ඇද්දැයි යන්න වැඩි­දුර පරී­ක්ෂාව සඳ­හායි.

මේ අතර නාකො­ටික්හි මත් ජාවා­රම්හි යෙදුණු සැක­ක­රු­වන්ට එරෙ­හිව නීතිය කඩි­නම්ව ක්‍රියා­ත්ම­ක­කොට වැරැ­දි­ක­රු­වන් වන සියලු දෙනාට මරණ දඬු­වම පමු­ණු­වී­මට පොලි­සිය පැත්තෙන් ගත හැකි සියලු ක්‍රියා­මාර්ග ගන්නා බව පසු­ගි­යදා නිති හා විනය දිසාව බාර නියෝජ්‍ය පොලි­ස්පති අජිත් රෝහ­ණද පවසා සිටි­යේය. ඒ අනුව මෙකී මත්ද්‍රව්‍ය ජාවා­රම්හි නිරත පොලිස් නිල­ධා­රින්ට එරෙ­හිව විම­ර්ශන කඩි­නම්ව සිදු කෙරෙන බවක් දිස්වේ.

නාකො­ටික් මත් ජාවා­රම් විම­ර්ශන එලෙස සිදු­වෙද්දී පොලි­සිය සහ පොලිස් විශේෂ කාර්ය බළ­කාය එක්ව රට­පුරා සිටින මත් ජාවා­ර­ම්කා­ර­යන් ඇතුළු අප­රා­ධ­කා­ර­යන් සොයා දිවා රෑ නොබලා වැට­ලීම් සිදු කර­මින් සිටී.

එහිදී කොරෝනා වසං­ග­තය හේතු­වෙන් රට­පුරා පනවා තිබූ ඇඳි­රි­නී­තිය ඉවත් කිරී­මෙන් පසු ගෙවී ගිය දින කීපය තුළදී හෙරො­යින්, ගංජා, අයිස් වැනි මත්ද්‍රව්‍ය සමඟ සැක­ක­රු­වන් 17301 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. ඒ අතර ගිනි­අවි 176ක් ජීව උණ්ඩ 838ක්ද, පුපු­රණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක ප්‍රමා­ණ­යක්ද වන බවකි.

අත්අ­ඩං­ගු­වට පත් මෙකී අප­රා­ධ­කා­ර­යන් අතර පසු­ගිය දිනෙක බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ලැබුණු තොර­තු­ර­කට අනුව ආදු­රු­ප්පු­වී­දිය පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක අජිත් මෙත්තා­නන්ද ඇතුළු කණ්ඩා­ය­මක් විසින් රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි නමැති කලක් යුද හමුදා කොමාන්ඩෝ බළ­කායේ සිටි අයෙක් අංගොඩ මිහිර පෙදෙ­සේදී අත්අ­ඩං­ගු­වට ගැනිණි.

ඔහු කොස්ගොඩ තාරක නමැති අප­රා­ධ­කා­ර­යාගේ සමී­ප­තම මිතු­රෙක් මෙන්ම කළු­තර එත­න­ම­ඩ­ලදී බන්ධ­නා­ගාර බස්ර­ථ­යට එල්ල වූ ප්‍රහා­ර­යෙන් මිය­ගිය රණාලේ සමයං නමැ­ත්තාගේ ප්‍රබල ගෝල­යෙක්ව සිටි අයෙකි.

හෙරො­යින් ග්‍රෑම් තුනක ප්‍රමා­ණ­යක් සමඟ අත්අ­ඩං­ගු­වට පත් මුල්ලේ­රි­යාව අංගොඩ පදිංචි කළු මල්ලිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරී­මේදී පොලිස් නිල­ධා­රින්ට අනා­ව­ර­ණය වී තිබුණේ රුපි­යල් හාර­කෝටි විසි­අ­ට­ල­ක්ෂ­ය­කට අධික මුද­ලක් මාස තුනක් වැනි කෙටි කාල­යක් තුළදී එම ගිණුම හරහා සංස­ර­ණය වී ඇති බවයි.

සිදු­කළ අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­වල නඩු කට­යුතු පව­තින කළු මල්ලි කළ පාපෝ­ච්චා­රණ අනුව කොස්ගොඩ තාර­කගේ මත් ජාවා­රමේ මූල්‍ය පරි­පා­ලන කළ 34 හැවි­රිදි ලක්මිණි නමැති කාන්තා­වක සහ 43 හැවි­රිදි රංජන නමැ­ත්තාද හෙරො­යින් සමඟ අත්අ­ඩං­ගු­වට ගැනිණි.

ලක්මිණි අතු­රු­ගි­රි­යේ­දීත් රංජන මාකො­ළ­දීත් අත්අ­ඩං­ගු­වට පත්වූ අතර ඔවුන් සන්ත­කයේ තිබී මෝටර් රථ තුනක් සහ මුදල් ගණින යන්ත්‍ර­යක්ද පොලි­සිය බාර­යට ගත්තේය.

මෙලෙස අප­රා­ධ­කා­ර­යන් සහ මත් ජාවා­ර­ම්කා­ර­යන් රටෙන් තුරන් කරන තුරුම අඛ­ණ්ඩව මෙහෙ­යුම් සිදු­ක­රන බවත් ඒ සඳහා ජන­තා­වද හැකි සෑම විටෙ­ක­දීම තොර­තුරු ලබා දෙමින් සහාය වන්නැයි පොලි­සිය ඉල්ලා සිටී.

Comments